෴ තුහින වර්ෂා෴ පහලොස්වන කොටස
















දහහතර වන කොටස







පස්සෙන්දාට එළිවෙද්දි අඬලාම මගේ ඇස් ඉදිමිලා... ඒ මදිවට හොඳටම හෙම්බිරිස්සාව. මොන දේ වුනත් අද හවස කෝච්චියේ ආයෙමත් කොළඹ යන්න ඕනේ හෙට ලෙක්චර්ස් නිසා. ඒ වගේම මට මහීන් එක්ක එකම කෝච්චියේ යන්න වෙන බව දන්න නිසා මගේ හිත ගැස්සුනා. හිතේ හිරවෙලා තියෙන ආදරේ වචනෙකින් හරි එළියට ආවොත්... මොන දේ වුනත් තව ටික කාලයක් මේ විදියටම ගත වෙන්න දෙනවා කියලා ඊයේ රෑ තීරණය කරේ මහීන්ට ආදරේ කරන්න ගත්තොත් ඒකට නැවතීමේ තිතක් තියන්න බැරි බව මගේ හිත දන්න නිසා

"උඹ ආදරේ කරනවා නම් හොඳට හිතලා බලලා කොල්ලෙක් ‍තෝරගනින්. දැන් අපි ඉන්නේ සෙල්ලම් කරන වයසක නෙවෙයි. උඹ එක පාරක් දුක් වින්දා, ආයේ එහෙම වෙනවට අපි කැමති නෑ. ඒ නිසාම හොඳට හිතලා තීරණය කරලා ආදරේ කරපන් ඊළඟ පාර"

තිසූ දවසක් මෙහෙම කියද්දි ඒක විහිලුවකට අරගෙන  හිනා වුනත් ඒ කථාව කොච්චර ඇත්තද කියලා මට තෙරුම් ගියා.
මම කොයිතරම් මහීන්ට ආදරේ වුනත් මොකක් හරි හේතුවක් නිසා මහීන් මාව දාලා ගියොත්.. එහෙම වෙන එකක් නෑ කියලා හිතාගෙන පටන් ගත්ත මගේ පළවෙනි ආදරේ සලිත මගෙන් වෙන් වෙලා ගියේ මමවත් නොහිතපු විදියට. ඒ නිසාම ආයේ ආදරේට තිබුන බය නිසා මම තීරණයක් ගන්න ඉක්මන් වෙන්න ඕනේ නෑ කියලා මම හිතුවා.

"චූටි දුව ඇහැරෙන්න"

ඇඳේ ඉඳන්ම එක එක පැති වල දුවපු මගේ හිත ආයේ එක තැනකට ආවේ අම්මගේ කටහඬින්

"හරි අම්මා"

නහය බර වුන කටහඬින් එහෙම කියද්දි අම්මා මගේ දිහා එක පාරට බැලුවා.

"මේ මොකද ළමයෝ.. ඇස් දෙකත් ඉදිමිලා, හෙම්බිරිස්සාව නිසා. ඔහොම තියාගෙන අද නම් කොළඹ යන්න එපා"

ඒ අපේ අම්මගේ හැටි, මට පොඩි ලෙඩක් හැදුනත් මටත් වඩා කලබල වෙන්නේ මගේ අම්මා.

"බෑ අම්ම, මේක ඇරිලා යාවි. අද නම් නොයාම බෑ. හෙට ලෙක්චර් 
එක කට් කරොත් ආයෙ ඒ පාඩම අල්ලගන්නවා බොරු"

එහෙම බොරු කිව්වත් ලෙක්චර් එක කට් වෙනවටත් වඩා මට ඕන වුනේ මහීන් එක්කම කොළඹ යන්න.

"hallo madam, good morning. nagitinna nagitinna. ekkoth 
epa, thawa tikak nidaganna. eye raa wenakan aharila hitiyane "

මෝඩයා... මම හිතන පතන විදිය ,ඔක්කොම දේවල් දැනගන්න අයිතිය දුන්නේ කවුද ඔයාට.. ආදරෙන් එහෙම අහන්න හිතුනත් ඒ වෙනුවට මම නිකන්ම good morning message එකක් විතරක් මහීන්ට යැව්වා.

"good morning modaya.. oya danne kohomada ehema ewa. 
mama nam hodata nidagaththa mahansiyatath ekka. maha raa wenakan aharila inna mata pissu kiyala hithuwada? "

"oyaata pissu kiyana eka kiyanna one nane mattiye. 
kohomath pissune. :D. haa haa, ewayen wadak naa. ada enawane mage punchi muwa patikki train eke yanna"

මුව පැටික්කි... මහීන්ගේ ඒ හුරතල් කථා වලට මම කොච්චර ආදරේද කියලා එයා දන්නවා නම්... හුරතලේට මුව පැටික්කියෙක් වගේ ඇත්තටම ඒ අත් වල උණුහුමට ගුලි වෙන්න ඇත්නම්..

මමම මටම පනවගෙන ඉන්න සීමාවන් පැනලා ගිහින් මම ඔයාට ආදරෙයි කියලා කියන්න හිතුනත් , ටිකක් ඉවසන්න වර්ෂා, තව ටිකක් ඉවසන්න. මගේ හිත ආයෙම මට කෑගහනවා..

"muwa patawu gana nam mama danne naa, napuru raassiyek 
enawa ada train eke ara maheen kiyana modayawa allaganna"

එහෙම කියලා ආයෙමත් මම reply කරා.

"oyaa nam raassiyek wunath moko mama aadareyne" 

මහීන්ගේ ඒ message  එක දැක්කම ආයේ යවන්න ඕනේ කිසිම දෙයක් මගේ හිතට ආවේ නෑ. වෙනදට රණ්ඩු වෙද්දී එකක් ඉවර වෙන්න එකක් වචන ගලාගෙන එන මට අද මොනවා වෙලාද කියලා මගේ හිතෙන් අහන්න උවමනාවක් මට තිබුනෙත් නෑ. ඒ මම ඒ ප්‍රශ්නෙට උත්තරේ දැනගෙන හිටපු නිසා.

"haa, mama kohomath enawa. nathuwa mama kohomada heta 
lectures yanne"

එහෙම කිව්වත් ඇත්ත හේතුව ඒක නෙවෙයි කියලා මම වගේම මහීනුත් දන්න බව මම දැනගෙන හිටියා. මහීන් මගේ හිත දන්නවා. ඒ බව මම දන්නවා. එයා අහපු අසම්පූර්ණ ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද කියලා එයා දන්න නිසා වෙන්න ඇති මගෙන් ඒ ගැන මුකුත්ම අහලා එවන්න එයා වද වුනේ නෑ.

ehenam 1.40ta hamba wemu mattiiiii.. byeeee...“

*************************************************************************
දවල් 1 වෙද්දී මම ලේස්ති වෙලා ඉවරයි. ලෑස්ති වෙලා අම්මායි තාත්තයි ඉන්න කාමරේට යද්දි මට ඇහුනේ අම්මගෙයි තාත්තගෙයි කසුකුසුවක්..

"කෙල්ල නම් මොකක් හරි හොරයක් තියාගෙන ඉන්නේ, හරියට නින්දෙනුත් කියවනවා" 


අම්මා එහෙම කියද්දි හැමදාම මගේ පැත්තට කථා කරන තාත්තා අදත් මාව බේරගන්න කතා කරන බව මම දැනගෙන හිටියා.

"ඔය තරුණ වයසනේ වර්ෂාගේ අම්මේ, කවුරුහරි ඉලන්දාරියෙක් බැල්ම දානවා ඇති. ඒකේ වරදක් නෑනේ. ඇහැට කනට පේන්න හුරුබුහුටියට ඉන්නවනේ දැන් මගේ පුංචි කෙලි පැටික්කි. ඊටත් දැන් වයසත් හොඳයි නේ?.මගේ කෙල්ල මෝඩ වැඩක් කරන්නේ නෑ කියලා මම දන්නවා"

"අනේ ඉතින් තාත්තගේම දූ නේ, තාත්තයි දුවයි ම ඕවා බේරගන්න, මම නම් නෑ ඕවාට"

අම්මා එහෙම කියලා හිනා වුනේ මගේ ගැන අම්මත් හොඳටම දැනගෙන හිටිය නිසා වෙන්න ඇති. ඒ කථාව නෑහිච්ච ගානට කාමරේට දුවගෙන ගිහින් අම්මටයි තාත්තටයි වැඳලා ඉක්මනට මම ගෙදරින් පිට වුනේ මහීන් එන්න කලින් ස්ටේශන් එකේ ඉන්න ඕනේ කියලා හිතුන නිසා.

මම එතනට යද්දිත් මහීන් ඇවිත් ඉවරයි. මේ තරම් ඉක්මනට ආවේ මොකටද මන්දා.මහීන්ව දුර තියා දැක්කම මගේ කකුල් දෙකට වඩා වේගෙන් දුවගෙන ගියපු හිත මටත් කලින්ම මහීන් ලඟ නතර වුනා. එයාගේ හුරුපුරුදු මම හැමදාමත් ආදරේ කරපු හිනාවත් දාගෙන මහීනුත් මඟ බලාගෙන හිටියේ මම එයා ලඟට එනකන්.

"හා මෝඩි, මොකෝ මේ කුකුළා අතේ අරගෙන"

මගෙන් අහන්නේ, ඔයා මොකද මටත් කලින්... කෝච්චිය එන්නේ 1.40ට. මෙයා උදේ ඉඳන්ම මෙතනද කොහේද?

"එහෙම තමා අපි, ඊටත් ලස්සන කෙල්ලෙක් එනවා කිව්වා අද මාව බලන්න. ඉතින් එයා එන්න කලින් මම ඇවිත් එන්න එපයි. එයාගේ ගැන මම හොඳට දන්නවා. එයා මටත් කලින් එන්න හිතාගෙන ඉන්න බව දන්න නිසාම මම එයාටත් කලින් ආවා. කොහොමද මගේ ටිකිරි මොළේ"

ආයෙමත් හුරතල් කථා... අනේ මේවා මට එපා වෙන්නේ නැති හැටි. ඔයා කථා කරන ඕනේම දෙයක් අහන් ඉන්න මම කොච්චර ආසද කියලා ඔයා දන්නවා නම්...
හිතින් හිතුවත් හැමදාමත් වගේ මම කටින් පිට කරේ වෙන අදහසක්.

"හා , හොඳයිනේ. එහෙනම් මම අද නිදහසේ යනවා කෝච්චියේ. ඔයා එයා එක්කම යන්න"

"ඒවා බලාගන්න බැරිය කෝච්චියේදි, අද එයායි මගේ යාළුවෝ ඔක්කොමයි ඉන්නවා. මට අද නම් පොඩ්ඩක්වත් පාළු නෑ"

"හපොයි, ඔයාගේ අර මාර සේනාවත් එනවද අද, එහෙනම් මම පාඩුවේම ඉන්න එක හොඳයි. නැත්නම් ඔය මාර සේනාවට අහු වුනාම නෝන්ඩි කාලම මට බඩ පිරේවි"

මහීන්ව තරහාගස්සන්නත් එක්ක මම එහෙම කිව්වා.

"පිස්සී... බලමුකෝ ඔයා අද පාඩුවේ යන හැටි. කෝච්චියට නගින්නකෝ නංගී... ඊට පස්සේ බහින්න බෑනේ ඔයාට. මගේ යාළුවෝ නෝන්ඩි කොච්චර දැම්මත් මම නම් එන්නේ නෑ ඔයාව බේරගන්න. මට ඉන්නවනේ මගේ අරයා. එයා එක්ක ඉද්දී ඔයාව මතක් වෙයිද මට.."

මහීන් එහෙම කිව්වාම නම් මට ආවේ පුදුම තරහක්.. ඇස් වලින් කඳුළු පනින්න ආවත් මහීන් මේ හැමදේම කියන්නේ මාව අවුස්සන්න බව දන්න නිසා මම කටවහගෙන හිටියා.

ඉරිසියාව, ඔන්න මගේ හිතටත් ඉරිසියාව ඇතුල් වෙලා. මහීන් කියන්නේ මගේ ගැන බව දැන දැනම මගේ හිත ඉරිසියාවෙන් පිරෙන්න ගත්තා. මම මටම ඉරිසියා කරන්න අරන්.
අනේ ඇත්තමයි ඔයාට පිස්සු වර්ෂා... මගේ හිත එහෙම කියද්දී

ඔව් මට පිස්සු, පැත්තකින් ඉන්න මහීන්ගේ ලඟට ගිහින් මේ පිස්සා නිසයි මට පිස්සු හැදුනේ 
කියලා කෑගහලා කියන්න මට ඕනේ වුනා.....

කෝච්චියේ නලා සද්දේ නිසා මගේ සිතුවිලි බිඳිලා යද්දි කවුදෝ මගේ අතින් අල්ලගෙන ඇදගෙන යනවා මට දැනුනා. මහීන් මගේ අතින් අල්ලගෙන මාව කෝච්චිය ලඟට එක්කන් යද්දී එපා කියලා අත ගසලා දාන්න තරම් හයියක් මට තිබුනේ නෑ...

කෝච්චියට නැගලා මහීනුත් මහීන්ගේ යාළුවොත් එක්කම මූණට මූණ දාලා තිබුන සීට් 4 අපි ඔක්කොම වාඩි වුනා.වෙනදට මගේ පැත්තකින් වාඩි වෙන මහීන් අද වාඩි වුනේ මට මූණ දාලා මගේ ඉස්සරහ සීට් එකේ.

මේ මොකද මේ, හිතාගන්න බැරි වුනත් මේකටත් මොකක් හරි හේතුවක් ඇති කියලා මට හිතුනා. ඒත් මහීන්ගෙන් ඒකට හෙතුව අහන්නත් බැරි නිසා ඕනේ දෙයක් වෙච්චාවේ කියලා මම නිකන් හිටියා.

ටිකෙන් ටික වේගේ වැඩි වෙන කෝච්චියේ ජනේලෙකින් එපිට බලාගෙන අනන්තය හොයපු මහීන්ටයි මටයි දෙන්නටම බාධා කරන්නේ නැතුව මහීන්ගේ යාළුවෝ ටික පැය භාගයක් විතර බලාගෙන ඉන්න ඇති. ඒ අතරේ එක පාරට ආපු flasher එකක එළියක් නිසා මම ගැස්සිලා මහීන්ගේ යාළුවෝ දිහා බලද්දී මහීනුත් මම වගේම ගැස්සිලා බලපු බව මම දැක්කා.

මහීන්ගෙයි මගෙයි පැත්තට අල්ලපු කැමර් එකක් එක්ක එතන හිටියේ මහීන්ගේ හොඳම යාළුවා සමීර අයියා. 

"උඹලා දෙන්නා හරියට ජනේලෙන් එහා අනන්තය හොයනවා වගේ, කෝ අපේ වර්ෂා නංගිගේ කචකචේ... අද කට ගෙදර තියලද ආවේ. එහෙම නැත්නම්..... හිත කාගේ හරි ගාව තිබ්බද?"

මහීන් අයියගේ යාළුවොත් එයා වගේමයි. හොඳයි, ඒත් කටර් වගේ..
ඒ කථාව අහලා මම ලැජ්ජාවෙන් රතු වෙද්දී ඒ බව දැනගත්ත නිසාමදෝ මහීන්ගේ යාළුවෝ ඉක්මනටම මාතෘකාව වෙනස් කරා.

"මහීන්, සිංදුවක් කියපන්කෝ මචං... උඹත් අද නිකන් දාහට අරන් සීයට දීලා වගේනේ. එහෙම නැත්නම් උඹත් කාට හරි හිත දීලද මන්දා

මහීන් අයියගේ හොඳම යාළුවා සමීර එහෙම කිව්වේ අපි දෙන්නගේ කථාව දැන දැන බව මට රහසක් නෙවෙයි. මහීන්ගේ හැම සප දුකක්ම බෙදාගන්න යාළුවෝ ටික තමා අදත් අපි එක්ක කෝච්චියේ යන්න ආවේ. ඒ හැමෝම මහීන්ට වගේම මටත් එයාලගෙම නංගියෙක්ට වගේ ආදරේ කරා.

සමීර අයියා කියපු නිසාම මහීනුත් යාළුවෝ ඔක්කොම එක්ක සිංදුවක් පටන් ගත්තා..

මම ආසම සිංදු හැම එකක්ම වගේ මහීන් දැනගෙන හිටියා.. ඒ නිසාම එයා මුලින්ම පටන් ගත්තේ මම ගොඩාක්ම ආසා කරපු සිංදුවකින්..

සිංදුවේ ටික දුරක් යද්දි මහීන් මගේ දිහාම බලාගෙන ඉන්න බව දැනුන නිසාම මම අහක බලාගත්තේ පුදුම ලැජ්ජාවකින්.

ලැජ්ජාවටදෝ අහක බලන්නේ,
හුරතලේටදෝ මුහුණ වහන්නේ,
තරහා වෙලාදෝ හිනා නොවෙන්නේ,
යළි කවදාදෝ  ආපසු එන්නේ....

සැනසීමටදෝ ඈත බලන්නේ
ආදරේටදෝ මට රිදවන්නේ,
කවුරු නිසාදෝ ඔබ ලතැවෙන්නේ
යළි කවදාදෝ අපි හමුවන්නේ...

මගේ දිහාම බලාගෙන මහීන් ඒ සිංදුවේ පද මුමුනද්දී මට මහීන් ගැන දැනුනේ පුදුම ආදරයක්.

බොළඳ කෙල්ලෙක් වුන මට මහීන් දෙන ආදරේ මහමෙරකටත් වඩා ලොකුවට දැනෙන එක කිසිම පුදුමයක් නෑ කියලා මටම තේරුනා. කෙල්ලෙක් තමන්ගේ ආදරවන්තයාගෙන් ලබාගන්න ආස කරන හැම දෙයක්ම මහීන් මට නොඉල්ලාම දෙන්නේ ඒවා කොහොම දැනගෙනද මන්දා. හුරතලේට හැමවෙලේම දොඩවන්න ආස කරපු වර්ෂා කියන පුංචි කෙල්ල, මම.. මහීන්ගෙන් මේ තරමේ ආදරයක් ලබාවි කියලා හීනෙකින්වත් හිතුවේ නෑ. ඒ ඇස් වල ලියවුන ආදරේ ඉක්මනටම මගේ කරගන්න ඕනේකමක් තිබුනා නම් ඒකට තිබුනේ වචන තුනක දුර විතරයි කියලා මම දැනගෙන හිටියා.

ඒත් ඒ වචන තුන ඉස්සරහා හැමදාමත් වගේ මම අදත් අසරණ බව මහීන් දන්නවා නම්. ඒ වචන තුනට මම කොයිතරම් බයද කියලා එයා දන්නවා නම්.. එයා ඒක හොඳටම දන්නවා කියන එකත් මම දැනගෙන හිටියා. ටිකෙන් ටික මට ලං වෙලා මගේ හිත හොරෙන්ම අරන් ගියත් මාව එයාගේ ලඟට ගන්න කිසිම හදිස්සියක් මහීන් නොපෙන්නුවේ ඒ නිසා වෙන්න ඇති. ඉවසීමෙන් මට ආදරේ කරන මේ කොල්ලා පිස්සෙක් කියලා මට ඕනේ තරම් හිතිලා ඇති. ඒ වගේ වෙලාවට පිස්සා කියලා මහීන්ගේ කොන්ඩේ අවුල් කරලා එයාව හුරතල් කරන්න ඇත්නම්..එයාගේ ගාවින්ම ඉඳගෙන කෝච්චියේ ඉඳගෙන ඉර මූදේ හැංගෙන හැටි බලන්න ඇත්නම්. 


හ්ම්ම්....
***************************************************************************************************************

සිතක තෙරපෙන සිතුවිලි සුළඟට මුසු වෙන විට ගසාගෙන යන 
ජීවිතයක, නවමු මාවතක් හමුවේ අසරණ වුන තරුණියක්.. මතකය අමතක නොවන විට ජීවිතය අතරමඟ නතර වී ඇති ඇය ජීවිතය, ආදරය කෙලෙස දකීවිද?

CONVERSATION

47 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. අපිට කේක් ලැබෙයි නේ නේ...... ;)

    ReplyDelete
    Replies
    1. අඩුගානේ ඊළග කොටසින් වත්....

      මට පිස්සු.. මේටික නොදානේ කමෙට්න් කරලා තියෙන්නේ... හදිස්සියට..

      Delete
    2. යා යා ඉටින් අපිටට් ළඟඩිම හම්බෙනෝලු....^_^

      Delete
    3. හික්ස්... මම නම් කේක් දෙන්නේ නැ‍තෝ...

      Delete
  2. අනී මොකඩ්ඩ අප්ප වර්ෂ වැදේ කනවනේ.....:‘(

    ReplyDelete
    Replies
    1. ආ.. මෙයා ඉන්නව නේ.. අපරාදෙනේ එදා මැරුණනම්... මම කිවුවා අවසානේ බලන්න ඉන්න කියලා.. ;)

      Delete
    2. ඒකනි හලේ.....ඇරට් මට වෙඩිමක මල්කුමාලිට ඉන්න ටියෙනෝනෙ.......^_^
      ඒ නිසා ඩැම්ම මැලෙන්න බා....

      Delete
    3. හික්ස්... ඒකනේ මටත් වෙඩිමක දෙවෙනි මනමාලිට ඉන්න තියෙනවනේ... මල් කුමාරි නැතු වුනොත් ආයේ කට්ටිය හොයන්නත් කල් යනවනේ අෆ්ෆා.. ඒ නිසා තව ඉවසන්න අග්නි නංගෝ.. මට දෙවෙනි මනාලයව ඉක්මනටම බලාගන්න ඕනේ... ;)

      Delete
  3. ඔයා නම් රාස්සියෙක් වුනත් මොකෝ මම ආදරෙයිනෙ...

    ම්ම්ම් ඔය ඇත්තටමද?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... මහීන්ගෙන් තමා අයියේ අහන්න ඕනේ...

      Delete
  4. ලස්සනයි යාළුවා කතාව සුන්දර විදියට ගලාගෙන යනවා..මටත් මතක් වුනා මේ විදියටම මීට කාලෙකට කලින් කෙනෙක්ගෙන් ලැබුණු කෙටි පණිවුඩ ටික..තාමත් සමහරක් ඒවා මගේ ලඟ තියනවා..ඒ වලලන්න බැරි මතකය ආයෙත් අලුත් වුනා..ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ආදරේ හැටි ඔහොම තමයි ජනා.. වලදාන්න හිතෙන මතක කොච්චර තියෙනවද.. හොදම දේ අමතක කරලා අලුත් හෙටක් හිතන එක..

      Delete
    2. Oyage kathawath lassanai yaluwa

      Delete
    3. dinesh අයියා- +++++++

      @ජනරඟ- දෙයක් ගියාට පස්සේ ඒ ගැන පසුතැවිලා වැඩක් නෑ යාළු.. ඒක තියෙන කාලේ ආරක්ශා කරගැනීමයි වැදගත්.. මතකයන් සමහරක් වලදාන්න අමාරුයි තමා.. ඒත් සමහර මතකයන් වලදාන්නම වෙනවා ඉස්සරහට යන්න නම්...

      Delete
  5. අයියු...මෙකේ කියනවා කියලා හිතුවාට වර්ශා හංගනවානේ අප්පා...

    ReplyDelete
    Replies
    1. හික්ස්... ඒකනේ අප්පා...:P

      Delete
  6. හෆ්ෆා.. අද කියලත් නෑනෙ වර්ෂා...

    ReplyDelete
    Replies
    1. හලේ... ඒකනේ... අනේ මන්දා ඉතින්... :P

      Delete
  7. ඉවසන තරමට ආදරේ ලස්සන වෙනවා වර්ෂ...ලස්සන කතාවක්...සුබ පැතුම් යාළුවා

    ReplyDelete
    Replies
    1. අනිවාට්යෙන් හසංගනා... ස්තූතියි.

      Delete
  8. නංගී දැන්නම් මගේ ඉවසීම කෙලවර වෙනවා ,කැමතියි කියලා කියලා දාන්න හලෝ පවුනේ අර කොල්ලා ...

    ReplyDelete
    Replies
    1. හික්ස්.. ඔයාගේ ඉවසීම ඉවර වුනාට නම් කරන්න දෙයක් නෑ රොබින් අයියේ... මට කිව්වට වැඩක් නෑ ඔව්වා,, වර්ෂාට තමා කියන්න වෙන්නේ...

      Delete
  9. මේ අහන්නමයි හිටියේ..මේක මේ අත්දැකීමක් එහෙම නෙවෙයි හොදේ...
    ඇයි කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් යාළු වෙන්න ඇහුවාම ඒ කෙල්ල අඩන්නේ. කෙල්ල ගැන දුක හිතිලද කොල්ල ගැන දුක හිතිලද.නැත්නම් මේ අහන මම ගැන දුක හිතිලද. අනේ ප්‍රාර්ථනෝ වරෟෂගෙන් හරි අහල කියන්නකෝ. මට නින්ද යන්නෙත් නෑ ඕකට උත්තරේ නැතුව.

    ReplyDelete
    Replies
    1. කෙල්ලෙක්ගෙ ජීවිතේ දංගෙඩියට බෙල්ල තියනව වගේ ගන්න වැදගත්ම තීරණයක් නිසා...මොකද ගෑල්ලමයෙක්ගෙ සම්පූල්ණ ජීවිටේ එටනින් වෙනස්වෙනෝනෙ....

      Delete
    2. කෙල්ලෙක් අඬන්නේ ආදරේ නිසා.. එක්කෝ ආදරේ කියාගන්න බැරි මොකක් හරි හේතුවක් නිසා.. කොල්ලව ඕනේ වුනත් ඒක කරන්නම බැරි නම් ඒ වගේ වෙලාවටත් අඬනවා. අනේ මන්දා ඉතින්.. :P තව හේතු මතක් වුනොත් මම පස්සේ කියන්නම්.. :D

      අග්නි නංගා ++++++++++++++++++

      Delete
  10. උත්තර දෙන්න ලෝබ ඇති. මොකද කොල්ලට කෙල්ල ආදරේ කිව්ව හැටියේ කොල්ල හෝ කෙල්ල ඉලඟ දවසට මිසින්....!

    ReplyDelete
    Replies
    1. :O අම්මෝ.. එහෙම වෙනවද??? :P

      Delete
  11. "කෙල්ල නම් මොකක් හරි හොරයක් තියාගෙන ඉන්නේ, හරියට නින්දෙනුත් කියවනවා"
    අම්මලට හංගන්න එච්චර ලේසි නෑ.. :D :D
    කමක් නෑ දැන් කියන්න වේවිනෙ ලඟදිම :)

    ReplyDelete
    Replies
    1. හික්ස්... බලමුකෝ කියාවිද කියලා.. අම්මලාට නම් මුකුත්ම හංගන්න බෑ තමා.. :)))

      Delete
  12. ගොඩක් දේවල් මතක් වෙලා ආයෙමත් බොඳවෙලා ගියා.....:)
    ලස්සනට ලියලා තියෙනවා නන්ගි....

    ReplyDelete
    Replies
    1. :O හ්ම්ම්... ස්තූතියි අයියා...

      Delete
  13. ම්ම්ම් බොහොම සුන්දරව ගලාගෙන යනවා කතාව ඒත් මමනම් බයේ ඉන්නේ කොයි වෙලෙ මොනා වෙයිද කියලා....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කියෝ... අවසානෙදිම බලන්නකෝ වෙන දේ.. :D

      Delete
  14. කියවද්දි නම් කතාවක් කියලා දැනෙන්නෙම නැති ගානයි අක්කියෝ..හරිම ලස්සනයි...ඒත් මේ වර්ෂා කියන් නැති එක තමයි ප්‍රශ්නේ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගියෝ... හිටියා වගේ තව ටිකක් ඔහොම ඉන්නකෝ.. බලමු වෙන දේ...

      Delete
  15. මේකට තමා කියන්නේ උගුරට හොරා බෙහෙත් කනවා කියලා..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.. :D ඒකනේ අයියේ.. එහෙම තමා..

      Delete
  16. ඔය ඇති කෙල්ලේ ඔක හිතේ හිරකරං හිටියා ඔන්න ඔහේ කියලා දාල හොඳ හුස්මක් ගනින්....කතාව ජීවයකින් දුවනවා...නියමයි

    ReplyDelete
    Replies
    1. හික්ස්... එහෙම කියන්න බැරි එකනේ අයියේ අවුල.. ගට්ස් ගන්න එපාය ඒ වගේ දෙයක් කියන්න.. ස්තූතියි අයියේ...

      Delete
  17. හම්.. කුඹූ කිව්ව වගේ ගොඩාක් දේවල් ආයෙමත් මතක් වුනා..
    මොනව උනත් .....................
    ජය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ... මතකයන් නම් අමතක කරන්න අමාරුයි තමා.. ඒත් ඒවා හරි අපේ ලඟ ඉතිරි නිසා සතු‍ටු වෙන්න පුළුවන් නේද?

      Delete
  18. කෙල්ල හා කිව්ව ගමන් කොල්ලා හෝ කෙල්ල අතුරුදන් වේවී..

    ReplyDelete
    Replies
    1. :O ඇයි අනේ එහෙම වෙන්නේ...

      Delete
  19. මේ කතාව කියවගෙන යනකොට ආසාවේ බෑ. මම් වැඩිමනත් ආස අර මැසේජ් කෑලි ටිකට....
    ඉක්මනට ඉතුරු ටිකත් ලියන්ඩ !!!

    ReplyDelete
    Replies
    1. හලේ... ස්තූතියි ලොකු අයියේ...

      Delete

Back
to top