කිඳුරු කුමරු ඔබ




රැඳෙනා, සැලෙනා 
රන් මායා රුවකි ඔබේ...
දැනෙනා, හැඟෙනා
මිණි කවි පන්හිඳක ගැටේ...

ඇඳෙනා බිඟු වැල්
දෙස නොබලමි මං
සමනල් කුමරු මගේ...

කතරක පිපුනෙම්
තනි මල මං
සුරඟන සිහින මැවේ...


ගැඹුරුම සිඳු තුරේ සැඟවී
මුතු බෙලි ගැබක මා හිඳිමී
කිඳුරිය වී සයුර සරමී
හමුවෙමු සිතිජ ඉම ලඟදී...


හිරුමල පිපෙන අළුයමදී
නව ලොව සොඳුරු ඔබ දකිමී
උණුහුම් හාදුවක් පුදදී
නළලත සෙමින් පිරිමදිමී...








CONVERSATION

28 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. හ්ම්ම් හ්ම්ම්..ලස්සන කවි පද ටිකක්... :)

    ReplyDelete
  2. හ්ම්ම්ම්ම් හරිම ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලියා....

      Delete
  3. ලස්සනයි ප්‍රා...... හැමදාමත් වගේම....

    ReplyDelete
  4. ලස්සන කවි සිතුවිල්ලක්

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලොකු අයියේ...

      Delete
  5. Replies
    1. ම්ම්ම්ම්ම්... ස්තූතියි...

      Delete
  6. ලස්සන සිතුවිල්ලක් ...!!!!

    ReplyDelete
  7. මැක්සා ලයින් කවි පද පේලියක්

    ReplyDelete
  8. කොහෙන්ද මෙච්චර ලස්සන වචන එන්නේ අක්කියෝ?

    හැමදාමත් වගේ, ගොඩාක් ලස්සනයි! :D

    ReplyDelete
    Replies
    1. අනේ.. තැන්කූ නංගි පැටියෝ...

      Delete
  9. පද ටිකේ වටිනාකම වැඩිවෙන්න දාපු පින්තූරෙත් නියමයි අක්කේ...

    ReplyDelete
  10. ප්‍රේමය උතුරලා වෑහෙනවා............. :D

    ReplyDelete
    Replies
    1. හික්ස්... තැන්කූ මගේ නංගා...

      Delete
  11. ගීත පද මාලාවකට ලස්සනයි.

    ReplyDelete
  12. ලස්සනයි කවිය ප්‍රා නංගෝ..

    ReplyDelete
  13. ඔයා හරි ලස්සනට ලියනවා ප්‍රාර්තනා..කලින් ලියපු ලස්සන කවි ටිකකුත් දැක්ක.ඔක්කොම ලස්සනයි
    කවි කිව්වට ඒවා තාලයක් දාලා ගත්ත නම් ලස්සන සිංදු :)

    ReplyDelete

Back
to top