෴ තුහින වර්ෂා෴ අතුරු කථාවක්...

ඔයාලා හැමෝම දන්න වර්ෂාගෙයි මහීන්ගෙයි ආදරේට තාම විරාමයක් තියන්න බැරි වුනාට අද හවස නිකමට වගේ කම්මැලිකමේ කවි ලියද්දි වර්ණ හැඩගන්වන දිනේෂ් අයියා එක්ක ඇති වුන කවි සංවාදයක් තමයි මේ. තාම නිමාවක් නැති වර්ෂා , මහීන් ආදර කථාවට අපි දුන්න නිමාවක් නැති ආරම්භය ලියවුනේ මේ විදියටයි.



දිනේෂ් අයියා : 

වර්ෂා,

ආදරණිය
දෙහිතක් ලග
ගලා ගිය කදුළු බිදු
අරගෙන දෑතට
රහසේම දවසක,
තවරන්න
එකම එක හාදුවක්
කදුළු පිරි
දෑස් අගට..

ජීවිතේ ලග
ආදරේ දුරද
අහන්න හිතුනත්
නෑ
වදන් තව..

රන්දාන හිත ලග
ඔය සිනා නෙත් යුග
ආදරෙන් බලාන ඉන්න,

වර්ෂාගේ වගේ ආදරයක් පතන
මම මහීන් 


මම : 

සීතලව ගල් වුන කඳුළු කැට 
උණුසුම් හාදුවකින් 
යලි පණගන්වන්නට...
හෙමි හෙමින් සවනතට මුමුණමින්
පුංචි රහස් කථා 
සිනා මල් මැද ‍රැ‍ඳෙන්නට...
මඟ වැරදී අතරමංවුන සිත
නිවා සනහන දිය පොදක් වෙන්නට,
එනවා නම් කෙනෙක්
ආසයි මමත්..

හිතම හිරිවට්ටන
හිරිමල් හීන මවාදෙන
උරුම නොවෙනා හීනයක සැතපී
කඩින් කඩ කඳුළු වගුරන,..
මටම උරුමවූ සෙනෙහස
මඟ හැරේ යයි බියෙන්,
හීන වල පාට ගල්වන
මම...

*වර්ෂාගේ ඇතුල් හිත*



දිනේෂ් අයියා : 

වර්ෂා,

ආදරේ අකුරු හතරක්
ඔව්,
අකුරු හතරක්..
ඒත් ඒ අකුරු වලට
එපිටින්
තිබුන ලස්සන හිතකට
ආදරයක් තවරන්න
මම බලාගෙන ඉන්නවා..

වේදනාව උරුම උන
හිතකට
සතුටක් අරන් එන්න
හිනාවක් තවරන්න
මම මග බලන් ඉන්නවා..

ඉතින් කියන්න,
ආදරේද මට..

මම මහීන්....


මම : 

මහීන්...


නුඹ නිසා කවිකාරකම් ලැබුන මේ හිත
දැන් ඉගිල්ලෙනවා ඈත අහසේ
අත්ත‍ටු නොලබාම...
නීල වලාකුළු මැඳින්
නිම්න තැනිතලා පසු කරමින්
ඉතින්...
ත‍ටු ලැබුන මේ පුංචි කිරිල්ලිට
ඉගිල්ලෙන්නට ආසයි නිල් අහස පුරාවට
මහා සුළං කෝඩ මා වෙලාගන්නා විට
ත‍ටු පිරිමදිමින්
ආදරෙන් ලඟ ඉන්නවා නම්
හිත නොරිදෙනා ලෙස,
හැමදාමත් නුඹට
ආදරෙයි මම....

මම වර්ෂා


දිනේෂ් අයියා : 

වර්ෂා,

හංසියක් තටු විහදලා
පියාඹද්දි කොච්චර ලස්සනද..
බොහෝ දුර ඈත
බොහෝමයක් දුර ඈත
පියාඹද්දි රිදෙන අත්තටු
ආදරයෙන් පිරිමදින්න
සිනිදු සුමුදු වළාවක්
පෙර මග බලාවි..

ඉතින් හංසියේ කියන්න..
මම ඒ වළාව වෙන්නද?
ආදරෙන් නුඹ ලග ඉන්න
වළාවක් මම වෙන්නද?

මම මහීන්..


මම : 

සදාදර මහීන්...

පිවිතුරු වලා රොඳක් වෙලා
මේ පුංචි හංසියට
මඟ කියනවා නම්...
වෙහෙස වුන හිතට
කුළුඳුල් හාදු වැස්සක් වෙලා
ඇඳ හැලෙනවා නම්...
දුක දරා හිනැහෙන්න
කඳුළු බිඳු පිසලන්න
ලඟ ‍රැ‍ඳෙනවා නම්...
සත්තමයි මගේ හදේ
සදාකල් ඔබටම
නවාතැන් දෙන්නම්...

මම වර්ෂා.


දිනේෂ් අයියා : 

වර්ෂා,

දවසක් හදිස්සියේම
දුම්රියේ මුණ ගැහුන නුඹ,
නිමාවක් නැති කතාවක
ජීවිතේ සුවද විදි නුඹ,
අද මෙහෙම මේ විදිහට
ආදරෙන් බැදේවියි
හිතුවද මොහොතකට..

සුන්දරයි.. ඇත්තටම
ඒ ගෙවුන කාලය
බලාපොරොත්තුවක් රන්දන්නම්
තවත් සුන්දර වේවි
හෙටින් උදාවෙන දවස
නුඹ මගේ වෙලා
මම නුඹේ වෙලා
ආදරණිය බැදීමක්
අපි අපේ කරලා..

කදුළු දුර ඈතක වේවි
සිනහව නිතරම
නුඹ හැඩ කරාවි
ආදරෙයි මම මගේ
හංස කුමරිට
ඒ කටකාර
මගේ හංස කුමරිට..

මම මහීන්..


මම : 

මහීන්...

හිතුවෙවත් නැති දවසක
හිතුවෙවත් නැති විදියට
ලං වුනා අපි
අපිටත් හොරෙන්ම...
හෙමින් සීරුවේ බැඳුන අපේ සිත් යුග
මේ ලෙසින් වේයැයි
සිතුවේම නැහැ මම...
ලඟින් හිඳ ආදරෙන්
සිත තුල මගේ සීරුවෙන්
නුඹ ලැඟුම් ගත් අරුමය,
නොතේරුණා නොවෙයි මට..
ඒත්...
නොදන්නා ලෙසටම සිටියෙමි
නුඹව අහිමි වේයැයි බිය නිසාවට,
ඒත් මේ කටකාරිය
ඔබේමයි
ඔබෙම පමණයි
සදහටම....

මම වර්ෂා


දිනේෂ් අයියා : 

වර්ෂා,

ආදරයක් ඇති වෙන්න
මොහොතක් තියෙනවද?
නොහිතපු මොහොතක
හිත ලග රැදුන සිනාව
බලාපොරොත්තුවක් තියාගෙන
නුඹ ගැනම
ගෙවු කාලය
සිහිනයක් වගේ මට..

පොරොන්දුවක් දෙන්නම්
අහිමි කර ගන්නේ නෑ මම
ජීවිතේ තරම්ම වටින
ඔය දගකාර ආදරේ..

කටකාර නුඹට,
හිතුවක්කාර නුඹට,
සදවගේ ලස්සන,
මුවැත්තියක් වගේ අහිංසක,
නුඹට ආදරේ
මම ...

මහින්..


මම : 

මහින්,

නුඹේ හීන, බලාපොරොත්තු නිසාම
උතුරා යන ඔය ආදරේ ලඟ
ගොළු වුනා මේ මුව මඬල
කටකාරිය මම
හැමවිටම කියවන...
ඒත් නුඹේ ලඟ
මුව පමණක් නොවේ
ගොළු වුනා මගේ හදවත...
දුකම විතරක් හැඳිනුව මගේ දෙනයන
දොඩමළු වුනා නොදැනුනාද නුඹට,
අහිමි වෙනවාට බයයි මම
නුඹේම තුරුල්ලේ සැනසී ඉන්නට
ආසාවෙන් මඟ බලන
අහිංසක මුවැත්තිය මම...

වර්ෂා


දිනේෂ් අයියා : 

වර්ෂා,

ඔය කට කාර කමට
හිත නොබැදේවිද
කියන්න,
ඇයි දැන් නිහඩ
කටකාරකම් එක්ක
බැදුන ආදරේ හින්දම
නුඹ නිහඩ වෙලාද..

ආදරෙයි මම
ඒ කටකාර කමට
පුංච් පුංච් දේටත්
රණ්ඩුවක් අල්ලන්න..

ඉස්සර වගේම
කටකාර හිත සොයන

මම මහීන්..


මම : 

මහීන්,

හිතේ උතුරා ගලා යන
ආදරය රහසේම හිත රඳවාන
හද ගැස්ම ඔබට ඇසේවි යැයි බියෙන්
කටකාරකම් කලාට
දන්නවාද සැඟවුන මේ හදවත
විනාඩියකට හැත්තෑ දෙවාරයකටත් වඩා
ගැහුන බව ඔබ ලඟ ඉන්නා විට,
සිහින හැම එකක් පුරාවට
ඔබම සැරි සරන විට..
"අනේ මම ආදරෙයි මහා ගොඩක්"
නොකියාම නෙතින් බැලුම් හෙලන විට,
රිදෙනවා වාවාගන්නට බැරි මේ හදවත
දන්නවාද ඒ බව නුඹ.
නුඹ නොදන්නා තරම් නුඹට ආදරේ කරන මම..

වර්ෂා


දිනේෂ් අයියා : 

වර්ෂා,

නිමාවක් නැති
කතාවකට
ආදරේ කල හැටි
සොදුරුයි..

ඒ කටකාරකම් ලග
මුවින් නොකිව
සෙනෙකසක්
නොදැක්කා නෙමෙයි..
ආස කලා
බලා ඉන්න
ඉවසුමක් නැති ඔය දෑස
මම ආදරේ කියන තුරාවට
බලාගෙන ඉන්න..

ඇහුන නිතරම
ඔය හද ගැහෙන
රිද්මය,
ලගට ලංව
හමු වෙද්දි
නුඹ මම...


මම : 

ආදර මහීන්...

මම පුංචි සමනළියක් ඔබ ගාව,
ඉගිලෙනා සිතුම් ‍රැළට
ඉවසුමක් නැතුව ඉපිලෙනා හැඟුම් ‍රැළට,
වැට බඳින්නට කෙතරම් තැත් කලද,
නිදහසක් නෑ මේ සිතට
ඔබ ලඟට එන තුරාවට...
ආදරෙන් ඔය පලල් පපුතුරේ
හිස හොවාගෙන හඬන්නට,
එදා වගේම
අවසරද මට...
ඔය අත් දෙකේ උණුසුමට මැඳිවන්නට
බලාගෙන ඉන්න මම
වර්ෂා...
  

දිනේෂ් අයියා : 

වර්ෂා,

හිතනවද,
මේ පපුතුරේ ඉඩ
වෙන කෙනෙක්ට තියෙවි කියලා..
නෑ ..
ඒ ඉඩ ඔයාටයි
ඔයාට විතරමයි..

හැබැයි ඒ අඬන්න
නෙමෙයි
ආදරෙන් සැනසෙන්න..

සමනල් තටු වල
මොලොක් බව
තේරෙන මේ පුතුතුර
ඔයාට විතරමයි..

ඉතින් ඇයි
තවම පරක්කු
එකම එක උත්තරයක්
හැමදාටම ඔයාව
මේ පපුතුරේ
සනසාවි
ආදරෙන්..


මම : 

ආදරණීය මහීන්...

දන්නවා මගේ කඳුලක්
නුඹට මහා මෙරක් බර බව
ඔය රළු අත් වලින්
මගේ කඳුළු පිසිනවා නම්..
ආසයි මම
හැමදාටම නුඹ වෙනුවෙන්ම අඬන්න,
නැත්නම් සතුටට සතු‍ටු කඳුළු හලන්න..
ඒ හැම වෙලාවකම
ඔය පපුතුරේ හිස හොවන විට
ආදරෙන් තුරුළු කරගෙන
මගේ හිස අතගානවා නම්...
තවත් ආසයි මම....
නුඹේම ලඟ සැනසෙන්නට මඟ බලන මම...

වර්ෂා


දිනේෂ් අයියා : 

වර්ෂා,

ඔය කදුළු මට
බර වැඩියි මෝඩියේ
මහ මෙරකුත්
ඒ තරම් බර නැති වේවි
ඔය කදුළු
ලගදි මට..

මතකද එදා
ලස්සනට රෝස මලක් වගේ
ඔයා ආපු දවස..
එදා හිතුනා
හැමදාටම මේ සිනිදු මල
ආදරෙන් ආරක්ෂා කරන්න..

දන්නවද,
එකම එක උත්තරයක්
මුළු ලෝකෙම
වෙනස් කරාවි..

තාමත් ඒ
උත්තරය බලන් ඉන්න
මම මහීන්..


මම : 

මහීන්..

ඉතින් මැට්ටෝ...
ඔය නිල් ඇස් දෙකට එබිලා
මම ආදරෙයි කියලා
කියන්න මම මඟ බලාගෙන ඉන්නවා,
ත‍ටු සිඳුන මේ සමනලීව
පෙති හැලුන මේ මල් කුමාරිව,
පරෙස්සමට බලාගන්න
පොරොන්දු වෙනවා නේද මට...
එනවාද හෙට,
පරණ පුරුදු science එකේ කැන්ටිම ලඟට
ප්ලේන්ටියක් එක්ක වඩේ එකක් කාලා
එහෙම නැත්නම්,
එකම හැන්දෙන් ආදරෙන් සැලඩ් කටක් කාලා
කථා කරමුද අපි තව...
ඔයා එනකන් මඟ බලන් ඉන්න මම...

වර්ෂා


දිනේෂ් අයියා : 

වර්ෂා,

සයන්ස් කැන්ටිමේ
අර පිස්සු කෝච්චි එක්ක
ප්ලේන්ටියක් බොද්දි තරම්
සතුටක් දැනෙවද හිතට..

එකම සැලඩ් එකට
දෙන්නම පොර කද්දි
අනිත් උන් අපිට හිනා වේවි..
ඒ ආදරේට..

මම මග බලන් ඉන්නම්
ඒ සුපුරුදු තැනම
හැබැයි අදත්
සල්ලි දෙන්නේ
මමයි මැට්ටියේ..


මම : 

සදාදර මහීන්...


ආදරෙන් සැලඩ් කටක්
එදා වගේම මට අදත් කවනවා නම්
එදා වගේ
හැන්ද නම් උදුරන්නේ නෑ මම,
සත්තයි..

ඔයා ආදරෙන් කවන ඒ කට
අමෘතයටත් වඩා මට වටින බව
ඔයා දන්නවා මම හිතන්නේ...
නොදන්නවා නම්
අද දැනගන්නකෝ ඉතින්..

එන්නම් මම එදා වගේම
ඔයා ආසම කරපු,
මගේ චිත්‍ර ඇඳපු,
ඒ රෝස පාට හැට්ටෙයි සායයි ඇඳගෙන...
කොන්ඩේ කරලක් ගොතාගෙන,
රෝස මලක් වගේම,
කියන්න මට,
ඔයා ආසයි නේද එහෙම...
මට ඇඳලා ඕනේ චිත්‍රයක්
නැත්නම් මම අඬනවා හොඳටම...


දිනේෂ් අයියා :


වර්ෂා,

අදින්නම්
ජීවිතේ චිත්‍රයක්
ඔයයි මමයි එකට ඉන්න..

ලස්ස්න මැයි මාර
ගහක් යට
ලී බංකුවක ඉදගෙන
තුරුල් කරන්
ආදරෙන් ලගට
තවරලා එක හාදුවක්
ඔය සුමුදු නළල් තලයට
ඔය කටකාර
දෙතොල් වලට..

හැබැයි යාළුවෝ
මග ඇරලා එන්න..


මම : 

මහීන්...

යාළුවෝ මඟ ඇරලා
හොරෙන් හොරෙන් ඇවිත්
ඔයා වාඩිවෙලා ඉන්න
ඒ බංකුව ලඟට,
ආදරෙන් ඇස් වහලා,
කනට රහසක් කොඳුරන්නම් මම,
මගේ අතින් අල්ලලා
ලඟට ඇදලා අරගෙන,
මගේ නලල් තලය සිඹිද්දී
ලැජ්ජා හිතේවිද මන්දා මට..
ඒත්...
හෙමින් ලං වෙලා
ඔයාගේ කම්මුලකට
ආදරෙන් හාදුවක් දීලා
ඈතට දුවන්නම් මම
ඉන් පස්සේ අපි,
අත් අල්ලගෙන ඇවිදිමු පිට්ටනිය පුරාම...


ඉතින් ඊට පස්සේ... 


CONVERSATION

57 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. Replies
    1. වර්ෂා ගෙයි මහීන් ගෙයි ආදර කතාව පැත්තකින් තියමුකෝ... මට වෙන මංගල සීනු හඬකුත් ඇහෙනවා. වෙන කාටදෝ ඇහෙන්නේ ?????????????

      මංගලම් ජය මංගලම් !!!!!!!!!

      Delete
    2. මොකද්ද පොඩි සද්දයක් නං එනව! :D

      Delete
    3. කෝ මට ඇහුනේ නෑනේ.. :)

      Delete
    4. රජෝ බොට බීරිද :/

      Delete
    5. පාට පාට නංගියේ.. බලන්න ඔයාලගේ ගේ ගාවින් "බොම්බයි මොටයි" විකුණන මනුස්සයෙක්වත් ගියාද කියලා.. සීනු හඩ ඇහෙන්නේ.. ;)

      Delete
    6. යා යා මතත් තූති සීනු සඩ්ඩයක් ඇහෙනෝ ඇහෙනෝ වගේ......^_^

      Delete
    7. ඇත්තද හලේ.. තූති සීනු හඩක්ද...

      Delete
    8. දිනේශ් අයියා- ++++++++++++++++++++++++++ :D

      Delete
    9. අහ්හ්... වර්ණාට බොම්බයි මොටයි එක්කෙනෙක්ගෙ සීනු හඬ නෙවෙයි ඇහිලා තියෙන්නෙ අයියේ... ඔයාගෙ මේ කවි වලින් ඇහෙන "මනමාල සීනු" හඬ!!! මටත් ඇහුනානෙ ඒක..

      මගෙ අක්කියෝ.. ඔයාත් පොඩ්ඩක් කන ලං කරලා අහලා බලන්න...;)

      Delete
    10. ආ එහෙමත් එකක් තියෙනවද දන්නෙත් නෑ.. කොහොම උනත් ලගකදි ඉදන් හිතූටනම් ඒවා ඇහෙන බව පේනවා.. නේද ප්‍රාර්ථනා.. :)

      Delete
    11. ඒකනෙ ඒකනෙ.. මේ සෑහෙන්න කට්ටියක් කමෙන්ට් කරලා තියෙන්නෙ මට සීනු ඇහෙනවා කියලා නේ නේ?? ;)

      Delete
    12. bobai mutai kanna wei wage wedding eka dawasata apiwa mathak weida mandaa :o edaata bobai mutai ekakwath kanawa :(

      Delete
  2. දුක හිතෙනවා......

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ... මෙතන තියෙන්නේ ආදර කවිනේ හලෝ... ආදර කවි වලට දුක හිතෙනවා කියලා ඇහුවාමයි...:P

      Delete
    2. උඹට විතරයි බං තේරුනේ! :D :D

      Delete
    3. ඒකනම් සෑහෙන හිතන්න ඕන දෙයක්...

      Delete
    4. ආදරේ කොහෙද, දුක එතනනෙ..ඒකයි මේ කුබූ අයියා කියන්නෙ මං හිතන්නෙ.. ඒක හරි!!! :)

      Delete
  3. මාර ඉක්මණට ලියනවා නොවැ :)

    ReplyDelete
    Replies
    1. හිතෙනවා, ලියනවා අනේ...

      Delete
  4. අම්මේ කවිමඩුවක් වගේනේ ,බාගයක් කියෙව්වා ඉතුරු ටික බලලම තම කමන්ට් එකක් දාන්නම්කො ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රොබින්... :D

      Delete
  5. දැන්නං කවි ඉස්මුරුත්තාවට වගේ... :-)

    ReplyDelete
    Replies
    1. ඒකද අද රාජ සම්පත් ලැබේවා කියන්න අමතක උනේ උඹට..

      Delete
    2. හික්ස්... ඇත්තටම රජාට අද සුභ වේවා , රාජ සම්පත් ලැබේවා !
      අමතක වෙලා...

      Delete
  6. හප්පා...
    මේ ගැන නම් හිතන්නම වෙනවා.
    :D

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින් මේවට මොනවා කියන්නද මන්දා... :/ :P :P :D

      Delete
  7. දෙන්නම ලස්සන කවිකාරයෝ දෙන්නෙක් නේ...හරිම ලස්සනයි..

    ReplyDelete
  8. වර්ෂා,

    ඈත ඉදන් නුඹ
    එද්දි මගේ ලගට හෙමීට
    ඇවිත් ලං වෙලා
    මේ කම්මුල් ලගට
    හෙමින් හාදුවක් තියලා
    දුර ඈත
    දුවන් යද්දි,
    ආසයි මමත්
    හෙමිහිට ඇවිත්
    නුඹෙ පස්සෙන්
    ලගත තුරුළු කරන්
    ආදරෙන්
    තවරන්න
    තවත් එක හාදුවක්
    ඔය නළලතට..

    එතකොට
    ලැජ්ජ හිතෙන නුඹෙ
    මුහුන දිහා
    ගොඩක් වෙලා
    බලන් ඉන්න
    ආස කරන

    මම මහීන්..

    ReplyDelete
    Replies
    1. ටිකෙන් ටික නුඹට ලං වෙලා
      හෙමිහිට අතක් කොනිත්තලා
      බොරුවට නුඹේ මූණ ඇඹුල් වෙන හැටි
      බලාගෙන ඉන්න...
      ඉර බැහැගෙන යන හැන්දෑවක
      තඹ පාට මුහුදු වෙරළක
      නුඹත් එක්ක තනිවෙලා
      ඈත අහසේ තරු බලන්න...
      බැහැගෙන යන ඉර බලන්න
      මම ඇඟිළි ගනින බව
      දන්නවානම් නුඹ..
      දුවගෙන ඒවි ඉන්න තැනකින්
      ඉක්මණටම...

      අළුත් හඳක් නිල් අහසේ පායන හැටි ඔයා එක්ක බලන්න ආසාවෙන් ඉන්න
      මම වර්ෂා...

      Delete
  9. හැඟුම් ඉගිලෙන තවත් එක් සැඳෑවක
    කවි කෙලියක් ගොස් ඇත සිත් අහසක
    ලොග් උනේ මං උදේ මේ හදිස්සියක
    විඳින්නට ඉස්පාසුවක් නොමැත රසයක

    ප්‍රා ටත් ඉතින් කලදවසක් ඇවැසි හින්දා
    කවිය මිසක් අනික්වා නම් අනේ මන්දා
    බොම්බයි මොටයි එකෙකත් රස කැන්දා
    සුභ ගමනකට මමත් ඕං ආසිරි බැන්දා

    එහෙනම් හවසට ආයෙත් එන්නම්
    ඇවිදින් කවි හෙමිහිට කියවන්නම්
    ප්‍රාත් දිනේෂුත් අවසර දෙනවා නම්
    පිලිතුරු කවියකුත් එවෙලට ලියන්නම්

    ReplyDelete
    Replies
    1. :O මෙන්න අයියත් ඒ පාර අනිත් අයට උදවු කරනවා... බොම්බයි මොටයි දෙනවා ඔක්කෝටම ඔය පාර :/ :P

      පිළිතුරු කවි ලියන්නට අවසර කුමකටද
      කවියෙන් ගෙතෙන මිතුදම් අද දිගහැරුන
      ඇවිදින් ලියා යන්නකෝ කවියක් සබඳ
      ගෙතෙනා කවියේ සුන්දර බව විඳිමි මම..

      Delete
  10. මට නම් සැරටම ඇහෙනවා බෙල් සද්දයක්...මට හිතෙන්නේ පියුම් මාමා ඇවිත්ද කොහෙද...බොහොම අගෙයි දෙන්නගේම නිදහස් ආර...කොළඹ යුගයේ අවසානයේ සේකර උන්නැහේලට පින්සිද්ධ වෙන්න අද නිදහස් ආරක් ඉතුරුයි

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් ජනා.. උඹේ කවි තරම් නම් ඉතින් මේවා හැඩද මන්දා...

      ලියුමක් ලියුමක්.. අම්රිශ් පූරිගෙන්... :)

      Delete
    2. :O ඔවු ඔවු පියුම් මාමා ආවා අද උදේම.. මට නම් ලියුම ආවේ අපේ තාත්තාගෙන්.. :/

      Delete
  11. ආව් අප්ප......මංගල සීනු ඩෙකක්ම ඇහෙනෝ හොඩේ.....;)

    ReplyDelete
    Replies
    1. හලේ වාසනාවන්.. එහෙනම් අග්නි නංගිගෙන් අපිට කේක් කෑල්ලක් කන්න පුළුවන්..

      Delete
    2. අඩේ මංගල සීනු දෙකක්ම.. නියමයිනේ... එහෙනම් අර කිව්වත් වගේ අග්නිගෙන් හොඳට අයිසිං දාපු වෙඩින් කේක් කෑල්ලක් කන්න පුළුවන් වේවි වගේ...

      Delete
    3. මේ මේ බාල අපලාඩ කලන්න ලෑස්ටිවෙන්න එපා හලිඩ....මං මේ ඩෙන්නෙක්ගෙ වෙඩමකට මල් කුමාලි වෙන්ඩ බලාගෙන ඉන්නෙ.....;)

      Delete
    4. දිනේෂ් අයියාගෙ වෙඩිමට මාව ගන්න්වා කිව්වෙ මල් කුමාරිට.. බොරු පොරොන්දුවක්ද ද්න්නෙ නෑ..:/

      Delete
  12. ලස්සනම ලස්සනයි කතාවේ ඉතුරු ටිකත් ඉක්මනටම දාන්න.......

    ReplyDelete
  13. මොනාද මොනාද දැනෙනෝ................
    ලස්සනයි නංගි. ලස්සනයි මල්ලි

    ReplyDelete
    Replies
    1. :O මොනවද අක්කේ දැනෙන්නේ.. :P
      ස්තූතියි අක්කියෝ...

      Delete
  14. //හැබැයි යාළුවෝ
    මග ඇරලා එන්න..//

    පෙනේද තියෙන මනමාලකම ;) නෑ... නොසන්ඩාලකම..:p හික්ස්ස්...

    මරු..මරු.. හිතේ තියෙන සිතුවිලි එහෙම්ම ලියලා පණ පිටින්... ඔය පේනවාද.. ඒ කවි වලට පණ තියෙනවා.. ඒවා කතා කරනවා...

    ReplyDelete
    Replies
    1. හික්ස්... පවු අෆ්ෆා මහීන්...

      හ්ම්ම්.. ස්තූතියි මගේ නංගියෝ...

      Delete
    2. නොසන්ඩාල කම.... හයියූ බලන්න ඉතින් මෙයා කිවුව කතාව...

      Delete
  15. i wish i had a love like this :)

    ReplyDelete
    Replies
    1. සැබෑ ආදරයක් ඉක්මනින් හමු වේවි..

      Delete
  16. දැන්නෑ බොලේ මෙක කියෙව්වේ... අම්මෝ මට හති මාගලක් වගේ දිගනේ.ගොඩය් අයට හිතුන වගේ මටත් හිතෙනවා මේ වර්ෂගෙයි මහීන්ගෙයි කතාවට යටින් වෙන මොකක්දෝ කතාවක් දිගහැරෙනවද මංදා.

    ReplyDelete
  17. අයියෝ ලස්සන කවි ටික මේ බ්ලොග් එකට මොනාද වෙලා මට මගඇරිලා දැන්නේ බලන්න ලැ‍බුනේ...අක්කිගෙයි අයියගෙයි කවි ටික කියවන්න තිබුණ හදිස්සිය‍ට හුස්ම ගන්නත් අමතකවුනා...ලස්සනම ලස්සන ආදරයක් මහින්ගෙයි වර්ෂාගෙයි නේද..?පාට පාට ආදරේට සුභ පැතුම්..!!කවි ටිකනම් බැලුවට ඇතිවෙන්නේ නෑ සුපර් අක්කියෝ....

    ReplyDelete
  18. කතාව කාගේ වුණත් ආදරෙන් දෙහිතක් එකතු වෙනවනම්... පතනවා මමත් ජයසිරි මංගලම්!

    ReplyDelete
  19. මගේ අම්මියෝ කවි සැට් එකේ දිග, එලාස් දෙන්නම ලස්සනට ලියල තියෙනවා..

    ReplyDelete
  20. සෑහෙන වතුර බොන්ඩ ඕනි ප්‍රශ්ණයක්......ම්ම්ම්ම්...බීලම ඉන්නම්කෝ...

    ReplyDelete

Back
to top