෴ තුහින වර්ෂා෴ දහතුන් වන කොටස
















සුදු හංසියේ,
විල් තෙර පුරාවට 
ඇඳේ නුඹේ සුකොමල පා සටහන් අද
සිත් ඉම පුරාවට
පියමං කරයි ඔබේ වත අද
විටින් විට ඇසෙන
ඔබේ හද හඬනා හඬ,
වාවාගන්නට බැහැ
කුළුඳුල් පෙම් සිතට...
ඉතින් 
ඔය නෙතඟ ‍රැ‍ඳෙන
කඳුළු බිඳු වල
ලුණු රසය ම'හදවත පෙළන කල
පිසලන්නට ඉඩක් දෙනවාද?
ඉන්නම් හැමදාටම ලඟම.... 
මහීන්


සලිත්ව මට මුන ගැහිලා හරියටම දවස පහක් ගත වෙලා ගිහින්.. අද ආයෙමත් සිකුරාදාවක්.
සුමානයක්ම ගෙවිලා ගියේ කැම්පස් එකේ වැඩ ගොඩක් එක්ක. විභාග, ඇගයීම්, ඒ අතරේ එක එක විදියේ උත්සව, නාට්‍ය හැම දෙයක්ම මැද. සිකුරාදා දවසත් මට නොදැනිම අත ලඟටම ඇවිත්. මහීන් හමුවුන දවසේ ඉඳන් එකම එක දවසක්වත් මම තනියම කෝච්චියේ ගාල්ලට ගියේ නෑ. මහීන්ගේ පිස්සු යාළුවෝ ඔක්කොමත් එක්ක සින්දු අහගෙන යන ගමන මගේ හිතට ගෙනාවේ පුදුම සැහැල්ලුවක්... ඉතින් කිසිම වෙනසක් නැතුව මම මහීන් එක්ක ආයෙමත් මේ සිකුරාදත් ගාළු ගියේ හිනාවෙන් සතුටින් පිරුන හවස් වරුවක් ගෙවන ගමන්..

සිකුරාදා දවසේ මහන්සියත් එක්කම රෑ ඇඳට වැ‍ටුන ගමන් නින්ද ගියත් හැමදාමත් උදේම ඇහැරෙන පුරුද්ද නිසා සෙනසුරාදත් උදේම ඇහැරුණ මම ඇහැරුණ ගමන්ම කලේ ෆෝන් එක බලන එක,. කවදාවත්ම කාගෙන්වත් උදේට ගුඩ් මෝනින්ග් මැසේජ් එකක් ලැබෙන්නේ නැති මට මහීන් හමු වුන දවසේ ඉදන් උදේ පාන්දරම "good morning" කියලා සුභ පතපු මැසේජ් එකක් නැති වුනේ නෑ.
good morning message එක එක්කම අද වෙනස්ම විදියේ message එකක්...

"nanga , mata oyata waedhagath deyak kiyanna thiyenawa. 
Eka oyawa muna gahilama kiyanna one. Puluwan nam adha api meet wemuda?"

මැසේජ් එක දැකපු ගමන් හිතට පොඩි බයක් දැනුනත් ඕනෙම දෙයක් ගැන ඕනෙවට වඩා හිතලා ඒ දේ අපි හිතපු විදියට ඉ‍ටු නොවුනොත් දැනෙන දුක වැඩි බව අත්දැකීමෙන්ම දන්න නිසා මුකුත්ම නොදන්න ගානට ආයෙමත් මම මැසේජ් එකක් යැව්වා..

“ay ayya message ekakin kiyanna bary tharam barapathala
 deyakda? Mokak hari prashnayakdha?“

එහෙම අහපු ගමන් අනිත් පැත්තට ආවේ නොහිතපු විදියේ රිප්ලයි එකක්

“ehema kiyanna bary nisane enna kiwwe. Enna bary nam 
kamak naa naawih inna”

පුහ් මෙයාගේ සැර,,. මටත් ටිකක් විතර තරහා ආවත් ඒ තරහා පාලනය කරගෙන මොකක්දෝ කුතුහලයක් මතු වෙලා ආව නිසා හමුවෙන්න වෙලාවකුයි තැනකුයි අහලා මම ආයේ මැසෙජ් එකක් යැව්වා.
*************************************************************************************

හරියටම උදේ 10 වෙද්දි ගාල්ලේ අළුතෙන් හදපු බස් ස්ටෑන්ඩ් එකට මම ආවේ යාළුවෙක්ගේ ගෙදර යනවා කියලා අම්මට ලොකුම ලොකු බොරුවකුත් කියලා...

වෙනදට ගෙදර ආවම අම්මගේ අස්සෙම ඉන්න ආස කරපු දෝණි යාළුවො බලන්න හදිස්සියෙම දුවන එක අම්මටත් ප්‍රශ්නයක් වෙන්න ඇති.

ඒත් කෝ, මහීන් තාමත් නෑ, විනාඩි දහයක් තිස්සේ බලන් ඉඳලත් ආවේ නැති තැන මම මහීන්ට කෝල් එකක් ගත්තේ බනින්න හිතාගෙන..

"හෙලෝ, මෝඩි"

මේ කටහඬ ඇහුවම කාටද බනින්න හිතෙන්නේ,. බනින්න ගියපු මම එහෙමම කටට මුකවාඩම් දාගත්තා.

"හෙලෝ, මොකද ඔය මල පැනලා, බනින්න ගිහින් මොකෝ නැවැත්තුවේ."

ආයෙමත් හම්බ වුන දවසේ වගේමයි, අනේ මන්දා මේ කොල්ලට නම්...මෙයා මගේ දිහා බලන් ඉන්නවා වගේ හැමදේම කියන්නේ කොහොමද මන්දා...

"ඔයා ඇඳන් ඉන්නේ සුදුපාට සායකුයි ලා නිල් පාට බ්ලවුස් එකකුයි නේද?"

ඒ පාර මොකද මේ වෙන්නේ.. ඇඳන් ඉන්න ඇඳුම ගැනත් නොබලා කියන්න පුළුවන් කමක් නෑනේ. එහෙම හිතපු මම මහීන් ලඟම ඇති කියලා හිතාගෙන වටපිට බැලුවත් කොහේවත්ම නෑ.

"මේ මැඩම් වටපිට බැලුවට වැඩක් නෑ, ඔයාට මාව හොයාගන්න වෙන්නේ නෑ. "

ඔයා දැන් ඔහොමම එන්නකෝ ස්ටේශන් එක පැත්තට, එතකොට මම එන්නම්.හා දැන් ඉතින් පුදුම වෙලා බලන් ඉන්නේ නැතුව එන්නකෝ මේ පැත්තට...

"එහෙනම් මෝඩි එන්න.. වට පිට බල බලා කාලේ නාස්ති කරන්න එපා මැට්ටියෙක් වගේ, හොඳේ"

එහෙම කියපු මහීන් එක පාරටම ෆෝන් එක කට් කරා...
හැමදාමත් යන එන පාර හුරු පුරුදු වුනත් අද ඒ හැමදේම මට දුන්නේ අමුතු හැඟීමක්...ඒක බයක්ද, සතුටක්ද කියලා මටවත් තේරෙන්නේ නෑ...

පන්ති ගියපු කාලේ මේ ටවුන් එකේම ගත වුන සුන්දර දවස් මතකයට ආවත් ඒ හැම දේම අවසානේ ඉවර වුනේ වේදනාවකින් බව මතක් වෙද්දි හිතට දැනුනේ පුදුම වේදනාවක්.
කල්පනාව පිටම ස්ටේශන් එක ගාවටම ගියත් මහීන් තවමත් පේන්න නැති බව දැකලා මට ආවේ කේන්තියක්...

බනින්න හිතාගෙන ෆෝන් එක අරන් කෝල් කරද්දි පිටිපස්සෙන් ඇහුන හුරුපුරුදු ring tone එකක සද්දයක් නිසා මගේ ඇස් ඒ පැත්තට හැරුනා.

දෙවියනේ...... මහීන්... කොහොමද මෙතනට ආවේ.

මාව පුදුම කරන්න එක එක දේවල් කරන්න මහීන් මේ තරම් කැමති ඇයිද මන්දා. ඒ හැම පොඩි සිදුවීමකින්ම මට මේ තරමේ ගැස්මක් ඇති වෙන්න හේතුවත් මට තේරුම් ගන්න පුළුවන් කමක් තිබුනේ නෑ.

"හූ, බය වුනානේ.. මම දුර ඉඳන්ම බලාගෙන හිටියේ. මැට්ටි එනකොටත් මම මෙතනට ඇවිල්ලා ඉවරයි. ටිකක් තරහා ගස්සන්න හිතාගෙන තමා දුර ඉඳන් ඔයා දිහා බලාගෙන හිටියේ.. තරහා ගියාම කෙල්ලෝ හරි ලස්සනයිලු. ඉතින් මම බැලුවා නිකන්වත් ලස්සනක් නැති ඔය මැට්ටි තරහා ගියාමවත් ලස්සනද බලන්න. කොහේද රතු වෙනවනේ ජම්බු ගෙඩියක් වගේ. හැබැයි එහෙම වුනාමත් අමුතු ගතියක් තියෙනවා හොඳේ"

"හා.... ඔයා කියනකන් හිටියේ. දන්නවා නම් මම ආයේ බස් එකක
නැගලා ගෙදර යනවා. ලස්සන නැත්නම් මොකටද බලාගෙන හිටියේ මෝඩයා. කොහොමත් ඔයාගේ ඇස් පේන්නේ නෑනේ. ඇස් දෙකයි මොලෙයි දෙකම check කරගන්න හොඳ දොස්තර කෙනෙක්ව අල්ලලා"

එක දිගට මහීන් කියවගෙන ගියපු දේවල් අහගෙන ඉඳලා හිනාව තද කරගෙන මමත් කියවගෙන ගියේ හිතේ ගැස්ම එයාට පෙන්නන ඕනේ නැති නිසා.

එක එක දේට රණ්ඩු වෙවී කථාව පිටම ඔහේ ඇවිදන් ගිය අපි දෙන්නා නතර වුනේ කො‍ටුවේ සමුද්‍ර කෞතුකාගාරේ ලඟ...කො‍ටුව පුරාම තැන තැන ඉන්න අහිකුණ්ඨක ගැහැණු අය සැරෙන් සැරේට මහීනුයි මමයි ගාවට ආවේ අපි දෙන්නා couple එකක් කියලා හිතලා වෙන්න ඇති. එහෙම ආපු එක ගෑණු කෙනෙක් එක පාරටම මගේ ගැන විස්තරයක් පටන් ගත්තා

"හරිම පින්වන්ත ගෑණු දරුවෙක්, හැබැයි කට චුට්ටක් සැරයි.. බලාපොරොත්තුවක් තියෙනවා හිතේ, ඒක ඉ‍ටු වෙනකන් තමා බලාගෙන ඉන්නේ"

ඒක අහලා මම මහීන් දිහා බලද්දි මහීන් කට අතින් වහගෙන හිනා වෙනවා.

"මොනවා වුනත් කථාව ඇත්ත. ඒ මනුස්සයගේ කටේ රත්තරන් දාන්න වටිනවා"

මගේ කනට කරලා මහීන් එහෙම කොඳුරද්දී මටත් හිනා ගියේ ඒ මොන කථාව වැරදි වුනත් කට සැරයි කියලා කිව්ව එක ඇත්ත බව මමත් දන්න නිසා.

ටික වෙලාවක් අපි දිහා බලාගෙන හිටපු ඒ ගැණු කෙනා නොහිතපු විදියට අපි දෙන්නම ගැන විස්තරයක් පටන් ගත්තම මහීන්ටයි මටයි දෙන්නටම කියාගන්න දෙයක් නැතුව ගියා.

"මේ පුංචි මාත්තියයි නෝනයි දෙන්නා ඔය දෙන්නා වෙනුවෙන්ම මවලා වගේ. ජාඩියට මූඩිය වගේ. ඔය දෙන්නගේ ජීවිතේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙනවාමයි. හැබැයි දෙන්නම ඉන්න හිත දෙගිඩියාවෙන්"

"මෙයා මගේ හිතවත් කියවනවද? මහා විකාර. බොරු තමා"

එහෙම හිතලා හිත හදාගන්න හැදුවත් දෙගිඩියාවක් නොතිබුනාම නෙවෙයි.මහීනුත් ඉක්මනට ඒ ගෑණු කෙනාව යවාගත්තේ ඒ නිසාම වෙන්න ඇති.

එක එක දේවල් වලින් කාලේ ගෙවුනත් තාමත් මහීන් කියන්න ඕනේ කියපු දේ නම් කියන්න අදහසක් නෑ වගේ..

"ඉතින් මහීන් අයියා , මොකටද මේ එක පාරටම මට එන්න කිව්වේ"

එක පාරටම යමක් මතක් වුනා වගේ මගේ දිහා බලපු මහීන් කියන්න ගිය එක පාරටම ගිල ගත්තා.

ඔයාට මතකද එදා සලිත ඔයාව හම්බ වුන දවස

ඒ බව අහනවත් එක්කම මගේ හිතේ කියාගන්න බැරි දුකක් ඇති වුනත් මහීන් කියන්න යන දේ අහගන්න ඕනේ නිසාම මම ඒ කථාවට උල්පන්දම් දුන්නා.

"ඔව්ව්... ඉතින්..."

"එදා ඔයා කිව්වා නේද මම ඔයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් කියලා"

"ඔව්..... ඒත්..."

"හරි, ඔයා මුකුත් නොකියා මම කියන දේ අහගෙන ඉන්නකෝ, එදා මම ඔයාට කිව්වා නේද ඔයාගේ කොල්ලා වෙලා ඒ මදාවියගෙන් ගුටි කන්න මට බෑ කියලා."

"ඔව් ඔව් මහීන් අයියා, ඒත් ඒකේ මොකක්ද මෙතනට තියෙන සම්භන්දේ, අනේ ඔයාට සලිත් මොනව හරි කිව්වද?, නැත්නම් ඔයාට කරදරයක් කරන්න ආවද?"

බය වුන පාර මට එක පාරටම ඇහුනා.

"නෑ නෑ අනේ.... ඉන්නකො කියනකන්, අහන් හිටියේ නැතොත් මම යනවා යන්න

"හ්ම්ම්, හරි කියන්න"

මූණ ඇඹුල් කරගත්ත මම එහෙම කිව්වා.

"ඉතින් වර්ෂා ඔයා කැමතිද මම ඇත්තටම ඔයාගේ ආදරේ වෙනවට. ඒත් හැබැයි කොහේවත් යන කොල්ලොන්ගෙන් ගුටි කන්න නම් මට බෑ හොඳේ, ඒත් ඔයා වෙනුවෙන් නම්..
ඒ කථාව සම්පූර්ණයෙන්ම ඉවර කරන්න කලින් බර වුන හිතේ බර අඩු කරගන්න වගේ ලොකූ හුස්මක් උඩට ඇදලා අරන් ඉන් පස්සේ මහීන් තව දෙයක් එකතු කරා.

මොන කට්ටක් කෑවත් කමක් නෑ..."

විහිළුවක් එක්කම මහීන් කියපු දේ නිසා එක පාරටම පුදුම වුන මට මහීන්ගේ ඇස් දෙක දිහා බැලවුනේ නොදැනුවත්වම...
ඒ ඇස් වල තිබුන අවංක බව,ආදරේ තේරුම් ගන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ.

ඒත්, මම කලින් විඳපු දුකම මට ආයෙමත් විඳින්න වුනොත්...

එක පාරට හීතල වෙලා ගිය මම හීනයක් දැකලා ඇහැරුන කෙනෙක් වගේ ගැස්සිලා ගියා.

ආදරේ කියන දේ උරුම නැති අවාසනාවන්තම කෙල්ලෙක් මේ ලෝකේ ඉන්නවා නම් ඒ එකම කෙල්ල මම. හැමදාමත් හිතින් ආදරේ කරපු මම එකම එක පාරක් ආදරේ ලබාගෙන ඒ ආදරේ නිසා විඳින්න ඕනේ හැම දුකක්ම විඳපු මම ආයෙමත් ආදරේ කරන්නේ නෑ කියලා හිතාගත්තේ ඒ දුක මට විඳින්න බැරි නිසාමයි.

ඒත් මහීන්....

මම කොහොමද දෙවියනේ ඒ කථා කරන ඇස් වලට පි‍ටුපාන්නේ..

මම මොනවා කරන්නද කියලා හිතාගන්නවත් බැරුව හිත දෙගිඩියාවෙන් ඉඳිද්දි මහීන් මට කථා කරා.

"ඔයාට බයයිද වර්ෂා මගේ ගාවට ආවොත් ඔයාට දුක් විඳින්න වෙයි කියලා, මම කවදාවත්ම සලිත් වගේ ඔයාට එහෙම කරන්නේ නෑ.මලක පෙත්තකටත් වඩා සිනිඳු ඔය හිත පොඩ්ඩක්වත් තලන්නේ නැතුව බලාගන්න මම පොරොන්දු වෙනවා නංගියෝ. මුවෙක්ගේ වගේ අහිංසක ඔය ඇස් වලට කඳුලක් දෙන්නේ නෑ මම කවදාවත්ම. මම වගේම ඔයත් ඒක දන්නවා නේද?

ඔයා කොහොමද මගේ හිතේ තියෙන දේ දැනගන්නේ කියලා අහන්න හිතුනත් මේ ඒකට වෙලාව නොවෙන නිසා මම ආයෙමත් නිහඬ වුනා. මහීන්ගේ හැඟීම්බර කටහඬ ඇහෙද්දි ඒ අත් දෙකට මුවා වෙලා එදා කෝච්චියේදි වගේ ඒ පපුවට බර දීලා අඬන්න හිතුන වාර අනන්තයි... තප්පර දෙක තුනක විරාමයක් අතරේ මගේ හිත කොහේ කොහේ දිව්වද මන්දා.

හිතේ වේදනාව,ආදරේ දෙකම පුපුරු ගහද්දි ඇස් වලට එන කඳුළු බොහොම අමාරුවෙන් නවත්ත ගත්තේ මේ තරම් මාව සතුටින් තියන කෙනෙක් ගාව මගේ කඳුලකට වටිනාකමක් දෙන්න බැරි නිසා...

"මට ටික කාලයක් දෙන්න මහීන් අයියේ"

ඒ වචන ටික බොහොම අමාරුවෙන් ගලපගත්ත මම මහීන් ඉන්න දිහා වත් නොබලා ඉක්මනටම බස් එකට නැග්ගේ මගේ එක කඳුලක්වත් එයාගේ ඉස්සරහ මගේ ඇස් වලින් කඩන් වැටෙනවට මම කැමති නැති නිසයි..

බස් එකේ නැඟලා ඉඩක් තිබුන තැනකින් වාඩි වුනත් මගේ හිත නම් තිබුනේ මහීන් ගාව..
"හිතේ බලාපොරොත්තුවක් තියෙනවා" සාස්තර කියන ගෑණු කෙනා කියපු ඒ වචන ටික සැරෙන් සැරේ මගේ කන් වල දෝංකාර දෙන්න ගත්තේ මොකද මන්දා. ඔව් මම බලාපොරොත්තු වුනා. මේ වගේ අවංක ආදරයක්. ඒත් මගේ හිත ඒ ආදරේ පිළිගන්න තාමත් ලේස්ති නෑ. අතරමං වුන හිතක් එක්ක අතරමං වුන මම මොනවා කරන්නද?

එයා මට ආදරෙයි, එහෙනම් මොකටද මම තවත් බලන් ඉන්නේ.
නෑ නෑ මට ආයෙමත් දුක් විඳින්න ඕනේ නෑ.
ඒත් මහීන් තරම් හොඳ කෙනෙක් මට ආයේ කවදාවත්ම ලැබෙන්නේ නෑ, එයා තරමට මට ආයේ වෙන කාටවත්ම ආදරේ කරන්නත් බෑ.

මම මහීන්ට ඇත්තටම ආදරේද? නැත්නම් ඒක නිකන්ම කැමැත්තක්ද? මේ වෙනකනුත් තේරුම් ගන්න බැරුව තිබුන මගේ හිත හාරලා අවුස්සලා බලන්න මම අකමැති වුනේ මොකද කියලා මටවත් හිතාගන්න බැරි වුනා. වෙලාවකට පපුව හිර කරවගෙන ආදරයක්ද මොකක්දෝ හැඟීමක් හිත හිරිවැට්‍ටුවත් තව වෙලාවකට මට කවුරුත්ම ඕනේ නෑ කියලා හිතෙන වෙලාවල් නොතිබුනාම නෙවෙයි. ඒ නිසා මේ ආදරේමද කියලා තීරණය කරන්න මට පුළුවන් කමක් තිබුනේ නෑ.

තීරණ දෙකක් අතරේ හිතේ සිතුවිලි දෝලනය වෙද්දී නොදැනිම 

මම බහින තැනටත් ඇවිත්,බස් එකෙන් බැහැපු මම ඉක්මනටම 
ගෙදර ගියේ ඒ වෙනකොටත් කරුවල වැටීගෙන එන්න පටන් අරන් තිබුන නිසා අම්මා බය වෙලා ඇති කියලා හිතාගෙනමයි..
**********************************************************************************

සිතක තෙරපෙන සිතුවිලි සුළඟට මුසු වෙන විට ගසාගෙන යන 
ජීවිතයක, නවමු මාවතක් හමුවේ අසරණ වුන තරුණියක්.. මතකය අමතක නොවන විට ජීවිතය අතරමඟ නතර වී ඇති ඇය ජීවිතය, ආදරය කෙලෙස දකීවිද?



CONVERSATION

53 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. හුරේ... ඇති යන්තම් අද අහලා...

    ReplyDelete
    Replies
    1. වර්ෂා,

      ආදරණිය
      දෙහිතක් ලග
      ගලා ගිය කදුළු බිදු
      අරගෙන දෑතට
      රහසේම දවසක,
      තවරන්න
      එකම එක හාදුවක්
      කදුළු පිරි
      දෑස් අගට..

      ජීවිතේ ලග
      ආදරේ දුරද
      අහන්න හිතුනත්
      නෑ
      වදන් තව..

      රන්දාන හිත ලග
      ඔය සිනා නෙත් යුග
      ආදරෙන් බලාන ඉන්න,

      වර්ෂාගේ වගේ ආදරයක් පතන
      මම මහීන්

      වර්ෂා මොනාවා කියාවිද??

      Delete
    2. සීතලව ගල් වුන කඳුළු කැට
      උණුසුම් හාදුවකින්
      යලි පණගන්වන්නට...
      හෙමි හෙමින් සවනතට මුමුණමින්
      පුංචි රහස් කථා
      සිනා මල් මැද ‍රැ‍ඳෙන්නට...
      මඟ වැරදී අතරමංවුන සිත
      නිවා සනහන දිය පොදක් වෙන්නට,
      එනවා නම් කෙනෙක්
      ආසයි මමත්..

      හිතම හිරිවට්ටන
      හිරිමල් හීන මවාදෙන
      උරුම නොවෙනා හීනයක සැතපී
      කඩින් කඩ කඳුළු වගුරන,..
      මටම උරුමවූ සෙනෙහස
      මඟ හැරේ යයි බියෙන්,
      හීන වල පාට ගල්වන
      මම...

      *වර්ෂාගේ ඇතුල් හිත*

      Delete
    3. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
      sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
      kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
      Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
      1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
      melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
      dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
      saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
      kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
      penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
      dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
      minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
      buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
      Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
      sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
      Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
      berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
      hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
      seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

      Delete
  2. //සලිත්ව මට මුන ගැහිලා හරියටම දවස පහක් ගත වෙලා ගිහින්.. අද ආයෙමත් සිකුරාදාවක්.//

    …ගිය සිකුරාදා නෙද ඒක උනේ.. සතියට දවස් පහක් නෙවෙයි හතක් වෙන්න ඕන හෙද? :-p

    ReplyDelete
    Replies
    1. :p පොඩි වැරදීමක් වෙලා අයියේ.. ඒක පෙන්නලා දුන්නට ස්තූතියි...

      Delete
  3. අෆ්ෆට මට එක කොටසක් මග ඇරිලා... කියෝලා එන්නම්... :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  4. ඇති යාන්තන්ම් අදවත් කැමැත්ත අහලා. දැන් ඉතින් දවස් 28ක් බලන් ඉදහන්කෝ කෙල්ලගෙන් රිප්ලයි එකක් එනකන්. ඒක තමා කාලා ඉන්ඩ අමාරුම වැඩේ. මේ කෙල්ලෝ එකපාරටම ඕක කියලා දාන්නේ නෑ නේ.

    ඔය දවස් ටික ගෙවන්ඩ තමා අමාරුම. දවසක් කියන්නේ කල්පයක් ගත වෙනවා වගේ හික්ස් :)

    ReplyDelete
    Replies
    1. දවස් 28ක් කියලා අයියා කොහොමද හරියටම කියන්නේ... :P

      Delete
  5. හම්මූ ඩෙයියනේ ඇටි යාන්ටන් ඇව්ව.....^_^....

    අනී මහීන්ට ඩුක් නොඩී වර්ෂ උට්ටරේ ඉක්මනත ඩෙන්ඩෝ.....................

    ReplyDelete
    Replies
    1. හික්ස්.. දන්නේ නැද්ද අනේ කෙල්ලොන්ගේ හැටි.. බලමු බලමු... ;)

      Delete
  6. maheen ayyanam kohoma hari onna ada ahala.et warsha akki mona kiyaida dannene.ane....ikmanata itiri kotasat tikat danna hode.......

    ReplyDelete
    Replies
    1. හෙ හේ... බලමු නංගියෝ.. වර්ෂා මොනවා කරාවිද කියලා..

      Delete
  7. කැමති වෙන්න අනේ..කැමතියිනේ ඉතින් කොමත්...

    ReplyDelete
    Replies
    1. හික්ස්... එහෙම කොහොමද අනේ කියන්නේ... :P

      Delete
  8. ammeeeeeeee athi yanthan maheen ayya ahale :D :D ane ithin oye utharae ha kiyala dene kotsath ikmante danne hode :D lassanay ade kotesath

    ReplyDelete
    Replies
    1. හෙ හෙ.. අනේ අම්මේ.. හැමෝම බලන් ඉඳලා තියෙන්නේ මහීන් අහනකන්නේ...

      Delete
  9. හ්ම්... ඔය පැන්නේ බළලා මල්ලෙන් එළියට.... අප්පේ ඇති යාන්තං

    ReplyDelete
    Replies
    1. හික්ස්... පැන්නා නේන්නම් අක්කේ..

      Delete
  10. අම්මෝ ඇති යාන්තන් ,මම හිතුවේ ඔයටික අහන්න තවදවස් බරගානක් යාවි කියලා

    ReplyDelete
    Replies
    1. හෙ හෙ.. කොහොම හරි ඇහුවනේ...

      Delete
  11. කතාවෙ අද හැරුම ලක්‍ෂ්‍යයක් තියන පාටයි. මහීන් වර්ෂා දෙන්නගෙ හාස්‍යජනක දෙබස ඉතාමත්ම රසවත්. හරිම සංවේදි කථාවක් ප්‍රාර්ථනා..:)

    ReplyDelete
  12. ඇති යන්තම් ආදරේ ප්‍රකාශ කලා.. තවත් හංගන් ඉන්නෙ නැතුව.. :)

    ReplyDelete
  13. හෆොයි.. ඔය ටික අහන්න කොච්චර නම් ඇද ඇද හිටියාද ? ඇත්ත කතාවේ නම් ඉක්මනට අහන්න ඇති.. මෙයා කතාව අදිනවානේ මෙගා එකක් කරන්න.. හික්..

    ReplyDelete
    Replies
    1. :O ඇත්ත කථාව... ඒ කොහේ තියෙන කථාවක්ද අප්පේ...

      Delete
  14. මට පේන්නේ වැඩේ කලින්ම ප්ලෑන් කරල ගනන් උස්සන්න හිතාගෙනම නේද පැනල දිව්වේ :P

    ReplyDelete
    Replies
    1. හික්ස්.. අනේ අර අහිංසක වර්ෂාට කියන කථා...

      Delete
    2. එකනේ මම කිව්වේ.. එහෙම තමයි සිද්ධවෙලා තියෙන්නේ... පව් අෆ්‍ෆ අර මහීන් කොළුවා.. ඌ‍ට මොනව හිතෙන්න ඇද්ද... දුකේ බෑ...

      Delete
  15. හ්ම්ම්,ලොකු පිම්මක් පැන්නා වගේ :)
    කතාව වෙනදවගේම අදත් ලස්සනය්
    ඊලග එකත් පුළුවන් ඉක්මනට දාන්න හොඳේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලියෝ.. ලොකූ පිම්මක් නම් තමයි. :D

      Delete
  16. අනේ ඊළඟ කතාව ඉක්මනට දාන්න හොදේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඇනෝ... දාන්නම් ඉක්මනටම..

      Delete
  17. බලන්න, මේ ලමයා අම්මට බොරු කියලා ගිය ගමන. මෙහෙමද ළමයි හැදෙන්නෙ ඈ..? ඒත් කමක් නෑ අද ඇහැව්වනේ ප්‍රශ්නේ..

    ReplyDelete
    Replies
    1. හෙ හෙ ඒකනේ අයියේ.. නරක ළමයෙක්නේ... :D

      Delete
  18. දැනුයි කතාව කියවලා ඉවර කලේ යාලු..කියවද්දි නවත්වන නම් හිතුනෙම නෑ හරිම ලස්සනයි..දැන්නම් ඉතුරු ටික බලනකම් ඉවසිල්ලක් නැතිව ඉන්නේ යාලු....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිතුවිලි... ඉතිරියත් දාන්නම්කො ඉක්මනටම..

      Delete
  19. හප්පේ අන්තිමට ගොනා පොල් පැලේ කාලා...ඇතියාන්තං..ඔන රුවනක් කියල හා කියහං බං නංගියේ ඔනම දේක රිස්ක් එකක් තියෙනවනේව..රිස්ක් වලට නොබියව මුහුන දෙන එක තමා හපංකම..හැබැ දුවේ පරිස්සං වෙන්ට උඹ දැනගන්ටොනා...ඇග්..මේ කතාවක් නේද අම්මපා මං මොනාද මේ කියවන්නේ..නියෙමෙට ලියනව ..ජය

    ReplyDelete
    Replies
    1. හනේ අම්මේ.. අයියා උපදෙස් මාලාවක්ම දීලා.. හික්ස්.. ස්තූතියි අයියා..

      Delete
  20. හෆ්ෆා.. මම අද පරක්කුයි!!ම්ම්ම් කොම්පීතරේ පිස්සු නටන නිසා අමාරුවෙන් පෝස්ට් එහෙකුත් දාලා අක්කිගෙ කතාව කියවගන්න ආවෙ..:(

    හුරේ!!! අද මහීන් අහලා..:D :* එකපාර හා නොකියා පොඩ්ඩක් කල් ඉල්ලපු එක හොදයි.. එතකොට තමා පොඩි ගතියක් තියෙන්නෙ..;) [අත්දැකීමෙන් නෙවෙයි කිව්වෙ හොදේ??] ;)

    //මේ පුංචි මාත්තියයි නෝනයි දෙන්නා ඔය දෙන්නා වෙනුවෙන්ම මවලා වගේ. ජාඩියට මූඩිය වගේ. //

    ආව්ව්ව්ව්ව්ව්ව්ව්................ ඔහොම අහද්දි මාර හැපී නෙ?? ;)

    ReplyDelete
    Replies
    1. සාස්තර වල අමුතු ගතියක් තියෙනවා නේ නංගියෝ.. වැඩිම ගතිය තියෙන්නේ සල්ලි නොගෙවා එයාලගේ සාම්පල් සාස්තරේ අහගනිද්දි.. හික්ස්..

      Delete
  21. කොටස් දහ තුනම අද තමා කියෙව්වේ අක්කියෝ.. අනේ මන්දා.. හිත රිද්දන්නේ නැ කියලා ලඟට ගන්නම් කිව්වට බය හිතෙනවා..ලස්සන කතාවක් අක්කියෝ... හැමෝම කියනවනේ ගෑනු ලමයෙක්ටයි පිරිමි ලමයෙක්ටයි හොඳම යාලුවෝ වෙලා ඉන්න බැ කියලා. ඒක ඇත්තටම ඇත්තද අනේ?? මට කතාව කියවද්දී මැවිලා පේනවා.. සයන්ස් එකේ කුරුටු ගී නම් මමත් කියවනවා.. වෙලාවක ගිහින් බලන්න ඕනේ මහීන් ලියපුවා තියෙනවද කියලා.. ;)

    ReplyDelete
    Replies
    1. හනේ... නංගියා කාලෙකින් ඇවිත්.. අනේ මන්දා ඉතින්. හොඳම යාළුවො අතරෙත් සමහර වෙලාවට නොකියන ආදර කථා තියෙනවා නේ නංගියෝ.. මහීන් ලියපු කවි දැන් නම් නැතුව ඇති. හෙ හෙ..

      Delete
  22. අවංක ආදරය වර්ෂාට අනිවාර්යෙන් ලැබෙනවා..... එතකොට අක්කි සලිත් එයාට දුකක් දුන්නත් ඒ ආදරේ වර්ෂා..... අමතක කරයිද?.... අමතක වෙන්න මහින් ආදරේ කරයිද? හිතට දැනෙන්න ලියනවා අක්කි ඔයා... ජය වේවා!

    ReplyDelete
    Replies
    1. සමහරක් ආදර කථා ඒ ආදරවන්තයා හරි ආදරවන්තිය හරි කොච්චර දුකක් ඉතිරි කරලා ගියත් අමතක කරන්න බෑ නංගියෝ.. ගොඩාක්ම ස්තූතියි හොඳේ.. මේ පැත්තේ ආවේ පළවෙනි වතාවටද මන්දා... ආදරෙන් පිළිගන්නවා මේ පැත්තට..

      Delete
    2. මහීන්, වර්ෂාට කරන ආදරේ.... තමා හැම ගෑනූ ළමයෙක් තම පෙම්වතාගෙන් බලාපොරොත්තු වෙන්නේ... දුකෙන් හිටියත් එයාට සතුට ගේන... තමන්ගේ දුක පෙන්නුවේ නැතත් මහීන්, වර්ෂා ඒ දේ හරියට ම තේරුම් ගනිවී.. මොකද මහීන්ගේ ආදරේට වඩා වර්ෂාගේ ආදරේ වැඩි නිසා... :)

      Delete
  23. අප්පේ....අහලා.....

    ReplyDelete
  24. හනෙ හම්මේ හඳුන්පොත....කී ගානවා..!

    ReplyDelete
  25. හික්ස්ස්ස්.... කොල්ලා නම් ඇත්තටම තමා කතා කරන්නේ..මට මේ කෙල්ල නම් ෂුවර් නෑ :P :P

    ReplyDelete
  26. හලි හලී.......කේක් කෑවෑකී.....කෝ කේක්........................

    ReplyDelete

Back
to top