෴පුංචි රොසේටෝ෴ සුරංගනා කථාව, පළමු කොටස



ඔන්න ඉස්සරම ඉස්සර , අවුරුදු සියදහස් ගානකට එපිට එකෝමත් එක රටක මිනිස්සු ගොඩාක් බොහොම සතුටෙන් ජීවත් වුනාලු. ඒ රට අනිත් හැම රටකම ප්‍රසිද්ධ වුනේ වාසනාවේ රාජධානිය කියලයි. ඒකට හේතුවක් තිබුනා. මේ රටේ හිටියා රොසේටෝ කියලා සතෙක්.. සතෙක් කියන්නේ මොකෙක්ද කියලා ඔයාලා හැමෝම හිතනවා ඇති. මේ රොසේටෝ අශ්වයෙක්, අශ්වයෙක් කිව්වට අශ්වයෙක්ම නෙවෙයි, ගිරවෙක්....... නෑ........පෙගාසස් කෙනෙක්.... නෑ..... හරියටම කිව්වොත් ඒ ඔක්කෝගෙම එකතුවක්. රොසේටෝට තිබුනේ අශ්ව හිසක්, ඒ එක්කම පෙගාසස් කෙනෙක්ගේ වගේ රොසේටෝට පියාඹන්නත් පුළුවන් කම තිබුනා, ඒ වගේම එයාට මාළුවෙක් වගේ හොඳට පීනන්න ඇඟේ දෙපැත්තෙන් වරල්නුත් තිබුනා.ඒ වගේම එයාට තිබුනේ අශ්ව වලිගයක් නෙවෙයි, ගිරවෙක්ගේ වගේ පෙඳයක්. එයාට ඕනේ වෙලාවට ඕනේ විදියට පිහා‍ටු හරි, වරල් හරි පාවිච්චි කරන එක විතරයි එයාට කරන්න තිබුනේ. ඒ වගේම එයා සුදුම සුදු පාටයි.. හරිම ලස්සනයි.

රටේ මිනිස්සු හැමෝම රොසේටෝට ගොඩාක් ආදරය කරා. රොසේටෝව ඒ ගොල්ලන්ට ලැබුනේ එයා පුංචිම පුංචි පැටියෙක් කාලේ, කාගෙදෝ හී පහරකින් මැරුන එයාගේ අම්මා ලඟ අඬ අඬා ඉඳිද්දී ඒ පැත්තෙන් ගිය රජතුමාගේ හේවායෝ රොසෙටෝව රජතුමා ගාවට ගෙනිච්චා. එහෙම ගෙනියද්දිත් පොඩ්ඩක්වත්  ඇඬුවේ නැති රොසේටෝ රජතුමාගේ උකුලට පැනලා උණුහුම හෙව්වේ එයාගේ අම්මා එයාගෙන් ඈත් වුන නිසා වෙන්න ඇති. එදා ඉදන් රොසේටො නිදාගත්තේ, කෑවේ බිව්වේ හැමදේම කරේ රජතුමා එක්කමයි. රජ බිසවත් මේ පුංචි රොසේටෝට පුදුම විදියට ආදරේ කරා. රජතුමා ගාව හැදුනත් මුළු රටේම ඇවිදින්න, දුවන්න පනින්න පුංචි රොසේටෝට නිදහස් තිබුනා.

ඉතින් දවසක් රොසේටෝ  ඇවිදින්න යද්දි රොසේටෝ දැක්කා ගම ගෙදරක තිබුන මිටිම මිටි ඇපල් ගහක්. අශ්වයෝ කොහොමත් ඇපල් කන්න ආසයිනේ, රටවැසියොත් කවදාවත්ම රොසේටෝ එයාලගේ දේවල් කනවට අකමැති වුනේ නෑ. ඉතින් කොහොම හරි මේ ඇපල් ගහ දැක්කම රොසේටෝට ඇපල් ගෙඩියක් කන්න ආසා හිතුනා. වෙනදට නම් එයාට ගහ උස වැඩි නිසා ගහේ අයිතිකාරයා ඒ ගෙඩි කඩලා දෙනකන් බලන් ඉන්න වෙනවා ඒත් අද නම් එයාට තනියමම ගහේ ගෙඩි කන්න පුළුවන්, සන්තෝසෙන් ගහ ලඟට ගිය රොසේටෝ ඇපල් ගෙඩියක් කඩාගන්නකොටම වුනේ හරිම පුදුම දෙයක්. ගහේ හැම අත්තක්ම, කොළයක්ම, ගෙඩියක්ම රත්තරන් පාට වෙන්න ගත්තා. පුංචි රොසේටෝට ඒ ගැන කිසිම ගානක් නෑ, ඒත් මේක බලාගෙන හිටිය ඒ ගෙදර අයිතිකරුවා ඉවාන් ඉක්මනට ගිහින් මේ බව රජතුමාට දැන්වුවා. අද කාලේ වගේ නෙවෙයි ඉස්සර , මිනිස්සු රත්තරන් වලට ලොභ නෑ, එහෙම ලෝභ වුනා නම් ඉවාන් කරන්නේ රොසේටෝව හිරකරගෙන එයාගෙ උදව්වෙන් රත්තරන් ගන්න එකනේ.. ඉතින් මේක අහපු ගමන් රජතුමාට පුදුම හිතුනා, රටේ රටවැසියෝ හැමෝම මේ විස්තරේ අහලා පුදුම වුනා. ඒ විතරක් නෙවෙයි ඒ සිදුවීමෙන් පස්සේ ඒ රට වාසනාවේ රාජධානිය කියලා නම් කරන්නත් මිනිස්සු පුරුදු වුනා. ඉතින් රොසේටො නිසා මේ රටට මේ තරම් කීර්තියක් වාසනාවක් ලැබුන නිසා එහෙම කියන එක වරදකුත් නෑ නේද? රොසේටෝගේ ගැන රට රාජධානි වල පැතිරිලා ගියත් ඒ රටේ රජ්ජුරුවොවත්, රට වැසියෝවත් උඬඟු වුනේ නෑ. ඒ නිසාම හැමෝම රොසේටෝට තවත් ආදරේ වෙන්න ගත්තා.



ඉතින් කාලය ගත වෙලා ගියා, රොසේටෝ දැන් තරුණ අශ්වයෙක්. රජතුමාගෙත් රජ බිසවගෙත් ආදරය මැද්දේ එයාලගේම දරුවෙක් වගේ උස් මහත් වුන රොසේටෝ ඒ දෙන්නට දැක්වුවෙ පුදුම ආදරයක්. මේ රජතුමයි රජ බිසවයි කොච්චර හොඳ අය වුනත් එයාලට එයාලගෙම කියලා දරුවෙක් හිටියේ නෑ. ඒ නිසා රටවැසියනුත් ගොඩාක් සන්තෝස වුනා රොසේටෝ ඒ දෙන්නා ගාව දරුවෙක් වගේ හැදන එක ගැන. තවත් කාලයක් ගත වුනා, රජතුමා හොඳටම අසනීප වුනේ ඔන්න ඔය කාලේ. ඉතින් රජතුමාව සනීප කරන්න බෑ කියලයි රජතුමාගේ වෙදැදුරෝ ඔක්කොම වගේ කිව්වේ.

මැරෙන්න මොහොත් ලඟා වෙද්දි ඕනෙම රජ කෙනෙක් තමන්ගේ රජකම තමන්ගේ පුතාට පවරනවනේ. ඉතින් රජතුමාටත් එහෙම කරන්න කියලා රටවැසියෝ රජතුමාගෙන් ඉල්ලා හිටියා. ඒත් කෝ රජකම බාර දෙන්න පුතෙක්. රොසේටෝ තමයි එයාගේ එකම දරුවා. ඉතින් රජතුමා රොසේටෝවයි රජ බිසවවයි කැඳවලා අවසාන වතාවට මෙන්න මෙහෙම කිව්වා.

"රොසේටෝ, මගේ ආදරණීය පුතේ, මම දැන් වයසයි, මරණය පෙනී පෙනීයි ඉන්නේ, උඹට කථා කරන්න බැරි වුනත් මම කියන දේ තේරෙන බව මම දන්නවා. මගෙන් පස්සේ රජකම මම උඹට භාර දෙනවා. අම්මවත් බලාගෙන රට රකින එක අද ඉඳන් උඹේ යුතුකම

රජතුමා එහෙම කිව්වම කවදාවත් කථා නොකරපු රොසේටෝ පුදුමෙකට වගේ මනුස්ස කටහඬින් කථා කරන්න ගත්තා. රජතුමාටත් බිසවටත් දෙන්නටම හරිම පුදුමයි ඒ ගැන.

"මගේ ආදරණීය තාත්තේ, ඔබ බය වෙන්න එපා. මම රටවැසියන්ව ආදරයෙන් බලාගන්නම්. අම්මාවත් හොඳින් බලාගන්නම් ඔබේ හැම යුතුකමක්ම ඔබෙන් පසුව හරියට ඉ‍ටු කරන්නම්"

එහෙම කියලා ඔහු රජතුමාගේ නළල සිපගනිද්දිම රජතුමා මියගියා.

"ඉතින් අද ඉඳන් රට උඹට බාරයි මගේ පුතේ," 

එහෙම කියපු රජ බිසව රජතුමාගේ ඔ‍ටුන්න රොසේටෝට පැළැන්දුවා.

රජු මිය ගිය බව දැනගෙන දුක් වුන රටවැසියෝ රෝසේටෝ රජ වුන බව දැනගත්තම හුඟාක් සතු‍ටු වුනා.
හැමෝගෙම ආදරය දිනාගත්ත රොසේටෝට රජකම් කරන එක කිසිම අමාරුවක් වෙන එකක් නෑ කියලයි හැමෝම හිතුවේ.

ඒත්.. එක අඩුවක් තිබුනා.මේ රජ පරම්පරාවේ කෙනෙකු ඔ‍ටුනු පළඳා රජෙක් වෙනකොටම ඔහුට සහකාරියක් සොයාගන්න ඕනේ බවට නීතියක් මේ රටේ තිබුනා. ඉතින් රටවැසියෝ හැමෝම සතු‍ටු වුනා එයාලගේ අළුත් රජ කුමාරයගේ බිසව ඉක්මනටම දැක ගන්න.

ඒත්.. අශ්වයෙක්ව කසාද බඳින්න මනුස්ස දුවක් කැමති වේවිද?

මේ ගැන කල්පනා කරලා කරලා රජ බිසව මන්තරකාරියක්ව ගෙන්නුවා. ඒ මොකටද? අපේ අළුත් රජ කුමාරයට අළුත් බිරිඳක් කොහෙන් හරි හොයාගෙන එන්න.
රොසේටෝව පළවෙනි වතාවට දැක්ක මන්තරකාරී රොසේටෝට දිදාලයක් එක්ක ඉඳිකට්ටක් දෙන ගමන් මෙහෙම කිව්වා.

"රොසේටෝ, ඔයාට මනමාලියක් හොයන එක කරගන්න ඕනේ ඔබමයි, බාබායිගා යකින්නගේ රටට යන්න, ඒ රටට ඇතුළු වුන ගමන් ඔයා දකීවී නිල් පාට වලාකුලක් අහසේ පා වෙනවා. ඒ වලාකුලට ලං වෙලා මේ දිදාලෙට ඒ වලාකුලෙන් කෑල්ලක් ඉරලා දාගන්න. ඉන්පස්සේ දිදාලය බිම තියන්න.. කිරි ඉවුරක් තියෙන පැණි ගඟකට දිදාලය ඔයාට පාර කියාවි. එතන ඇති ලොකූ චොකලට් ගහක්. ඒ ගහේ හෙවන යට වාඩි වෙලා ඉඳිකට්ට අරගෙන ඔයාගේ ආදරවන්තියට ලියමනක් වියන්න වළාකුළු නූලෙන්.ලියමන වියන්න ඔයාට තියෙන්නේ දවස් 3කුත් විනාඩි තුනකුත් තත්පර තුනක් විතරයි.

ඉතින් මේ විස්තරෙත් අහගෙන රොසෙටෝ ගියා බාබායිගා යකින්නගේ රටට.  රජ බිසව රොසේටෝ යන්න කලින් හතු වලින් අතුරුපසක් හඳලා දුන්නා රොසේටෝට කන්න.

************************************************************************
සුරංගනා කථාවක් ලියන්න තිබුන ආසාව නිසා පොඩි අත් හදාබැලීමකටත් එක්ක මේ කථාව ලිව්වේ... කියවලා බලලා හොඳ නරක කියන්නකෝ.එක කොටසින් දාන්න කථාව දිග වැඩි නිසා කථාව දෙකට කැඩුවා. ඉතිරි කොටස ඊළඟ පෝස්ට් එකෙන්



CONVERSATION

41 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. ලස්සනයි! :) ඉදිරියට යමු! :)

    ReplyDelete
  2. මම කතාවෙ අරම්බයට නම් පට්ට ආසයි ජය........

    ReplyDelete
  3. හිහි.. රුසියානු සුරංගනා කතාවක් වගේ... :)
    එහෙනම් අක්කත් සුරංගනා කතා කියන්න ගත්තා නේ..
    ජය වේවා...

    ReplyDelete
    Replies
    1. හී හී... ඒවායේ ආභාශයත් ගත්තා ටිකක් විතර...

      Delete
  4. හ්ම්ම් ලස්සන කතාවක් වගේ ඊළඟ කොටසත් ඉක්මනට දාන්න...

    ReplyDelete
  5. නියමයි.ඉතිරි ඒවත් බලමු.

    ReplyDelete
  6. ඒ ලස්සනයි. මැදදි නැවැත්තුවාම අවුල් නේ අනේ... ;)

    ReplyDelete
    Replies
    1. හී හී තැන්කූ නංගියෝ...

      Delete
  7. හොඳයි කියන්නේ හොඳටම හොඳයි...

    යකෝ මං කියවං ගියේ ඇත්තටම මේක කොහෙන් හරි පොතකින් උස්සපු කතාවක් කියලා හිතලා.. ඒ මදිවට බාබායිගා යකින්නත් සීන් එකට ආවට පස්සේ කුමන කතාද..?

    බලං ගියාම ගෑල්ලමයි මොනවට නැතත් සුරංගනා කතා කියන්නනං දස්සයි...:D:D:D

    ReplyDelete
    Replies
    1. දාන්න පහක් මාරයා අයියේ.... ඒ ගැන නම් කියල වැඩක් නෑ.....

      Delete
    2. හලේ... තැන්කූ අයියේ... අපි එහෙම හොර වැඩ කරන්නේ නෑ හරිද? :P.

      Delete
  8. ලස්සන සුරංගනා කතාවක ආරම්භයක්.. ආසාවෙන් කියෙව්වා නංගියෝ..
    ඉතින් ඉතින්.. :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කියෝ...ඊළඟ කොටසත් දාන්නම්කෝ..

      Delete
  9. මමත් ආසයි සුරංගනා කතාවලට :)
    ජය!

    ReplyDelete
  10. තාරුකා පෙලින් එහා
    සේද නිල් ගුවන් තලේ
    ලෝකයයි සුරංගනා
    මනෝ නන්ද පෙම් වන්තයෝ...

    එහේ හිඳින්න එන්න ලූ....

    ReplyDelete
  11. ලස්සන කතවක් ...මේක මගේ අදසක් එක්කම , මගේ ලොකු දුවගේ(http://dinithimithili.blogspot.ca/) අදහසත් ..ඇය මේ කතාව බොහොම ආසාවෙන් රසවින්දා ...
    ස්තුතියි

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි... මාත් පොඩි දුවලා දෙන්නාගේ බ්ලොග් එක පුළුවන් හැම වෙලාවකම බලලා යනවා... ස්තූතියි

      Delete
  12. යකෝ බබයිගා යකින්නත් ඉන්නවැයි පට්ටනේව මේ ලෙස්තිවෙන්නේ ත්‍රාශය කැටිවුන කතාවකටෙයි ඇහැක්විදිහට කියවන්නෙයි ඔහේ ලියනවැයි දිගටම යමු නගේ ජය.අඩේ කොහොමද බගේ බස් වැනුම පට්ටෙයි හික්ස්..

    ReplyDelete
    Replies
    1. හික්ස්... මරු මරු බස් වැනුම... හික්ස්... ස්තූතියි අයියා...

      Delete
  13. math asai surangana katha walata

    ReplyDelete
  14. හි හි...
    මරු මරු...
    බලමු රෙස්ටෝ ගේම දෙන්නේ කෝමද කියලා..

    ReplyDelete
    Replies
    1. හී හී... බලමු බලමු... ස්තූතියි හොඳේ...

      Delete
  15. කතාව නම් නියමයි...
    අඩේ රුසියන් සුරංගනා කතාවක් වගේ නෙහ් !

    ReplyDelete
    Replies
    1. හික්ස්.. ස්තූතියි අයියා...

      Delete
  16. බබායිගා යකින්නගෙ ගෙදර ගාවට යන ගිනි ගහද මොකක්ද එහෙමත් තිබ්බනම් මරු.

    ReplyDelete
  17. හී හී... ඒක නම් මේ කථාවේ නෑ... :D

    ReplyDelete
  18. මේක කියවනකොට මොකක්දෝ පුරුදු ගතියක් දැනුනා....හොඳ වෙනසක්..ජය!

    ReplyDelete
    Replies
    1. රුසියන් සුරංගනා කථා වගේ නිසා වෙන්න ඇති :D

      Delete
  19. මෙන්න මෙයා සුරංගනා කතාවක් ලියලා.. මරු මරු ප්‍රා නංගියෝ... දිගටම මම එනෝ... :)

    ReplyDelete
    Replies
    1. හික්ස්... අයියා කොහොමත් හැමදාම එනවනේ අනේ... තැන්කූ හොඳේ...

      Delete
  20. ලස්සන සුරංගනා කථාවක් ප්‍රාර්ථනා..යමු යමු ඉදිරියට​ :)

    ReplyDelete

Back
to top