මතක මං පෙත දිගේ



හේමාල් ට්‍රැවල්ස්

බස් ස්ටෑන්ඩ් එකේ තිබුන ඒ නම ඇහැ ගැ‍ටුන ගමන් හිත නොදැනුවත්වම අතීතයට ගියේ ඒ බස් එකේ නම වගේම ඒ බස් එකත් මගේ මතකෙට සොඳුරු මතක සටහන් එකතු කරලා තිබුන නිසා.

********************************************************************************

"පිස්සි, අපි මේ බස් එකේ යමු නේද, නැත්නම් ඔයාට ගෙදර එන්න හවස් වේවි"
ස්ටෑන්ඩ් එකේ නවත්තලා තිබුන C.T.B බස් එකක් පෙන්නලා හේමාල් කිව්වා.

"නෑ හේමාල්, මට මේකේ යන්න බෑ, අපි ඔයාගේ බස් එකේ යමු"

"මගේ බස් එක, කවදද අනේ මේ දුප්පත් කොල්ලට බස් එකක් තියා බයිසිකලයක්වත් තිබුනේ"

"ඇයි ඔයාගේ හේමාල් ට්‍රැවල්ස්" එහෙම කියලා මම එයා දිහා බලලා ඇහැක් ගැහුවා. 

"පිස්සි, ඔයාට නම් හොඳටම පිස්සු" මගේ අතින් අල්ලගත්ත හේමාලුත් මමත් බලන් හිටියේ මේ බස් එක එනකන්. 

බස් ස්ටෑන්ඩ් එකෙන් බැහැපු ඒ බස් එකේ ගමනාන්තය වුනේ හේමාල්ගෙ සුන්දර ගම. ටවුමේ ඉඳන් කිලෝමීටර් 6ක් විතර දුරකින් තිබුනත් කෙත්වතු, වෙල්යායවල් පිරුනු ඒ පැත්තට මම හැමදාමත් ආදරේ කරා, හේමාල්ට වගේම... ඒ ගම පුරාම හේමාල් එක්ක ඇවිදපු හැටි, හේමාල්ගේ යාළුවෝ පවුලේ අය  දකිද්දි ලැජ්ජාවෙන් ඇඹරිලා හේමාල්ට මුවා වුන හැටි මතක් වෙලා මට තනියම හිනා ගියා.

අද මම ඒ බස් එකේම මගේ යාළුවෙක්ගේ ගෙදර යනවා, ඒත් තනියම. එහෙම වුනේ හේමාල්ගේ වරදකින් නෙවෙයි, මගේම වරදින්.. ඒත් ඒ වරද හදාගන්න බැරි තරමටම මම දුර දිග ගිහින් වැඩියි. යාළුවගේ ගේ ගාවින් බහිනකන්ම හේමාල්ගේ මතකයන් අතරේ සැරිසරපු මට කාලෙකට පස්සේ පුදුම තනිකමක් දැනුනා. ජීවිතේට එක එක ආදර කථා ආවා ගියත් හේමාල් හැමදාමත් මගේ මතකයේ ගැඹුරුම තැන ඉන්නවා ඇත්තේ එයා මගේ පළවෙනි ආදරේ නිසාම වෙන්න ඇති. මගේ හොඳම යාළුවා තුශීට හේමාල් ගැන ආයෙමත් කියන්න හිතුනේ මේ හේතුව නිසාමයි.

"පවු බන් හේමාල් , උඹව ලැබුනම ඌට මුළු ලෝකෙම ලැබුනා වගේ හිටියා කියලා හේමාල්ගේ යාලුවා තමිඳු මට මේ ලඟදි කිව්වා. අවුරුදු හතරක් වෙලත් ඌ තාම කෙල්ලෙක් එක්ක යාළු වෙලා නෑ" ඒක ඇහුනම මගේ හිතේ බර තවත් වැඩි වුනා. 

"HI, කොහොමද?"
එහෙම අහලා කෙටි පණිවිඩයක් හැමදාමත් මගේ ලඟ තිබුන හේමාල්ගේ number එකට යැවුවේ ඕනේ දෙයක් වුනාදෙන් කියලා හිතලා.

"hi, මේ ඔයාද සිතූ, මම නම් හොඳින්., ඔයාට කොහොමද? ඔයාට තාම මාව මතකද සිතූ. මට ගොඩාක්ම සතු‍ටුයි ඔයා මට කථා කරපු එකට. ඒක වචන වලින් කියන්න බෑ. ඒත් මට ගොඩාක් සතු‍ටුයි. ඔයාගේ උපන්දිනේට wish කරේ නැති වුනාට තරහා වෙන්න එපා. මට මතක් වුනා. අවුරුද්දට wish කරත් ඔයා මුකුත් එව්වේ නෑනේ. ඒ නිසා ඔයාට වදයක් වෙලා කියලා හිතුවා .ඔයාට වදයක් වෙන්න ඕනේ නැති නිසයි කථා නොකලේ

"හ්ම්ම්.. ඒකට කමක් නෑ. ඒත් මම නපුරු වුනාට ඔයාගේ wish එකකට reply නොකරන්න තරම් නපුරු නෑ"

මම එහෙම යැවුවේ ඇත්තටමයි. මම නපුරු වුන තරම මම ඇත්තටම දන්න නිසාමයි.

"හ්ම්ම්... ඔයා නපුරුයි. ගොඩාක් නපුරුයි. ඒත් ඔයා තමා හැමදාමත් මගේ ආදරේ"
හේමාල් එහෙම කිව්වම මගේ ඇස් වලට මටත් නොදැනිම කඳුළු බිoඳුවක් ඉනුවා.

"මට සමාවෙන්න හේමාල්. මට සමාවෙන්න. මේ සමාවෙන් ඔයාගේ හිත හදන්න බෑ කියලා මම දන්නවා. ඒත් මට සමාවෙන්න .මම ඔයාට රිදෙව්වා, ගොඩාක් රිදෙව්වා. ඔයා ගැන තරමට මම පසුතැවෙන දෙයක් තවත් නෑ." 

"සමාව ඉල්ලන්න දෙයක් නෑ. ඔයා එවෙලේ කරේ ඔයාගේ සතුට හොයාගෙන ගිය එක. ඔයාගේ සතුට තමයි මගෙත් සතුට, ඒක නෙවෙයි දෙයක් අහන්නද?"

"හ්ම්ම් අහන්න"
කෙටියෙන්ම එහෙම යැවුවේ මට වෙන කියන්න දෙයක් හිතාගන්න බැරි වුන නිසා.

"ඔයා මට තාමත් ටිකක් හරි ආදරේද සිතූ. මට ඒක විතරක් කියන්න. ඇත්තම කියන්න. ඊට පස්සේ මම ඔයාට වදයක් වෙන්නේ නෑ. ඒත් ඔයා එක දෙයක් දන්නවා නේද? මම ඔයාට හැමදාමත් ආදරෙයි. ගොඩාක් ආදරෙයි. ඔයා තමා හැමදාමත් මගේ එකම ආදරේ. ඔයාට මතකද ඉස්සර ඔයාට මාව නොදැක දවසක්වත් ඉන්න බෑ. ඔයා අඬනවා පිස්සී... මතකද ඒ කාලේ. පන්තියේ මම ඔයාගේ පිටිපස්සෙන්ම වාඩි වෙලා ඔයා ඉගෙන ගනිද්දි ඔයා එක්කම වැඩ කරපු කාලේ. ඒත් ඒ කාලේ ඉබේම නැති වුනා. හරියට ලස්සන හීනයකින් මාව එක පාරටම ඇහැරෙව්වා වගේ.  ඒත් දැන් මට ඔයා නොදැක ඉන්න බෑ. මම දන්නවා මේ දේවල් කිව්වට ඔයා ආයේ එන්නේ නෑ කියලා. ඒත් ඔයා නොදැක ඉන්න බැරුව මම අඬපු තරම දන්නේ මම විතරයි. මම හැමදාමත් මැරි මැරී උපදිනවා සිතූ. ඔයාට මම තාමත් ආදරෙයි. ඔයාව ආයෙමත් ලබාගන්න නෙවෙයි මම මේ දේවල් කියන්නේ. ඒත් මම ඔයාට ආදරෙයි.මට එක පාරක් කියන්න ඔයා මට තාමත් ආදරෙයිද.

ඒ කෙටි පණිවිඩේ දැක්ක ගමන් මුළු ඇඟම හිරි වැටිලා ගියේ මගේ හිතේ ඇතුලේ කොහේ හරි තැනක තාමත් හේමාල් හැංගිලා ඉන්න නිසා වෙන්න ඇති.ඒත් ඒ ඇත්ත හිත පතුලෙ කොනක හැංගුනේ අපි දෙන්නට කවදාවත්ම එකතු වෙන්න බෑ කියන බය මගේ හිත ඇතුලේ දළු දාලා තිබුන නිසා. හැමදාමත් මම බලාපොරොත්තු වුන අවංක ආදරේ මගේ අත ලඟම තියාගෙන මම මෙච්චර කල් අන්ධ වෙලා හිටියද කියලා මට හිතුනා . හිතට ආපු වේදනාව නිසා ඉක්මණටම පණිවිඩයක් ටයිප් කරලා මම හේමාල්ට යැවුවා. 

"මම දන්නේ නෑ හේමාල්, ඇත්තටම මම දන්නේ නෑ.

හ්ම්ම් කමක් නෑ සිතූ. ඒත් ඔයා කවදම හරි මගේ ආදරේ තේරුම් ගනීවී. ඔයාට තාමත් ඒක තේරෙන්නේ නෑ. මම ඔයාට ආදරෙයි හැමදාමත්. පරෙස්සමෙන් ඉන්න සිතූ. බුදුසරණයි.

අපේ කථාවට අවසාන තිත හේමාල් ඒ විදියට තියද්දි පැත්තකින් ඉඳන් මට කථා කරපු මගේ ඇතුල් හිත මෙහෙම හෙමිහිට අහනවා මට දැනුනා...

ඇත්තටම ඔයා දන්නේ නැද්ද??


නිල් කඳු මිටියාවත පමණයි
මගේ දෑසේ ‍රැඳිලා ඇත්තේ,
ඈතට ඈතට ගිය සිත
කොයිබද නැහැ මා දන්නේ...
සොඳුරු බවින් යුත් අතීතයක්
මට නෑ හිමි වී ඇත්තේ,
ඒ ගැන සිතමින් කෙලෙසද සොඳුරියේ
ඔබ වෙත මා ලං වන්නේ...
සැනසුම් සුසුමක සේයාවක්
ඉතිරිව නෑ ඔබ ඇසුරේ,
සුපුරුදු තනිකම විතරද උරුමය
මට මේ මුළු දිවියේ...


CONVERSATION

41 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. සින්දුව ලස්සන අැති! අවාසනාවන්ත අයුරින් අලියාණන් ගේ සින්දු අැසීමේ හැකියාව තුරන් වී ගියේය! :(

    කවදත් වගේ ලස්සන කතාවක්!

    ReplyDelete
  2. ඇත්තටම ඔයා දන්නේ නැද්ද........??

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.... ඇත්තටම මම දන්නේ නෑ...

      Delete
  3. හුඟ කාලෙකට පස්සේ...
    අනේ.... මේක නම් හිතට ගොඩාක් දැනුනා අක්කියෝ..
    ආයේ ලියන්න ආපු එක නම් ගොඩාක් හොඳයි.. ඔයා නැතුව පාළුයි අනේ..
    ගොඩාරියක්...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගියෝ..හෙ හෙ ලියන්න වෙලාවක් නෑ අනේ... :P

      Delete
  4. ලියන්න ඔනේද නැද්ද කියලා කමෙන්ට් එකක් හිත නැවතුනා තත්පරෙකට අක්කි.
    මගේ සිතුවිලි මම මං ලගම තියාගන්න එක හොදයි කියලා හිතේනවා අක්කියෝ. හ්ම්ම්ම්....... :)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්.... ගොඩාක් ස්තූතියි මගේ නංගියෝ... මම දන්නවා ඔයා හිතන දේ...

      Delete
  5. සුපුරුදු තනිකම විතරද උරුමය
    මට මේ මුළු දිවියේ...

    ReplyDelete
  6. ගොඩාක් කාලෙකට පස්සෙ නේද?
    ගොඩක් වෙලාවට අපිට යම් දෙයක් අහිමි වෙලා කියලා දැනෙන්නේ ඒ දේ අපෙන් හුඟක් ඈත් වුණාට පස්සෙ. ඒත් ඒ වෙනකොට අපි පරක්කු වැඩි වෙන්න තියෙන ඉඩකඩ වැඩියි.
    හුඟක් හිතට දැනුනා. සමීප මිතුරියෙකුගෙත් මීට සමාන අත්දැකීමක් තියෙන නිසා වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි සිතූ...

      Delete
  7. සිත දුරක ගියා ආදරේ සොයා...
    මුතු කඳුලු බින්දුවක් ගලා ගියා...

    යෞවනත්වයේ එලිපත්තේ ඉඳපු එක්තරා සැඳෑවක ඇසුනු ඒ වදන් පෙල 1995 ඩයරියේ පිටුවක තාමත් තියනවා... ඔයාගෙ වචනයක් වචනයක් පාසා මාව ඒ අතීතයට එක් කරගෙන යනවා... තුන්මුල්ල හන්දියේ බෞද්ධාලෝක මාවත කෙලවර තිබුණු බීම හල එතනින් පාර වැහුනත් එක්කම වැහිල ගියා... නමුත් අතීතය.... එහෙම ලේසියෙන් වහන්න පුලුවන්ද?

    ReplyDelete
    Replies
    1. අතීතය වහන්න හරිම අමාරුයි අයියේ... හිත ඇතුලේ කොණක හැංගිලා ඉඳලා ආයේ එළියට එනවා අපි නොහිතන වෙලාවක...

      Delete
  8. ඇත්තටම දන්නේ නැද්ද..??
    හොඳට හිතන්න බලන්න...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... කොච්චර හිතුවත් සමහර ප්‍රශ්න වලට උත්තර හොයාගන්න බෑනේ...

      Delete
  9. නියම කතාව නංගෝ.. හිත එක එක පැති වල දිවුවා මේක කියවද්දී.. ටික නිහව්ඩියාවකට පස්සේ හොද කතාවක් ලියලා..

    ReplyDelete
  10. අම්බෝ මේයැයි කාලෙකට පස්සේ කතාවක් ලියලා.
    ලස්සන කතාවක් !
    ඒත් දුක හිතෙන සීන් එකක් !

    ReplyDelete
    Replies
    1. හෙ හෙ.. කාලෙකින් නම් තමා ලොකු අයියේ... තැන්කූ හොඳේ...

      Delete
  11. අඩේ හේමාල් කියල අපේ ඔෆිස් එකේ මගේ යාලුවෙකුත් ඉන්නව නේව

    ReplyDelete
    Replies
    1. හික්ස්... එහෙනම් එයාද දන්නේ නෑ...:P

      Delete
  12. හම්.. කාලෙකට පස්සේ ඇවිත් කාලයක් හිතන්න දෙයක් ලියල...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... අනේ මන්දා ඉතින් අයියේ... ආදරේ හැමදාමත් වේදනාවක්නේ...

      Delete
  13. අපූරු කතාවක්, අනේ මංදා මේ ක නිකන් හැබෑවක්ද කියලා මට හිතෙන්නෙ ඇයි ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කේ... හැබෑවක් වගේ හිතෙනවද:? හ්ම්ම්....සමහරවිට එහෙම වෙන්න පුළුවන්... අපි ඕනෙම කෙනෙක්ගේ ජීවිතවල.. එහෙම නේද?

      Delete
  14. ඇත්ත. ආදරේ කියන තැනදි අපි අසරණ වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. නමුත් ආදරේ හරිම සුන්දරයි. සුබපැතුම් නංගි. ජය...!

    ප.ලි. - මගේ බ්‍රවුසරය මේ බ්ලොග් එක ස්පෑම් එකක් ලෙස ලකුණු කරන්නදැයි විමසයි. පොඩ්ඩක් හොයලා බලන්න. (කාලෙකට පස්සෙ ආපු නිසාද දන්නෙ නෑ..)

    ReplyDelete
    Replies
    1. මචන් උඹ ආවෙ බුකියෙ ලින්කුවකින්ද? බුකියට දාන වැඩිහරියක් ස්පෑම් යන්නෙ බ්ලොග්ස්පොට් හරහා රිඩිරෙක්ට් වෙලා... ඉතින් බුකියෙ උන් බ්ලොග්ස්පොට් ලින්ක් වලට ස්පෑම් ද කියල අහනවා.. එක පාරක් නෑ කියපන්... එතකොට හරි...

      Delete
    2. ස්තූතියි අයියේ...

      Delete
  15. ලස්සන කතාවක්.. මට හිතෙනවා මේක ඇත්තම කියලා.. ඒකට හේතුවකුත් තියෙනවා.. ඒ ගැන පස්සෙ කියන්නම්... කොහොම වුනත්, කාලාන්තරයක් තිස්සෙ නොවෙනස්ව ආදරේ කරන අය අඩුයි!!!

    දුකත් හිතුනා.. ජය වේවා අක්කි!!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ස්තූතියි නංගියෝ...

      Delete
  16. අම්මෝ...මෙච්චර දුක හිතෙන විදියට ලියන්නත් පුළුවන්ද....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පිසාචයා... දුක හිතුනද? :O

      Delete
  17. හ්ම්.................කියන්න මොකුත් හිතෙන්නෑ...ලස්සනයි........

    ReplyDelete
  18. What's up, every time i used to check web site posts here in the early hours in the daylight, since i love to find out more and more.
    http://www.youtube.com/watch?v=DJ2xpbRrPBI&feature=youtu.be
    Also visit my site : runescape bots 2011

    ReplyDelete
  19. හ්ම්... හිතට දැනෙන ලස්සන පුංචි කතාවක්.. :)

    ReplyDelete
  20. Really really really sophisticated in this particular occupied life to listen information upon Tv set,
    thus I basically employ world wide web for this
    objective, and obtain the particular most modern details.
    Feel free to visit my blog post - sources tell me

    ReplyDelete

Back
to top