෴ තුහින වර්ෂා෴ දහසය වන කොටස
















මොන දේ සිද්ධ වුනත් හැම සති අන්තෙකදිම ගාළු කුමාරී දුම්රියේදි මහීන්ගෙත් මගෙත් හමුවීම නම් කිසිම වෙනසක් වුනේ නෑ.. දවස ගානේ විශ්ව විද්‍යාලේ ඇතුලෙදිත් එකම එක පාරක් හරි මහීන්ව බලාගන්න ඒ පැත්තට යන එක මගේ පුරුද්දක් වෙලා තිබුනා... එහෙම වැරදිලාවත් යන්න බැරි වුන දවසට මහීන් මොකක් හරි හේතුවක් හදාගෙන අපේ ෆැකල්ටි එකට එන එකත් පුරුද්දක් වෙලා තිබුනා..

ඒත් මේ ආදර කථාවේ අවසානය, කවදා කොහොම වෙයිද කියලා මම දැනන් හිටියේ නෑ. මහීන්ව දකින වාරයක් ගානේ අනේ මම ඔයාට ආදරෙයි කියලා මගේ හිත කෑ ගැහුවත් මමම පනවගෙන තිබුන ස්වයං වාරණයන් නිසා මට ඒ හැඟීම පිට කරගන්න හුඟාක් අමාරු වුනා.මගේ හැම දුකකම බෙදාගන්න මහීන්ට මගේ හිතෙ තිබුන එකම එක දුකක් ගැන කියාගන්න බැරුව තනියම කඳුළු හලන්න මට සිද්ධ වුනා. ඒත් මහීන් ඒ හැමදේම දන්න බව විතරක් මට තේරුනා. ඒත් කිසිම දවසක මගේ හිත රිදවන කිසිම දෙයක් එයාගේ අතින් පිට වුනේ නෑ.

හිතේ තියෙන දුක හේදිලා යනකන් එයාගේ උරහිසට ඔළුව තියාගෙන අඬන්න ඇත්නම්.. එයාගේ අත් දෙක අතරේ මගේම ලෝකයක් හදාගන්න ඇත්නම්.... ඒ තරමේ සතුටක් මට වෙන කොහේවත්ම නැති වෙයි.
*****************************************************************************************
වෙනදා වගේම එදත් මම සිකුරාදා හවස කෝච්චියට නගින්න මරදානෙන් මහීන් එනකන් බලන් හිටියා ඒත් මහීන් නම් එන්නේ නැති පාටයි. හැමදාම වෙලාවට එන මහීන් අද පරක්කු ඇයි කියලා හිතට චකිතයක් ආවත් එයාට කිසිම කරදරයක් වෙන්න විදියක් නෑ කියලා දන්න නිසා මම හිත හදාගත්තා.කෝච්චිය ස්ටේශන් එකටත් ඇවිත්.. ඒත් තාමත් මහීන් නෑ. එයාට message එකක් යවන්න phone එක ගත්තහමයි මම දැක්කේ එයත් මට message එකක් එවලා බව.

"warshaa nango mata ada enna wenne naa, mama thaama campus eke. oya yanna. oyata parakku wenawane. paressamata yanna. budusaranay."

වෙනදට එවනවට වඩා වෙනසක් ඒ පණිවුඩයේ මම දැක්කත් ඒ මැසේජ් එක එව්වේ මහීන්ගෙම නම්බර් එකෙන් නිසා හිතේ තිබුන බය අඩු වෙලා ගියා.

මහීන්ට reply එකක් යවලා ඉවර වෙනකොටම ආයෙමත් phone එක vibrate වුන නිසා අතට ගනිද්දියි මම දැක්කේ ඒ message  එක තිසූගෙන් කියලා.

 “warsha oya kohedha dewiyane inne. mechchara deyak welath ay oya thama aawe naththe.

ඒ මැසෙජ් එක දැකපු ගමන් මගේ ඇඟ සීතල වෙලා ගියත් වුන දේ තාමත් මට හිතාගන්න බෑ. මහීන් අයියට කරදරයක්ද? ඒක නිසාද එයා අර වගේ කෙටි පණිවිඩයක් මට එව්වේ. ගැස්සුන හිතත් වාරු නැති වුන කකුල් දෙකත් නිසා මම ලඟ තිබුන පු‍ටුවක වාඩි වුනා නෙවෙයි ඇදගෙන වැ‍ටුනා කිව්වොත් හරි. ඒ වෙවුලන අත් දෙකෙන්ම ෆෝන් එක අරගෙන තිසුලිගේ අංකේ හීනෙන් වගේ අංක තහඩුවේ ටයිප් කරලා ෆෝන් එක කනේ තියාගත්තේ එන ඕනෙම ප්‍රශ්නෙකට කොහොම හරි මූණ දෙනවා කියලා හිත හදාගෙන.

"හෙලෝ"

"හෙලෝ තිසු, මොකක්ද අනේ වුනේ,. ඇයි ??? මොනවද වුනේ, මහීන් අයියට කරදරයක්ද? මට කියන්න, ප්ලීස්"

හිතේ තිබුන බය නිසාම ඇඬුම් ආවත් කඳුළු ටික හිර කරගෙන මම තිසුලිගෙන් ඇහුවා.

"අන්න සලිත මහීන් අයියට හොඳටම ගහලා තව යාළුවෝ වගයකුත් එක්ක ඇවිත්. අයියටත් මුකුත්ම කරගන්න වෙලා නෑ. සලිතට අතක්වත් ඉස්සුවොත් වර්ෂා ගෙදර යද්දී ඔක්කොම ගෙදර අය දැනගනීවි කියලා සලිත මහීන් අයියට කියලා.. හදිසියෙවත් එයා මොනවම හරි කරොත් ඔයාලගේ ගෙදරට කෝල් එකක් අරගෙන හැමදේම කියනවා කියලා කියපු නිසා මහීන් අයියත් මුකුත්ම කරලා නෑ. මහීන් අයියගේ යාළුවෝ වගයක් එනවා දැක්කම සලිත බය වෙලා මාරු වෙලා. මොකෙක්ද බන් ඌ?? කොල්ලෙක්ද? . කොන්ද පණ නැති එකෙක්. ශික්.. ඔයාට කරදරයක් වෙයි කියලා මහීන් අයියා සද්ද නැතුව ඉඳලා. නැත්නම් මහීන් අයියා එහෙම ඉන්න කෙනෙක් නෙවෙයිනේ

තිසු එක දිගට කියාගෙන කියාගෙන ගිය දේවල් වලින් මට තේරුනේ එකම එක දෙයක් විතරයි...

මහීන් අයියා මම නිසා කරදරේක..

සලිත් මහීන්ට හොඳටම ගහලා

ඒ වචන ටික මගේ කන් දෙකේ දොංකාර දෙද්දී  ෆෝන් එක කනේ තියාගෙනම ආයේ මරදාන ස්ටේශන් එකෙන් එලියට දුවගෙන ආවේ ඉක්මනටම කො‍ටුවට යන බස් එකක් අල්ල ගන්න. බස් එකේ නැග්ගත් හරි සිහියක් මට තිබුනද, මම මොනවා කරාද කියලා මට මතකයක් තිබුනේ නෑ. මේ වගේ වෙලාවට මම කලබල වෙන බව දන්න නිසාම තිසු මහීන් අයියගේ යාළුවෙක්වම මඟට එවලා තිබුනා මාව එක්කගෙන එන්න.

කො‍ටුවට ගිහින් කො‍ටුවෙන් මහීන් අයියගේ යාළුවත් එක්කම මම ඉක්මනටම කැම්පස් එකට යන බස් එකකට නැග්ගා. බස් එක තුම්මුල්ල හංදියේ නවත්තපු ගමන් මම දුවගෙන ගියේ මහීන් ඉන්න තැනට. ඇඟ පුරාම හීරුම් තුවාල එක්ක මම එන දිහා පුදුමයෙන් බලාගෙන ඉන්න මහීන්ව දැක්කම මගේ හිත ගැස්සිලා ගියත් මම බය වුන බව පෙන්නුවොත් එයා ඊටත් වඩා මානසිකව වැටෙන බව දන්න නිසාම හිත හයිය කරගෙන එයා ලඟට ගියා.

වර්ෂා නංගා ඔයා මොකද මෙහේ කරන්නේ, කෝච්චිය ගියාම කොහොමද ඔයා ගෙදර යන්නේ, ඇයි මෙහෙම ආවේ. 
ප්‍රශ්න කෝටියක්....

තුවාල වෙලා ඉඳිද්දිත් පොඩ්ඩක්වත් එයා ගැන හිතන්නේ නැති හැටි...

මම කොහොමද ඔයා මෙහෙම ඉද්දී ඔයාව දාලා යන්නේ, බලන්න ලේත් එනවා. ඔයාට මෙහෙම වුනෙත් මම නිසා...

එක පාරට පිටවුන ඉකිය කඳුළු ගංගාවක් වෙලා ගලාගෙන යද්දි මගේ සරණට හිටියෙත් එයාගේ උරහිස විතරමයි,. ඇති තරමක් මට අඬන්න දීලා මහීන් කිසිම දෙයක් කථා නොකර හිටියා...
එක පාරටම මගේ මූණ එයාගේ දිහාවට හරවගත්ත මහීන් කෙලින්ම බැලුවේ මගේ ඇස් දෙක දිහා..

ඒ ඇස් දිහා බලාගෙන ඉන්න බැරිම තැන මම අහක බලාගත්තේ මගේ හිතේ තියෙන ආදරේ මගේ ඇස් වලින් එලියට පනියි කියලා හිතුන බයට...

ඇයි වර්ෂා මේ, මොකද නංගෝ ඔයාට වෙලා තියෙන්නේ... මට තුවාල නෑ... පොඩි සීරුම් පාරවල් ටිකක් විතරයි. ඔයාගේ කොල්ලා හරි පෙන්දෙක්නේ අනේ..

අන්තිම වචන ටික අහපු ගමන් මට හිනා ගියේ නොදැනුවත්වම..

"මෙච්චර තුවාල වෙලා ඉන්න වෙලාවෙත් මෙයාට නම් විහිළු, මගේනේ බඩ පපුව පත්තු වුනේ."

හිතට ආපු කේන්තියට එහෙම කියවුනත් කියවුන වචන වල බරපතලකම තෙරුනේ පස්සේ. ආදරෙයි කැස්සයි හංගන්න බෑ කියනවළුනේ. ඔන්න වර්ෂා ඔයාටත් ඒ දේම වෙලා. මගේ හිතම මට කෑ ගහලා කියනවා... ඒක අහපු ගමන් මහීන්ගේ නම් මූණ අමුතු වුනේ නොදැනුවත්වම. වේදනාව දුක, ආදරය හැම දේම එකට කැටි වුන එයාගේ ඇස් දෙක ඇතුලේ එලියට පනින්න බැරුව දඟලන කඳුළු බිඳුවක් දිලිසෙනවා මම දැක්කා...

ඔයාගේ හිතේ හංගන් ඉන්න ආදරේ මට කියන්න කියන්නා වගේ මගේ දිහා බලපු මහීන් අනිත් පැත්ත හැරිලා එක පාරටම යන්න ගියේ මටවත් හිතාගන්න බැරි විදියට..

ඇයි ඒ......... 
දුවගෙන ගිහින් එයාව නවත්තන්න ඕනේ වුනත් මගේ කකුල් පොළවටම ඇලිලා වගේ. කඳුළු බිඳු එකින් එක කම්මුල් දිගේ ගලාගෙන ඇවිත් පහලට වැටෙනකොට මහීන්ගේ යාළුවා එයා ඉන්න පැත්තට යනවත් තිසුලි මගේ අතින් අල්ලගෙන මාව එක්කන් යනවත් විතරක් මට මතකයි..

හදිසි වැඩක් නිසා අද ගෙදර එන්න වෙන්නේ නෑ කියලා අම්මටත් කෝල් එකක් දීලා ආයෙමත් බෝඩිමට යන්න තිසු එක්කම ගිහින් බස් එකට නැග්ගත් එවෙලේ වුන දේ හිතාගන්න මට බැරි වුනා. ඇත්තටම ඇයි මහීන් අයියා ඒ විදියට මාව දාලා එක පාරටම ගියේ..එයාගෙන්ම ඒ ගැන අහනවා කියලා හිතාගෙන ගෙදර ගියත් එයාගෙන් නම් එක මැසේජ් එකක්වත් තාම නෑ. ෆෝන් එකත් ඕෆ් කරගෙන. ඒ තරමට තුවාල නැති වුනත් මහීන් අයියට මොකක් හරි කරදරයක්වත්ද දන්නේ නෑ කියලා බය හිතුන නිසාම එයාගේ යාළුවට කෝල් එකක් ගත්තා

"හෙලෝ සමීර අයියේ"

"හෙලෝ වර්ෂා නංගා, මොකද හදිස්සියෙම"

සමීර අයියා එහෙම ඇහුවත් මම කෝල් කරේ මොකද කියන හේතුව එයා හොඳටම දැනගෙන ඉන්න ඇති.

"අයියේ , මහීන් අයියා ඉන්නවද? "

හෙමින් සැරේ එහෙම ඇහුවේ මට බැනුම් අහන්න වෙයිද කියලා දන්නේ නැති නිසා.

"මේ ඉන්නේ නොකා නොබී අපතයා වගේ. මූට ගුටි කාපු එකේ අමාරුවට වඩා තියෙන්නේ වෙන අමාරුවක්. ඔයාම කථා කරන්න නංගි"

එහෙම කියලා සමීර අයියා ෆෝන් එක මහීන්ට දුන්නත් මහීන් නම් කථා කරන පාටක් නෑ. හිත තද කරගෙන එයාගේ කටහඬ අහන්න ලෑස්ති වුනත් මට වගේම එයාටත් ඇඬුම් එනවා ඇති කියලා මම දැනගෙන හිටියා. බොහොම ලාමක හිතක් තිබුනත් මහීන් අයියා මගේ ඉස්සරහා කවදාවත්ම ඒ බව පෙන්නුවේ නෑ. ඒ එයාගේ දුක දැකලා මම ඊටත් වඩා දුක් වෙන බව එයා දන්න නිසා වෙන්න ඇති.

මම එයාට message කරන්නම් කියපන්. දැන් phone එක තියලා මහන්සි අරින්න කියපන්.."

පැත්තකින් ඇහෙන මහීන්ගේ වෙහෙසකර කටහඬ හරි අහගන්න ලැබුන එක මට හිතට ගෙනාවෙ සැනසීමක්..

"ඔන්න බලන්න නංගි මම ‍තෝල්කයා වගේ වෙලා, ටිකක් ඉන්න මම එළියට යනකන් ඔයාට කියන්න දෙයක් තියෙනවා"

එහෙම කියලා සමීර අයියා එළියට ආවේ මහීන් අයියට පේන්න බොරුවට බායි කියලා මට කියන ගමන්.

"නංගි, මූට හිතේ අමාරුව වැඩියි ගුටි කාපු එකේ අමාරුවට වඩා. ඔයා හවස් වරුවේ තනියම කැම්පස් ආපු එකටත් මුගේ හිත හරි නෑ. තනියම යවන්න වුන එකටත් අවුලෙන් ඉන්නේ. ඊටත් වඩා ඔයා එයාට ආදරේ බව එයා දන්නවා. ඇයි නංගෝ ඔයා මූට ආදරේ නෑ වගේ පෙන්නනේ. ඔයාට මොකක් හරි අවුලක් තියේද?.. ඔයා මූට ආදරේ නෑ කියලා නම් මට කියන්න හදන්න එපා. මම දන්නවා ඔය දෙන්නා මුණ ගැහුන දවසේ ඉඳන් හැම විස්තරයක්ම. ඔය දෙන්නාම උගුරට හොරා බෙහත් කනවා වගේ ආදරේ කරා. මහීන් ඒක කිව්වට පස්සෙත් ඇයි ඔයා පස්ස ගහන්නේ.. 

එක දිගට සමීර අයියා කියපු දේවල් ඇහුවම මට මහීන් ගැන තිබුන ආදරේ තවත් වැඩි වුනා මිසක් අඩු වුනේ නෑ...

ඔන්න ඔහේ ආදරේ කියලා දාපං බං කෙල්ලේ, මට කියන්න ඕනේ නෑ, මම දන්නවා ඔය දෙන්නවම, ඔයාලා දෙන්නගෙම හැටිත් මම දන්නවා. දෙකම එක ජාතියේ. හිතේ තියාගෙන ඉන්නවා. උඹලා දෙන්නටම අනිත් විකාර ඔක්කෝටම කට තියෙනවා ඕක කියාගන්න බෑනේ...

අන්තිමට phone එක තියන්න කලින් සමීර අයියත් විහිළුවෙන්ම වගේ එහෙම කියලා දැම්මේ මගේ හිත සැහැල්ලු කරන්න හිතාගෙන වෙන්න ඇති.

ඒ අතරේ මහීන් අයියට යවපු message වල delivary report එද්දි එයා phone එක on කරලා බව මම දැනගත්තා.මුලින් මම message  එකක් යවන්නේ නැතුව එයාම මගේ message වලට reply  එවනකන් ඉන්නවා කියලා මම හිතුවා.

"mata awlak naa nanga. Maha thuwalayak wune na mata.eth oya ay e tharam baya wune. mama nikanma kollek. oyata maa ekka thiyenne nikanma badeemak. itin ay me tharam kalabala wune. oyage as mage as diha baladdi mama e as wala dakka de kiyannada nanga. mama dakke e as wala dilisena kandulu. e kandulu wala thibune aadare. oyaa kochchara naa kiwwath dan mama eka deyak dannawa. oyath mata adarey. katha karana oyaage as mama therum ganna patan gaththe meeta godak kaalekata kalin nango. e nisa mama dannawa oya nokiyana hamadema. mata nokiyana hamadema oyaage as wala liyawenawa. mama ewa kiyawanna dannawa. wena kaatath wada. oyaa eka dannawa neda mage nango."

මහීන් ඒ එවපු message එකට reply කරන විදියක් මම දැනගෙන හිටියේ නෑ. ඔව් මම ඔයාට ගොඩාක් ආදරෙයි කියලා නිකන්ම කියලා දාන්න පුළුවන් වුනත් එයා මට කරන ආදරේ වෙනුවෙන් වටිනාකමක් දෙන්න ඒ මදි කියලයි මම හිතුවේ. හුඟ වෙලාවක් හිතලා හිතලා අන්තිමේ මම මහීන්ට යැවුවේ මෙහෙම reply එකක්.

heta dawal hariyatama 3.30ta mama gedara yanna
maradanata yanawa. ude waruwe wadak thiyenawa kiyala ammata kiyalay mama bodime nathara wune. oyaa gedara yanna maradanata enawa neda?.ethanadi api muna gahemu. mata oyata kiyannawadagath deyak thiyenawa. eka phone eken kiyala iwarayak karanna ba. puluwan nam....... mama balaagena innam..... oyaa enawaa neda?"


******************************************************************************
සමනලියකට ත‍ටු ලැබුනොත් ඈ ආසයි පියාඹන්න නිල් අහස පුරාවටම.. ඉතින් ඇය සමනලියක්.. ඇයට ත‍ටු ලැබේවිදඒ සමනලියගේ කථාවේ අවසාන කොටස මීළඟට බලාපොරොත්තු වන්න... 


CONVERSATION

40 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. Replies
    1. හා දැං එහෙනං කතාව කියවන්න පටං ගන්න... :D

      Delete
    2. හෆ්ෆා... අර සලිතයව මට අහුවුනොත්නම්.... මම අනිනවා ටොක්කක් හිල්වෙන්න ඔලු ගෙඩිය...:/

      එක අතකින් එහෙම වුන එකත් හොදයි නෙ?? නැත්තම් වර්ෂා කවදාවත්ම ඕක කියන්නෙ හිතන්නෙ නෑනෙ.. හික්ස්..:D

      වර්ෂා උගුරට හොරා බේත් බොනවා කියලා ඉස්සෙල්ලාම කිව්වෙ සමීරට කලින් මම හලිද? ^^_^

      ලස්සනයි අක්කී.. ඊළඟ කොටසින් ඔන්න වර්ෂා මහීන්ව බදාගෙන , "මම ඔයාට ගොඩාආආආආආආආආආආආආආආආආආආආලියක් ආදරෙයි මහීඊඊඊඊඊන්... " කියලා කියනවලූ.....

      ජය වේවා!! අද කොටසත් නියමයි!!

      Delete
    3. හික්ස්... සලිතයා පව් අෆ්ෆා... :P
      ස්තූතියි මගේ නංගියෝ.. බලමුකෝ අපේ වර්ෂා ඔයා කියන විදියට කරාවිද කියලා.. :D

      Delete
    4. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
      sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
      kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
      Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
      1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
      melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
      dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
      saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
      kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
      penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
      dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
      minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
      buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
      Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
      sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
      Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
      berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
      hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
      seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

      Delete
  2. අනී කොල්ල හොස්පිටල් ගියට් මොකෝ වර්ෂ ආඩලෙයි කීල කියනවනම්....^_^

    ReplyDelete
    Replies
    1. හලේ.. පවුනේ අනේ අර අහිංසකයා.. ඊටත් හොස්පිටල් ගිහින් නර්ස් නෝනා කෙනෙක්වත් සෙට් කරගෙන ආවොත් වර්ෂාට යන කල මොකක්ද??

      Delete
  3. හෑක්.... ඉවරවෙන්නත් ළඟයිද.....?

    ReplyDelete
    Replies
    1. හික්ස්.. ඔවුනේ අක්කේ... ලඟයි නෙවෙයි ඉවරයි ඊළඟ කොටසෙන්...

      Delete
  4. හුරේයා...ඔන්න හෙට කියනවලූ.............හිප්පි හිප්පි හුරේ...හෙට වෙන මගුලක් එහෙම කියන්නෑ හරිය.....එහෙම කලොත් ඒකත් බලාගම්මු හරිය.....

    ReplyDelete
    Replies
    1. හික්ස්... කිව්වොත් ඉතින් ඊට පස්සේ මඟුලක් තියෙන්නම එපාය අෆ්ෆා..

      Delete
  5. නියම ම පෙම්වතුන් දෙපලක්! ගෙදරින් අවුලක් නොවේවා!

    ReplyDelete
  6. හ්ම්.. ලස්සන කතාවක් අවසානයට ලඟා වෙනවා.. සුන්දර අවසානයක් වේවි කියල බලාපොරොත්තුවෙන්.. :)

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි ලයාන් හැමදාමත් කථාව එක්ක ‍රැඳිලා හිටියට.

      Delete
  7. අන්තිම කොටසටත් ආවද අප්පා ? තෙරුනේවත් නැහැනේ ...

    මේ ඇත්තටම ඇයි මේ මෙච්චර ගනන් උස්සන්නේ අකමැති වෙන්න හේතුවක් නැහැනේ ...

    ReplyDelete
    Replies
    1. ආවා නේන්නම්.. කථාවක් නම් ඉතින් අවසානයක් තියෙන්නම එපයි...
      අනේ මන්දා වර්ෂා තමා දන්නේ ඇයි මෙහෙම කරන්නේ කියලා.. :P

      Delete
  8. අනිවාර්යෙන්ම එදාට තමයි ගෑල්ලමයා මහින්ගෙන් ආදරේ ද කියලා අහන්නේ. ඊලඟ කොටස තමා කොටස කියන්නේ. එදාට ස්ප්‍රයිට් බෝතලයක් එහෙම ගෙනත් බිබී බලන්ඩ වටින කොටසක් !!

    ReplyDelete
    Replies
    1. ඇයි සෝඩා.... ටිකක් තිබ්බොත් නරකද

      Delete
    2. අයියා එහෙනම් අරගෙන ලෑස්ති වෙලා ඉන්නකෝ.. හැබැයි හිර කරගන්න එහෙම බෑ ඔය කන බොන දේවල්.. :P

      Delete
  9. අඩේ අවසාන කොටසත් ආවද මෙච්චර ඉක්මනට, එහෙම වෙන්නත් එපය් ඉතින්
    ඊලග එකත් දාන්නකෝ

    ReplyDelete
    Replies
    1. හෙ හේ... ඒකනේ .. කථාවක් නම් අවසානයක් තියෙන්න ඕනෙනේ.. ස්තූතියි හොඳේ...

      Delete
  10. සලිතයාව සලිත වෙන්න දෙන්නනේ තිබ්බේ මහින් ට...
    කමක් නැ කමක් නැ දැන් එකට හරියන්න වර්ශාව ලැබෙන්න නේ යන්නේ කොල්ලාට...

    ReplyDelete
    Replies
    1. හික්ස්.. සලිතව සලිත වෙන්න දුන්නා නම් වර්ෂාව නිකන්ම සලිත වෙනවනේ නංගෝ.. :D

      Delete
  11. හ්ම්ම්ම්ම්ම්... අවසාන කොටසත් එනවලු නේ.. මේ රණ්ඩුව ගැන මම කඉන් අනාවැකි කිවුවලු හරිද... :)

    වර්ෂා...

    දවසක් ලං වෙලා
    ඔය නෙත් ලගට
    කියා ගිය ආදරේට
    එකම එක උත්තරයක්
    බලාගෙන ඉන්නවා මම.

    හිත නොරිදේවි
    එකම එක වචනෙකින්
    මොකද දන්නවා
    ආදරේ බව නුඹ..

    තවම බලාපොරොත්තුව
    එකම උත්තරයක්
    මේ සීමා මායිම් බිද
    ආදරෙන් තුරුලූ වෙන්න..

    ReplyDelete
    Replies
    1. ඔවු ඔවු අයියා කිව්වනේ ඒ ගැන... :D

      මහීන්...
      ආදරේ බව දැන දැනම
      ඔය නෙතු හැම මොහොතෙම
      මට රිදවන තරම
      දන්නවා නම් නුඹ...

      ගලා යන කඳුලැලි
      ඔබවම පතන බව,
      සිත පුරාවට
      ඔබම ‍රැ‍ඳෙනා බව...
      සත්තමයි
      මේ තරම්වත්
      ඈතින් ඉන්න එකක් නැහැ නුඹ..

      ලඟට ලංව ආදරෙයි කියන්නට
      වාරු ගන්නට බැරිව
      ලතැවෙමි මම...
      ඒත් මඟ බලාගෙන ඉන්නවා නම්
      කවදාම හරි දවසක
      ඔය අත් අතරේ
      තනි වෙන්න එන්නම් මම...

      Delete
  12. අයියෝ...පවු මහීන්...කමක් නෑ ඒත් දැන් වැඩේ හරියයිනේ....අනේ දැන්නම් තවත් හදිස්සියි අක්කි ඉතුරු ටික බලන්න නම්....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ස්තූතියි නංගියෝ... :D

      Delete
  13. කුච් කුච් හෝතා හේ නේද???
    ඇති යන්තම් වර්ෂා කියන්න යනවා.ගෙදරටත් කිවොත් අවුලක් වෙන එකක් නෑ හැබැයි.

    ReplyDelete
    Replies
    1. හික්ස්.. කුච් කුච් හෝතාහේ , තූ නහී සම්ජෝගේ... :P
      හ්ම්ම්.. හැම ගෙදරකින්ම ඉතින් මුලින් ටිකක් ලෙඩේ දාලා පස්සේ ශේප් වෙනවනේ අක්කේ...

      Delete
  14. ඔන්න කියන්න ඕනෙ ටික කියන්න යන ගමන් ඊළඟට වෙනිවැල් ගැට ටිකක් තම්බලා අරන් ගියානම් තමයි හොඳ

    ReplyDelete
    Replies
    1. හෙ හෙ... ඒකත් ඇත්ත තමා... මහීන්ට ගුටි කාලා ඇඟේ අමාරුව ඇතිනේ නේ? :P

      Delete
  15. awuuuuuuuuuuu warsha dan ithin ha kiyay ne :P

    ReplyDelete
  16. ඇත්තටම ප්‍රා,
    …ඒක වචනයෙන් පිට වෙන්න ඕනෙමද?
    …ඇස් වලින් පිට වුනාට මදිද?

    ReplyDelete
    Replies
    1. ඇත්තටම අයියේ ඒක ඇස් වලින් වචන වලටත් වඩා හොඳට දැනෙනවා මම හිතන්නේ...

      Delete
  17. aaaahaaa.....niyamayi! ara moda salithayage vaday ivarayi mage hithe. eelagata jayamangalam neda prarthana..:)

    ReplyDelete
  18. හැමදාම හොරෙන් ඇවිත් කතා ටික බලල යන මටත් අද හිතුන පොඩ්ඩක් තට්ටු කරල යන්න.. :D

    ReplyDelete
  19. :) ලස්සනම ලස්සනයි අක්කියෝ...දිගටම ලියන්න....! :))

    ReplyDelete

Back
to top