෴පංචසිඛ෴


වස්දඬුව වයනු මැන පංචසිඛ
හෙල්මැලිද තැනිතලා එකළු කොට,
තනිකමේ දිවිගෙවන සොඳුරු සිත
නලවමින් ගී වයනු පංචසිඛ...

ස්නේහයේ රස මිහිර දැනෙන්නට
හැඟුම් නැති සිත අවදි කරනු මැන,
පිපුන සියුමැලි කැකුළු සිඹින ලෙස
සිත් මලට පිරිමැදුම් කරනු මැන...

‍රැහැයි නද පරදවන වස්දඬුව
මනෝහර ලෙස වයනු මැන සබඳ,
නිදාහල සිත අවදි කරන ලෙස
අළුයමට ගීතයක් වයනු මැන...

තිළිණ වූ සප්ත ස්වර ගලපමින්
වළා මත ගේය පද ලියනු මැන,
රළ සමඟ පෙරලෙනා පිණි බිඳක
සැඟවෙනා ස්වර සොයා වයනු මැන...

සොඳුරු වූ මේ සිතට නිවෙන්නට
භාවනාවක සිසිල ගෙනෙනු මැන,
බණ පදෙක ‍රැදි තාල හැඳිනගෙන
සිත නිවන නුඹේ ගීය වයනු මැන...

තනිව සිටි තනි මඟක යන මවෙත
අත්වැලක් වී සෙමින් ඇ‍ඳෙනු මැන,
විඩාබර සිත මගේ නිවෙන්නට
වස්දඬුව වයනු මැන පංචසිඛ...


CONVERSATION

18 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. වස්දඬුව වයනු මැන පංචසිඛ....

    ලස්සනයි අක්කේ.. :)

    ReplyDelete
  2. වෙනද වගේම ලස්සනයි! :) (කවිපෙල!)

    ReplyDelete
  3. අප්පේ අර කෙලීට ඔයිට වඩා උඩපනින්ට එපා කියාපන් ගිනිවිජ්ජුබරක් වෙන්නේ නැත්නම් කොහෙද කැත හිත නොවැ නංගියේ...සුන්දර සිතිවිල්ලක් කවි පදැවී ඇති සැටි අපුරුයි නෙව

    ReplyDelete
  4. පංචසිඛ ගේ වස්දඬුව
    ගිගුම් දෙයි ගුවනත පුරාවට
    සසල වූ ඔබ සිත් අහස
    සුසර කල යුතු ඒ නදට

    යොමු කල යුතුය කන්පෙති
    මඳ සුළඟේ ගුමු ගුමුවට
    එය වේවි පලමු පියවර
    සුසර කෙරුමට කන් පටක

    රළ සමග පොර බදන නෙත්
    රැඳවිය යුතුය වලා කුළක
    විඩාබර ඔබේ සිත් අහස
    ඉඩදිය යුතුය තුහින වැස්සකට

    මොහොතකින් දැනේවි ඔබට
    ගගනත සිත් අහසට මුසුවූ බව
    ඉසිඹුවකින් රැව් දේවි වස්දඬුව
    භාවනාවක රිද්මයට සුසරව....

    ReplyDelete
  5. පන්සිළු තමයි පන්සිළු..
    එල ඈ..

    ReplyDelete
  6. විඩාබර සිත මගේ නිවෙන්නට
    වස්දඩුව වයනු මැන පන්චසිඛ

    නියමයි හොදේ

    ReplyDelete
  7. සුපිරියි තමා ඉතින්... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  8. ලස්සන කවි සිතුවිල්ලක් !!
    පංචශික කිව්වම මතක් වෙන්නේ දිව්‍යලෝකේ ඉන්න ගන්ධර්වයා නෙව !

    ReplyDelete
  9. //විඩාබර සිත මගේ නිවෙන්නට
    වස්දඬුව වයනු මැන පංචසිඛ...//

    හරිම ලස්සනයි... :)

    ෴සිද්ධිය෴

    ReplyDelete
  10. නියමයි.ගොඩක් ආස හිතෙනවා.

    ReplyDelete
  11. හරිම හරිම හරිම හරිම අපූරුයි! නියමයි!

    ReplyDelete
  12. මොනව කියන්නද ඉතින් .... නියමයි නොකියා...

    ReplyDelete
  13. ලස්සනයි අක්කි!!! කාලෙකින් ඇවිත් ලස්සන කවි පෙලක් දාලා..:)

    ReplyDelete
  14. පංචසිඛ ගේ වැයුම් බුදුන්වහන්සේ අසා සිට ඒවැය්ම සහ ගැයමු ඉහලින්ම අගය කළා. බුදුන්වහන්සේ ඉදිරිපිට ගැයුවේත් වැයුවේත් සෘංගාර ගී. ඒත් බුදුනවහන්‍සේ ඒ නිර්මාණ අගය කළා.

    මේ කවි ඒ නිසාම රසවත් වගේම ලස්සනයි.

    ReplyDelete
  15. නියමයි ප්‍රා නංගී.. කාලෙකට පස්සේ ලස්සන කවියක් ලියලා...

    ReplyDelete
  16. ආ.......ලස්සනයි ඈ...

    ReplyDelete
  17. ඇත්තමයි.. නියමයි..
    හරි අපූරුයි..

    ReplyDelete

Back
to top