෴ තුහින වර්ෂා෴ අවසාන කොටස


මහීන්ට message  එක යවද්දිත් මම තීරණයක් අරගෙනයි තිබුනේ.. phone එක පැත්තකින් තියලා, පෑනකුයි කොලේකුයි අතට අරගෙන මේසේ ගාවට ගිය මම ලියන්න පටන් ගත්තා.ජීවිතේ පළවෙනි වතාවට පෑනක් අල්ලද්දි මගේ අත් වගේම පපුවත් ගැහෙන්න ගත්තේ අද..වෙවුලන අතින් ,හුස්ම ගන්නත් බැරුව පපුවෙනුත් පිට පනින්න තරමට ගැහෙන හිතෙන් මම ලියන්න ගත්තේ නිකන්ම නිකන් ලියුමක් නෙවෙයි. මගේ ජීවිතේ වැදගත්ම, ඒ වගේම වටිනම තීරණය.

ටිකෙන් ටික ගැලපෙන සිතුවිලි අතරෙන් මම ලියුම පටන් ගත්තේ message එකකින් කියන්න බැරි, call එකකින් වචන වලට හරවන්න බැරි , මගේම හැඟීම්..

දයාබර මහීන්,
කොහෙන් පටන් ගන්නද? මොනවා ලියන්නදමම දන්නේ නෑ. ලියුමක් ලියන එකම හරිම අමුතු දෙයක්..

හිතේ තියෙන දේවල් වචන වලට හරවන්න ගියොත්.. මම දන්නවා මට වචන හොයාගන්න බැරි වේවි... ඔයාට මතකද අපි මුණ ගැහුණ ඒ මුල්ම දවස. ඔයා ඇඳගෙන හිටපු ඇඳුම නිල් පාටයි. එදා ඔයා යාළුවෝ විහිළු කරද්දි ඇවිත් මා ගාවින් වාඩි වුනාම පළවෙනි පාරට මගේ හිත ගැස්සුනා. ඒකට හේතුවක් නම් කියන්න දන්නේ නෑ මම. ඔයාගේ කටහඬ ඇහුවාම මට දැනුනේ මගේ මහන්සිය ඔක්කෝම නැති වෙලා ගියා වගේ.මුල්ම දවසේ ඉඳලම ඔයා මගේ හිත ඇතුලේ තිබුන හැම දෙයක්ම පොතක් කියවනවා වගේ කියෙව්වේ කොහොමද මන්දා. ටිකෙන් ටික ඔයාට ලං වෙද්දි, ඔයා එක්ක හේතුවක් නැතුව රණ්ඩු වෙද්දි, ඔයාගේ විහිළු වලින් මගේ මූණට හිනාවක් එද්දී, ඇත්තමයි මම හිතුවේ නෑ මම ඔයාට මේ තරමට කැමති වෙයි කියලා. ඔයා මගේ හොඳම යාළුවෙක් වුනේ ගොඩාක්ම ටික කාලෙකින්...

ඔයා මුණ ගැහෙන්න කලින් එදා වගේම ජනේලෙන් එළිය බලාගෙන මම හැමදාමත් වගේ හීන මැවුවා. ඒ මගේ ජීවිතේට පුංචිම සතුටක් දෙන දෙයක් ලැබෙන්න කියලා. ඔයා මුණ ගැහෙන්න කලින් පාළුව මැකෙන්න මට තිබුනේ මගේ තනිකම විතරයි. එදා ඔයා මුලින්ම දැක්ක දවසේ, ඔයා එක්ක කථා කරපු දවසේ මම හැමදාම හීන මවපු සතුට මගේ ලඟට ආව බව මට දැනුනා. එදා මගේ diary එකේ ඔයා ගැන ලියන්න හිතෙන්න ඇත්තෙත් ඒ නිසාම වෙන්න ඇති. එක පාරටම මගේ වුන වෙනස මගේ යාළුවොන්ට, අම්මාට, තාත්තට හැමෝටම තේරුණත් මට දැනුනේ නෑ. එක්කෝ දැනිලත් මම ඒක පිළිගන්න බය වුනා වෙන්න ඇති.

වෙනදාට කවුරුවත් නැතුව තනියම කෝච්චියෙන් කොළඹ ආපු මම ඊට පස්සේ හැමදාකම ඔයා එනකන් මඟ බලන් හිටියා. මගෙන් phone number එක ඉල්ලපු දවසේ ඔයා ආයෙමත් හැරිලා ආවම මට දැනුනේ සතුටක්. ඒ වගේම පුදුමයක්. කවදාවත් කවුරුවත් මම වෙනුවෙන් ඒ වගේ වැඩක් කරලා නෑ. මම බලාපොරොත්තු වුන කිසිම වෙලාවක මම ආදරේ කරන කවුරුත්ම මම වෙනුවෙන් ආපහු එයාලගේ වැඩ අත් ඇරලා හැරිලා ඇවිත් නෑ. ඒත් ඔයා... මට ඒ වගේ පුංචි දේවලිනුත් කොච්චර සතුටක් දැනුනද කියලා ඔයා දන්නේ නැතුව ඇති. ඔයාගේ කවිය... සඳවතියට  ලිව්ව.. හිතුවේ නෑ නේද මම ඒක දකීවි කියලා.. ඒත් මම ඒක දැක්කා. අනේ.. ඒක මට ලිව්ව එකක් බව මම එදා දැනගෙන හිටියා නම්... ඒත් එවෙලේ ඒක ලිව්වේ වෙන කෙනෙක්ට කියලා හිතිලා මට පුදුම ඉරිසියාවක් දැනුනා. කොච්චර හංගන්න හැදුවත් ඒක මගේ වැඩ වලින් මගේ යාළුවන්ට පවා තේරිලා තිබුනා. 

ඔයා දන්නවද.. මම දැක්කා පිස්සුම පිස්සු හීනයක්..ඔයා වෙන කෙල්ලෙක් එක්ක මට මුණ ගැහෙනවා කැම්පස් එකේ. හීනෙන් අඬලා දුලීට හෙනට නෝන්ඩි වුනා. ඒත් ඉතින් බොරු එන නිසා ඒකෙනුත් ලාවට බේරුනා.  පිස්සා... ඔන්න ඔයා හිනා වෙනවා නේද.. ඉතින් එහෙම තමයි මගේ හැටි.

එදා ඔයා ඇඳපු මගේ චිත්‍රේ කී සැරයක් නම් මම හිතේ ඇඳගන්න ඇත්ද? ඔයාට ඒ තරමටම මාව විශේෂයි කියලා හිතද්දි මට දැනුනේ පුදුම සතුටක්. අනේ ඔයාගේ චිත්‍ර... මමම නිසා හොඳයි ඉතින්... ආයේ හිනාවෙන්නේ නෑ ඔන්න... කටවහගෙන ලියුම බලන්න.. මෝඩයා.

විසිරෙනා සේද සුළඟ මත
කල්පයක් පුරාවට පතාගෙන ආ
ඒ සුසුම් පොද ඔබම විය..
ඒ සුසුමෙහි සුවඳ සොයමින්
පෙරා සැම සුළං කෝඩයන්
වෙහෙස වූයෙමි මම,
නොදැන ඒ සුවඳ ඇති තැන...
රළු මල් සුවඳ ඇවිදින්,
නුඹේ සියුම් සුසුමෙහි සුවඳ සඟවමින්,
හමා යන්නට ඇති,
මඳ පවන හා සැනෙකින්...
‍රැව‍ටුනත් මල් සුවඳට
පරව ගිය පසු මල් සැම
මතු වුනා යලි යලි
ඔබේ සුසුමක සුව...
ඉතින්..
දෙනවාද විඳින්නට
රළු මල් සුවඳ නොව
ඔබගේ සුවඳවත් සුසුම් පොදක සුව....

දවසක් දුලී ඔයාට විහිළු කරා මතකද, මම කවියක් ලිව්වා කියලා. ඒ මේ කවිය. ඒක ලිව්වේ කාටද කියලා ඔයා දන්නවද? දන්නවා නේද? ඒත් එදා මේ කවිය ලිව්වේ කාටද කියලා මම දැනගෙන හිටියේ නෑ. හ්ම්ම්... එහෙමත් නෙවෙයි මගේ හිත ඒක පිළිගත්තේ නෑ.

මට සලිත් මුණ ගැහුන දවසේ ඔයා නොහිටියා නම් මම අඬලා අඬලාම මොනවා වේවේද දන්නේ නෑ. එදා ඔයාගේ උරහිසට ඔළුව තියාගෙන නිදාගෙන ඇහැරුනාම මට දැනුන උණුහුමට මම ගොඩාක් ආසා කරා. ඒත් ලැජ්ජාවක් නොදැනුනාම නෙවෙයි.
එදා ඔයා මට ඔයාලගේ අර කබල් කැන්ටිමෙන් fruit salad  එක අරන් කවද්දි ඔයාගේ ඇස් වල තිබුන ආදරේ මම නොදැක්කා නෙවෙයි. ඒත් ඔයා දන්නවද මම කොච්චර බය වුනාද කියලා. ඇත්තමයි මම බය වුනා. ඔයාගේ ආදරේ ලඟ මම අසරණ වෙයි කියලා මම බය වුනා. ඒත් ඔයාගේ ආදරේ ලඟ තරම් මම සතුටින් හිටිය කාලයක් පහුගිය අවුරුදු 3ටම මට තිබුනේ නෑ. ඊයේ ඔයාට සලිත ගහලා කියලා කිව්වම මට මාවම පාලනය කරගන්න බැරි වුනා. මම නිසා ඔයා විඳපු දුක් හොඳටම වැඩියි. මේ පිස්සියෙක් නිසා මෙච්චර දුක් විඳින්න ඔයාට පිස්සුද? ඇත්තටම පිස්සු ඔයාට. මෙච්චර කල් ඔයාට දුක් දුන්නට මට සමාව දෙනවා නේද? ආදරේට බයෙන් හිටපු මේ බයගුල්ලිට, ඔයා කියනවා වගේ ඔයාගේ මුව පැටික්කිට මේ තරම් ඉවසීමෙන් ආදරේ දුන්න ඔයාට ගොඩාක් පින්..

ඉතින්... මේ පිස්සිට ඔයාගේ හිතේ හැමදාමත් ‍රැ‍ඳෙන්න අවසර දෙනවද? ආයෙමත් එලවන්නේ නැතුව හැමදාමත් මාව ඔයාගේ ලඟින් තියාගන්නවද?. ඔයාට හිතාගන්න බෑ නේද? මගේ මූණ බලන්නේ ඇයි මෝඩයෝ. ඔවු මම දැන් ඔයා ගාව. ඔයාගේ එහා පැත්තේ. ඉතින් ඔයාගෙම පිස්සිගේ, ඔයාගේ මුව පැටික්කිගේ අහිංසක ආදරේ ඔයා පිළිගන්නවා නේද? මේ අතින් අල්ලගෙන මහා හුඟාක් දුර ඇවිදිනවා නේද? ආයෙමත් මාව දාලා යන්නේ නෑ නේද? කැම්පස් එකේදි ආදරෙන් මට ආයෙමත් fruit salad කවනවා නේද?.. මම එදා වගේ හැන්ද නම් උදුරලා ගන්නේ නෑ නෑමයි. ඉතින් මම ඔයාට මෙහෙම කියන්නද? ඔයා අහන්න ආසම කරපු ඒ ලස්සන වචන තුන, ඒක වචන තුනක සීමාවෙන් එහාට ගෙනියනවා කියලා මම ඔයාට පොරොන්දු වෙනවා. ඉතින්...
මම ඔයාට ආදරෙයි. ඔව්... මේ මමම තමයි, මහා ගොඩාක් ආදරෙයි මම ඔයාට.

මම ඔයාගෙම වර්ෂා...

එකට පැටළුන අත් වලින් මහීන් , මම දෙන්නම එක්ක මගේ ලියුම නැවුවේ කෝච්චිය වැල්ලවත්තේ මුහුදු වෙරළ පහුකරද්දී...
ලියුම පුරාම නොඉවසිල්ලෙන් ආදරෙන් දුවපු ඒ තරු ඇස් ඊළඟට බැලුවේ මගේ දිහා. කඩාගෙන වැටෙන්න බලාගෙන ඉන්න කඳුළු බිඳු දෙකක් අස්සෙන් මගේම ඡායාව ඒ ඇස් වල මම දැක්කා.



හෙමි හෙමින් මගේ දිහාට නැවුන ඒ තරු ඇස් වලින් මහීන් මගේ දිහා බලාගෙන හිටියේ පුදුම ආදරේකින්. එයාගේ උණුහුමට මාව තවත් තුරුළු කරගත්ත මහීන් පළවෙනි වතාවට මගේ නළලට හාදුවක් දුන්නේ සතුටින් නලියන එයාගේ උණුහුම් දෙතොල් වලින්.

අපිට ගොඩාක් දුර යන්න තියෙනවා මගේ මුව පැටික්කියේ. ඔය අහිංසක හිත හැමදාටම පරිස්සම් කරගන්න මම ඔයාට පොරොන්දු වෙනවා.

ඔයාට මමත් ගොඩාක් ආදරෙයි මගේ කෙල්ලේ. ඔයාට වගේම මටත් ඔයාව දැක්ක දවසේ ඉඳන් හිතේ හැංගුන මොකක්දෝ හැ‍ඟීමක් තිබුනත් ඔයා වගේම මමත් ඒ හැඟීම පිට කරන්න බය වුනා. ඉතින්... දැන් ඒ හැමදේම හරි.. මම ඔයාගේ ලඟින් එක අඩියක්වත් හෙලවෙන්නේ නෑ මීට පස්සේ...."

මගේ මූණට එබිලා එහෙම කියපු මහීන් මගේ අත් තවත් තද කරලා අල්ල ගත්තේ මාව කොහොමටවත් අත් අරින්නේ නෑ කියන දේ හිතලා බව මට එයාගේ ඇස් වලින් තේරුනා..

"ඔහොම ඉන්නකෝ මමත් දෙයක් පෙන්නන්න. එහෙම කියපු මහීන් මගේ අතේ තිබ්බේ diary එකකින් කඩාගත්ත කොළයක්.. ඒ එක්කම තිබුනේ photo එකක්.."

2012.02.12
හිත කියන දේ මම තේරුම් ගන්නේ වැරදියටද,
නැත්නම් මගේ හිත මාව තේරුම් ගන්නේ වැරදියටද?
අනේ මන්දා...
කොහොම වුනත්
ඒ අහිංසක ඇස් ලඟ මගේ හිත තප්පරේකට හරි නතර වුනා කියලා මට දැනෙනවා.
කාලයක් බලාගෙන හිටපු ඒ හිතමද මේ..
කටකාරයි, හැඩකාරයි, ආඩම්බරකම ගෑවිලාවත් නැති තරම්..
ඒත්... ආයේ මුණ නොගැහුනොත්..
හ්ම්ම්ම්...

කොළේ තිබුන දේ කියවලා photo එක දිහා බැලුවම මගේ ඇස් වලට එක දිගට කඳුළු ගලාගෙන එන්න ගත්තා. ඒ ආදරේ වැඩිකමට වෙන්න ඇති. ඒ එදා කොච්චියෙදී සමීර අයියා ගත්ත අපි දෙන්නගේ photo එක. ඒ photo එක ඇතුලේ ලස්සන කථාවක් හැංගිලා තිබුනා. ඉතින් ඒක හැමදාටම අපි දෙන්නට වටීවි..

අනේ මහීන්...
මම, ඔයා.....
අපි දෙන්නම...........
ඒත්...

ගලපගන්න බැරි වචන අස්සෙන් මට කියාගන්න පුළුවන් වුනේ එච්චරයි.

"ෂ්ෂ්ෂ්ෂ්... මුකුත්ම කියන්න එපා... "

එහෙම කියපු මහීන් මගේ අත අරගෙන එයාගේ පපුවෙන් තියාගත්තා..

"දැනෙනවා නේද හිත ගැහෙනවා හයියෙන්. මේ කෝච්චිය
 දුවනවාටත් වඩා හයියෙන්.... එදත් මේ වගේමයි. ඉතින් ඒ ආදරේම තමයි. ඒත් අපි දෙන්නම ඒක තේරුම් ගන්න ගොඩක් පරක්කු වුනා. ඒත් ඒකෙත් නරකක් නෑ මම හිතන්නේ"

එහෙම කියලා හිනාවුන මහීන් ආයෙමත් ආදරෙන් මගේ දිහා බැලුවා.
වෙලාව කොයිතරම් ගත වෙලා තිබුනද කියලා අපි දෙන්නටම තේරුමක් තිබුනේ නෑ. අම්බලන්ගොඩත් පහු වුන බව මම දැක්කේ මහීන් මගේ දිහා බලාගෙන ඉද්දි ලැජ්ජාවට අහක බලපු වෙලාවෙ.

ඉන් පස්සේ ඒ උරහිසට හේත්තු වුන මම හික්කඩුවේ මුහුදේ සිතිජය මායිමේ ඉර බැහැලා යනවා බලාගෙන හිටියේ පුදුම සතුටකින්. මේ මොහොතට මම කොයිතරම් නම් හීන මවන්න ඇත්ද? එයාගේ උරහිසේ ඔළුව තියාගෙන කෝච්චියේ කවුළුවෙන් පෙරිලා එන හුළඟේ දඟලන නටන ඉර එළියෙන් මුහුද දිහා බලාගෙන ඉන්න, ටිකෙන් ටික අඳුරු වෙන වටා පිටාවේ ලස්සන එයා එක්කම විඳින්න..

ඒ අතරේ රහසෙන් වගේ මගේ කනට ලං වෙලා මහීන් ආයෙත් කථා කරා.

එහෙනම්....... මේ පිස්සා එක්ක දුර යන්න ඔය පිස්සි ලෑස්තියි නේද?

මුකුත් නොකියා මම හිනාවුනත් ඒ ප්‍රශ්නෙට උත්තරේ මහීන් දැනගන්න බව මම දැනගෙන හිටියා.
සොඳුරු හවස් වරුවක, කවුරුත් දන්න , දෙනෝදහක් ගැවසෙන මරදාන ස්ටේශමෙන්  වෙනදාටත් වඩා ආගන්තුකයෝ විදියට කෝච්චියට ගොඩ වුන අපි දෙන්නාගේ හිත් දෙක ආදරවන්තයො වගේ එකට බැඳිලා තිබුනේ ආයෙමත් වෙන් කරන්න බැරි විදියට. 

කොච්චිය ඇතුලේ පටන් ගත්ත මිතුරුකම ඒ කොච්චි පෙට්ටියක් ඇතුලෙදිම ආදරයක් බවට පත් වෙලා ගාල්ලේ ස්ටේශමෙන්  හවස 6ට අපි එළියට එද්දි, වටින් ගොඩින් කළුවර වැටෙන්න පටන් අරන්.. ගාලු නගරේ පුරාම තිබුන light එකින් එක පත්තු වෙනකොට , අඳුරට සමුදුන්න ගාලු නගරය වගේම අපේ ආදරේ නිසා අපි දෙන්නගෙම ජීවිතෙත් අඳුරත් නැති වෙලා යන බව දැනගෙන අපි දෙන්නම මූණට මූණ බලලා හිනාවුනා. කො‍ටු පවුර පැත්තේ ඉඳලා හමාගෙන ආපු සීතල මූදු හුළං ‍රැල්ලක් අපි දෙන්නගේම හුස්ම සුවඳ කරගෙන ගහගෙන ගියේ හිතට අමුතුම ප්‍රබෝධයක් එකතු කරන ගමන්.. රතු පාටට දිලිසෙන ගාලු අහස පුරාවටම අපේ සතුට විහිදිලා තිබුනා වගේ කියලා අපි දෙන්නටම හිතුනා. අපි ආයෙමත් හිනා වුනා.. ඉතින් ඒ හිනාව හැමදාටමයි. ඔයත් මමත් හැමදාටම එකටමයි...



උණුහුම් විඩාබර ගිම්හානය නිමව
එළඹ ඇත සිසිර සෘතුව..
වසන්තයටත් වඩා
පිවිතුරු,
නිකැලැල්...
උණුහුමින් දිය වී වැගිරෙන සිතට,
සිසිලසක් සදන්නට
තුහින වර්ෂාවක් වී,
ඇද හැලෙනු මැන ඔබ...
නෙතු නතර වුන ඔබේ රුව ලඟ
සිත නතර විය ඔබේ සිත ලඟ,
ඉතින්,
මා ඔබේමැයි කිවහොත්...
උරණ වේවිද ඔබ පෙම් බැන්ඳ සඳවත...
ඒ මමම බව,
කියන්නට එපා දනිමි මම...
ගිනි ගැහුන සිත උදුරාගෙන නුඹ,
මා නිවෙනවා ඔබේ ආදරය ලඟ...


මහීන්, වර්ෂාගේ සොඳුරු ආදර කථාවක ඇරඹුම මෙසේ සනි‍ටුහන් වන වගයි...

සමාප්තයි


CONVERSATION

73 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. Replies
    1. අනේ හරිම ලස්සනයි...මාව එක මොහොතකට කොහේදෝ ගියා කියලා හිතෙනවා...හරිම ලස්සන අවසානයක් ගේනාවා අක්කා ඔයා ... තව තවත් කතා ගෙන්න..

      Delete
    2. ගොඩාක්ම ස්තූතියි නිම්ශා නංගියෝ... :*

      Delete
    3. Assalamualaikum Salam sejahtera untuk kita semua, Sengaja ingin menulis
      sedikit kesaksian untuk berbagi, barangkali ada teman-teman yang sedang
      kesulitan masalah keuangan, Awal mula saya mengamalkan Pesugihan Tanpa
      Tumbal karena usaha saya bangkrut dan saya menanggung hutang sebesar
      1M saya sters hampir bunuh diri tidak tau harus bagaimana agar bisa
      melunasi hutang saya, saya coba buka-buka internet dan saya bertemu
      dengan KYAI SOLEH PATI, awalnya saya ragu dan tidak percaya tapi selama 3 hari
      saya berpikir, saya akhirnya bergabung dan menghubungi KYAI SOLEH PATI
      kata Pak.kyai pesugihan yang cocok untuk saya adalah pesugihan
      penarikan uang gaib 4Milyar dengan tumbal hewan, Semua petunjuk saya ikuti
      dan hanya 1 hari Astagfirullahallazim, Alhamdulilah akhirnya 4M yang saya
      minta benar benar ada di tangan saya semua hutang saya lunas dan sisanya
      buat modal usaha. sekarang rumah sudah punya dan mobil pun sudah ada.
      Maka dari itu, setiap kali ada teman saya yang mengeluhkan nasibnya, saya
      sering menyarankan untuk menghubungi KYAI SOLEH PATI Di Tlp 0852-2589-0869
      Atau Kunjungi Situs KYAI www.pesugihan-uang-ghaib.com agar di
      berikan arahan. Supaya tidak langsung datang ke jawa timur, saya sendiri dulu
      hanya berkonsultasi jarak jauh. Alhamdulillah, hasilnya sangat baik, jika ingin
      seperti saya coba hubungi KYAI SOLEH PATI pasti akan di bantu Oleh Beliau

      Delete
  2. ගොඩක් ලස්නයි යාළුවා..අන්තිම කොටසත් එක හුස්මට කියෙව්වා..ආදරේ කියන දේ කතාවක් තුලින් හරි අපූරුවට සම්පිණ්ඩණය කරලා..ගොඩක් ලස්සනයි..
    කව්රුහරි ආදරණීය නවකතාවක් ලියන්න උත්සහ කරනවනම් මම කියන්නේ ඒ කෙනාට ඔයාව අනුගමනය කරන්න කියලා...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. අම්මෝ... ලස්සන කථාවක් ලියන ගමන් ඔයා කියනවා මාව අනුගමනය කරන්නලු.. ඔයාගේ කථාව කොච්චර ලස්සනද? .. ස්තූතියි ජනරඟ...

      Delete
  3. අයියෝ ඉවර වෙලා. :(
    නියමයි අක්කේ. හරිම ලස්සන ආදර කතාවක් :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගියෝ... :D

      Delete
  4. කමෝන්...ජයග්‍රාහී ප්‍රේම කතාවක අවසානය...
    තව එකක් පටන් ගම්මු..... :)))))))))))))

    ReplyDelete
    Replies
    1. හික්ස්.. අක්කට තියෙන සතුට... :D

      Delete
  5. අවසානේ එහෙනම් දෙන්නා එකතු වුනා..:D හුරේ!!! ජය වේවා!!!!

    ලස්සනම ලස්සනයි කතාව අක්කි!!! ආදරේ උතුරනවා.... ඒත් ඉවර වුනු එක ගැන දුකයි!!!

    තව කතාවක් ලියන්න....ජය වේවා!!! :*

    ReplyDelete
    Replies
    1. හලේ... තැන්කූ මගේ නංගියෝ...

      Delete
  6. අලංකෘත වූ කතාවක අවසානය
    සතුටුයි හැබැයි කතාව ඉවරයි කියල දැනෙනකොට දුකයි
    නියම කතාවක් මේක...

    ReplyDelete
    Replies
    1. ගොඩාක්ම ස්තූතියි පුබුදු... :D

      Delete
  7. හරි ලස්සන ලියුම :)
    කතාව මුල ඉඳන් අගටම හැමදාම ආසාවෙන් කියෙව්වා. ලස්සන අවසානයක්
    තවත් මේ වගේ ලස්සන කතා ලියන්න.. ඔබට ජය! :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලයාන් හැමදාමත් කථාව එක්ක එකතු වෙලා හිටියට.. :))

      Delete
  8. බොහෝම ලස්සනට කතාව ඉවර කරලා ,අවසානය ඔහොම උනෙක හොදා එකපාරටම 100% ක් වෙනස් වෙන්නේ නැතුව ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රොබින්.. මට ඕනේ වුනේ සතු‍ටුදායක අවසානයක් දෙන්න.. ඒකයි මෙහෙම ඉවර කරේ.. :))

      Delete
  9. ලස්සනයි, මාරම ලස්සනයි.හැමෝටම ඔහොම අවසානයක් තියෙනවනම් නේ? :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ... හ්ම්ම්.. සමහර ආදර කථාවල මේ වගේ අවසානයක් තියෙන්න පුළුවන්.. :)

      Delete
  10. සියල්ලෝම සතුටින් විසිර ගියහ.....
    ලස්සන කතාව. කතාව ආයේ ආයේ කියවනකොට පුදුම ලෝබ කමක් හිතෙන්නේ. ඒ තරමටම කතාව හිතට සමීපයි. අර වර්ෂා ලියපු ලියුම ගොඩක් ලස්සනයි. ඒකෙන් ගෑල්ලමයෙක්ගේ හිතේ තියෙන ගොඩක් හැඟීම් ගලපලා තියෙනවා !!!

    කතාව ලස්සනයි !! ආයේ අහන්ඩ දෙයක් තියෙනවා යෑ සිංහල ටීචරි ගේ දූ පොඩ්ඩ නෙව !

    ReplyDelete
    Replies
    1. හික්ස්.. ස්තූතියි ලොකු අයියේ...
      හලේ ඉතින් ලැජ්ජයිත් වගේ ඔහොම කියද්දි..

      Delete
  11. හ්ම්.. ඔක්කොම කියෙව්වා ප්‍රාර්ථනා... ලස්සන කතාවක්. ඔයාටත් ඔයාගෙ නිර්මාණ හැකියාවටත් සුබ පතනවා!

    ReplyDelete
    Replies
    1. ගොඩාක්ම ස්තූතියි යාළුවා.. :))

      Delete
  12. හරිම ලස්සන කතාවක්.. ලස්සන අවසානයක්...

    හැමදාම කියෙව්වට අද තමයි comment එකක් දැම්මෙ...

    ජය!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිතූ .... :)))))))))

      Delete
  13. ලස්සන අවසානයක්...!

    ReplyDelete
  14. ලස්සනට ලියල තියෙනවා නංගි...දිගටම ලියන්න... :)

    ReplyDelete
  15. අනේ.. අක්කේ.. මේක හරිම ලස්සනයි.. විශ්වාස කරන්න.. මට අන්තිම ටික කියවන කොට ඇඬුනා.. ඒ ඇයි කියන්න මන් දන්නේ නැ.. මට මහ මෝඩ ගතියක දැනුනා.. ඇස් වල කඳුළු පුරෝගෙන හිනා වේවි ස්ක්‍රීන් එක දිහා බලන් ඉන්න කොට.. හේහ් හේහ්.. :) ලස්සනම ලස්සන කතාවක් අක්කියෝ..

    ReplyDelete
    Replies
    1. :O අනේ ඇඬුවා... සමහරවිට අපේ කැම්පස් එකේ ගොඩාක් තැන් මේකේ තියෙන නිසා වෙන්න ඇති නංගියෝ.. හෙ හෙ.. ස්තූතියි හොඳේ..

      Delete
  16. හරිම ලස්සන ආදරණීය කතාවක්. හිත සැහීමට පත්කරන අවසානයක්​. තව තවත් ලියන්න අපි වෙනුවෙන්. හෘදයාංගවම ඔබට ජය පතමි. :))

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි reeza.. :D

      Delete
  17. වර්ෂා,

    බලාපොරොත්තුව
    දෑස ලග
    හීනයක් නොවුන විට
    එකෝම එක් දවසක
    අහම්බෙන්න් බැදි
    ප්‍රේමයක,
    අහන්න පින් කල
    ඒ එකම එක වදන
    දගකාර ඔය වදන් වලින්
    ඇහෙද්දි සවනට
    හිත උතුරුලා ගිය ආදරය
    නුඹට දැනුනා ඇත්තට..

    ලගට ලං වෙලා
    හෙමිහිට
    තවරා හාදුවක් නළලත
    බොහොම කලෙකට
    පැතුමක් පුරන්න
    අවසරයි ඉතින් අපට..

    බොහෝ දුර ගමනක
    පළමු පියවර
    ආදරෙන් එක්ව
    තබම අප මෙයින් මතුවට..

    ලස්සනයි නඟෝ කතාව.. මම ඉතින් මේක ගැන අමුතුවෙන් දෙයක් කියන්න ඕනද ඉතින්.. අන්තිම කොටස කියවද්දි මට මතක් උනේ ඔයාගේ නෑනවලු ඉතින්... :)

    ReplyDelete
    Replies
    1. කවියක් නම් ලියන්න හිතෙන්නෙම නෑ.. මගේ නෑනා පොඩ්ඩට මම කියන්නම් ඕකට පිළිතුරක් ලියන්න කියලා.. හෙ හෙ... මටත් අයියගේ කවිය දැක්ක ගමන් මතක් වුනේ මගේ නෑනා පොඩ්ඩලු ඉතින්... ;)

      Delete
    2. හෑ.. ඒක හලි අසාදාරණයි.. පෝස්ට් එකක් දාන තරම් කවි ලියපු එක්කෙනා දැන් කවි ලියන්න බෑලු.. නෑනා පොඩ්ඩට කියලා බන්නවන්නේ... :)

      Delete
    3. දෙනෙත් අගින්
      ගලා යන සෙනෙහස මැඳ,
      සිහිනයක ඔබ දකින සඳ
      සැබෑවක් වේයැයි
      සිතුවේම නෑ මම...

      විටින් විට ලං වී
      ඔබ දුරින් හිඳි කල,
      සත්තමයි දැනුනා විරහව
      දරාගන්නට බැරි තරමට...

      නමුදු අද
      නුඹ මා දෙදෙන
      අපේම වී ඇත...

      දුර යන්න ලඟ හිඳගෙන
      පෙර මඟ බලමි මම,
      මල් වරුසා වැටෙන මේ රෑ යම
      තෙමි තෙමී යමු එකම විසල් අහසක් යට...

      හෙ හෙ.. ඔන්න ලිව්වා ඉතින්... මගේ නෑනා මට බනින්නේ නෑ... මම දන්නවා ඒක.. ඒක නිසා මම බය නෑ.... :D :D

      Delete
  18. ඉක්බිති සියල්ලෝම සතුටින් ජීවත් වුවෝය.. (They lived happily thereafter ?)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. බොහොම සතුටෙන් ජීවත් වූවෝය.. :))

      Delete
  19. හරිම අහිංසක ලස්සන අවසානයක් අක්කියෝ..ඒ වගේ ආදරේකට නම් කාගෙවත් ඇස්වහක් වදින්න එපා..ඇත්තටම කතාවක් කියලා අවසානය වෙනකම්ම දැනුනේ නෑ..ඒ තරමටම කතාව රස වින්දා අක්කි..ආයෙමත් ලස්සන කතාවක් ගේනකම් අපි මග බලන් ඉන්නවා....

    ReplyDelete
    Replies
    1. ගොඩාක්ම ස්තූතියි නංගියෝ.. ඔයා හැමදාමත් ඉතින් කථාව ගැන ගොඩාක් ආසාවෙන් කියනවනේ.. ඒකටත් ගොඩාක්ම ස්තූතියි හොඳේ... :*

      Delete
  20. ඔහොම ඉවරකරපු එක නියමයි...ඔනැම නිර්මාණයක උච්චතම අවස්තාවේ නැවැත්තුවේ නැත්නම් එකේ අගේ නැතිවෙනව...නංගී නිර්මාණය පට්ට...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියා... හලේ... පට්ට කියන වචනෙට මම මාර ලයික් හොඳේ... :D

      Delete
  21. sha akki lassanate kathawe gothala iwere kara ne :) harima lassanay.. am so happy for warsha and maheen :D so they lived happily ever after :D me ane thawe me wage lassanaaaaaaaaaa kathawak liyamu hode :D take care akki

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගියා.. they lived happily ever after තමා.. :D

      Delete
  22. එක හුස්මට කියවගෙන ගිහිල්ලා ආයේ පාරක් හිමිහිට හිමිට කියෙව්වා... අනේ හරිම ලස්සන්යි මේ කතාව සිනහවකින් අවසන් වීම ගැන මට ගොඩාක් සතුටුයි.ඉක්මනටම අපිට තවත් ලස්සන කතාවක් දෙන්න හොදේ ඔන්න අපි බලන් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. අනේ ගොඩාක්ම ස්තූතියි අක්කියෝ.. තව කථාවක්.. හ්ම්ම්ම්.. බලමුකෝ ලියන්න.. :D

      Delete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. ටෙස්ට් මැච් එක ඉක්මනට ඉවර වුන හින්දා ග්‍රවුන්ඩ් එක පැත්තෙ කරක් ගහපු කඩල කාරයො දෙන්නෙක් සුපුරුදු පරිදි ස්ටේසම පැත්තට ඇදුනා. අම්පයර්ලගෙ වැරදි ගැන වකාර් යුනිස් සහ රමීස් රාජා මයික් එක දෙදරන්න කෑගහනවා සිංගර් ෂොප් එකක් ලඟ වටවුනු කොළු රංචුවක් බලාගෙන හිට්යා. සුපුරුදු ලෙස නිදහසේ තණනිල්ලට බැහැපු කපුටෙක් කවුදෝ කාලා විසි කරපු මස් කට්ටක් වෙත ලංවුනේ ග්‍රවුන්ඩ් බෝයීයෙකුට ඔච්චම් බැල්මක් දාමින්. ගෝල්ඩ් ලේබල් විස්කි බෝතලයක් ශ්‍රී ලංකා කන්ඩායමේ එකිනෙකා අත උජාරුවෙන් මාරුවුනේ තව ටිකකින් කුණුබක්කිය තුල තමන් ආ ගමනේ අවසානය සනිටුහන් වන බව නොදැන.

    කාලෙකට පස්සෙ ලබපු ටෙස්ට් මැච් ජයග්‍රහනයෙන් ඔද්දාම වුණු ගාළු නගරය තවත් එක් තුහින වැස්සක හීතල විඳ ගත්තෙ සද්දයක් නැතුවම. ගාළු කොටු පවුර උඩ නැවතුනු මගෙ හිත අවුරුදු දොලහක අතීතය පැත්තට ඇදිල ගියත්, මස්සිනාකාරයා ගේ වදන් පෙලක් මාව පියවි ලෝකයට ගෙනාවා.

    "මැච් එක ගොඩ නේද?"

    මගේ කටින් "හ්ම්ම්" කියවුනේ මැච් එක ගොඩ ගියාටද මහීන් ගොඩ ගියාටද කියල නොහිතා ඉන්න අන්තිමේදි තීරණය කලා.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... අනේ මේක හරිම ලස්සනයි.. අනේ මන්දා හිතට දැනෙනවා හැම පුංචි දෙයක්ම.. ස්තූතියි අයියේ... වෙනස්ම විදියකින් ඔයාගේ ප්‍රතිචාරේ දුන්නට..

      Delete
  25. හරිම ලස්සන කතාවක්...
    ඔයාගේ කතාව කියවල මටත් එකක් ලියන්න හිතුණා.
    එත් මං මේ බ්ලොග් කලාවට අලුත් කෙනෙක්.
    මගේ කතාවත් කියවල හොද නරක කියල දෙන්න කියල ඔයාලගෙන් ඉල්ලුවට කමක් නැහැ නේද ?

    http://rozz12.blogspot.com/2012/06/blog-post_26.html

    ReplyDelete
    Replies
    1. ඔන්න මමත් ගියා ඒ පැත්තට..
      ස්තූතියි ... :D :D

      Delete
  26. හම්මේ... ඒකත් ඉවරයි. ලස්සන කතාවක්. සතුටින් කතාව ඉවර වුණ නිසා ගොඩක්ම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. හික්ස්.. ඉවර වුනා නේන්නම්.. ස්තූතියි මිනෝ...

      Delete
  27. නියමයි අක්කේ.. අවසානය ලස්සනයි

    ReplyDelete
  28. අවසාන කොටස මිල්ටන් මල්ලවාරච්චි ගැයූ "මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයි" ගීතය වගේ අදහසක් මුලුමනින්ම හිතට එනවා.

    කොටස් දාහතක් පුරා දිගැරුණු ප්‍රේම වෘත්තාන්තය ආදරෙන්ම නිම වුණා. මේ කොටස් දාහත සාමාන්‍ය නවකතාවක පිටු 140 - 160 අතර ප්‍රමාණයකට විහිදෙනවා.ඒ අතින බලන විට ඔබේ මේ උත්සාහය සාර්ථකයි.බ්ලොග් එකකින්ලේඛණ කලාවේ අත හුරු කරගන්න පුළුවන් තැනක්. ඒ සදහා කියවීම වගේම ලිවිමත්, භාෂාව භාවිතයත් වැදගත්.

    ඒ නිසා මේ සුන්දර අත්දැකිම ලේඛණ කලාවේදි ඔබට හොඳ අත්වැලක් වේවි ඉදිරි නිර්මාණ කටයුතුවලට. ඒ සඳහා සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. බොහෝමත්ම ස්තූතියි අයියේ.. මේ අගය කිරීම් ඒ වගේම වැරදි නිවැරදි කිරීම් මට ගොඩාක් වටිනවා මගේ වැරදි හදාගෙන ලියන්න. හැමදාමත් වගේ වටිනා අදහස් ටිකක් දුන්නට ගොඩාක්ම ස්තූතියි...

      Delete
  29. මේ කොටස් 17ම කි‍යවද්දි පුද්ගලිකව මගේ ජීවිතේට සමීප වෙච්චි ‍අදටත් මගේ හිතේ ඉතුරු වෙලා තියෙන ගොඩාක් මතකයන් ආයෙමත් හිතේ ඇදෙන්න ගත්ත..
    ඒවා මොනව උනත් හැමදාමත් කිව්‍ව වගේ උපරිමයි නංගා..
    ජයෙන් ජය!!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. මතකයන් හැමදාමත් සුන්දරයි අයියේ... බොහොමත්ම ස්තූතියි ඔයාටත්...

      Delete
  30. ලස්සන කතාවක්..
    සුභ පැතුම් ප්‍රාර්ථනා...

    ReplyDelete
  31. හ්ම්............................................................................................................................................................................
    කියන්න දෙයක් හිතෙන් නෑනෙ...කේක් ඉල්ලන්න හිතෙන්නෙත් නෑ...හැබැයි සතුටුයි...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.... නොකිව්වත් මට හිතාගන්න පුළුවන්... ස්තූතියි තරූ

      Delete
  32. මං පරක්කු වුනා.......ඒත් කියාගන්න බැරිතරම් සතුටුයි.....චූටි කඳුලකුත් ආවා අක්කියෝ..........

    ReplyDelete
    Replies
    1. තැන්කූ නංගි පැටියෝ... ඔයා ඉතින් හැමදාමත් කථාව එක්ක එකතු වුනානේ. මාත් බැලුවා ඒත් මොකද ඔයා නැත්තේ කියලා.

      Delete
  33. බාධක කඳුළු හිනාවන් මැදින් ලස්සන අවසානයක්..!!!
    හරිම ලස්සනයි නංගියෝ.. සුබ පැතුම් ඔයාට.. තව තවත් නිර්මාණ කරන්නට..!!! :)

    ReplyDelete
    Replies
    1. ගොඩාක්ම ස්තූතියි අක්කියෝ... :D

      Delete
  34. Patta pata pata...elakiri nanga...keep it up.jaya wewa...

    ReplyDelete

Back
to top