සොඳුරු මවක වත




චණ්ඩ හිරු රැස් දෙනෙත් හාරන
විසල් නගරෙක වීදී අයිනක,
කසළ පිරි එක අඳුරු මුල්ලක
කුඩා පොදියකි ගැහෙන පෙරලෙන...

නෙත් වලින් වසන්වී හඬ තලන
බිළිඳු කිරිකැටි කොහිද හැම බලන,
කසල මත තබා ගිය පණ පොදිය
තව තවත් කුසගිනිව හඬ තලත...

තරුණියකි බිළිඳු දෝතට ගත්ත
නිහඬවම තන පුඩුව ළං කෙරුව,
හඬ තැලුම් නතර කළ බිළිඳු තෙම
නිසසලේ උරා බොයි මවුගේ කිර...

මේ කුමන අරුමෙක්ද නොදැනගෙන,
දන වටව විමසීය ඇයගෙ වග,
නෙතු වලින් ගලන උණු කඳුලු පිස
පැවසීය ඇගේ වග තරුණ මව...

බිළිඳු පුතු ඉපදිලා දවසකුයි ගතවුනේ
නෙතු ඉබේ පියවුනා මගේ වරද නෑ අනේ,
දුටුව කල මේ බිළිඳු පුතු මගේ සිහිවුනේ
ඒ නිසයි ළය මගේ ලෙය කිරට හැරවුනේ...

යනෙන සැම දෙනගෙ නෙතු උණු කඳුළු වැගිරුනේ,
කිරි උරන බිළිඳු පුතු මවු තුරුළේ සැනසුනේ,
නව මවුගේ උණුසුමේ නෑ වෙනස වැටහුනේ
මවු තුරුලේ සැනහෙමින් බිළිඳු පුතු හිනැහුනේ...


CONVERSATION

32 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. ඇගේ මයිල් කෙලිං උනා..

    ReplyDelete
  2. "උපන්බිමට නුඹ වැඩියා මිසක දුවේ
    වැදූ මවට නුඹ වැඩියක් වීද දුවේ
    දුක උහුලා ඉන්නට මට හැකිය දුවේ
    නැව් නැගලා දුර රටකට යන්න දුවේ.

    ෴ගුණදාස කපුගේ෴

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... :)
      හරිම ලස්සන ගීතයක් අයියේ...

      Delete
  3. හරිම සංවේදියි නගා..!
    මව්වරු නොවෙද දෙදෙනාම මේ බුදුන් වැඩි දේශයේ..!

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි අයියේ...

      Delete
  4. "මල් වනේ රෝස කැකුළු මැදින් මට පෙනේ
    නිල්වලා යහන් ගැබේ කිරි සිනා දිලේ
    වන් සැනේ සෝක තැවුල් නිවාලන මෙනේ
    එනු මැනේ මගෙ යහනට ඈත ලොවින්නේ..."

    අපූරු කවි පෙලක් - ජය!

    ReplyDelete
  5. niyamayi....... adhahasa wagema kawiyath harima lassanayi...........

    ReplyDelete
  6. හැමදාමත් වගේම හරිම සංවේදී ලස්සන කවි පෙලක්!!!

    දවසක මෙහෙම ලියන කවි ඔක්කොම එකතු කරලා පොතක් ලියන්න.. දොරට වැඩුමට අපි එනවා.. හැබැයි කලින් කියන්න ඇඳුමක් එහෙම ලෑස්ති කරගන්න.. ;) :P ආ.. තව පුලුවන් නම් පොතේ අන්තිම පිටු ටික වෙන් කරන්න සහෘද සටහන් වලට.. ;) ඒකට සිතුවිලි ඕනෙ තරම් මටනම්... ;)

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. අනේ.,.. ස්තූතියි මගේ නංගියෝ... බලමුකෝ පොතක් පළ කරන්න.. මගේ නංගට මම නොකියා ඉන්නේ නෑනේ... :D මුලින්ම පොත ගැන කියන්නේ ඔයාට තමා...

      Delete
  7. සංවේදි කවි සටහනක් !

    ReplyDelete
  8. තුන් හතර පාරක් කියෙව්වා.. ඒත් හිතාගන්න බෑ මොනව කියන්නද කියල.. විශිෂ්ඨයි නංගා..
    ජය!!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක්ම ස්තූතියි අයියේ... :D

      Delete
  9. ගොඩාරියක් ලස්සනයි අක්කියෝ... :D
    ඇත්තටම අර හිතූ අක්කි කිව්ව දේ ගැනත් පොඩ්ඩක් හිතන්න.. :)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගියා... හ්ම්ම්... හිතලා බලමුකො නේ... ;)

      Delete
  10. සංවේදී කවි පෙලක් වෙනද වගේම හරිම ලස්සනයි

    ReplyDelete
  11. හිතට දැනුන කවි පෙලක් ප්‍රා නංගී.. මම මේ ගැනම ලිවුව එකක් මතක් උනා.. දැන් හොයා ගන්න නෑනේ.. නැත්නම් කමෙන්ට් කරනවා..

    ReplyDelete
    Replies
    1. ගොඩාක්ම ස්තුතියි අයියා... :D

      Delete
  12. හරිම අපූරුයි යාලු..ජයෙන් ජයම වේවා!

    ReplyDelete
  13. කාලෙකට පස්සේ ගොඩ වැදුනේ. ලස්සන කවි පෙළක්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සීන අයියා... :D

      Delete
  14. මව් සෙනෙහස අසීමිතය...
    වැදු මව්ටත් වඩා හැදු මව් වටින්නේය ..
    වැදු මව් දරුවා දරන්නේ දස මසකි..
    හැදු මව් නෙත් පියෙන තුරුම දරුවා දරා සිටින්නීය...

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්... අනිවාර්යෙන්.. මවු සෙනෙහස අසීමිතයි. ඒ ආදරේට සම කරන්න වෙන කිසිම ආදරයක් සමත් නෑ...

      Delete

Back
to top