෴ මම පොඩි සාදු෴



සිලි සිලි නදින් සැලෙනා විට බෝ පත් රන්
සැලෙනා සිතට කෙලෙසින් කියමිද බණකම්,
ඇලි ඇලි සසර ගෙවෙනා විට බැඳ ලොබකම්
ඇලුනා මසිත සිහිවී නුඹ ගැන සැමකල්...

කසාවතට සිත දන්දී නිවන සොයා
තොසා වඩන සිත තුල දම් සුවඳ දරා,
වසා පසිඳුරන්, පස්පවු පවා නසා
වහා ඇඳුනි සිරි සම්බුදු සරණ සොයා..

බෝමැඩ නිතර සරනා විට විඳ සිසිල
දු‍ටුවෙමි ඔබේ රුව සම වූ ඇගේ මුහුණ
සසලව සිතට ගැලුවේ ඔබේ ස්නේහ ගඟ
ඇලුනා යලිත් ඔබේ සෙනෙහේ සුවය විඳ...

අමා මෑණි බුදුරජිඳුගේ සෙවනේ ‍රැඳී
නමුත් ඔබේ සෙනෙහස සිත පතුලේ ඇඳී
වහා දුවයි  ඔබ සිටිනා පිලට ඇඳී
මවුනි ඔබට සැමදා මම පුදමි බැතී...


CONVERSATION

53 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. Replies
    1. හෙ හෙ තැන්කූ හොදේ...

      Delete
  2. බෝ මළුවේ මල් සුවඳට පැටලී
    අම්මා පෙවූ කිරි සුවඳ ගලා එන්නේ..

    ජය වේවා අක්කේ!

    ReplyDelete
    Replies
    1. නුපුරුදු උණුහුමකට සිත ඈඳී
      ගේ දොර සෙල්ලම් පිටිය මතක් වෙන්නේ...

      ස්තූතියි මල්ලියෝ...

      Delete
  3. හරිම ලස්සන නිර්මාණයක්!!!!

    ReplyDelete
  4. මේක කියවන කොට මට කවියක් මතක් වුනා.. එක කියෙව්වේ අපි හොඳට දන්න කියන කෙනෙක්ගේ බ්ලොග් එකකින්.. අනේ ඒත් ඒ කාගේද කියන්න මතක් වෙන්නේ නැ.. කොහොම වුනත් ඒක ඉවර වුනේ මේ වගේ පදයකින්..
    "නිවන් දකින්නට නුඹ හුරතල් වැඩි පුතේ.."
    ලස්සනයි අක්කියෝ.. කාලෙකට පස්සේ ඇවිත් නේ..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. අම්මා කෙනෙක්ගේ කෝණෙන් ලියපු කවියක් නේද නංගෝ. ස්තූතියි..

      ඔවුනේ අනේ... සුමාන දෙකකින් විතර ආයේ ලියන්න ගත්තේ...

      Delete
  5. මටත් පන්සලේ පොඩි හාමුදුරුවො මතක් වුනා..
    ලස්සන පැදි පෙලක්..

    ReplyDelete
  6. ලස්සනයි ප්‍රා.... හැමදාමත් වගේම!!!!

    ReplyDelete
  7. //..වහා දුවයි ඔබ සිටිනා පිලට ඇඳී
    මවුනි ඔබට සැමදා මම වඳිමි නැමී...//

    හිතට හුගක් දැනුනා..ලස්සනම ලස්සන කවි පෙලක් අක්කියෝ....

    ReplyDelete
    Replies
    1. ගොඩාක්ම ස්තූතියි නංගියෝ...

      Delete
  8. LASSANA KAVI TIKA

    ReplyDelete
  9. ඇයිද මන්ද මම පොඩි සාදුලා දිහා බලන්න කැමති නෑ...හරිම පව් කියල හිතෙනවා.....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. මටත් එහෙම නම් තමා...

      Delete
  10. අද ප්‍රා නංගිගෙන් වෙනස්ම විදිහේ සිතුවිල්ලක්..

    හිතේ තිබුන ප්‍රශ්ණ අමතක කරලා අළුතින් හිතන්න අරන්.. ලස්සනයි නඟෝ..

    ReplyDelete
    Replies
    1. හෙ හෙ... ස්තූතියි අයියේ.. වෙනස් දෙයක් ලියන්න හිතුනා...

      Delete
  11. හරිම ලස්සන පද ටිකක් ප්‍රාර්ථනා...කවිපද ටිකනම් හරිම ලස්සනයි.සිතුනු සිතුවිල්ල වචන වලින් ගොඩක් හැඩවෙලා...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිත්තමී... :D

      Delete
  12. ලස්සනයි!!! වෙනස්ම සිතුවිල්ලක් අක්කේ!! පින්තූරෙ එක්ක කියවද්දි හිතට හරි අමුතු සිතුවිල්ලක් එන්නෙ... අපූරුයි!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක්ම ස්තූතියි මගේ නංගෝ...

      Delete
  13. පොඩි හාමුදුරුවන්ට වුනත් මවට පියාට වඳින්න බැහැ. ඒ නිසා අන්තිම පේලිය වෙනස් වුණානම් හොඳයි. පැවිදි ජිවිතයට ඇතුළත් වු පසු වැඳිය යුත්තේ දෙමව් පියන් වන නිසා. කවියේ අදහස සිත්ගන්නා සුලු එකක්.
    බෙහෙවින්ම නිර්මාණාත්මකයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ඒක ඇත්ත අයියේ.. මම කිව්වේ හිතින් හැමදාමත් අම්මට වඳිනවා කියන දේ.. ඇත්තටම කවියෙන් ඒක තේරෙන්නේ නම් නෑ තමයි. ස්තූතියි වැ‍රැදි පෙන්වලා දෙනවාට.

      Delete
  14. ලස්සන කවියක්..
    දයානන්ද අය්ය කියපු කථාව ඇත්ත.. ඒක් හැදුවොත් නිර්මාණය අරුත්බර වේවි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි යාළු... ඔන්න ඒ වැ‍රැද්ද හදාගත්තා. ස්තූතියි

      Delete
  15. ලස්සන නිර්මාණයක්...

    ReplyDelete
  16. මව් සෙනෙහසින් හිත ඈත් කරන්න ලේසි නෑ! අපූරුවට කවියට නගල තියනව. ලස්සනයි ප්‍රාර්ථනා!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් අයියෙ. පොඩි ළමයෙක්ව මවු සෙනෙහසින් ඈත් කරන එක ගොඩාක් අමාරුයි

      Delete
  17. හ්ම්ම් සංවේදී කවක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කියෝ...

      Delete
  18. මවගේ සුවඳ කෙලෙසක අමතක වේද
    සමිදුන් පවා දෙව්ලොව වැඩ දෙසු සේක
    පිරුවත් අමා දම් අසපුවේ වැඩසිටම
    නොදැමුන නිසා මුලු සිත සිහිවෙයි එලේස............

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ලස්සනයි අයියේ... ස්තූතියි

      Delete
  19. ලස්සන අදහසක් !!
    අම්බෝ කාලෙකින් මේ පැත්තේ එන්ඩ උනේ !!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ.. ඒකනේ අනේ කොහේද අතුරුදන් වෙලා හිටියේ...

      Delete
  20. හරිම ලස්සනය්..! වෙනස්ම දැක්මක් හරිනම් කොල්ලෙකුටයි..ඔයවගේ දේවල් හිතෙන්න ඕන..!පද ගැලපීමෙන්ම ඔයාගේ ප්‍රවීනත්වය දැනෙනවා..!

    ReplyDelete
    Replies
    1. අම්මෝ.. මම ප්‍රවීනයෙක් නම් නෙවෙයි. හිතට ආව වචන ටිකක් කවියකට ගැලපුවා විතරයි.. ස්තූතියි...

      Delete
  21. ම්ම්ම්ම්ම්....ලස්සනයි....

    ReplyDelete
  22. වහා දුවයි ඔබ සිටිනා පිලට ඇඳී
    මවුනි ඔබට සැමදා මම පුදමි බැතී..


    හරිම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ගොඩාක්ම ස්තූතියි...

      Delete

Back
to top