෴ආකාස ගඟේ වළාවේ වෙලී෴



මේ හිත, මගේ මේ සුන්දර හිත... කොහේ කොහේ හීන මවනවද මන්දා.සොඳුරු තනිකමේ සුන්දරත්වය උපරිමයෙන් විඳපු මේ හිත දැන් මටම වටහා ගන්න බැරි වෙලා. දවස ගානේ ඇහෙන ගීතයක, දවස ගානේ දකින රූපයක හැමදේකමමගේ හිත දකින්නේ පුදුම සුන්දරත්වයක්. ගලාගෙන යන හුළඟ කෙහෙ‍රැලි අවුල් කරනකොට , ඒ මුරණ්ඩු හුළඟට හිතුමතේ හිතුවක්කාරකම් කරන්න ඉඩ දීලා බලාගෙන ඉද්දි මගේ කට කොණට ඉබේම හිනාවක් එන්නේ ඇයිද මන්දා. වෙරළ දිගේ සුදු පාටට හිම කැටි වගේ පෙණ හදමින් ආයෙමත් දියඹට ගහගෙන යන මුහුදු ‍රැළි මොකක්දෝ රහසක් මගේ කණට කොඳුරනවා මට දැනෙනවා. මුහුද ගීතවත් ගීයක් වගේ... දුම්රියේ කවුළුවක් අතරින් එන හිතුවක්කාර හුළඟත්, ඒ හුළඟේ මුහු වෙලා එන මුහුදේ ගීතවත් හඬත් මාව කොහේදෝ නොදන්නා ඈතකට ඇඳගෙන යනවා වගේ. ඉබේම වගේ අහස දිහා බැලෙන්නේ අහස පුරා වියන් බැඳපු, රටා වියපු වළාකුළු වල සුන්දරත්වය නිසා. 


ඉර ටිකෙන් ටික ගොඩබිමෙන් එළිය හොරෙන් අරන් යද්දි සිතිජ රේඛාවට බොහොම ලඟින් මුහුදු දිය එළිය කරගෙන හිරු එළිය තීරුවක් වැටිලා ඒ මුළු දිය කඳම රන්වන් පාට වෙලා. ඊට මෙහායින් තියෙන තද නිල් පාට මුහුදු දිය අතරෙන් පේන රන්වන් පාට ඒ එළිය තීරුව මවන්නේ අපූර්වතම ලෝකයක්...හිතට දැනෙන සුන්දරත්වය වචන වලට ගලපන්න තරමට මම හුරුබුහුටිකමක් ලැබුවා නම් ඇත්තමයි මගේ ජීවිතේම ගීතයක් වේවී, ගීතයක් වෙලා සොඳුරුම වචන වලින් මේ නිල් ආකාසේ පුරාම ලියවේවී. ජීවිතේ ඒ තරමට සුන්දරයි. දුම්රියේ ගීතවත් ගමනත්, මුහුදේ ගීතවත් හඬටත්, හිතුමතේ හමන මුරණ්ඩු සුළඟේ ගීතවත් හඬත් එකතු වෙලා අමුතුම මිහිරක් මවද්දි ඒ මිහිර විඳගන්න සුන්දර ගීතයක් අහන්න හිතුනේ නිකමට වගේ.

ආකාස ගඟේ වලාවේ වෙලී
සීමාව සොයා සිසාරා ඇඳී,
එමි ආදරේ...
සිත සාදමී...
මුදු හාදු දී...
හද ගිනි නිවමි...

ඇත්තටම අහස ගංගාවක්, උහුලගන්න බැරි තරමේ ජලකඳක් එකතු වුනාම දිය ඇල්ලක් වෙලා පහලට ඇඳ හැලෙන ගංගාවක්, ඒ ආකාස ගඟේ වලාවක් වගේ පාවෙලා යන්න ඇත්නම්, ඇත්තමයි මම ආසයි.මේ පුංචි රටේ කොතනක හරි ඉන්න ඔහුව හොයාගෙන යන්න ඇත්තමයි මම ආසයි. කියාගන්න බැරි හැඟීමක් හිත තෙරපද්දී කොහේදෝ ඉඳන් හමාගෙන එන සුළඟේ ඔහුගේ සුසුමක් මගේ මුව සිඹගෙන යන්න යනවා ඇති. ඒත් මම දන්නේ නෑ, උතුරෙන්, දකුණෙන් හැම අතින්ම හමාගෙන එන සුළඟේ ඔහුගේ සුවඳ පොදක් මුහු වෙලා ඇති. ඔහු මාව බලාපොරොත්තුවෙන්, ඒ බව මගේ හිත දන්නේ කොහොමද මන්දා.ඒත් මට දැනෙන ඒ හැඟීම බොරුවක් වෙන්න බෑ.

සුළඟ හෙමිහිට හැමුවාවේ
කොහේද ඈ මට කිව්වාවේ,
පෑයූව සඳේ ,ආකාසේ ‍රැඳී
ඈ වාගේ දිලී ,රිදවයි නුඹ හිනැහී...

ටිකින් ටික අඳුරු වැටීගෙන එද්දී සුළඟටත් අමුතු සිසිලක් මුහුවෙලා. ඒ සීතල අස්සෙන් හමාගෙන එන මල් සුවඳ ඔහුත් මේ විසුල අහස යටම කොහේ හරි විඳිනවා ඇති. ටිකෙන් ටික හඳ පායගෙන එද්දී ඒ හඳ මඬල මත ඔහු මාව සොයනවා ඇති. මම සඳක් නොවුනත් ඔහු ඔහුගේ අහසේ අමාවක දුරු කරන්න සඳක් හොයනවා ඇති, මේ අහස යටම කොහේ හරි මම වගේම අහස දිහා බලාගෙන ඔහුත් හීන මවනවා ඇති.

ඈ ඉන්නා සිරි මැඳුරේ
ලා අඳුරේ මේ යාමේ
පාවිදෝ ගී රාවේ
පීඩාවී සන්තාපේ
ඒ හඬනා හඬදෝ ඇයගේ

දෑසේම පායා
රෑ සීන ගේනා
ඈ කෝ සොයා තැවෙමී

වසන්තය, පාර දිගට පිපුන මල්, හෙමි හෙමිහිට ඇඳහැලෙන පොද වැස්ස , ඒ වැස්සේ එක කුඩයක් යට මල් ඉහිරුන පාර දිගේ ඇවිදන් යන්න මම වගේම ඔහුත් හීන මවන්න ඇති. ඒත් දැන් වසන්තය නිමා වෙලා, හේමන්ත සෘතුවේ උණුසුම් ඒත් සුන්දර රාත්‍රීන් ගතවෙලා යද්දි ඔහු මා පතන බව මට , මගේ හිතට දැනෙනවා. හෙමි හෙමින් රෑ කාලය උදා වෙද්දි හේමන්තය පුරාවට ඔහු මා එනතෙක් මඟ බලනවා ඇති. හිතුවක්කාර හුළඟ එක්ක හිතුමතේ දඟකරන කෙහෙ‍රැලි වලට විරාමයක් දෙන්න, ඒ කෙහෙ‍රැලි ආදරයෙන් ඔහුගේ මුහුණ කිතිකවද්දී ආදරයෙන් මා දිහා බලන් ඉන්න ඔහු සිහින මවනවා ඇති. මල් වාරේ නාවත් දැන් කම් නෑ, වසන්තය කොහොමවත් ඕනේ නෑ. ඒත් ඔහු ඉන්නවා නම් සිසිරයත් වසන්තයක් වෙන බවට සැකයක් නෑ.

රෑ බෝවී ආවාවේ
දී දුක් දී හේමන්තේ
නෑ එන්නේ මල් වාරේ
සරසාලා ඈ හිසකේ

ඈ මතකේ සුසුමේ සිරවේ

දෑසේම පායා
රෑ හීන ගේනා
ඈ කෝ සොයා තැවෙමී...

මේ ගීතය අහද්දී ඇත්තටම දැනෙන හැඟීම වචන වලට පෙරලන්න ගත්ත අවංක උත්සාහයක්. ඒත් ඒක කොයිතරම් දුරට සාර්ථකද මන්දා. මොකද කියනවා නම් අපිට හිතෙන සමහර සුන්දර හැඟීම් ගලපන්න වචන හොයාගන්න හරිම අමාරුයි. මුහුද පේන මානෙක, සීතල හුළං හමන හවස් යාමෙක යාන්තමට කරුවල වැටීගෙන එද්දී වේගේන් ධාවනය වෙන දුම්රිය මැදිරියක තනියම මේ සිංදුව අහද්දී දැනෙන්නේ අමුතුම හැඟීමක්. සුන්දර, ගුප්ත, ඒත් හිත උලුප්පන හැඟීමක්...

CONVERSATION

40 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. මාත් ආසම සින්දුවක්...

    ReplyDelete
  2. ම්ම්ම් උත්සහයනම් සාර්ථකයි මමත් කැමතිම ගීතයක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කියෝ...

      Delete
  3. සින්දුව නම් මීට කලින් අහලා නැද්ද කොහෙදෝ..ඒත් දැන් නම් අහන්නම හිතෙනවා අක්කියෝ.. :)

    ReplyDelete
    Replies
    1. ලස්සනයි සිංදුව නංගියෝ... මමත් හරිම ආසයි මේ සිංදුවට

      Delete
  4. ලස්සන් ගීයක්..නේද..?

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඔව්... මම හරිම ආසයි මේ සිංදුවට...

      Delete
  5. මම නම් මේ සිංදුව අහලා නෑ. අහලා බලන්ඩ ඕනා
    මොකෝ ලොකු නංගි මේ ටිකේ වැඩද ? ඔහේව පෝස්ට් එකකින් හරි දකින්න ලැබෙනවා කියන්නේ පඬුවන් බස්සා දකින්නා වගේ. ඒ තරමටම දුර්ලභයි :)

    ReplyDelete
    Replies
    1. හෙ හෙ ස්තූතියි අයියේ... මම ඉතින් අයියට කිව්වනේ හේතුව... වෙලාවකුත් නෑ. කාගේවත්ම පෝස්ට් බලන්නවත් වෙලාවක් නෑ ලොකු අයියේ... :)

      Delete
  6. සුදු නංගියේ.. ඔයා මම ආසම සිංදුවක්නේ මේ කතවකට අකුරු කරලා තියෙන්නේ.. නියමයි.. වෙන මොනා කියන්නද ඉතින්..

    ReplyDelete
    Replies
    1. හලේ සුදු අයියත් කැමතිද මේ සිංදුවට.. මරු... ස්තූතියි හොඳේ...

      Delete
  7. Replies
    1. ස්තූතියි හිරුහිමාවී

      Delete
  8. ජීවිතේට ආදරේ හුළං රැල්ල වැදුනාම ඇහෙන හැමදේම, පේන හැමදේම, දකින හැමදේම පේන්නේ දැනෙන්නේ හරියට කවියක පද ව‍ගේ.. :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... මට නම් ආදරේ හුළං ‍රැලි තාම වැදුනේ නෑ අයියේ... ඒත් ජීවිතේ ලස්සනයි... :D

      Delete
  9. ලස්සනයි ඔයා ලියලා තියෙන විදිය.. මමත් අසම ගායකයෙක් තමයි කසුන් එත් මම මේ සින්දුව අහලා තිබුනේ නැහැ...හරිම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි චමී. මේ සිංදුව අහලා බලන්න හරිම ලස්සනයි...

      Delete
  10. ඔයාගේ උත්සහය නම් ගොඩක් සාර්ථකයි අක්කියෝ..ඔයාගේ ඒ සිතුවිලිත් එක්ක ලස්සන කතාවක් හිතේ මැවුනා..හුගක් ලස්සනයි....

    ReplyDelete
    Replies
    1. ගොඩාක්ම ස්තූතියි නංගියෝ...

      Delete
  11. අඩේ අහලා නෑ නෙ. අලුත් සින්දු අහන්න ලැබෙනවා අඩුයි...

    ReplyDelete
    Replies
    1. මේක අලුත්ම නෑ අක්කේ.. අහලා බලන්න. ලස්සනයි...

      Delete
  12. වචන ටිකට මත් වෙලා වගේ පෝස්ට් එක බැලුවා අහන්න නොලැබුන ආසම ගායකයෙක්ගෙ ලස්සන සින්දුවක් නියමයි....

    ReplyDelete
    Replies
    1. ගොඩාක්ම ස්තූතියි සිත්තමී...

      Delete
  13. උත්සාහය නම් සාර්ථකයි අක්කෙ!!! සින්දුව අහලා තිබ්බෙ නෑ..ත් මේකෙන් නම් රසවින්දා.. ලස්සනයි!!!

    ReplyDelete
  14. ඔන්න සින්දුව නං ඇහුවෙ අදයි..
    ලස්සනයි..!

    ReplyDelete
  15. අලුත් ගීය මීට පෙර අහලා නම් නැහැ ඒත් ගියේ අරැතටත් ගායනවේ විලාශයටත් අනුගතවෙමින් සිතුවිලිවලින් අදින සිතුවම ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි අයියේ...

      Delete
  16. මගේ ආසම ගායකයෙක් කසුන් කියන්නේ ඒත් මේ ගීය අහලා තිබ්බේ නෑ අහන්න ඕනේ උත්සාහය සාර්ථකයි !!!! ජය!!!

    ReplyDelete
    Replies
    1. මගෙත් ආසම ගායකයා කසුන් ... ස්තූතියි යාළුවා...

      Delete
  17. මාත් ආසම සිංදුවක්...

    ReplyDelete

Back
to top