෴ තුහින වර්ෂා෴ දොළොස්වන කොටස
















තවත් අළුත් දවසක්... ලස්සනට පායපු ඉර මගේ දිහා බලලා හිනා වෙද්දි මම මොකට කඳුළු හලනවද කියලා මට හිතුනා. අතීතය අතීතයම විතරයි. ඉතින් ඒ අතීතය පූජාසනේක තියලා දවස ගානේ වන්දනාමාන කරන එකෙන් මට ලැබුනේ මෙච්චර කාලෙකට දුකම විතරයි. ඉතින් තවත් ඒ අතීතය මගේ හිතේ තියාගත්තත් මට ඉතිරි වෙන්නේ දුක, දුකම විතරයි... මේ විදියටම මීට කලින් සිය දහස් වාරයකටත් වඩා මම හිතලා ඇති.. ඒත් හිත හදාගන්න හදන හැම වෙලාවකම කලින් වගේම මොනවාම හරි වුනේ මට ඒ අතීතය අමතක කරන්න නොදී.. එක්කෝ මට ඒ අතීතය අමතක කරන්න කැමැත්තක් නැති කම නිසාම වෙන්නත් ඇති. මේ මොන හේතුව නිසා වුනත් මම මෙච්චර කල් විඳින්න ඕනේ ජීවිතය වි‍ඳෙව්වා කියන එක මට තේරුනා. ඉතින් ඒ ජීවිතය විඳින්න මම තාමත් පරක්කු නෑ.. ඒ නිසා අද ඉඳන් පරන හැමදේම අමතක කරලා ලද දෙයින් සතු‍ටු වෙනවා කියලා මම හිතාගත්තා. ජීවිතේ කොච්චර නම් ලස්සනද? මොන තරම් බාධක ආවත්, මොන හැලහැප්පීම් මැද දවස ගෙවුනත් අන්තිමේ අපේ ජීවිතේ පුදුම සුන්දර විදියකට ගෙවිලා ගිහින් ඉවරයි. ඉතින් අද ඉඳන් ගෙවෙන හැම දවසක්ම ලස්සන කරගන්නවා කියලා මම හිතුවේ දුක් විඳපු මේ ජීවිතෙ දැන් හොඳටම ඇති කියලා මටම හිතුන නිසා.. හිනාවෙවී ගත වෙන්න ඕනේ මගේ ජීවිතේ ඇඬූ කඳුලෙන් ගත වෙන්නේ කිසිම හේතුවක් ඇතුව නෙවෙයි. ඉතින් මේ හැමදේම අදින් වෙනස් වේවි.. මම ජීවිතේ උපරිමයෙන් විඳිනවා..

මේ විදියට හිතලා ලොකූ හුස්මක් අරගත්ත මම කරේ මගේ ෆෝන් එකේ තිබුන සලිතගේ හැම මැසේජ් එකක්ම, මට බැනලා එවපු හැම message එකක්ම delete  කරපු එක. එයාගේ හැම ෆොටෝ එකක්ම මෙච්චර කල් විසි කරගන්න බැරුව දුක් වින්ඳාට අද ඒ හැම ෆොටෝ එකක්ම අරගෙන ගිනි ගොඩක් ගහලා පිච්චුවේ කිසිම දුකකින් නෙවෙයි. ඒ හැම දේකටම පස්සේ මගේ හිතට දැනුනේ පුදුමම සැහැල්ලුවක්.. කිරිල්ලියෙක්ගේ නිදහසක්. අද ඉඳන් මම පරන වර්ෂාමයි. පුංචි දේටත් දුක් වෙන්නේ නැතුව හැම ප්‍රශ්නයක්ම සැහැල්ලුවෙන් හිතන පරන වර්ෂාමයි. නැවුම් හුස්මකින් පෙනහළු පුරවගත්තම මට දැනුනේ මෙච්චර කල් මැරිලා හිටිය කෙනෙක් ආයෙමත් ඉපදුනා වගේ හැඟීමක්.. හිනාවකුත් දාගෙන එළිය දිහා බලාගෙන ඉන්න මාව දැක්කම දුලීටත් සතු‍ටු හිතෙන්න ඇති.. හෙමින් සැරේ ඇවිත් මාව පිටිපස්සෙන් බදාගත්තේ ඒ සතුට වැඩි නිසාම වෙන්න ඇති. දුලී මගේම සහෝදරියක් වගේ මට තිබුනේ පුදුම ආදරයක්. ඉතින් ඒ නිසාම මම හිනා වෙලා ඉඳිද්දී එයාටත් ගොඩාක් සතු‍ටු බව මම දැනගෙන හිටියා.

"අම්මෝ, ඇති යන්තම් කාලෙකින් උඹ හිනා වෙනවා දැක්කේ, මට මාරම සතු‍ටුයි" 

"ආයේ මම අඬන්නේ නෑ බන්. ආයෙමත් කවදාවත් දුකින් ඉන්නෙත් නෑ" 

මම එහෙම කිව්වේ ඇත්තටම කියලා දුලීට තේරුම් යන්න ඇති.

"උඹෙන් ඔය වචන ටික අහගන්න මම කොච්චර ආසාවෙන්ද හිටියේ. 
යන්තම් ඇති ඇත්ත තේරුම් ගත්තා,. දැන් ඉතින් හැමදාමත් ඔය වගේම හිනා වෙලා ඉඳපන්" 
එහෙම කියලා දුලී හිනා වුනේ මුළු හදවතින්මයි.

"හරි හරි දැන් ලේස්ති වෙමු ලෙක්චර් යන්න. උඹයි මායි හිනා වෙවී 
හිටියා වගෙ නෙවෙයි සර් අපිව එළියට දැම්මොත් අඬන්නයි වෙන්නේ"

"එළියට දැම්මොත් මොකට අඬන්නද බන්, ජොලියේ කැන්ටිමට 
ගිහින් මොනවා හරි බඩට දාගෙන ඇවිදින්න යමු අපි."
මම එහෙම කිව්වම දුලීටත් හිනා.

උදේ පාන්දර හිතට ආපු සැහැල්ලුවෙන්ම කැම්පස් ගියේ පුදුම සතුටකින්. හිනා වෙලා ඉන්න එක කොච්චර ලේසිද කියලා මට දැනෙන්න ගත්තේ මගේ හිත හැම කරදරේකින්ම නිදහස් වෙලා තිබුන නිසා වෙන්න ඇති. උදේ ලෙක්චර් එකත් අහගෙන ඉඳලා දවල්ට වෙනසකටත් එක්ක දුලී එක්ක science කැන්ටිමට යන්න හිතුවේ කාලෙකින් එහේ මෙහේ ඇවිද්දෙත් නැති නිසා. ඒ අතරේ දුලීගේ යාළුවෙකුත් Science කැන්ටිමට එනවා කියලා කියලා තිබුනේ එයාගෙන් notes  වගයක් ඉල්ලගන්න හිතාගෙන.

දෙන්නත් එක්කම හෙමින් හෙමින් ඇවිත් කහ ඉරෙන් පාරත් පැනලා ටික දුරක් යද්දි පිට්ටනිය පැත්තේ ඉඳන් ආපු කොළ ගුලියක් ඉගිල්ලිලා ඇවිත් මගේ ඇඟේ වැදුනා.

"මොන විකාරයක්ද මේ. මේ කොල්ලොන්ට අත පය තියාගෙන ඉන්න බැරි හැටි"

දුලී කොළ ගුලිය ආපු පැත්තවත් නොබලා එක දිගට බනින්න ගත්තේ හොඳටම තරහා ගිහින්. නිකමට වගේ මම කොළ ගුලිය ආපු පැත්ත බැලුවේ වැරදිලාවත් ඒ අඳුරන කෙනෙක් වුනොත් බනින එක හරි නෑ කියලා හිතුන නිසා.

ම්හ්ම්... කොළ ගුලියක් ගහපු කෙනෙක්වත් හොයාගන්න නෑ. මේ විනාඩියට මේ මනුස්සයා කොහේ ගියාද?

ආයෙමත් වටේටම ඇහැ යැවුවත් කොළ ගුලියක් ගහපු කෙනෙක්ව නම් හොයාගන්නම බෑ.

"කවුද බන් මේ භූතයා, කොළ ගුලිය ආවේ කොහෙන්ද? ගහපු කෙනෙක් හොයාගන්නවත් නෑ"

මම දුලීට කිව්වේ දුලී තරහෙන් පුපුර පුපුර වටපිට බලපු නිසා.
එවෙලෙම වගේ මගේ phone එක Ring වෙන්න ගත්තා.

"හෙලෝ"

කථා කරන්නේ කවුද කියලාවත් බලන්නේ නැතුව phone එක අතට ගත්තේ මටත් තරහ ගිහින් තිබුන නිසා.

"හෙලෝ, මැට්ටී..."

මහීන්...
ඒ පාර මට තවත් එක එක කථා හදන්න පටන් අරගෙන. හිනා ගියත් ඒක දැනෙන්න දෙන්නේ නැතුව තරහින් වගේ මමත් කථා කරා.

"මොකෝ මෝඩයා වෙන වැඩ නැද්ද කෙල්ලොන්ට කෝල් කර කර වද දෙන්නේ"

"කෙල්ලෙක්.... කෝ කොහෙද? "

මහීන් එහෙම ඇහුවම මට තවත් හිනා ගියා.

"ඇයි ඔයා මේ කථා කරන්නේ කෙල්ලෙක් එක්ක නෙවෙයිද?"

"කෙල්ලෙක්... පුහ්... ඔයා කෙල්ලෙක්ද හලෝ. පුපුරන්නේ කොයි වෙලේද බලාගෙන ඉන්න ගිනි බෝම්බයක් මිසක්"

"හා හා.. එහෙම කියමු ඉතින්, මොකටද මේ ගිනි බෝම්බෙට කථා කරේ ඉතින්, නිකන් ඉන්න බැරුවටද?" 

මම එහෙම ඇහුවේ ගිණි බෝම්බයක් කියපු එකට ටිකක් විතර තරහ ගිය නිසා.

"අනේ නෑ, සල්ලි කපාගෙන ඔයාට කෝල් කරන්න මට පිස්සු නෑ. ඒත් මේ කොල්ලොන්ගෙන් කොළ ගුලි කනවා බලාගෙන ඉන්නම බැරි තැන තමා මේ කෝල් කරේ"

මහීන් මාව දැකලා.. හපොයි.. වස ලැජ්ජාව. මාසෙකට හරියන්න නෝන්ඩි කන්න වෙන බව දන්න නිසාම මම කට වහගෙන මහීන් කියන ඒවා අහගෙන හිටියා.

"ඔය ඒ පාර මොකද කට වැහුනේ. මේ කොළ ගුලි ගැහුව කෙනාව
 හොයලා දුන්නොත් මට මොනවද දෙන්නේ"

මහීන් එහෙම ඇහුවම මට ආයෙත් හිනා ගියා

"හොයලා දුන්නොත්නේ ඒ.. ඔයා කොහෙද එච්චර දෙයක් කරන්නේ. 
හරි කමක් නෑ ඒත් ඉතින්, හොයලා දුන්නොත් මම දෙනවා මගේ ගානේ fruit salad එකක් ඔයාලගේ අර කබල් කැන්ටිමෙන්."

මම එහෙම කිව්වේ මහීන් කීයටවත් කොළ ගුලි ගහපු කොල්ලා මගේ ඉස්සරහට අරගෙන එන්නේ නැති බව දන්න නිසා.

"හරි.. එහෙනම් පොරොන්දු වුනා හොඳේ... මම කොළ ගුලි ගහපු 
කොල්ලත් එක්කම කෙලින්ම කැන්ටිමට එන්නම්කෝ ඔයා එතන ඉන්න"
දුලීවත් ඇදගෙන ucsc කැන්ටිමට ඉක්මනටම ගියේ දුලීටත් කොළ ගුලි ගහපු කොල්ලව බලාගන්න මට වගේම හදිස්සිය තිබුන නිසා.
ගිහිල්ලා විනාඩි දෙකක් යන්න වුනේ නෑ මහීන් එනවා තනියමම සුපුරුදු හිනාවත් දාගෙන..

"ඇත්ද.. මම කිව්වනේ ඔයා එක්කන් එන්නේ නෑ කියලා.. හූ හූ.. පවු 
වැඩේ එක්කෙනෙක් නෝන්ඩි වුනාද මන්දා"

මම එහෙම කිව්වේ මහීන්ව නෝන්ඩි කරන්න මේ වගේ අවස්ථාවක් ලැබෙන්නේ කලාතුරකින් බව දන්න නිසා. හැමදාම මාව නොන්ඩි කරන මේ පිස්සාව එක සැරයක් නෝන්ඩි කරාට මොකෝ ඉතින්..

"මම පැරදි නෑනේ. මම එයාව එක්කගෙන තමා ආවේ."

එහෙම කියලා මහීන් අහිංසක මූණක් මවාගෙන ආයේ හිනා වෙද්දියි 
දුලීටයි මටයි මහීන් කියපු දේ තේරුණේ...

"මෝඩයා... මැට්ටා.. ඉන්නවකෝ මම දෙන්නම් ඔය ඔක්කෝටම 
return එක. මැට්ටා.. මැට්ටා.... "

එහෙම කියලා මම මහීන්ට අතේ තිබුන ෆයිල් එකෙන් ගහගෙන ගහගෙන යද්දි මහීනුත් කිසිම සද්දයක් නැතුව ගුටි කාගෙන පාඩුවේ පැත්තකට වුනා.

"හරි හරි ඉතින් ඒ අහිංසකයට ඇයි මේ තරම් පද හදන්නේ.. පවුනේ කොහොම වුනත් අහිංසක දඟකාර කොලු පැටියෙක්නේ" 

මහීන්ම ඇදලා පැදලා එයාගේ ඇස් දෙකත් පුංචි කරගෙන එහෙම කියද්දි මට දැනුනේ පුදුම හැඟීමක්...

"අපෝ හරි අහිංසකයා මම කියන්නේ නෑ ඉතින්.. කෙල්ලොන්ට කොළ ගුලි ගහලා තව අහිංසකයා වෙන්නත් එනවා.. මෝඩයා..."

මහීන්ට රවන ගමන් මම එහෙම කිව්වට මහීන්ගේ පිස්සු ඒ වගේම දඟකාර වැඩ වලට මම පුදුම විදියට ආසා කරා. එයාගේ පිස්සු වැඩ, දඟකාර කථා අහන්නේ නැතුව ගෙවෙන දවසක්වත් මගේ ජීවිතේ තිබුනේ නැති තරම්.. මහීන් මගේ ජීවිතේම කොටසක් වෙද්දි මටත් නොදැනිම එයා මගේ හිතෙත් මගේ යාළුවන්ට වෙන් කරපු ඉඩෙන් ලොකූ කොටසක් වෙන් කරගෙන ඉන්න බව මම දැනගෙන හිටියා..

පිස්සා..." මහීන්ගේ හැම පිස්සු වැඩක්ම එහෙම කියලා හිනා වෙලා ගනන් නොගෙන ඉන්න මම පුරුදු වෙලා තිබුනා. මාව කොච්චර විහිළුවට අල්ල ගත්තත් මොන තරම් දේ කිව්වත් මට තරහා යන්නේ නෑ කියන එක මහීනුත් දැනගෙන හිටියා. ඒත් අදටත් වෙනදා වගේම ඒ බැඳීමට දෙන්න නමක් මම දැනගෙන හිටියේ නෑ.

හරිනේ.. ඔන්න මම කොල්ලව එක්කන් ආවා. දැන් පොරොන්දු ඉ‍ටු කිරීම ඔබ සතුයි"

මම හිත හිතා හිටපු සිතුවිලි වලින් මිඳිලා පියවි ලෝකෙට ආවේ මහීන්ගේ කෑ ගැහිල්ලෙන්..

පණ්ඩිතයා වගේ ඔළුවත් පැත්තකට බර කරගෙන බර වචන වලින් කථා කරන ගමන් මහීන් හෙමින් හෙමින් fruit salad තියෙන තැනට ඇවිදගෙන ගියේ මට හිතන්නවත් වෙලාවක් තියන්නේ නැතුව. ඒ අතරේ දුලී අපි දෙන්නටම බැන බැන අපි දෙන්නව එතන තනියමම දාලා science එකේ කැන්ටිමට ගියා එයාගේ යාළුවව හම්බ වෙන්න.

ඉතින් මෝඩි, ගනිමුද fruit salad අපේ රාජකීය canteen  එකෙන්.."

"වරක් ආවොත් යලි යලිත් හිත ඉල්ලයි"

අත් දෙකත් ඈතට විහිදන ගමන් කටහඬ වෙනස් කරලා මහීන් එහෙම කිව්වම මට හිනා ගියා. වටේ පිටේ හිටපු කෙල්ලෝ ටිකකුත් කිචි කිචි ගගා හිනා වෙවී මහීන් දිහා බලාගෙන ගියේ එයා නටපු පිස්සුව දැකපු නිසා. අනේ ඇත්තට මේ මෝඩයට තැනක් නොතනක් නෑ කෑ ගහන්න ගියාම. පිස්සෙක් වගේ.. එහෙම හිත හිතා Fruit salad දෙකක් order  කරත් මහීන්ගෙයි මගෙයි වෙලාවටද අවේලාවටද මන්දා තිබුනේ එක fruit salad එකයි.

"මාර වැඩේනේ මෝඩි.. දැන් මොකද කරන්නේ. ආහ්හ්.. හරිම සරළයි මමනේ කොල්ලව එක්කන් එන්න පොරොන්දු වුනේ, ඒ පොරොන්දුව මම කඩපු නැති නිසා මේක මම තනියම කන්නම්. ඔයාට ඕනේ නම් ඉතින් වෙන මොනවා හරි ගන්න..

එහෙම කිව්වත් මහීන් මම හිතන්නත් කලින් ආයෙමත් මගේ අතින් ඇදගෙන මේසයක් ගාවට ගිහින් වාඩි වුනේ මාවත් අතින් ඇදගෙන පු‍ටුවකින් වාඩි කරගන්න ගමන්මයි.

මහීන් කරන්න යන දේ ගැන තේරුමක් නොතිබුනත් කමක් නෑ කියලා මමත් වාඩි වුනේ වෙන කරන්න දේකුත් නැති නිසා. fruit salad එකෙන් හැන්දක් අරගෙන මහීන් හෙමින් හෙමින් මගේ ගාවට ලං කරේ කන්න කියන්න වගේ.. මහීන්ගේ අතින් හැන්ද ගන්න හැදුවත් එයා හැන්ද නම් දෙන පාටක් නෑ.

"අපෝ. මල පෙරේති වගේ හැන්ද අතට අරගෙන කාගෙන කාගෙන ගියොත් මට ඉතිරි වෙන්නේ නෑ. ඒ නිසා කනවා නම් මෙහෙම කන්න, නැත්නම් නිකන් ඉන්න"

මහීන් එහෙම කිව්වේ ඒ විදිය නිසා මට ලැජ්ජ හිතුන බව මගේ මූණේ ඉරියවු වලින් තේරුන නිසා වෙන්න ඇති.

"අපෝ යනවා යන්න.. මල පේරේතයා ඔයානේ.. පෙරේතකම නිසා මට කන්නවත් දෙන්නේ නෑ"

එහෙම කියලා හැන්ද මහීන්ගේ අතින් උදුරගෙන මම එක කටක් කෑවේ ලැජ්ජාවයි තවත් මොකක්දෝ හැඟීමකුයි හිත ඇතුලේ පෙරළි කරද්දි.

"ඇයි මම මහීන් එහෙම දුන්නම කෑවේ නැත්තේ.. ලැජ්ජාව නිසාද.. එහෙමත් නැත්නම් වෙන මොකක්දො දෙයක් නිසාද"

හිතාගන්න බැරි හැඟීම් ගොඩක් හිත ඇතුලේ හිර වෙලා තිබුනත් ඒ කිසිම දෙයක් ගැන වචනෙකින්වත් පිට කරන්න මම බය වුනා. මොකක්දෝ කියාගන්න බැරි විදියේ බයක් හිතට දැනුනත් ඒ මොන හේතුවක් නිසාද කියලා මට හිතාගන්න බැරි වුනා. හිත උඩට මහා බරක් පැටෙව්වා වගේ හැඟීමක් දැනුනත් ඒ හැඟීම මොන වගේද කියන එක හිතාගන්න මට පුළුවන් කමක් තිබුනේ නෑ. fruit salad එක ටිකෙන් ටික ඉවර වෙද්දි හිස් වෙන වීදුරුව දිහා බලාගෙන මහීනුත් මම වගේම මොකක්දෝ ලොකු කල්පනාවක ඉන්න බව මට නොදැනුනා නෙවෙයි. ඒත්.. ඒ ඇයි කියන දේ අහන්නවත් හයියක් මට තිබුනේ නෑ. කවදාවත් නැති තරමේ බරපතල හැඟීම්බර මහීන්ගේ මූණ දැක්කම මට දැනුනේ කියාගන්න බැරි හැඟීමක්..
වෙන කිසිම දවසක නොවෙන විදියට සද්දයක්වත් නැතුව bye එකකින් විතරක් මහීනුයි මමයි වෙන් වුනා. ඒ නිශ්ශබ්ද බව ඇතුලේ මහා ගොඩාක් වචන හැංගිලා තිබුන බවක් අපි දැනගෙන හිටියා නම්...
***************************************************************************************
සිතක තෙරපෙන සිතුවිලි සුළඟට මුසු වෙන විට ගසාගෙන යන 
ජීවිතයක, නවමු මාවතක් හමුවේ අසරණ වුන තරුණියක්.. මතකය අමතක නොවන විට ජීවිතය අතරමඟ නතර වී ඇති ඇය ජීවිතය, ආදරය කෙලෙස දකීවිද?
********************************************************************************************
ප.ලි- වැඩ ගොඩාක් එක්ක පහුගිය දවස් ටික ගතවුන නිසා ලියන්නවත් අඩුමගානේ බ්ලොග් එකක් කියවන්නවත් වෙලාවක් වුනේ නෑ. ඉතින් ඔන්න අද ඉඳන් ආයෙමත් සුපුරුදු විදියට මම කථාව ලියනවා. පරක්කු වුනාට තරහා වෙන්න එපා හොඳේ.

CONVERSATION

54 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. ලොකු දුකක් අවසානයේ ඒවගේම හිතේ සතුටක් මවා ගනිද්දි ආයෙම දුකක් හිතට දැනෙනවා කියලා මම අත්දැකීමෙන් දන්නවා.. වර්ෂාත් මේ මවා ගත්තේ ඒවගේ තාවකාලික සතුටක්ද කියලා හිතෙන්නේ ප්‍රශ්ණ මැසේජ් මැකුවයින් ඉවර නොවෙන නිසා.. බලමු..

    ReplyDelete
    Replies
    1. කොයි දේ උනත් මහින් වර්ෂා ලග ඉන්න එක සතුටක්.. ඒ උනාට මුන් දෙන්නා කවදා ආදරේ කියලා කියයිද හැබෑටම..

      අද මම එක.. කෝ අද අර ඉස්සෙලා දුවගෙන එන හිතුවක්කාර කෙල්ල... :p

      Delete
    2. අයි‍යෝ..ශික්!!! මම පරක්කුයි!!! :/ මෙයා ඉස්සරවෙලා.. මේක අසාදාරණයි!!! :(

      Delete
    3. අනිවාර්යෙන් අයියේ.. සතුටට වඩා දුක දැනෙන අවස්ථාව වැඩියි ඕනම කෙනෙක්ගේ ජීවිතේ..
      හික්ස්.. මේ දෙන්නා ආදරේ නොකිවොත් මොකෝ කරන්නේ..

      Delete
  2. Replies
    1. අර නපුරු දිනේශ් අයියා ඉස්සරවෙලා.. :/ මොනා කරන්නද...:/

      අයියෝ..මෝඩි!! මහීන් කවද්දි කෑවෙ නැත්තෙ?? :/ අපරාදෙ.. මම වගේනම් මහීන්ට කියලා මුළු ෆෘට් සැලඩ් එකම කවාගන්නවා.. අන්තිමට ඕන්නම් මහීන්ටත් කටක් කවනවා..;) හික්ස්ස්

      (ඔය කිව්වට ඔච්චර දෙයක් කරගන්න බැරිවෙයි මට..හික්ස්ස්... ;) )

      ලස්සනයි අක්කි කතාව!!!

      Delete
    2. නෑ නෑ ඔයා එක නෙමෙයි... අද තෑගි මට.... :P

      Delete
    3. හික්ස්.. කමක් නෑ මගේ නංගෝ දෙක වුනානේ..දෙවෙනියටත් තෑගි තියෙනවා... :D
      හප්පා මට නම් ඔහොම දුන්නා නම් ඔය දීපු කට උදුරලාවත් කන්න බැරි වෙනවා.. හික්ස්... ඒ අතින් වර්ෂා හොඳයිනේ...

      Delete
  3. මුල ඉදන්ම මට මේක කියවන්න වෙනවා

    ReplyDelete
  4. ඉගිලීන්න ඔබ එක්ක ආකාසේ
    විඳ ගන්න ඒ සිසිල මා සිත් සේ
    මට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ
    පිනි බින්දු මල් වැහි අරන්
    සඳ මිතුරි.. සිත මිහිරි.. කල මැනවි..
    බිඳු කඳුලු.. පිනි පොකුරු.. කල මැනවි..


    මට මමම වී ඉන්න ලෝකෙන් ඉඩක් නොදෙන
    ඈතට වෙලා අපිම අපි වී ඉතින්
    නව ලොවට මුල් අනු දෙන්න
    මිල නොවන පෙම් කවිය පබඳින්න
    පිනි වැස්ස වස්සන්න මද්දහන තෙත් වෙන්න
    ආදරය දලුලන්න මිහිකත මතින්
    සිහිනේ සඟවා... කිරනින් දැවෙනා...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. මමත් ගොඩාක් ආස සිංදුවක් අයියා..

      මට මමම වී ඉන්න ලෝකෙන් ඉඩක් නොදෙන
      ඈතට වෙලා අපිම අපි වී ඉතින්
      නව ලොවට මුල් අනු දෙන්න
      මිල නොවන පෙම් කවිය පබඳින්න... :))

      Delete
  5. ඇයි අච්චර ආදරේ දීපු පුස් සැලඩ් එක කෑවේ නැත්තේ. මෝඩ මැටි කෙල්ලෙක් !

    ReplyDelete
    Replies
    1. :O මෙන්න වර්ෂාට බනිනවා... පවුනේ අනේ... :D

      Delete
  6. අනේ නාලු වෙන්නකො අප්ප ඩෙන්නම.......:(

    ReplyDelete
    Replies
    1. :O නාලු වෙන්න කියන්නේ මොකක්ද අනේ... :D

      Delete
  7. අනේ ඉක්මටන ලියන්න කෝ

    ReplyDelete
    Replies
    1. හරි අයියා.. ඊළඟ කොටස ඉක්මනට දාන්නම්.. :D

      Delete
  8. ලස්සනයි අද කතාවත්...

    ReplyDelete
  9. හොඳයි හොඳයි ඔහොම රණ්ඩු වෙවී ඉමු :P

    ReplyDelete
  10. ඇයි කෙල්ලෝ මැට්ටි කියනවට මෙච්චර කැමති ?

    ජය !

    ReplyDelete
    Replies
    1. :O කවුද දැන් මැට්ටි කියනවට කැමතියි කිව්වේ... කොල්ලෝ මෝඩයෝ වගේ කියවන එක නවත්තන්න අපිට බෑනේ ඉතින්.. හික්ස්..

      @රස්තියාදුකාරයා අයියා- මොකෝ ඔයා එකතු කිරීම පාඩමක් කරනවද? :P

      Delete
  11. වර්ෂා කෙල හල හල ඉන්න කොට මහීන් මනුස්සකමට පොඩ්ඩක් දෙන්න ඇති. :P :P
    අදත් කතාව මරු ඈ.....:)

    ReplyDelete
    Replies
    1. හපෝ... හරි පවු... කෙළ හලන්නම වැඩේනේ... :D :D

      Delete
  12. ඒකත් ජය සිරි මංගලම් (නො)වෙයි වගේ..

    ReplyDelete
    Replies
    1. වෙයිද නොවෙයිද මන්දා.. :D

      Delete
  13. එකත් නරක නැහැ.. ආදරේට බැනගන්න එක මන් කියන්නේ.. හැබැයි බැඳපු දාට ඉවරයි..

    ReplyDelete
    Replies
    1. බැඳලා ටික කාලයක් යද්දි ඔය ඔක්කොම ආදර කථා ඉවරයිනේ... :D

      Delete
  14. හ්ම් හ්ම්........... ප්‍රේම කතාව පටන් ගන්න වගේ හදන්නේ...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් හ්ම්ම්.. බලමු අක්කියෝ...

      Delete
  15. ane akkiyo ikmnate kathawe thawath kallak danne hode,, ade kotesath lassanay :D

    ReplyDelete
    Replies
    1. thank you නංගියෝ... ඊළඟ ටිකත් දාන්නම් පුළුවන් තරම් ඉක්මනට...:D

      Delete
  16. ඔහොම යන් ඔහොම යන්....

    ReplyDelete
  17. ම්ම්ම්ම්ම්ම්ම් මුන් දෙන්නා ආදරේ නොකියම ආදරේ කරනවා වගේ

    ReplyDelete
  18. හිතට දැනෙන දෙයක් දැනෙන්න කියලා මුලින්ම ෆෘට් සැලඩ් එක කාලා දැම්මනම් ඉවරනේ...
    :D

    ReplyDelete
    Replies
    1. අනේ අම්මපා මෙහෙමත් පෙරේතකමක්.. හික්ස්..

      Delete
  19. "එළියට දැම්මොත් මොකට අඬන්නද බන්, ජොලියේ කැන්ටිමට
    ගිහින් මොනවා හරි බඩට දාගෙන ඇවිදින්න යමු අපි."
    මෙන්න මම ආසම කොටස.
    කතාව දැන් නම් ගානට ඇවිල්ලා.

    ReplyDelete
    Replies
    1. :D අපි හැමෝම කරන්නේ ඕකනේ අක්කේ.. එළියට දැම්මොත් ඒකෙන් උපරිම ජොලිය ගන්නවා.. :D

      Delete
  20. තාම කියෙව්වේ නැහැ..මුල ඉදන්ම පටන් ගන්නයි වෙන්නේ.. :)

    ReplyDelete
  21. ඔන්න මුලු කතාව කියෙව්වා එක දිගට... :)

    ජිවිතේ තියෙන්නේ විදවන්නම නෙමේ විදින්න...කොච්චර දුකක් ආවත් ප්‍රශ්නයක් ආවත් එ ජිවිතේ..එ කිසිම දෙයක් නොහිතා හිනාවෙලා ඉන්න පුලුවන් නම් එක තමා ශක්තිය...

    ඔයාගේ කතාව ලස්සනයි..හරිම ලස්සනයි..එකදිගටම කියවන් ගියේ එ ආසාවට :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිම්ශා.. මම ඔයාගේ කථාවත් බලනවා.. ඒකත් ඉක්මනට දානවා නම් හොඳයි.. :D

      Delete
  22. හපොය් කොටස් 12 ම ඒක හුස්මට කියෙව්වා
    කලින් කියවන්න බැරි උනා සොරි හොඳේ
    කතාව ලස්සනය් අක්කියෝ මට දෙතුන්පාරක්ම තනියම හිනා ගියා, ඒ වගේම තාත්විකය්
    අනේ ඊලග කොටස ඉක්මනට දාන්නකෝ..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලියෝ...ඉක්මනට දාන්නම්කෝ ඊළඟ කොටස. ගොඩාක් ස්තූතියි මේ පැත්තේ ආවට.. :)

      Delete
  23. අදනම් කතාව නියමයි..නංගීයෝ....

    ReplyDelete
  24. mama me katawa godak asawen kiyawanne akkiyo...ilaga kotasat ikmanatama danna hode.katawanam attatama godak lassanai akki.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගියෝ... :)

      Delete
  25. //ඒ නිශ්ශබ්ද බව ඇතුලේ මහා ගොඩාක් වචන හැංගිලා තිබුන බවක් අපි දැනගෙන හිටියා නම්...//
    හ්ම්ම.. ‍නොකියැවුණ දෑ බොහොමයි වගේ..
    ලියමු ඉතිරියත් නංගී.. බලාගෙන ඉන්නවා.. :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කියෝ..

      Delete

Back
to top