෴ තුහින වර්ෂා෴ දහහතර වන කොටස



















"චූටි දුව මොකද මේ කෑම එකත් අතේ තියාගෙන බර කල්පනාවක
අද යාළුවෝ එක්ක මොකක් හරි  ප්‍රශ්නයක් වුනාද පුතේ?"

අම්මගේ කටහඬින් පියවි සිහියට ආවත් මගේ හිත ඊට කලින් ඉගිලිලා ගිහින් නතර වෙලා තිබුනේ මහීන් ලඟ,

"ආහ්හ්, නෑ අම්මා මුකුත් නෑ" 

එහෙම කිව්වත් අම්මට මගේ පුංචි වෙනසකුත් හොඳටම තේරෙන බව මම දැනන් හිටියා.

"මුකුත් නැති වෙන්න බෑ, ඔයාගේ මූණත් හොඳටම මැලවිලා ගිහින්
මහන්සි වෙනවා වැඩි නිසාද කොහේද?. ඕනෙම දෙයක් ගැන ඕනෙවට වඩා හිතන්න යන්න එපා පුතේ, උත්තරයක් නැති ප්‍රශ්නයක් නම් ඒක කාලයට භාර දෙන්න. කාලයත් එක්ක ඒ වගේ ප්‍රශ්න නිකන්ම විසදිලා යනවා. "

මහීන් අයියා වගේම අම්මටත් මගේ හිත කියවන්න පුළුවන්ද මන්දා.. ඒත් අම්මා කියපු දේ ඇත්තක් නැත්තෙමත් නෑ. ඒත් කාලය එක්ක අපි මොන පැත්තකට යාවිද කියලා කවුද දන්නේ, කාලයාට ඉඩ දීලා බලන් හිටපු හැම තැනකදිම මට වුනේ දුක් විඳින්න.. ඉවසීමෙන් සැනසීම ලැබේ කිව්වත් සමහර වෙලාවට ඒක කොච්චර බොරුවක්ද? පෙනි පෙනී ලඟින්ම ඉඳපු සමහරු ඈත් වෙනවට බය නිසා හිතේ තියෙන සමහර හැඟීම් හිරකරගෙන හිටියත් අන්තිමේ ඒ වගේ අය අපිව දාලා යන්නේ අපිවත් නොදැන. කාලය කොයිතරම් නපුරුද කියලා හිතෙන්නේ ඒ වගේ වෙලාවට. අනේ මම ටිකක් ඉස්සර වුනා නම් කියලා හිතෙන්නේත් ඒ වගේ වෙලාවට.

ඉතින් ඒ විදියටම මහීනුත් මගෙන් ඈතට ගියොත්....

මේ හැමදේම අම්මට කියලා හිත නිදහස් කරගන්න හිතුනත් පස්සේ ඇති වෙන ප්‍රථිපල ඒ තරම් හොඳ වෙන්නේ නැති නිසා මම අමාරුවෙන් හැමදේම හිතේම හිරකරගෙන හිටියා.
කෑම කාලා නිදාගන්න හිතාගෙන ඇඳට ගියත් නින්ද මගේ අහලකටවත් එන්නේ නෑ.

මහීන්............
මහීන්ගේ මතකයන් එකින් එක දිග ඇරෙද්දි ෆෝන් එක ගත්ත මම මහීන්ව හම්බ වුන දවසේ ඉදන් එයා එවපු හැම කෙටි පණිවුඩයක්ම වෙනමම සේව් කරල තිබුන ෆෝල්ඩර් එකට ගියා. ඒ කෙටි පණිවිඩ හැම එකක්ම මම එහෙම අරන් තියාගත්තේ ඇයි කියලා මටම නොතේරුනත් මහීන් ලඟ නැති වෙලාවට ඒ හැම පණිවිඩයක්ම කොයි තරම් මට වටිනවද කියලා මට තේරුම් ගියා.
පන්ඩිතයා, මෝඩයා වගේ මට මඩ ගහපු එයාගේ හැම කෙටි පණිවිඩයක්ම එකක් නෑර ආයෙමත් මම බැලුවේ හරිම ආසාවෙන්. පපුවේ හිර වුන මොකක්දෝ හැඟීමක් ලොකූ හුසමක් අරගෙන එළියට පිට කරන්න හිතුවත් ඒ හැඟීම ඒ තරම් සැහැල්ලුවෙන් පිට කරගන්න බැරි බව මට තේරුනා. ඒ කෙටි පණිවිඩ දකින වාරයක් වාරයක් ගානේ එයාගේ හිනා වෙන හීනි තොල් දෙක, හිනා වෙනකොට තරු දෙකක් වගේ බැබලෙන හීනි දිගටි ඇස් දෙක මට මැවි මැවී පේන්න ගත්තා.

ඒත්........... ඒ හැමදේම මට හීනයක්ම විතරක් වේවිද? මේ වගේ එක එක දේවල් හිත හිතා රෑ එක වෙනකන්ම මම අවදියෙන්, හිටි හැටියේ ඇ‍ඳෙන් නැගිට්ට මම diary එක පෙරලගත්තේ ලියන්න දෙයක් තිබුන නිසා නෙවෙයි..ජීවිත කාලයක් පුරාවට එකතු කරගත්ත ලස්සන මතක පිරුන ඒ පොතේ පි‍ටුවක කවියක් ලියවුනේ එදා මහීන් වෙනුවෙන්..

ඔව්, මහ රෑක මුළු ලෝකෙම නිදිගත්ත වෙලාවක, ඇහැරිලා හිටපු මගේ හිත තිබුනේ ගොළු වෙලා.. ඉතින් ඒ හිතේ තිබුන හැමදේම කවි පද වෙලා මගේ ඉස්සරහ දිග ඇරෙද්දි ඒ කවි පද වලින් කියවුනේ මෙහෙම දෙයක්.

ඉපිලෙනා සිත සිතුම් කැටි කර
හෙමි හෙමින් ඔබ මදෙස බැලු විට,
පැකිලෙනා පය වාරු කොට මට
දිව එන්න සිත් වුනා ලඟටම...

මම හැමදාමත් කවි ලිව්වේ මහීන්ටම විතරයි කියලා මට මතක් වුනේ ඒ වෙලාවේ.. කවදාවත් නැති පුරුද්දක් වුන කවි ලිවිල්ල මම පටන් ගත්තේ මහීන්ව මට මුණ ගැහුන දවසේ ඉඳලා.
කවිය දිහා ආයෙමත් බැලුවේ මේ වචන ලිව්වේ මමමද කියලා බලාගන්න.. ඉස්කෝලෙ යන කාලෙ සිංහල භාෂා දින තර‍ඟෙකටවත් කවියක් ලියලා නැති මම අද කවියක් ලියලා. මගේ යාළුවෝ ටික මේක දැක්ක නම් මට විසුමක් වෙන්නේ නෑ.. ඇත්තටම ඇයි මෙහෙම වෙන්නේ, කොල්ලෙක්ගේ බැල්මකින් ඒ කොල්ලට වශී වෙන්න තරමට සීරියස් මූඩ් එකක් මට ආවේ කොහොමද? ආදරේ කියන වචනෙටවත් කැමති නැති මට කොහොමද මෙහෙම වුනේ...

ආදරය ඉදිරියේ සියළු දෙනා කවියෝය කියලා කොහේදෝ දැකපු එකක් මට එවෙලේ මතක් වුනා.

එක පාරටම පොතේ ඒ පි‍ටුව ඉරලා විසික් කරපු මම ඇඳ උඩට ඇඳගෙන වැ‍ටුනා. මෙච්චර දවස් හංගගෙන හිටපු හැම හැඟීමක්ම තේරුම් යද්දි, යාළුවොන්ට, අම්මාට, තාත්තට , වෙන එකක් තියා මම මගෙ හිතෙන්ම හංගපු ඒ රහස මට දැනෙන්න පටන් ගත්තා... හිත පුරාම හීන් හිරි ගතියක් දැනෙද්දි මම වෙවුලලා ගියේ ඒ ඇත්තට මට මූණ දෙන්න වෙන බව දැනුන නිසා... ඒ හැඟීම පොතෙන් කොලේ ඉරල දැම්මා වගේ ලේසියෙන් මගේ හිතෙන් අයින් කරන්න මට බැරි බව දැනුන නිසා... හිතේ තියෙන ලස්සනම හැඟීමක් එක පාරට කවියක් වුනේ ඒ හැඟීමේ සුන්දර බව මගේ හිතටම කාවැදිලා තියෙන නිසයි කියලා මට තේරුම් ගිය නිසා.. කාලෙකට පස්සේ උණු කඳුළු බිංඳු එකක් පස්සෙන් එකක් ඇස් දෙකෙන් කඩාගෙන හැලිලා කම්මුල් දිගේ ගලාගෙන යද්දි දරාගන්න බැරි දුකක් එක්කම මොකක්දෝ අමුතු සතුටක් දැනෙන්න ගත්තේ කොහොමද මන්දා... අනේ ඒ ඇස් දෙක ආයේ දකින්න ඇත්නම්.. මගේ කම්මුල් දිගේ ගලාගෙන යන මේ උණු කඳුළු පිහදාන්න එයා මගේ ලඟ හිටියා නම්..ඒ ලස්සන ඇස් වලින් මගේ ඇස් වලට එබිලා කථා කරනවා නම්...

විසික් කරපු කවි කොළේ අරගෙන ආයේ පරෙස්සමට දිග ඇරලා පොත ඇතුලෙන් තිබ්බේ මට එපා වෙලා තිබුන ඒ ආදරේ ආයිත් මගේ හිතට ලං කරපු එයා වෙනුවෙන් මගේ අතින් ලියවුන ඒ කවිය මට ගොඩාක් වටින නිසා.

මහීන්.. ඒ කෙළිලොල් දඟකාර පිස්සු කොල්ලා..එදා මගේ හිත අරන් ගියපු බව තේරෙනකොට මම පරක්කු වැඩියි..හිතේ හැම නහරයක් නහරයක් ගානෙම මහීන් ගැන මතකයන්ගෙන් රිදුම් දෙද්දි මම මහීන්ට ආදරේ කරන බව.....................

දෙවියනේ ඔව්... මම මහීන්ට ආදරේ කරන බව.... මම තේරුම් ගත්තා...

අතීතේ අසුන්දර මතකයන්ගෙන් පීඩා විඳින මට ඒ මතකයන්ගෙන් මිදෙන්න පුළුවන් වෙයිද? හිතේ තෙරපෙන හැම හැඟීමක්ම අස්සෙන් මහීන් ගැන හිතේ ඇති වුන ආදරය පපුව රිදුම් දෙන තරමට වේදනා දෙද්දී මට කරන්න පුළුවන් වුන එකම දේ කොට්ටේ තෙත් වෙනකන් අඬන එක විතරයි...

"ඇත්තටම උඹ කොහොමද මැන්ඩි ආදරේ දකින්නේ, උඹ කොල්ලෝ 
ඉස්සරහ හැසිරෙන්නේ කිසිම හිතක් පපුවක් නැති විදියට. උඹට ටිකක්වත් කැමැත්තක් ඇති වෙන්නේ නැද්ද ඒ එක්කෙනෙක්ටවත්"

කලින් දවසක දුලීත් මමත් ආදරේ ගැන මහා බරසාරෙට කථා කරද්දි මම කථා කරපු දේවල් මට මතක් වෙන්න ගත්තේ ඒ අතරේ..

"ආදරේ කියන දේ සුන්දරයි, ඒත් කෙල්ලේ ආදරෙන් උරුම වෙන්නේ 
දුකම විතරයි. හැමදාමත් මම ආදරේ නිසා වින්දෙත් දුකම විතරයි.හිත පැලෙන්න තරමට ආදරේ දීලා අන්තිමේ ඒ තරමටම දුකක උරුම කරගන්න මට බෑ, අරක දෙන්නම් මේක දෙන්නම් කියලා බොරු හීන මවලා අන්තිමේ හැමෝම දාලා යන්නේ කිසිම හිතක් පපුවක් නැති විදියට. එක එක ලස්සන ලෝක මවන්න පුළුවන්.. ඒත් ඒ ලෝක වල ජීවත් වෙන්න හරිම අමාරුයි. සමහර වෙලාවට අපි ආදරය කරන කෙනා අපි තරමට බොළඳ නැති වෙන්න පුළුවන්. එක්කෝ අපි තරම් ආදරය දෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ මොන දේකිනුත් අන්තිමේ ඉතිරි වෙන්නේ දුක. ඒ නිසා මට දුක් විඳින්න ඕනේ නෑ. පපුව පැලෙන තරමේ ආදරයක් කෙනෙක්ට ඇත්තටම ඇති වුන දවසක මම ආදරේ කරාවි. ඒ ඇරෙන්න නිකන් ඇති වෙන ආකර්ශනයක් නිසා මගේ ජීවිතේම දුක් විඳින්න මම ආසා නෑ.කථාවක් තියෙනවානේ
if you are meant to be with someone, you will... no matter what had happened or what is going to happen
කියලා. අන්න ඒ වගේ කෙනෙක් ලැබුනොත් මම ආයේ ආදරේ කරාවි. ආදරේ මාව හොයාගෙන එනකන් ඉන්නවා මිසක් මම ආදරේ හොයාගෙන යන්නේ නෑ. මට අර විදියට ආදරේ දැනුන දවසක මම ආදරේ කරාවි..එතකන් ඉවසලා බලන් ඉන්න එකයි කරන්න තියෙන්නේ"

මම ඒ කියපු හැමදේම මහීන් ගාව තියෙනවා නේද කියලා මහීන් ගැන හිතද්දි මට තේරුම් ගියා. මහා ලොකූ හීන කතන්දර නැති වුනත් ඒ ඇස් වලින් දෝර ගලන ආදරේ ලඟ මම පොඩි එකෙක් වගේ කියලා කලිනුත් මට හිතුන, දැනුන වාර අනන්තයි. කෙල්ලෙක් ආස කරන හැම දෙයක්ම මහීන් ගාව තියෙනවා.

හුරතල් කථා, ලස්සන වචන, කථා කරන ඇස්, සරළ ගතිගුණ, අහිංසකකම, ඒ ඔක්කෝටම වඩා හිත පිරෙන්න දෙන ආදරේ. ඒ ආදරේ ලඟ මගේ මුළු හිතම නැවතුනත් කමක් නෑ කියලා හිතෙන තරමටම මමත් මහීන්ට ආදරෙයි. ඔවු මම මහීන්ට ආදරෙයි..

හිත ඇතුලේ හිරවුන මොකක්දෝ දෙයක් පිටට එන්න දඟලනවා. ඒත් ඒ දේ උගුර හිර කරගෙන හීන් ඉකියක් වෙලා ආයෙමත් පිට වුනේ හිතට ඒ තරමේ ආදරයක් දරාගන්නම බැරි නිසාම වෙන්න ඇති.

ඉතින් මම ආදරේ කරනවා, එදා දුලීට කියපු විදියටම පපුව පැලෙන්න ආදරේ කරනවා. ඒ මගේම, මගේම මහීන්ටම විතරයි...

මහීන්...
මල් රේණුවක් වගේ
සැහැල්ලුවට පාවුන මේ හිත
තද සුළි කුණා‍ටුවකට අහු වෙලා
කොහේ කොහේ ගහගෙන ගියාද මන්දා...
ගිනි ඇවිලෙන හීන අතරේ
සීතල ස්නේහ වැස්සක් වෙලා
හිතම තෙමාලන නුඹව
එපා කියන්නේ කොහොම මම...
දේදුන්නේ සප්ත වර්ණයෙන්
හැඩ වුන මගේ හීන
කළු සුදු වෙලා තියෙද්දී
ඒවාට පාට ගැල්වුවේ
නුඹයි, නුඹේ සිතයි...
ලං වෙන්නට කලින්
දැනගන්නට බොහෝ දේ තිබුනත්...
මගේ ජීවිතය
එක තැන නතර වුන වගක්
දැනෙනවා මට..
දැනෙනවාද නුඹට
මගේ හිත රහසේම ඔබවම අයදිනා බව,
ඒත්...


**********************************************************************************

සිතක තෙරපෙන සිතුවිලි සුළඟට මුසු වෙන විට ගසාගෙන යන 
ජීවිතයක, නවමු මාවතක් හමුවේ අසරණ වුන තරුණියක්.. මතකය අමතක නොවන විට ජීවිතය අතරමඟ නතර වී ඇති ඇය ජීවිතය, ආදරය කෙලෙස දකීවිද?


CONVERSATION

59 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. හුරේ වර්ෂා ආදරෙයිලු.... එහෙනම පාටියක් ශුවර්....

    ReplyDelete
    Replies
    1. මම අදත් එකලූ....

      Delete
    2. හෙ හෙ... හුරේ... :P වර්ෂාගෙන් පාටි ඉල්ලගන්න හොඳේ... අයියා එක තමා :D ඔයාටත් තෑගි ඕනේදෝ...

      Delete
  2. දැන දැන වලේ වැටෙන්නේ මන්ද?

    හැබැයි ලස්සනයි කතාව! :)

    ReplyDelete
    Replies
    1. කවුද අනේ දැන දැන වලේ වැටෙන්නේ... :P . :D

      Delete
  3. කේක් කන්න පුලුවන් වෙයි යාලුවන්ට

    ReplyDelete
    Replies
    1. හෙ හෙ..ඔයාටත් කෑල්ලක් ඕනේද මල්ලියෝ...

      Delete
  4. යේ.........................ජය වේවා.............ඩැන්නම් මලට් කමක් නෑ හලේ....^_^

    ReplyDelete
    Replies
    1. පික්ශුද මේ අග්ලියට... අවසානේ බලන්නේ නෑ.... :P

      Delete
    2. ඇයි අප්ප තිං......එවෙලෙ හිතට ඩැනුන සංටෝසෙට අනී ඒම කිව්වෙ....^_^

      Delete
    3. හික්ස්... ජයවේවා.. හපෝ දැන්ම මැරෙන්න එපා හලේ.. ඉතිරියත් බලන්න.. :P

      Delete
  5. කෝ තාම කේක් දුන්නෙ නෑ....ඔන්න අද නම් ඕනිමයි....
    මට සෑහෙන කේක තොගයක් ගන්න තියනවා...

    ReplyDelete
    Replies
    1. ඒවා ඉතින් වර්ෂාගෙන් ඉල්ලගන්න. මම මොකටද ඔයාට කේක් දෙන්නේ :D

      Delete
  6. කොල්ලත් කැමතියි කෙල්ලත් කැමතියි ජය මංගලම්!!!
    ඊළඟ එකත් ඉක්මනට දාන්ඩෝ

    ReplyDelete
    Replies
    1. හික්ස්... දෙන්නම කැමතියි

      Delete
  7. හම්මෝ ඇති යාන්තම්......:D

    ReplyDelete
  8. ඉතුරු කොටසත් බලනකන් මුකුත් කියන්ඩ බෑ.
    ඒ කොටසත් ඉක්මනටම ලියන්ඩ ලොකු නංගි !!!

    ReplyDelete
    Replies
    1. ලොකු අයියා නම් මරු... කථාව දිහා බලන විදිය නියමයි... අන්න එහෙම තමා ඉන්න ඕනේ.. ස්තූතියි ලොකු අයියේ...

      Delete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. ලොකු දෙයක් අනේ...
    :)
    ඊළග කොටසත් දාන්න ඉක්මනට... ඕක ගිහින් මහීන්ට කියනවා බලන්න ආසයි.

    ReplyDelete
  11. අම්මෝ පුදුම සතුටක් දැනුනේ අද කොටස කියවලා

    ReplyDelete
    Replies
    1. හෙ හෙ.. අම්මෝ කාව්‍යා අක්කාගේ කමෙන්ට් එකෙත් සතුට බේරෙනවා... :D

      Delete
  12. ඇති යන්තම් :) කෝ කෝ...කේක්???

    ReplyDelete
    Replies
    1. :O මම නම් දන්නේ නෑ අක්කේ... වර්ෂාගෙන්ම ඉල්ලගන්න :D ;)

      Delete
  13. එදා වගේ කිරිටෝපි දීලා බේරෙන්න බැරිවේවි අදනම් ...
    කේක් ඕනෑමයි ..

    ReplyDelete
    Replies
    1. කිරිටොපි දුන්නේ මම නෙවෙයිනේ අනේ.. :D .. ඊටත් වර්ෂාගෙන් තමා ඔයා කේක් ඉල්ලන්න ඕනේ.. මගෙන් ඉල්ලුවට වැඩක් නෑ..

      Delete
    2. එහෙනම් කවුද හැබැට කිරිටෝපි දුන්නේ ?

      Delete
  14. ජය සිරි මංගලම් කිව්වලු...
    මැසේජ් එකතුකරන එක නං මගෙත් තිබ්බ.. අවසානෙදි ඉතුරු වුනේ ඒ මැසේජ් 12000 විතරයි..
    ජය!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... අන්තිමේ සමහර වෙලාවට ඉතිරි වෙන්නේ ඒ දේවල් විතරයි අයියේ...

      Delete
  15. මේක ඇත්ත කතාවක් කියලයි මට හිතෙන්නේ...
    "ඒත්
    බයයි..
    අතීතයට..
    නමුත්
    මං...
    ආ....ද...රෙ...යි...
    මහීන්!"
    කවියේ අවසානය මෙහෙම වෙයි ද?

    ReplyDelete
    Replies
    1. :O අනේ අම්මෝ, මේක නිකන්ම ගොතපු කථාවක් විතරයි සඳු... බලමුකෝ වෙනදේ...

      Delete
  16. වර්ෂාත් කැමතිලු! ඔහොම යං.. ඔහොම යං.. හැබැයි ආයේ අර නපුරාව නම් ගෙන්න එපා මැදට​ හොඳෙ...:D

    ReplyDelete
  17. අනේ..ඉක්මනට මහින්ට කියමු ප්‍රාර්ථනා අක්කේ...

    ReplyDelete
    Replies
    1. කියන්න බලමු නිම්ශා නංගෝ...

      Delete
  18. This comment has been removed by the author.

    ReplyDelete
  19. ආදරය සුන්දරයි... ඒත් ඒ සුන්දරත්වය තුල මහා ලොකු වගකීමක් ගැබ් වෙලා තියනවා ඒ හින්දා ඒ සුන්දරත්වය තුල දැනෙන්නෙ මහා ලොකු බරක්...

    දැන් මම එයාට අයිතියි...
    දැන් මම එයාගෙ..
    එයා කැමති මේ වගේ දේ වලට...
    අය්යෝ මේ වට එයා කැමති නෑ...
    එයා මොනව හිතාවිද?....
    ඇයි එයා එහෙම කලේ...
    …ඇත්තටම එයා කැමති නැද්ද?...
    …ඇයි අද කෝල් කලේ නැත්තෙ?...
    …අද හරි අමුතුයි.. මොනව වෙලාද මන්දා...

    …ඇත්තටම ප්‍රා, කෙල්ලො කැමති ඔහේ පා වෙවි ඉන්නද? නැත්නම් මහ මෙරක් වගේ බරක් තියා ගෙන ඉන්නද?

    ReplyDelete
    Replies
    1. කෙල්ලෙක් ඔය දෙකටම කැමතියි අයියේ. තමන් ආදරේ කරන කෙනා ලඟදි වැටෙන සමහර තහංචි හරිම සුන්දරයි. ඒත් ඒක වදයක් නොවෙන තරමට සැහැල්ලුවත් වැඩියි.. ඉතින් ඒ සැහැල්ලුව විඳගෙන ආදරේ කියන දේ විඳින්න ඕනේම කෙල්ලෙක් කැමතියි.

      Delete
  20. අදනම් ශෝයි...දැන් ඉක්මන‍ටම මහීන්ව හොයාගෙන යන්නකෝ...

    ඉතුරු කොටසත් ඉක්මන‍ට බලන්න ඕනි අක්කියෝ....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ස්තූතියි නංගියා... :D

      Delete
  21. කැමතියි කියලා දැන් ඉතිං ගට්ස් අරන් කියලා දාන්නත් එපැයි. :)))

    ReplyDelete
    Replies
    1. ඒකනේ අක්කේ අමාරුම වැඩේ... :D ;)

      Delete
  22. ඒකත් ජයසිරි මංගලම් කිව්වලු..
    :D

    ReplyDelete
    Replies
    1. හෙ හෙ.. ස්තූතියි අක්කේ..

      Delete
  23. හ්ම්ම්ම් ඕක හොඳ විදියකට ඉවර උනොත් නම් හොඳයි නැත්තන් මට වගේ msgs ටිකය ඒ අමතක නොවෙන අතීතයයි දුකයි ඉතුරු වෙයි ......

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්... අතීතය ගැන හිතලා දුක් වෙන එක වැඩක් නෑ යාළු.. ඒ හැමදේම වෙන්නේ වෙන්න තියෙන හොඳම විදියට..

      Delete
  24. හුරේ ජය වේවා ප්‍රා අක්කි ආදරෙයිලු අරයාට,, අහ්හ් නෑ නෑ වර්ෂා :පි

    ReplyDelete
    Replies
    1. :O හෆ්ෆේ... මම නම් නෑ ඕවට.. මේ අහිංසක මාව අල්ලගන්න එපා...

      @හිරුහිමාවි- නංගත් හිනා වෙනවනේ අනේ...

      Delete
  25. අර අයියා තමයි.... ෂුවර්

    ReplyDelete
  26. "කඩ මණ්ඩියේ දොල අයිනේ නුඹය පෙනී
    නැවතී බලනවා මොහොතක් කොහොම හරී
    කතා නැතුව හිටියත්ගොලු වෙලා අපී
    දාහක් දේ තිබේ කීමට බැරුව වැසී"....... නන්දා මාලනිය ගීයකන් එහෙම කිව්වා.


    ඇති යාන්තං සති ගානක් පෙරුම් පුරල පුරල මාන ඇල්ලුවේ මේකට තමයි

    ReplyDelete
    Replies
    1. ඒකනේ අයියේ...
      මම ආසම සිංදුවක් මේ..

      Delete
  27. මහේන්ගෙ අවාසනාවද වර්ෂාගෙ වාසනාවද මන්දා :P

    ReplyDelete
    Replies
    1. අනේ ඉතින්.. මහීන්ගේ වාසනාව අර අහිංසක වර්ෂාගේ අවාසනාව..

      Delete

Back
to top