෴ නැවතී මෙතෙකින් ෴




නිල් පාටට පේන පැහැදිලි මුහුදු වතුරේ කොහේද ඉඳන් ගහගෙන ආපු කිරල මලක් මම දැක්කේ අහම්බෙන් වගේ. වෙලාවකට ගල් පරයක හැපිලා එහේ මෙහේ දිව්වත් ආයෙමත් මුහුදු රැල්ල එක්ක එකතු වෙලා ඒ මල ගහගෙන යන්නේ දියඹට.ජීවිතයත් මේ වගේමයි...නොඉඳුල් මලක තියෙන සුමුදු බව සොඳුරු බව මුහුදු වතුරේ රළ පාරට අහු වෙලා ගසාගෙන යද්දි හෙමින් රළු පරළු වෙනවා වගේම, අත්දැකීම්, කාලය එක්ක අපේ ජීවිතත් රළු පරළු තැළුන පොඩි වුන ජීවිතයක් බවට පත් වෙන්නේ අපිටත් නොදැනිම... ඒත් ඒ සැඬ පහරට මලේ සුවඳ උදුරාගන්න බැරුවා වගේම අපේ ජීවිතයේ මතකයන්, හරයන් උරාගන්න කිසිම දෙයකට බෑ මරණයටම මිසක.මලකට සොඳුරු බවක් එක් කරන්නේ ඒ මලේ සුවඳ, ඒ වගේම අපේ ජීවිත වලට සොඳුරු බවක් එක් කරන්නේ මතකයන්...


හ්ම්ම්... මතකයන් කොයි තරම් නම් සුන්දරද?


මුහුදු රළ දිහා බලාගෙන ඉඳිද්දී මට මතකෙට ආවේ ඔයාගේ මූණ... එකක් පස්සේ එකක් ඇවිත් නැඟෙන බිඳෙන රළ අතරේ ඔය හුරතල් මුහුණ හිනා වෙද්දි ඇස් වලින් ගලාගෙන ආපු කඳුළු කැට දෙකක් මගේ ඇස් ඉදිරිපිට තිබුන හැමදෙයක්ම බොඳ කරගෙන ගලාගෙන ගියා...


"විසුල" 


"හ්ම්ම්... ඇයි වස්තුව" 


"හදිසියෙවත් අපිට මෙහෙම හැමදාම ඉන්න බැරි වුනොත්"


"එහෙම වෙන්නේ කොහොමද පිස්සු කෙල්ල, එහෙම වෙන්න නම් මම මේ ලෝකේ නැති වෙන්න ඕනේ... එහෙම වුනත් හොල්මනක් වෙලා හරි මගේ පිස්සු කෙල්ල ලඟින් ඉන්නවමයි මම..."


කිසිම ගානක් නැතුව මම කියලා දැම්මම ඒ ඇස් වලට කඳුළු උනන්න වැඩි වෙලාවක් ගියේ නෑ...


"ඔය කථාව කියන්න එපා කියලා මම හැමදාමත් කියනවා, හරිම නරකයි" 


ගලාගෙන ආපු කඳුළු අතරෙන් අමාරුවෙන් වචන ගලපද්දි ළඟට ඇඳලා අරන් හාදුවක් දුන්නේ ඒ ඇස් වලින් උතුරලා යන ආදරේ මට දැනුන නිසා...


ඒ කාලය පුරාවටම ආදරය නැමති සුළං රැල්ල  අපේ ජීවිත හැඩ කරගෙන හමාගියේ බොහොම සියුම් සුන්දරත්වයකින්, අපේ ජීවිතය  සොඳුරු කරමින්. ඒ සියුම් බැඳීම නිසාවෙන්ම දවස් ගෙවෙන විදිය ගැන  අපට නොදැනුන තරම්. ඒ හැම දවසකම, හැම මොහොතකම මම වෙනුවෙන් එකම එක හදවතක් මඟ බලාගෙන ඉන්න බව , මගේ ඇස් වලින් වැටෙන කඳුළු වෙනුවෙන් එක සියුමැලි උරතලයක් වග කියන බව, මම  නඟන හිනා වෙනුවෙන් එක හදවතක් අවංකව සතුටු වෙන බව විතරක්ම මම දැනගෙන හිටියා. ඒත් ඒ සෙනෙහසම, ඒ ආදරයම කුණාටුවක් වෙලා අපි වෙන් කරන බවක් මම දැනගෙන් හිටියා නම්...එත් අද නිරුත්තර වුන මගේ දෙතොල් හදවත අහන 
ප්‍රශ්න වලට උත්තර හොයාගන්න බැරිව විඳවන බව අනේ ඔයා දන්නව නම්... 


ඉරණම ගැන විස්වාසයක් නැති වුන මම ඔයා නිසාම ඉරණමේ භක්තිකයෙක් වුනා.. ඔයා නිසා මම ලැබුව මේ ජීවිතය ඉරණමේ ලියවුන දෙයක් බව මම විස්වාස කරන්නට පටන් ගත්තා... ඒත්, ඒ ඉරණමම මේ තරමට නපුරු වෙලා අපිව වෙන් කර බව මම කොහොම විස්වාස කරන්නද?.ඔයා මාව දාලා ගිය බව මම  කොහොම විස්වාස කරන්නද...ඔයාගේ අම්මා තාත්තා ඉස්සරහ මම කොහොමද මගේ ආදරේ ඔප්පු කරන්නේ... 


ඇත්ත... මම නිකන්ම නිකමෙක්.. කිසිම දෙයක් නැති.. 
ඒත් මගේ හිත ඔයා වෙනුවෙන් පිරිච්ච ආදරෙන් පොහොසත් වෙලා තිබුන බව දැනගෙන හිටියේ ඔයයි මමයි විතරයි... ඒත් ආදරේ කොහොම සල්ලි කරන්නද?. මගේ හිත පුරවලා පොහොසත්කමට තිබුන ඒ ආදරේ වෙන්දේසියට දාන්න මට පුළුවන් කමක් තිබුනේ නෑ...එහෙම වුනා නම් මම ඔයාව අරගෙන ගිහින් ගොඩාක් කල්...ඒත් මට එහෙම කරන්න බෑ... ඒ මම ඔයාට ඇත්තටම ආදරේ නිසා...


වෙනදා මගේ තුරුල්ලේ හිනාවුන පුංචි කෙල්ල අද නැත්නම් හෙට අනිද්දා දවසක වෙනත් කෙනෙක්ගේ තුරුල්ලේ මුළු ජීවිතේම ගෙවන්න යන බව මම නොදන්නවා නෙවෙයි. ඒත් මට කරන්න පුළුවන් ඔයාගේ දිහා බලලා සතුටු වෙන එක විතරමයි.. එදා ඔයා ඇහුව දවසේ කිව්වා වගේම හැමදාමත්, මොන දේ වුනත්, මම ඔයා ළඟමයි... ළඟින් ඉන්න බැරි වුනත්, ඔයාගේ ඇස් වලින් වැටෙන කඳුළු මේ අත් වලින් වෙනදා වගේ පිහිදාන්න බැරි වුනත්  දුරින් ඉඳන් බලන් ඉන්නම් හැමදාමත්... වෙන කෙනෙක්ගේ වෙලා ඔයා හිනා වෙන විදිය බලන් ඉන්නම් මම හදවතින්ම සතුටු වෙන ගමන්... දුරින් ඉඳගෙන බලන් ඉන්නම් ඔයා හිනාවෙන හැටි... හැමදාමත්...නතර වෙලා, ඔයාගේ ඇස් මානෙට හුඟාක් ඈතින්...

නැගෙන බිඳෙන හැම සමුදුරු රැලි මත
නුඹේ මුව හිනහෙනු  මා දුටුවා...
 නොදැනිම වාගෙ ඒ  රුව බොඳ කර
කඳුලක් නෙත තනියට නැගුනා...

මතකද හැම රෑ පහන් වනතුරා   
පැතු පැතුම් කෙලි සිනා වදන්
දින ගෙවෙනා හැටි අප දැන හිටියා
අද නුඹ කොහෙදැයි සිත ඇසුවත්...

ඉරනම ලියවී අප වෙන් කලදා
දෙගුරුන් හමුවෙ සිත නිහඬයි
නුඹ මියැදෙන බව දැන දැන සිතකින්
නෙලා ගම්ද සොඳුරේ කෙලෙසින්...

මා තුරුලට ගෙන සුරතල් කරනට
අහිමි වුවත් මට සොඳුරු වරම්
අන්සතු උයනක නුඹ හිනැහෙනයුරු
දැක තුටු වෙමි නැවතී මෙතෙකින්




CONVERSATION

31 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. මෙහෙම කතා නම් කොච්චර තියනවද....හ්ම්ම්....අආදරය හරිම පුදුමයි.....

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ආදරය පුදුමයි...

      Delete
  2. ලස්සනයි...සුන්දරයි...හැමදාම වගේ..සුබ පැතුම්

    ReplyDelete
  3. :( අනේ හරිම දුකයි..... :(

    ReplyDelete
  4. හැබෑ ආදරේ කියන්නේ සම්පූර්ණයෙන්ම පරිත්‍යාගයක්.. හැමදාමත් වගේ ගොඩාක් සුන්දරයි..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ස්තූතියි... :)

      Delete
  5. හ්ම්.. කතාව කෙසේ වූනත් අර සිංදුවනම් ලස්සනයි ඈ

    ReplyDelete
    Replies
    1. සිංදුවට මමත් ගොඩක් කැමතියි...

      Delete
  6. ළඟින් ඉන්න බැරි වුනත්, ඔයාගේ ඇස් වලින් වැටෙන කඳුළු මේ අත් වලින් වෙනදා වගේ පිහිදාන්න බැරි වුනත් දුරින් ඉඳන් බලන් ඉන්නම් හැමදාමත්...

    ReplyDelete
  7. // දුරින් ඉඳගෙන බලන් ඉන්නම් ඔයා හිනාවෙන හැටි... හැමදාමත්...නතර වෙලා, ඔයාගේ ඇස් මානෙට හුඟාක් ඈතින්...//

    ලස්සනට ගීය සිත්තම් කරලා තියනවා ප්‍රාර්ථනා..හරිම හැඟුම්බරයි..

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි රූ...

      Delete
  8. හැමදාමත් වගේ, හරිම ලස්සනයි මගෙ අක්කියෝ... :*

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගි පැටියෝ...

      Delete
  9. අපොයි දුක හිතෙන ලව් ස්ටෝරි මොකට ලියනවද මන්දා? :(((

    ReplyDelete
    Replies
    1. හික්ස්... ඒ මොකෝ අක්කේ... ආදරේදි දුක සැප දෙකම තියෙනවනේ...

      Delete
  10. හරිම ලස්සනයි ප්‍රාර්ථනා. මෙහෙම දේවල් වෙනව නේ අපි හිතන පතන දේම ඉටුවෙන්නෙ බොහොම කලාතුරකින්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි... අපි නොහිතපු දේවල් තමයි ගොඩාක් වෙලාවට වෙන්නේ...

      Delete
  11. දුක හිතෙන සීන් එකක් !

    ReplyDelete
  12. රටේ නිතරම අහන්න දකින්න වෙන සුලබ කතාවක්.....රහට.....!!!

    ReplyDelete
  13. හ්ම්ම්ම්ම්ම්ම්්ම්ම්.....................................................

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

      Delete
  14. පණ වාගේ හිටියාට
    වෙන්විලා ගියදාට
    පෙම්‍ ලෝකයේ මතක
    ටික කාලයයි

    හොද උත්සහයක්
    සුභ පැතුම් ඔයාට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිත් කවි...

      Delete
  15. ලස්සනයි,
    සිංදුව වගෙම ලියමනත්..

    ReplyDelete
    Replies
    1. මේ අපේ වර්ෂා නංගා නේද... පින්තූරේ වෙනස් වෙලා අඳුරන්න බැරි වුනා...:P

      Delete
  16. අනේ හරිම දුක හිතෙන ආදර කතාවක්! මේ පේළිය ඉතාමත්ම දුක්බරයි..
    'නුඹ මියැදෙන බව දැන දැන සිතකින්
    නෙලා ගම්ද සොඳුරේ කෙලෙසින්'

    ReplyDelete

Back
to top