෴ ඔබ එන තුරා෴



දෝර ගලනා උල්පතක්ව
කඩා හැලෙනා දිය ගඟක්ව
උතුරා ගලා හැලෙන 
නොමියෙන, නොසි‍ඳෙන 
මගේ සෙනෙහස..
රන් කූඩුවක් තුල
නොබි‍ඳෙනා ලෙස
සිනිඳු සුමුදු පියාපත් මත
රකින්නෙමි ඔබ එන තුරාවට..
සරන්නෙමි තැනිතලා නිම්න මත
කාශ්ඨක පඬු පැහැ නගර පසු කොට,
සොයා එන්නට ඔබව...
සියොතුන් ගී ගයන කඳු ගැටයක් මත හිඳ,
ගලා හැලෙනා සියුම් සුළං ‍රැළි මැඳ,
ඔබේ දෑත් මත ගොඩ නැඟුන
භාවනාවක් මෙන් විඳිය හැකි,
නිහඬ,නිසසල අහිංසක ආදරයක් මිස,
මේ අහංකාර නොසන්සුන් බිම මත,
අච්චුවක දමා උණු කොට,
රෝස මල් වලින් හැඩ වෙන
හීන ලෝකෙක මැවෙන,
ෆැන්ටසි පෙම් කථා
එපා මට...


CONVERSATION

55 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. ගඟුලක් වන් නුඹේ සෙනෙහස
    පිවිතුරුව සුරැකුව
    තබාගෙන තවම හිත ලග
    හිමි කරු සොයා එන තුරු..
    ඈත නිම්නයක එහා කොනක
    හරිත වන පත් රේඛා මැද
    ගීතයක්ව ගැයෙන්න
    ආසයි මට
    මේ සෙනෙහස..

    ෆැන්ටසියක පැටලීගෙන
    ඈතක දුව යන
    බොළද සුකුමල
    හිතක්ව
    ආදරයෙන් ගැයෙන්න
    ආස නෑ තව
    මම...

    ReplyDelete
    Replies
    1. දැන් මෙයාමයි එක වෙන්නෙ.. :/ මල වදෙ!! :p

      Delete
    2. හාෆෝ... ඉරිසියාව....

      Delete
    3. මටත් ඉරිසියාවේ බෑ අප්පා...මෙයාමයි හැම එකේම එක වෙන්නේ.හිතූ අපි එකතුවෙලා අධිරාජවාදී කුමන්ත්‍රණ පරාද කරමු අලී...:D

      Delete
    4. ඔන්න අනිත් එක්කෙනත් ඇවිල්ලා....

      Delete
    5. @දිනේශ් අයියා
      ගලා හැලෙන දිය ඇල්ලක
      පිවිතුරු ජල කඳක් ලෙසින්
      හිත කිතිකවමින් ලං වෙන
      ඔබේ පිවිතුරු මුදු සෙනෙහස
      විඳ ගන්නට ආසයි මම..
      ෆැන්ටසි කථා,
      හිස් වදනින්
      රවටන්නට බෑ තව හිත...
      අහිංසකම, මුදු හදකට
      පෙම් කරනෙමි දිවි පුරාම...
      :D

      Delete
  2. //ඔබේ දෑත් මත ගොඩ නැඟුන
    භාවනාවක් මෙන් විඳිය හැකි,
    නිහඬ,නිසසල අහිංසක ආදරයක් මිස,
    මේ අහංකාර නොසන්සුන් බිම මත,
    අච්චුවක දමා උණු කොට,
    රෝස මල් වලින් හැඩ වෙන
    හීන ලෝකෙක මැවෙන,
    ෆැන්ටසි පෙම් කථා
    එපා මට...

    හැමදේම මෙතන තියෙනවා. ගොඩක්ම ලස්සනයි ප්‍රාර්ථනා.
    :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මිනෝ... අපි හැමෝම පතන්නේ ඔය වගේ ආදරයක් නේද??

      Delete
  3. අත්දැකීම නැති වුණත් මම හිතන්නේ නම් "ෆැන්ටසි කතා" ටිකක් හරි ආදරේකට තියෙන්න ඕනේ :)

    ReplyDelete
    Replies
    1. මාත් චුට්ටක් එකඟයි මේකට.. පොඩ්ඩක් ෆැන්ටසි කතා තිබුනාමත් හොදයි..

      Delete
    2. හ්ම්ම්.. ෆැන්ටසි කථාවලයි බොළඳ කථාවලයි අතර වෙනසක් තියෙනවා මම දකින විදියට. බොළඳ කථා ඕනේ.. ඒත්... අනේ මන්දා.. මෙතන මම ෆැන්ටසිය දකින්නේ වෙනස් විදියකට.. ඒක වචන වලට හරවගන්න විදියක් මට තේරෙන්නේ නෑ...

      Delete
  4. //රන් කූඩුවක් තුල
    නොබි‍ඳෙනා ලෙස
    සිනිඳු සුමුදු පියාපත් මත
    රකින්නෙමි ඔබ එන තුරාවට..//

    රන් කූඩුවක දාලා පරිස්සම් කරන සිනිදු සුමුදු අත්තටු භාර දෙන්න ඕනෙ රත්තරං හිතක් තියෙන කෙනෙක්ට... :)

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් නංගියෝ... ඒ වගේ රත්තරන් හදවතක් වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න මේ පරෙස්සම් කරගත්ත හදවත සූදානම්ලු... ;)

      Delete
  5. ඔ්ක අමු අමුවේම ෆැන්ටසිය තමා! :D

    ReplyDelete
    Replies
    1. අන්න එක තමා මටත් හිතුනේ ..මේක අමු අමුවේම ෆැන්ටසි නේ ..හරි ලස්සන පද ටික..

      Delete
    2. හික්ස්.. වෙන්නත් ඇති.. ඒත් මම ෆැන්ටසිය දකින්නේ වෙනස් විදියකට... රළු නිරවචනයක් දෙන්න බැරි දෙයක් විදියට..
      ස්තූතියි නිම්ශා...

      Delete
  6. ඇති මුත් දුරස් වී ගතින්
    පිදී ඇත මහද සිත් මල
    ලද පලමු ඉසිඹුවේම
    සොයා එමි ඔබේ සිත් අහස

    සොයා නොම එනු සොඳුරිය
    බිය කරුය කටුක නගරය
    ගිල ගනීවී දුහුවිලි වලාවන්
    ඔබේ සියුමැලි දෙකොපුල්

    ඉවසන්න තවත් එක් විරාමයක්
    හැකිය අපිට තනි වෙන්නට
    ෆැන්ටසි ලොවක නොව
    අපටම වෙන්වූ අපේ ලොවක

    අපේම අපේම අපේ ලොවක....!

    ReplyDelete
    Replies
    1. අයියගේ කවි හැමදාමත් ලස්සනයි අයියේ...

      ඉසිඹු ලන නිමේශයක
      බැඳී ගිය සිත් අතර අප,
      නොදැන , නොසිතා ආ දුර
      වැටහුණිද නුඹටත් මටත්...

      කවුරුවත් නැති හීන ලෝකෙක
      අපේම ලොවක් තනාගෙන
      තනිවනා දිනයක,
      හැඟේවි මේ ආ දුර
      කල්පයක් ලෙස
      ගතවෙනා හැම මොහොතක්ම
      ඊටත් වඩා දිඟු ලෙස...
      නමුදු ඒ හැම මොහොතම
      ආදරෙන් බදා අල්ලාගන්නෙමි මම
      නුඹට ඇති අපරිමිත ස්නේහය නිසාවෙන්ම...

      Delete
  7. කාලෙකින් ඉස්සර තිබ්බ බ්ලොග් එකක් මතක් උනා.. පට්ටයි සුපිරියි කමෙන්ට් නැතුව කියවන්න ආස හිතෙන විදිහට කමෙන්ට් ටිකකුත් තියනවා.. බයිලා වැඩක් නෑ.. කවියකුත් ලියන්න එපායැ..


    එක ෆැන්ටසියක
    නුඹ හා තනිව මොහොතක
    විදින්නට හැක මුළු ජීවිතයම
    නමුත්,
    ෆැන්ටසිය
    ෆැන්ටසියක්ම මිස
    නුඹ සදාකාලික නොවන වග
    අමතක කරන්නට
    ෆැන්ටසියට හැකි නම්......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පසන් අයියේ...

      ෆැන්ටසිය පුරාවට
      ගොඩ නැගෙන බොළඳ පෙම් කථා මැඳ
      කිසිවක් සදාකාලික නොවූවද,
      දෙහිතක් එක් වී තැනූව ලෝකය
      ඒ සොඳුරු හිත් ගැබ තුල
      සදාකල්හිම ‍රැ‍ඳෙන බව
      ෆැන්ටසියට වැටහුනා නම්...

      Delete
  8. ෆැන්ටසි සිහිනෙක දෝ හිත ගැස්සුනේ මේ තරම්...

    ReplyDelete
  9. ජීවිතයම ෆැන්ටසියක් නේ අක්කේ :/
    ඉතින් තවමොන කතාද??

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්... ඒකත් ඇත්ත තමා මල්ලියෝ..

      Delete
  10. පොඩි ෆැන්ටසියක් හදාගත්තාම ලස්සන හීන ලෝකෙක හැබෑ ජීවිතේටත් වඩා සන්තෝසෙන් ගත කරන්න පුළුවන් හැබැයි... මහ ලොකු ඒවා නොවුනත් පොඩි එකක් තිබ්බනම් මරු ඈ.අදහස ලස්සනයි මෙහෙම හිතන කෙල්ලෝ ඉන්න එක හොඳයි නැත්තම් කොල්ලෝ අන්දන ඇන්දිල්ලට යන එන මං නැතිවෙනවා

    ReplyDelete
    Replies
    1. හික්ස්.. කෙල්ලෝ ගොඩක් මෙහෙම හිතනවා මල්ලියෝ.. ඒත් කොල්ලෝ හොයන්නේ මෙහෙම නොහිතන කෙල්ලොන්වනේ.... :P

      Delete
  11. විඳිනු ලැබුවොත් එය
    ෆැන්ටසියක් විලස
    ජීවිතේ සැබෑ අරුත
    දකින දා
    වැටහේවි ආදරය
    ෆැන්ටසියක් නොව
    මිරිගුවක් වග..

    ReplyDelete
    Replies
    1. ඇත්ත අයියේ, ආදරය මිරිඟුවක් තමයි. ඒත් ඒ මිරිඟුව පස්සේ දැන දැනම අපි පිපාසිත මුව පැටවු වගේ දුවනවා නේද?

      Delete
  12. යාළුවාMay 31, 2012 at 11:05 PM

    //දෝර ගලනා උල්පතක්ව
    කඩා හැලෙනා දිය ගඟක්ව
    උතුරා ගලා හැලෙන
    නොමියෙන, නොසි‍ඳෙන
    මගේ සෙනෙහස..
    රන් කූඩුවක් තුල
    නොබි‍ඳෙනා ලෙස
    සිනිඳු සුමුදු පියාපත් මත
    //

    ඔයා ලස්සන ෆැන්ටසියක් මවලා එහෙම නොකරන කෙනෙක්ව හොයනවා. :P :P

    ReplyDelete
    Replies
    1. හික්ස්.. ඇත්ත තමයි... ඒත් මම ෆැන්ටසියක් කියලා මෙතන කියන්නේ "materiality" කියන දේ... :P

      Delete
  13. “රෝස මල් වලින් හැඩ වෙන
    හීන ලෝකෙක මැවෙන,
    ෆැන්ටසි පෙම් කථා
    එපා මට...“

    සිරා වචනටික අක්කියෝ.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගියා... :* :D

      Delete
  14. ජීවිතේ අපි හිතන
    ආදරේ කරන හැමෝම
    හැමදාම එක වගේ ඉන්නේ නෑ
    ඒ වගේම අපේ ආදරෙත්
    හැමදාව එක විදියට
    තියෙන්නේ නෑ
    ඒක ලෝක සත්‍යයක්
    න්‍යායක්

    එකී කුලකයක
    අවයව වූ අපි..
    අපි අභිශුණ්‍ය කුලකයක
    අවයවයන් ලෙස හුවා දැක්වීම
    හුදු හාස්‍යයක්මය.....

    ReplyDelete
  15. අපූරු නිර්මාණයක්....හැබැයි ෆැන්ටසිය වර්ජනය කලාට මේ නිර්මාණයේත් ෆැන්ටසියක් මවලා තියෙනවා.මේක තමා යථාර්තය අපි කොච්චර නෑ කිව්වත් ආදරේදි අපි මවා ගත්ත ෆැන්ටසි හීනෙක ජීවත් වෙනවා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත අක්කේ... ඒත් මම දකින ෆැන්ටසිය වෙනස්..

      Delete
  16. ගොරහැඩි ෆැන්ටසිය තුල...

    දොලනයවෙන

    නිර්මල ආදරය

    රැකගන්න

    සොඳුරිය

    එනතුරා

    ඔබවෙත

    හෙට දින මා.......

    ReplyDelete
  17. //..සරන්නෙමි තැනිතලා නිම්න මත
    කාශ්ඨක පඬු පැහැ නගර පසු කොට,
    සොයා එන්නට ඔබව...//

    ලස්සන පද පෙලක්....

    ReplyDelete
  18. ප්‍රායෝගිකත්වය කියන රාමුව ඇතුලට හිර වෙලා ආදරය කරනවට වඩා...
    ෆැන්ටසිය කියන අනන්තය රසවිදින එක අහිංසකයි නේද???...
    ශීත සමයේදි ගංගාවල් ගොලුවෙනවා...
    එදාට මොකක්ද කරන්නේ????

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ඇත්ත.. ඒත් ෆැන්ටසිය ඇතුලේ මැවෙන සමහර ලෝක වල අන්තයට ගියාම ඒ ආදරේ මුලාවක් වෙනවා.. සීත සමයේ ගංගාවල් ගොළු වේවි.. ඒත් ආයෙමත් ගංගාවන් වලට මුමුණන්න පුළුවන් කාලයක් තියෙනවා. සීත සමය වුනත් හැමදාම තියෙන්නේ නෑ..

      Delete
  19. කෙල්ලෙක් කොලෙක්ගෙන් ,කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන අව්‍යාජ ආදරේ.

    නියම වචන සෙට් එක.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්... ස්තූතියි :D

      Delete
  20. අයියෝ ලව :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. :O ඇයි මොකෝ මල්ලියෝ... ඔයාටත් ලව් ඇලජික්ද?

      Delete
  21. ගොඩක් අය කවි වලිත් උත්තර ලියලා. මට කවි ලියන්ඩ බැරි නිසා කරබාගෙන ඉන්නවා. ලස්සන කවි සිතුවිල්ල.

    ReplyDelete
    Replies
    1. අයියට කවි ලියන්න බැරි මොකෝ... බොරුනේ අනේ... :P
      ස්තූතියි අයියේ...

      Delete
  22. ෆැන්ටසියක් එපා කිව්වට නංගිත් දන්නෙම නැතුව ෆැන්ටසියක් මවලනේ :P
    ඕක තමා ඉතින් ඇත්ත කතන්දරේ....ඇත්ත ජීවිතේට පුංචි ෆැන්ටසියක් තිබුනම තමා ගතියක් තියෙන්නේ.අපි හැමෝම දැන හෝ නොදැන හෝ ඒක විඳිනවා :)
    ලස්සනට ලියලා තියෙනවා නංගි :) :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම් ඇත්ත තමා... ඒත් ෆැන්ටසියක වුනත් සීමාවන් පනින්න හොඳ නෑ අයියේ.. ස්තූතියි හොඳේ...

      Delete
  23. ෆැන්ටසි පෙම් කථා
    එපා මට...

    ReplyDelete
    Replies
    1. ඔයාටත් එපාද අයියේ... මටත් එපා :P

      Delete
  24. //ඔබේ දෑත් මත ගොඩ නැඟුන
    භාවනාවක් මෙන් විඳිය හැකි,
    නිහඬ,නිසසල අහිංසක ආදරයක් මිස,//

    ඇත්තටම... වෙන කුමටද ෆැන්ටසි කතා..
    ලස්සනයි නංගියෝ ගොඩක්..!

    ReplyDelete
    Replies
    1. ගොඩාක්ම ස්තූතියි මගේ අක්කියෝ... :D

      Delete

Back
to top