මනුසත් ගති ඇති ඈ



දූලි විසිරී දිලෙන
ගිනි ගහන මෙබිම මත,
ගැහෙන සුසුමක හඬක් 
සවනතට වැකුණි මට...

එක් පයක වාරු නැත
දෙනෙත් මත සවිය ඇත,
මුවින් කිසිවක් නොබැන
දුටුව දෑ කා දමන...

අඳ දෙනෙත් නැති සිඟන 
මනු සතෙක් මඟ නොදැන,
පාර පැන ගනු බැරිව  
සිටිනු දුටුවා මෙසඳ...

කඩමලුව ගිය සිඟන 
රෙදි පටක් කටින් ඇඳ,
ගෙන ගියා ඔහුව ඇය
තුන් පයේ වාරු මැඳ...

සිවු රෝද රියක වැද 
අහිමි වී ගියද පය
මනු ගුනෙන් පිරුණු සොඳ
නමුදු ඇය සුනඛ ළඳ...



CONVERSATION

41 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. සංවේදී ලස්සන කවි පෙළ අක්කියො....

    ReplyDelete
    Replies
    1. හලේ... ඔයා කාලෙකින් එක වෙලා... :D :*
      ස්තූතියි නංගියෝ...

      Delete
  2. කිහිප සැරයක් කියවන්න හිතෙන කවියක්..

    ReplyDelete
  3. ඒ ගෙට්ටුවට ආවේ නෑ නේ....

    ReplyDelete
  4. Replies
    1. තැන්කූ වේවා අයියේ...

      Delete
  5. කවුරුත් කතා කරන් නැති උනාට සමාජය ඔහොම තම....

    ලස්සන නිර්මානයක්.. :)



    "සිත් අහස" කියල වැඩසටහනකුත් තියෙනව නේද ? :P ජනප්‍රිය ගුවන් විදුලි සේවයක ;)

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ඔව්... ස්තූතියි යාලූ

      Delete
  6. හ්ම්ම්...හරිම අපූරුයි...ලේසියෙන් ඇස නොගැටෙන දෙයක්..
    ඇස ගැටුනත් හිත නොගැටෙන දෙයක්.....

    ReplyDelete
  7. මේ වගේ ගති දැං මිනිස්සුන්ට පිහිටන්නේ නැත්තේ ඇයිද මන්දා..
    අපූරු නිර්මානයක් :ඩී

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ඒක නම් හිතලා බලන්න ඕනේ ප්‍රශ්නයක්... ස්තූතියි හොඳේ... :D

      Delete
  8. ලස්සන නිර්මාණයක්..
    සත්ව ගති මිනිසුන්ට පිහිටද්දී මිනිස් ගති වෙන කොහේ යන්නද?

    ReplyDelete
  9. හ්ම්ම්ම්ම්ම්ම් :(

    ReplyDelete
  10. කියන්න මුකුත් හිතා ගන්න බෑ.

    ReplyDelete
  11. හොද ලිපියක් අපේ පැත්තෙත් එන්න.http://sinhapedia.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ... ඒ පැත්තෙ එන්නම්කෝ අපිත්..

      Delete
  12. ඇඩෙනවා!!!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  13. කවි ලියන්න වෙලාව නෑ කිව්වට ඔන්න කවියක් ලියලා... මට ඉතින් සතුටුයි හොදේ!
    කවියත් ගොඩක් ලස්සනයි.ඉවර කළ විදියට තමා මං ගොඩක්ම කැමති.

    ReplyDelete
    Replies
    1. හේ හේ... ඒකනේ ඔයා කිව්ව නිසාම වෙනස් දෙයක් ලියන්න ට්‍රයි කලා... ස්තූතියි නංගෝ...

      Delete
  14. ලස්සන නිර්මාණයක් ප්‍රාර්ථනා...

    ReplyDelete
  15. සමහර වේලාවට මනුස්සකම පරයා නැගෙන තිරිසනුන්ගේ ගුණ අප ඉඳ හිට හෝ දැක තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්... මිනිස්සුන්ටත් වඩා හොඳට මනුස්ස ගති තියෙන තිරිසනුන් ඕනේ තරම් ඉන්නවා...

      Delete
  16. මනුසතුන් ලඟ නැති දහසක් හොඳ ගතිගුණ සතුන් ලඟ තියෙනවා නංගි..
    හොඳ නිර්මාණයක්..! :)

    ReplyDelete
  17. කතා කරන්නට බැරි වුනාට තිරිසන් සතුන් දක්වන යම් යම් හැසිරීම් හදවතේ ගැඹුරටම දැනෙනවා. පද ඇමුණුම ලස්සනයි..!

    ReplyDelete
  18. සංවේදී කතාවක්.....සියුම් කවියක්...

    ReplyDelete
  19. බොහොම අලංකාර විදියට හිතට දැනෙන්න රචනා කර තියෙනවා.. අගෙයි.
    මම සමකය වටේ ලියන නලින්

    ReplyDelete

Back
to top