සුහද සඳට



දෙගොඩ තලා යන ගං දිය රහස් කණට කොඳුරා
අකලට වට අසනිය වැසි හඬයි වෙමින් නොපමා,
තුරුලිය මත මල් සම්පත පීදී එන අරුමා
අළුත් ඉරක එළියෙන් හිත් මල පීදෙයි සිනහා...

නිල් යාය නිලට දිලිසෙන විට පින්න පිපෙන යාමේ
මට කඳුළු ඕන නෑ සුහදේ සිනා දෙන්න නිබඳේ,
දුර වලා මතින් සිත සැතපී පාවී යන වේලේ
මට සුසුම් ඕනේ නෑ මිතුරේ ළඟින් ඉන්න රිසිසේ...

වහිනා මල් වැහි වරුසාවේ හිත පෙඟෙනා අරුමේ,
මම නොදනිමි නිල් ගොයම පුරා දඟ කරනා සිහිනේ,
නෙතු තරු එළියෙන් ඔබෙ, මා මඟ එළිය කරන මොහොතේ
මම සඳක් වෙන්න ආසයි නිල් දිය මත ඔබේ ගඟුලේ...



CONVERSATION

26 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. බොහොම ලස්සන හිතට වදින පද පෙළක්නේ ආයිත් එනවා
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
  2. ස්ට්‍රයික් ඉවර වෙච්ච හින්දද ඈ..??

    ReplyDelete
    Replies
    1. හේ හේ... අනේ නෑ අයියා... :/

      Delete
  3. කව්ද දැන් මේ සුහද සඳ??
    :)

    ReplyDelete
    Replies
    1. හලේ... කවුරුත් නෙවෙයි මල්ලියා...

      Delete
  4. හරිම ලස්සනයි.ජය වේවා !

    ReplyDelete
  5. අම්මෝ හිතම හිරිවැටෙන ආදරේ හරි ලස්සනට ගලපල තියෙනවා...

    ReplyDelete
  6. හැමදාමත් වගේ හරිම ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි සිතූ

      Delete
  7. ආව් ආව්......
    "තුරුලිය මත මල් සම්පත පීදී එන අරුමා
    අළුත් ඉරක එළියෙන් හිත් මල පීදෙයි සිනහා..." ;)

    ලස්සන පද පෙළක් අක්කියෝ...

    ReplyDelete
    Replies
    1. හික් හික්... ඔන්න ඔන්න වැරදියට හිතුවා.... ස්තූතියි නංගියා...

      Delete
  8. ආව්ව්ව්ව්ව්ව්..... <3 ලස්සනයි!!! මොකක්ද මේ වෙනසා ඈ?? ;)

    ReplyDelete
    Replies
    1. හික්ස්... ස්තූතියි නංගියා... හලේ... මොන වෙනසක්ද අනේ... නිකමට ලිව්වේ,..

      Delete

Back
to top