෴නිමේශයකදී...෴


ඉඳුනිල් නයනග රස කලතා
දිමුතු දසන් විකසිත වූවා,
තරු දහසක් දිලුනා අහසේ
හිරු මල් පිපුනා රෑ අහසේ...

තුරු හිස ‍රැඳි මල් යලි සැලුනා
මහ වැස්සක් වී ඇඳ හැලුනා,
ඔය නෙතු මා දු‍ටුවා රහසේ
යනෙනා මඟ තොට පෙර දවසේ...

සප්ත ස්වරය ගී නඳ ඇසුනා
නොදැනිම සුළඟට පණ පෙවුනා,
ගීයක් ගැයුවා හද සිත්සේ
වීණා වැයුනා සිත් අහසේ...

දෙනෙතින් දොඬමින් ගී ගැයුවා
රහසෙම ඔබ මා හා බැඳුනා,
දෙසිතම අසරණ වී රහසේ
සමුගෙන යන්නට බෑ මෙලෙසේ...

නිමේශයක මගේ ලඟ ‍රැඳුනා
කථා කරන නෙතු දුර දිව්වා,
දෙනෝ දහක් මැද නොසිතු ලෙසේ
මා තනිවූවා පෙර විලසේ..



CONVERSATION

35 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. අැතිවීම ස්වාභාවය කොට ගැන අැති යමක් වේද ඔය නැති වීම ම ස්වාභාවය කොට ගෙන අැත්තේය!

    ReplyDelete
  2. ලස්සනයි ඔන්න මාත් පස්සෙන් එලවනවා

    ReplyDelete
  3. අයියෝ ආයි තනි වුනාද :D

    ReplyDelete
  4. ලස්සන කවි සිතුවිල්ලක් !!

    ReplyDelete
  5. හා....ලස්සනයි සිතුවිල්ල​ ප්‍රාර්ථනා :) ඒක නෙමෙයි දෙනෙතින් දොඩන්නෙ කොහොමද? :D

    ReplyDelete
    Replies
    1. ඒ ගැන විස්තර කරන්නවත්, පැහැදිළි කරන්න වත් බෑ අක්කේ.. අත්දැකීම් එක්කයි ඉගෙන ගන්න ඕන!! දෙනෙතින් කතා කරන්න කෙනෙක් හමු වුණු දවසට වැටහේවි!

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. එහෙම ඈ මලයා,:) අපි නම් ඉතින් ඕවා දන්නැ කටින් දොඩනවා මිසක්!:D :D

      Delete
    4. This comment has been removed by the author.

      Delete
  6. ලස්සනම ලස්සනයි ප්‍රා අක්කියෝ.... ;)

    ReplyDelete
  7. මටනම් මේක දැනෙන්නෙ හොද lyric එකක් වගේ

    ReplyDelete
  8. ලස්සනයි සහෝදරිය

    ReplyDelete
  9. හරිම ලස්සනයි...

    ReplyDelete
  10. ලස්සන කවි පෙල නංඟෝ.. පිළිතුරු කවි ගලපන්න වෙලාවක් නෑ මේ ටිකේ.. දන්නවනේ ඉතින්.. :)

    ReplyDelete
  11. සඳුයි තරුයි හිරුයි එකපාර අහසේ පායනවානම් එහෙම පායපුහාම කොච්චරනම් ශෝක්ද ? ගොඩක් ලස්සනයි කවිය. තනිකම ගොඩක් වෙලාවට දැනෙන්නේ ගොඩක් අය අතරේ ඉන්නකොටමයි.

    ReplyDelete
  12. මේක කවි සිතුවිල්ලක් නෙවේ ගීතමය සිතුවිල්ලක්.
    ලස්සනට ලියල තියෙනවා. හැබැයි ගිතයට ගන්නකොට කොටස් දෙකක් අඩුකරන්න වෙනවා

    ReplyDelete
    Replies
    1. ම්..මටත් හිතුනෙ එහෙමමයි..
      මැදට දාන chorus එක නොදා මේ පදමාලාවම පාවිච්චි කලොත් ලස්සන ගීයක් හදාගත්තෑකි..

      මොකද ප්‍රාර්ථනා කියන්නෙ..ඔය ගී කියන කාටහරි යවලා බලමුද?

      Delete
  13. වාව්..හරිම ලස්සනයි අක්කියෝ....

    ReplyDelete
  14. ලස්සනයි ප්‍රාර්ථනා.......

    ReplyDelete
  15. චංචලත්වයක් තුල නිශ්චලත්වයක් පැවතිය හැකිවුවද නිශ්චලත්වයක් තුල චංචලත්වයක් පැවතිය නොහැක.

    ReplyDelete
  16. ලස්සනයි.... ! දුකයි..!

    ReplyDelete
  17. //ගීයක් ගැයුවා හද සිත්සේ
    වීණා වැයුනා සිත් අහසේ...//

    ජීවිත ගමනේ හමුවෙන වෙන්වෙන අය ගොඩයි.. ඒත් අප ළඟ සදහටම නතරවෙන්නෙ අපේ ජීවිතේ ලියැවිලා තියෙන අයව විතරයි නංගේ.. කවි ටික සතුටින් පටන් අරන් දුකින් අවසන් වුණා වගේ දුකයි මේ සිතිවිල්ලනම්.. ඒත් ලස්සනයි ඒ සිතිවිල්ල ගැලපුන කවි පදනම්.. :)

    ReplyDelete
  18. හ්ම්.....ලස්සනයි...

    ReplyDelete
  19. ම්ම්ම්ම්....... තනිවීම තමා ඉවසන්නම බැරි..

    ReplyDelete
  20. මතකයන් ගොඩාක් අවදි කරපු නිර්මාණයක්.....
    ලස්සනයි....

    ReplyDelete
  21. හැමෝටම ගොඩාක් ස්තූතියි යාළුවනේ...

    ReplyDelete

Back
to top