෴ සිහින සුපිපෙන යාමේ෴


අද ඇයි මේ තරමට මගේ හදවත ගැහෙන්නේ. ජීවිතේට පළවෙනි වතාවට වේදිකාවක් උඩ සිංදුවක් කියන්න යනවා වගේ. හිතාගන්නවත් බෑ. වෙවුලන අතින් ගිටාරය මගේ ඇඟට තුරුළු කරගත්තේ ගිටාර් වලට මම පණටත් වඩා ආදරේ කරන නිසා. සංගීතය ජීවිතේම කරගත්ත ඒ නිසාම විනෝදාංශයක් විදියට උත්සව වල සිංදු කියන එක පුරුද්දක් කරගත්ත මම අද වෙවුලනවා... මගේම ආයතනේ අපේම යාළුවෝ එකතු වෙලා සංවිදානය කරපු පළවෙනි හමුව එනකන් මම කොච්චර ආසාවෙන් මඟ බැලුවද. හැමෝටම වඩා මේ ගැන උනන්දුව තිබුනේ මට. බොහොම ආඩම්බරෙන් මගේ දක්ශතාවය පෙන්නන මම හිටියේ පුදුම ආසාවකින්. වේදිකාවේ මෙහා කොනේ තිරයට මුවා වුන මම වේදිකාවේ එහා කොණ බැලුවේ ඇය එතන ඉඳීවි කියලා නිකමට හිතිලා. ඇය.. මගේ හොඳම මිතුරිය. ආයතනේ වගේම මගේ ජීවිතෙත් මගේ අසල්වැසියා.කොටින්ම කිව්වොත් හැම දේකදිම මගේ අසල්වැසියා.පොඩි කාලේ ඉඳන්ම යාළුවො වුන අපිට පිස්සු නටන්න ඕනේ තරමට නිදහස තිබුනා. ටිකෙන් ටික ලොකු වෙද්දිත් ඒ බැඳීම තව තවත් වැඩි වුනා මිසක අඩුවක් වුනේ නෑ.ඒ නිසාම හොඳම යාළුවෝ වුන අපේ දෙමවුපියො කථා වෙලා අපි දෙන්නවම එයාලගෙම ව්‍යාපාරේ හවුල්කරුවො කරගත්තේ ගිය අවුරුද්දේ. එදා ඉඳන් අද වෙනකන් මොන තරම් නම් දේවල් වෙන්න ඇත්ද?

"මචං තමිඳු, උඹ මොකද බං කරන්නේ. සිංදුවට ready වෙන්නේ නැද්දඋඹ මොකද මේ දියෙන් ගොඩගත්ත මාළුවා වගේ ගැහෙන්නේ. උඹ හැසිරෙන්නේ මොන්ටිසෝරි යන පොඩි එකෙක් පළවෙනි වතාවට stage එකක් ඉස්සරහ  present කරනවා වගේනේ"

ආයෙමත් පියවි සිහියට ආව මම ආයෙ  සැනෙකින් හීන ලෝකෙට ගියා.

ශලනි එහා කොනේ ඉඳන් මගේ දිහා බලන් ඉන්නවා, එයාගේ ඇස් දෙකත් ලොකු වෙලා, බය වෙලා. ඒත් එක්කම ලැජ්ජාවෙන් මගේ දිහා බලන් ඉන්නේ මාව කන්න වගේ.

ආදරේ... හ්ම්ම්... ඒක මට බොහොම දුර වචනයක්. ඒ මම ආදරෙන් දුක් විඳපු නිසා නෙවෙයි. මට ආදරේ කරන්න ඕනේ වුනේ නැති නිසා. එක එක කෙල්ලෝ පස්සේ ගිහින් නිකන් කෙල්ලොන්ව බයිට් කරලා මම සතුටක් ලැබුවා. ඒත් ඒ එක කෙල්ලෙක්ටවත් ආදරේ කියන බරපතල හැන්දෙන් බෙදන්න මම තුන් හිතකින්වත් හිතුවේ නෑ. සෙල්ලක්කාර බඹරෙක් මලින් මලට පියාඹනවා වගේ මමත් කාලෙන් කාලෙට මගේ ජීවිතේට එන කෙල්ලෝ එක්ක විනෝද වුනා... ඒත් ශලනි ටිකෙන් ටික ටිකෙන ටික මගෙ හිත අයිති කරගන්න බව මම දැනගෙන හිටියෙ නෑ. ඒත් දැන් මම ආදරෙන් වෙලිලා. නවත්තගන්න බැරි තරමට. ඒ අහිංසක මූණ දකින වාරයක් වාරයක් පාසා කියාගන්න බැරි, වචන වලට හරවගන්න බැරි මොකක්දෝ හැඟීමකින් හදවත තෙරපනවා. ජීවිතේ හැමදෙයක්ම ලස්සන වෙලා පේන්න ගත්තේ කොයි කාලෙද කියලා මම දන්නේ නෑ. ඒත් රෑ අහසක තියෙන නිල් තරු වගේ කථා කරන ඒ ඇස්, මම ලඟ ඉන්න හැම වෙලාවකම මගේ වටේ තියෙන හැම දේකටම අපරිමිත දයාවක් දක්වන්න මට හිතුනේ දැනුනේ ඇයිද මන්දා.. ලැජ්ජාවෙන් මා දිහා බලන ඒ ඇස් වලින් කියන්න යන රහස අහගන්න එයාට කොච්චර ලං වුනත් මට බැරි වෙයි කියලා මට හිතුනා.

පිළිගන්න තමිඳු සහ ශලනි

මහා සද්දෙන් ඇහුන අත්පුඩි සද්දෙත් එක්ක මම ගිටාර් එකත් අත් ඇරලා හීනෙන් වගේ නැගිටලා වේදිකාවට ගියේ එහා කොනේ ඉඳන් මගේ දිහාට එන ඒ තරු ඇස් වල එළියට වශී වෙලා...ඇය ඇඳගෙන හිටියේ තද නිල්  පාට කඩාහැලෙන රෙද්දෙන් මහපු දිග ගවුමක්. හෙමින් හෙමින් පටන් ගත්ත සංගීත නාදේ තාලෙට අඩි තිය තිය පුංචි සුරංගනාවියක් වගේ මගේ දිහාට ඇඳිලා එන ඒ රූපේ දැක්කාම මටත් නොදැනිම සිංදුවේ මුල් පද ටික කිසිම බයක් නැතුව ගලාගෙන ආවා...

සිහින සුපිපෙන යාමේ
මල් වැහි ඇඳ වැ‍ටුනා,
තුරුණු හැඟුමට යාවී
මල් හී සර ඇනුනා...

හිත් මානේ හැංගී හැංගී
කවුරුන්දො ඔච්ච්ම් කෙරුවේ,
උන්මාදෙන් වාගේ ඇවිදින්
කෝලෙන් ඇයි ඇස් හංගන්නේ...
මල් යායේ මල් බඹරුන්ගේ වාරේ..

සිහින් සුපිපෙන යාමේ
මල් වැහි ඇද වැ‍ටුනා...

දේදුන්නේ පාටක් ගානේ සිත්තම් ඇන්දා ඒ කාලේ
මල් යායේ මල් මිණි ගානේ මල් පැන් බීවා සන්තෝසේ,
ඇහුනේම නෑ මේ වාගේ නුපුරුදු තාලේ පෙම් ගීතේ
රහසේම ඔබ ආ වාරේ මගේ හද ගැහුනා නින්නාදේ...

මසිත හීලෑ නෑ වාගේ
ඔබ සොයා එයි ආදරෙන්,
පිරුනු වූ මේ හඳ පායා
එළිය දුන්නා රෑ දිවා...

රහසේම ඔච්ච්ම් පානා
නිල් තරු මෙනි රෑ අඹරෝරේ,
ඔබේ දෑස පෙම් කවි කීවා
ලංවී උන් ඒ හැම වාරේ
හිතම පිරුනා වාගේ...

අඳුරු වුන වේදිකාව උඩ ලාවට වැටෙන spot light එක යොමු වෙලා තිබුනේ අපි දෙන්නා දිහාවට බව දෙන්නටම අමතක වුනා වගේ. ඒ අතින් මම හෙමිහිට අල්ලගනිද්දි ඒ සිනිඳු අතේ හැම නහරයක් පාසාම විදුලියක් ගියා වගේ එයා වෙවුලලා ගිය හැටි මට නොදැනුනා නෙවෙයි. ඒත් මගේ අතින් අල්ල ගත්ත ඒ අත තද වුනේ ආයේ කාටවත්ම වෙන් කරන්න බෑ කියන්නා වගේ.. හෙමි හෙමි  සිංදුව ගලාගෙන යද්දි අපි දෙන්නත් නොදැනම ඒ මොහොත, ඒ සිංදුව විඳින්න පටන් ගත්තා.. මගේ ඇස් දෙකට එබුන ඒ තරු ඇස් දිලිසෙන්න පටන් ගත්තා. රිදී සීනු හඬක් වගේ පටන් ගත්ත ඇගේ කටහඬ වේදිකාව ආක්‍රමණය කරලා මුළු ශාලාව පුරාම නින්නාද දෙද්දී මම තාමත් බලාගෙන හිටියේ ඇගේ දිහා.

සිහිලාරේ දැවටී ආවේ ආලවන්ත ගී නාදේ
හඳපානේ දැනුනා බෝසේ ආදරේක උන්මාදේ,
නීලම්ඹරේ සැරිසරමි දෝතක් පුරා තරු නෙලමි...

හඳ පැතුම ඔබ පමණි පෙම් බැන්ඳ
තාම මේ ආදරේ තරම ඔබ දන්නේ නෑ,
පිළිසරණ වෙන කොහෙද කොයිබින්ද
පාන මේ ආදරේ සබඳ මගේ ජීවිතේ...

තරු පිරුණ මහ ‍රැක හොඳට හඳ පායලා තියෙද්දී තමන්ගේ පෙම්වතිය එක්ක ගං ඉවුරක වාඩි වෙලා ඉන්න පෙම්වතෙක්ට දැනෙන හැඟීම කෘතිමව හදපු ඒ පරිසරය ඇතුලේ මට දැනුනා, හැඟුනා.ඇය මා එක්ක නම් ඕනෙම තැනක් සුන්දරයි කියලා මට හැමදාමත් හිතෙන්න ඇත්තේ මේ නිසා.. ඇස් වහගෙන ඒ කටහඬට කන් දුන්නේ තැනිතලාවක දුර ඈතක ඉඳන් හමාගෙන එන හුළඟ ඇගේ කටහඬ මට අරගෙන එනවා වගේ කියන හැඟීමෙන්... මුළු හිතම සැහැල්ලු වෙලා නිල් අහසේ පාවෙන්න යනවා වගේ.

හිත් මානේ හැංගී හැංගී
නවතින්නයි වං හුං හෙව්වේ...
උන්මාදෙන් මා පෙම් කෙරුවේ
හීලෑ නැතිවයි හිත මාගෙ...
මල් යායේ මල් බඹරුන්ගේ වාරේ...

ඇගේ අහින් අත නොඇරම වේදිකාවේ එහා මෙහා ගියේ ඇගේ අත ආයෙ අත් අරින්න ලෝබ කමෙන්.


පිපුන මල් කෙමි ගානේ
මල් බඹරුන් ඇඳුනා,
තුරුණු හැඟුමට යාවි
මල් හී සර ඇණුනා...


ටිකෙන් ටික අඩු වෙන සංගීතේ මැද්දෙන් අපි දෙන්නාගෙම හදවත් ගැහෙන සද්දේ අපිට ඇහෙන්න ගත්තා. ඒ අත අල්ලගෙනම මම වේදිකාවේ එක තිරයක් පිටිපස්සේ හැංගෙන්න හදද්දී වටෙන් පිටෙන් ආපු උණුසුම් ප්‍රතිචාර නිසා හිතට දැනුනේ පුදුම සතුටක්.
වේදිකාවෙන් හෙමි හෙමීට ඈතට ගිය අපි දෙන්නා නතර වුනේ එළිමහනේ. 
රෑ මැදියමට උරුම නිශ්ශබ්දතාවය මුළු පරිසරයම ගිලගෙන තිබුනත් හෙළවෙන ගස් කොළන් වල තිබුනේ සංගීතවත් හඬක්. පායගෙන ආපු හඳ එළියෙන් සිසිල් වුන මගේ හිත ඇගේ ලඟ ඉඳිද්දී තවත් සීතල වෙන බව මට දැනුනා. ඒ ඈත් හඳක් වගේම නිසා වෙන්න ඇති. විඩාබර මගේ හිතට සිසිලස දෙන්නේ ඇය නිසාම වෙන්න ඇති.. ගැහෙන ඒ අත් ආයෙත් තද කරලා අල්ලගත්තේ මම අහන්න යන දේ නිසා ඈ මගෙන් ඈතට දුවාවි කියලා බයට. ‍රැට තරු දිහා බලන් ඉන්න ආස වුන මම තරු වලට වඩා දිලිසෙන ඒ ඇස් දිහා බලන්න ඊටත් වඩා ආස කලා. ඉතින් ඒ ඇස් වලට එබිලා මම මෙහෙම අහන්නම්
"ඉතින් කියන්න... මට ආදරෙයි නේද"

CONVERSATION

34 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. කාලෙකට පස්සෙ... ලස්සන පෝස්ට් එකක්... නියමයි අක්කෝ!!

    ReplyDelete
  2. ලස්සනම ලස්සනයි....

    ReplyDelete
  3. ලස්සනයි! එ්ත් හැම ලස්සනක් පස්සෙම...................

    ReplyDelete
  4. මේ දැන් ඔයා මාසෙට එකයිද ලියන්නේ?? හිහි.. හැමදාම වගේ ලස්සන නිර්මාණයක් අක්කේ.. ජය වේවා..

    ReplyDelete
    Replies
    1. හික්ස්... වෙලාවක් නෑ අනේ... ස්තූතියි නංගියෝ...

      Delete
  5. ආදරෙයි ආදරෙයි :)) :ඩී

    ReplyDelete
    Replies
    1. හානේ... ඔයා එහෙම කියලා තියෙනවා වගේ... :D ;)

      Delete
  6. ගොඩක් අසාවෙන් කියෙව්වෙ සුපිරි.....

    ReplyDelete
  7. ලස්සනයි අක්කියෝ............. :)

    ReplyDelete
  8. නියමයි.. හොඳට හිතට දැනෙන්න ලියල තියෙනවා.. :)

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි ලයාන්

      Delete
  9. ඉතිං ආදරෙයි කිවුවද??????

    ReplyDelete
    Replies
    1. හික්ස්... මගෙන් ඇහුවේ නෑනේ අනේ කියන්න...

      Delete
  10. මම ආසම සිංදුවක්.. කතාවත් එක්ක සිංදුව ලස්සනට ගලපනා ප්‍රා නංගියෝ..

    ReplyDelete
    Replies
    1. මමත් හරිම ආසයි අයියේ මේ සිංදුවට... ගොඩාක් ස්තූතියි හොඳේ...

      Delete
  11. හෙහෙහෙ..... නියමෙටම ලියලා තියෙනවා..
    තරියා මලයගේ ප්‍රශ්නෙට උත්තරේ ඕනා !

    ReplyDelete
    Replies
    1. හික්ස්.. ස්තූතියි අයියේ... අනේ මගෙන් නෙවෙයිනේ අනේ එයා ඇහුවේ... :D

      Delete
  12. ම්ම්ම්ම්ම්ම්ම් ලස්සනයි හිතට දැනුනා

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. ලස්සනයි කතාව.....
    ගොඩ කාලෙකින් නේද???

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කියෝ... ඔවුනේ අනේ, වෙලාවක් තිබුනේ නෑ මේ පැත්තේ එන්න...

      Delete
  15. ඇය මා එක්ක නම් ඕනෙම තැනක් සුන්දරයි කියලා මට හැමදාමත් හිතෙන්න ඇත්තේ මේ නිසා.. ඇස් වහගෙන ඒ කටහඬට කන් දුන්නේ තැනිතලාවක දුර ඈතක ඉඳන් හමාගෙන එන හුළඟ ඇගේ කටහඬ මට අරගෙන එනවා වගේ කියන හැඟීමෙන්... මුළු හිතම සැහැල්ලු වෙලා නිල් අහසේ පාවෙන්න යනවා වගේ.....

    ReplyDelete
  16. හරිම ලස්සන ගෙත්තමක් ප්‍රාර්ථනා..

    ReplyDelete
  17. ලස්සන කතාවක් ප්‍රාර්තනා.. එක හුස්මට කියෙව්වා :)

    ReplyDelete

Back
to top