෴මල් කෙල්ල෴



විසුල අහස යට නිසල කුරුළු නද
සසල වෙලා නෙතු නිල් දියවර ලඟ
නිසල සිරුර ඇගේ සසර නිමා කල
වැතිර සිටියි අද පැතිරි වෙරළ මත...

වැව තාවුල්ලේ උණ තුරු සෙවනේ
සිසිල පතන කල ඇය සැනසිල්ලේ
පිපී දිලුන එක නෙළුම් මලක් විය
අත වනමින් නිල් දියවර මතුයේ...

නෙලනා මල් හිස පලදන්නිද ඇය
නැත ඒ මල් මුදලට හරවන්නිය,
අත වනනා ඒ කුසුමිය දැක දැක
කෙලෙස හිඳින්නද මඟ හරිමින් එය...

නෙලා ගන්න අත දිග මදි හින්දා
පාරුව දිය මත දඟකම් කෙරුවා,
හීලෑ නොවනා වැවු දිය මත්තේ
ඇගේ සොඳුරු වත ගැඹුරට ඇඳුනා...


CONVERSATION

44 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. :(

    දන්න සින්දුවක කතන්දරේ නේ! :(

    ReplyDelete
  2. එදාට වඩා අද මම කවියට ඇලුම් කරන්නේ ඔබ වැනි අයගේ කවි වල රසය විදපු නිසා.

    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි ගයානි

      Delete
  3. නෙලා ගන්න අත දිග මදි හින්දා
    පාරුව දිය මත දඟකම් කෙරුවා...
    හීලෑ නොවනා වැවු දිය මත්තේ...
    දිනනා දවසක් එයි ඈ ජීවිතේ...

    ලස්සනයි අක්කියෝ...! :)

    ReplyDelete
  4. හරිම දුක්බර කතාවක්...වැව් දියටත් වඩා කඳුළු එක් වෙච්ච කතාවක්....

    ReplyDelete
  5. sudu neluma ko..sinduwe thiyenneth me wagema kathaawak neda :(

    ReplyDelete
    Replies
    1. ඔව් අක්කේ... ඒත් මේ වගේ කතාවක් තමයි...

      Delete
  6. සංවේදී සිදුවීමක් බොහොම ලස්සනට කවි කරලා....

    ReplyDelete
  7. ජීවන මග ඇති දුක් කම් කටොළු නිවන්නට
    බුදු පුදනට ඇති මල් විකුණා ගන්නට
    වැව් දිය මත ඇදෙන පාරු මත
    දළුලන අපෙ දිවි ලියවෙයි සැමදින

    කාසි සොයන්නට නැත අන් සරණක්
    වැව් කොමලියේ මල් ඇත මහ සයුරක්
    නෙලා ගෙනත් ඒ මල් දෝතක්
    සරිකර ගන්නෙමු අපි එක වේලක්

    සසර කතරින් එතෙර වන්ට නොව
    නෙළුවේ මල් මං කිසිදා කිසි දින
    වැව් තාවුල මයේ නිසල සිරුර මත
    හඩනා මයේ පුතු කුසගිනි නිවණට.....


    හැමදාමත් වගේ අපූරුයි :D

    ReplyDelete
    Replies
    1. හරිම ලස්සනයි...ඒ වගේම දුකයි... ස්තූතියි ඔයාට... :D

      Delete
  8. දුරු කර සසර දුක විදවන දිවි කතර
    ගොස් ඈ සොඳුරු ලොවකට අර ඈත දුර
    දුටුවද පිපුනු සුදු සියපත අන්න අර
    ඒ මඩ දියෙන් උඩ හිනැහෙන ඇගේ රුව :)

    ReplyDelete
    Replies
    1. සුන්දරයි ලකී... ස්තූතියි

      Delete
  9. හරිම ලස්සනයි අක්කි!!! හැමදාම වගෙම, මෙව්වාට පද ගොතන්න මට, බැරි තරමට ලස්සනයි..:)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මගේ නංගියෝ...

      Delete
  10. ලස්සන කවිපෙලක අවසානය ඉතිරිවන දුක.

    ReplyDelete
  11. හැමදාම වගේ ලස්සනයි.....ගැඹුරු පද වලින් ලස්සන නිර්මාණයක් කියලයි මටනම් හිතුණේ......

    ReplyDelete
  12. සුදු නෙලුම කෝ සොර බොර වැවේ.... :(

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ඒ වගේ කතාවක් තමයි අක්කේ...

      Delete
  13. මටත් මතක් වුනේ සුදු නෙළුම කෝ ගීතය.ඒ එක්කම නිරන්ජන් ගුරුගේ කවියා ලගදි ලියා තිබු කවි පන්තියකුත් මතක් වුණා.මේ කවියත් හරි ලස්සනයි.නමුත් නිසල සිරුර ඇගේ සසර නිමා කල කියල කියන්න බෑ නේද?භවය කියල නම් කියන්න පුළුවන්.මරණය කියන්නෙ භවයක් නිම වීම විතරයිනෙ.සසර නිමා වෙන්නෙ නිර්වාණාවබෝධයත් එක්කයි...

    මේ වගේ කවි ඔයාගෙන් කියවන්න ආසයි අක්කේ.. අනේ විටින් විට හරි මේ වගේ ඒවා ලියන්න.
    ජය වේවා!

    ReplyDelete
    Replies
    1. වරද්ද හැදුවට ස්තූතියි නංගියා...
      දැන් ලියන්න වෙලාවක් හොයාගන්න හරිම අමාරුයි අනේ... ලියන්න බලන්නම්කෝ ආයෙම...

      Delete
  14. බොර ගංදියේ දියඹට යන සිහින අපේ
    ඒ ගංදියේ වැටිලා මියදුනා ඔහේ
    සසරේ එක් නැවතුමක් ගෙවුනත් මෙලෙස ඔබේ
    ඔබ පින්කරන්නැති මලකට වැඩිය ල‍දේ

    අගේයි

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සිත් කවි...

      Delete
  15. සංවේදී සිද්දියක්. ලස්සනයි..

    ReplyDelete
  16. ගැඹුරු පද වලින් කවි කරපු ලස්සන නිර්මාණයක්! හරිම ලස්සනයි ප්‍රාර්ථනා..:)

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි reeza

      Delete
  17. ලස්සනට පද එකින් එක අමුණලා ගොඩ නගන අර්ථය නියමයි !

    ReplyDelete
    Replies
    1. ගොඩාක්ම ස්තූතියි වෙනි අයියේ...

      Delete
  18. //
    නෙලා ගන්න අත දිග මදි හින්දා
    පාරුව දිය මත දඟකම් කෙරුවා,///


    හරිම ගැඹුරුයි ..
    ගොඩක් වටින කවි පද ටිකක් ...
    දිගටම ලියන්න...

    ReplyDelete
  19. // අත වනනා ඒ කුසුමිය දැක දැක
    කෙලෙස හිඳින්නද මඟ හරිමින් එය...//

    අපි මල් ගන්නෙම ඔය හේතුව නිසා වෙන්නැති..හරිම ලස්සන කවියක්..

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් රූ... මල් ගන්න එක හේතුවක් තමා ඒ මල් වල සුන්දරත්වය... ස්තූතියි

      Delete
  20. හරිම ලස්සනයි!!! :)))

    ReplyDelete
  21. ලසසනයි හර්ම අපුරුයි.....

    නෙලා ගන්න අත දඅතු මදි හින්දා
    ඇඟේ සොඳුරු වත සියඹට ඇදුනා


    හරිම ලස්සනයි

    ReplyDelete
  22. මටත් මතක් වුණේම රත්න ශ්‍රී විජේසිංහයන්ගේ සුදු නෙලුම කාව්‍ය සංකල්පනයමයි...වරදවා හිතන්න එපා එය මුලින් කාව්‍යයක් පසුවයි ගිතයක් වුණේ.

    ReplyDelete

Back
to top