සියොත් හැඟුමන්




ඉගිලෙනා සියොතුන් රැලසේ
සුසුම් හැමුවා නිල් අහසේ
පාවෙනා හැඟුමන් අතරේ
ජීවිතේ ගෙතුවා රහසේ...

සීත සුළඟට කඳු රැල්ලේ
හීන ගෙත්තම් දේදුනු සේ
ආල පැතුමන් විසිකෙරුවේ
මගේ හිතටත් හොර රහසේ...

දකිනා පෙම් හීනේ
නුඹ සැතපී මා සයනේ
ගයනා විට තනුවේ
නුඹේ හඬමයි මට ඇසුනේ...

සොයමි මා පෙම් හීන තටාකේ
කිමිදෙනා දිය නෙත් විල ගැඹුරේ
දකින හැම හීනෙක ලඟ හිටියේ
මගේ සඳවත ඔබමයි සබඳේ....

CONVERSATION

24 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. ගොඩක් ලස්සනයි යාළුවා..මම හරි කැමති වචන ටිකක් තියනවා

    ReplyDelete
  2. සියිත් වෙනුවට විහඟ කියලා තිබ්බානම් මං දෙනවා ළමයට ලකුණු 100න් 100.. ඒත් මෙව්ව එක ගති හන්දා 90ක්වත් නොදි බෑනේ..

    ReplyDelete
    Replies
    1. හික්ස්...හ්ම්ම්... තැන්කූ එහෙනම් ලකුණු අනූවට මල්ලියෝ... ඒ මේ ඒක නෙවෙයි කවුද මේ විහඟ කියන්නේ... ලින්කුව ක්ලික් කරාම යන්නේ නම් අර පවිත්‍ර කියන එක්කෙනාගේ බ්ලොග් එකටනේ... :P

      Delete
  3. ෂා.....හරිම ලස්සනයි ප්‍රාර්ථනා අක්කේ...........
    ලස්සනට පද ගලපලා.......

    /* සොයමි මා පෙම් හීන තටාකේ
    කිමිදෙනා දිය නෙත් විල ගැඹුරේ
    දකින හැම හීනෙක ලඟ හිටියේ
    මගේ සඳවත ඔබමයි සබඳේ...*/

    ReplyDelete
    Replies
    1. කාලෙකින් මල්ලියා මේ පැත්තේ... කොහෙද අප්පේ ගිහින් හිටියේ... ස්තූතියි මල්ලියෝ...

      Delete
  4. තාරුකා පෙලින් එහා
    සේද නිල් ගුවන් තලේ
    ලෝකයයි සුරංගනා
    මනෝ මන්ද පෙම් වන්තයෝ

    ඒහේ හිඳින්න එන්නලූ...

    ReplyDelete
  5. කවි සිතුවිල්ල නම් ලස්සනයි !

    ReplyDelete
  6. ආව්ව්ව්ව්....ආව්ව්... මෙන්න මෙයාට දැන් එක පෙලටම කවි සිතුවිලි පහල වෙනවා... :D ඔහොම යාං...

    ලස්සනයි අක්කියෝ..

    ReplyDelete
    Replies
    1. හී හී.... ;)
      තැන්කූ මගේ නංගෝ....

      Delete
  7. හ්ම්ම් කවියකින් පුලුවන් හිතෙ තියෙන කියා ගන් බැරි දෙවල් ඔක්කොම එලියට දාන්න :P

    ReplyDelete
  8. ඔන්න ඉතින් අපිත් ගොඩ වැදුනා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගොඩ වැදුනට... :) අපිත් ඒ පැත්තේ ඇවිත් යන්න එන්නම්කෝ... :)

      Delete
  9. සොඳුරු බ්ලොග් යාය අරෙහෙන් වර්ණ මහි මෙහෙන් සිත් අහස සහ........මරු මරු

    ReplyDelete
    Replies
    1. හෙ හෙ.... ස්තූතියි අයියේ.... :D

      Delete
  10. හැමදාමත්ම ඔබ ලියන කවි බොහෝවිට ගීතවත් බවක් තියෙනවා. ඒ සමහර විට කවියක් ලියනවිට ගොඩනගාගන්නා රිද්මය නොදැනීම ගීතවත් රිද්මයක් ඇති කරගන්නවා. ඉස්සර හැමදාමත් බ්ලොග් ලිව්ව එබ දැන් කලාතුරකින් ඉඳහිට ලියන නිසා ලියන රිද්මය තරමක් මගහැරිලා වගේ හැඟීමක් මේ කවි කියවනවිට දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි වැරදි පෙන්වලා දෙනවට අයියේ... මේකේ නම් එක රිද්මයකට ගලාගෙන යෑමක් නෑ තමයි. මම හිතේ මවාගත්ත තාලෙකට ගලපලා කවි පද හදපු එකයි කරේ... ස්තූතියි අයියේ...

      Delete

Back
to top