නුඹ නිසා



අමතකව ගිය කඳුළු බිඳුවක්
හිතම තෙමමින් රුහිරු බිඳුගෙන
නෙතු අගින් කොපුලත තෙමාගෙන
ගලා යයි නලියනා දෙතොලඟ...

හිමි නොවෙන, හිමිවන 
අතර මඟ දෙතැනක
යන මඟක් නොදැනම
මම හිඳිමි නුඹ දෙස බලාගෙන...

අසරණව ගිය සිත
බිමට බර වුන ඔය නෙත,
දැක දැකම නෙතු තෙමමින
කඳුළු බිඳු පමණක් මුමුණත....

වරදක් නැතිය නුඹ අත
වරදක් නොමැත මා අත,
සිත් බැඳුන විට මේ ලෙස
සැමදා උරුම කඳුළද...

සිත මත රැඳුණු මතකෙක
ඔබේ රුවම රඳවාගෙන
මා මියෙන තුරු හිඳුමට
අවසරද මා හිතවත....


CONVERSATION

14 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. අවසරයි අවසරයි !
    ඔයා එනකන් තමයි මාත් බලාගෙන ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. හික්ස්... හා හා අයියේ.. :P :P

      Delete
  2. මතක කිසිදා මියනොයාවී
    නමුත් නෙතු කඳුලැල් මැකේවී
    සතුට හෙට යළි අත වනාවී
    කාලයේ අරුමය කියාවී

    ReplyDelete
  3. ආදරේදී සතුටකදිත් කඳුළු ගලනවා දුකකදිත් කඳුළු ගලනවා. මම හිතන්නේ එක දෙකටම පොදු දෙයක් ...අර යටින් තියන පින්තුරේ කතාව මාරම ගති

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්.. ඇත්ත... ආදරේදි දුක සැප දෙකම ඒ ආදරේට වටිනාකමක් එකතු කරනවා...

      Delete
  4. //හිමි නොවෙන, හිමිවන
    අතර මඟ දෙතැනක
    යන මඟක් නොදැනම
    මම හිඳිමි නුඹ දෙස බලාගෙන...//

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්... මංමුලා වෙනවානෙ හිත් ආදරෙන් පිරිලා වැඩිවුනාමත්... :)

    ලස්සනයි අක්කි!!!

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම්..... ගොඩාක් ස්තූතියි මගේ නංගියෝ...

      Delete
  5. වෙනද වගේම අදත්, ගොඩාරියක් ලස්සනයි අක්කියෝ....

    ඒත් මේ කොටස සෑහෙන්න හිතට වැදුණේ, මට සමීපයි කියල හිතුන නිසා වෙන්න ඇති...
    "හිමි නොවෙන, හිමිවන
    අතර මඟ දෙතැනක
    යන මඟක් නොදැනම
    මම හිඳිමි නුඹ දෙස බලාගෙන..." :D

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්... ස්තූතියි නංගියා... හිමි නොවන හිමි වන අතරමඟක ඉන්න කෙනෙක්ට ආදරේ දැනුනම ඒක හරි සුන්දර ඒ වගේම වේදනාකාරී අත්දැකීමක්නේ...

      Delete
  6. අපි ජිවිතේ වැඩි හරියක් කරන්නේ අපිට ආදරය කරන අයට නෙමෙයි ආදරය කරන්නේ අපි කැමති අයටයි ආදරය කරන්නේ.විරහාව අපිට මේ තරම් ලෙන්ගතු එකායි.

    ReplyDelete

Back
to top