෴ආකාශ නිම්නය෴ හැඳින්වීම




සුමාන තුනක නිවාඩුවක් ඉවර වෙලා ආයෙමත් කැම්පස් එකේ ලෙක්චර්ස්
පටන් ගන්න පළවෙනි දවස අද. පුදනකොටම කාපි යකා කිව්වා වගේ උදේ ඇහැරුනේ නැති නිසා පළවෙනි ලෙක්චර් එකම මිස් වුනා... කොහොම හරි එන්න පුළුවන් කියලා හිතාගෙන බස් එකක නැග්ගත් බස් එක ආපු වේගේ නිසා මම කැම්පස් එකට එද්දිම ලෙක්චර් පටන් අරනුත් පැය භාගයක් ගිහින් ඉවරයි.

"දැන් ඉඳපන්කෝ තනියෙන් අරුන් දෙන්නා ලෙක්චර් ඉවර වෙලා 
එනකන්" මගේ හිත මටම බැන බැන කාලේ ගෙවන්න තැනක් හොයද්දි මට මතක් වුනේ කැම්පස් එකේ පිට්ටනිය... නිල් පාට පලසක් වගේ ඝන සැරේට වැවුන තණකොල ගොල්ලේ මම ඇවිදන් ගියේ සෙරෙප්පු නැති කකුල් වලින්. කැම්පස් එකේ නිස්කලන්කම තැන වුන මේ තණ පිට්ටනියට ඇවිත් තනියම ඉන්න මම ගොඩාක් ආසයි ඉඩක් ලැබුන හැම වෙලාවකම. උදේ පාන්දර තණකොළ ගොල්ලේ වැටුන පිණි නිසා තණකොළ වල දැනුනේ පුදුම සිසිලසක්

මම මගේම ලෝකෙක තනි වෙලා ඉද්දි මේ තණ පිට්ටනිය මගේ හොඳම 
යාළුවා වුනා හැමදාම වගේම අදත්. ඉස්කෝලේ යන කාලේ ඉඳන්ම පිස්සු නටපු, ඒත් මොකක්දෝ වාසනාවකට කැම්පස් තේරුන මම හෙම්බත් වුනේ තරඟෙට දුවන මේ ලෝකේ දැකලා... තරඟේ අතරේ එහෙට මෙහෙට විසික් වෙලා පැත්තකට තල්ලු වුන මම තනියම දුවන්න ගත්තේ වෙන අය නොදකින වෙනස්ම වුන මගේම ලෝකයක් හදාගන්න... ජීවිතේ විඳවන විඳින තීරණ දෙක අතරේ දෝලනය වෙද්දි. ඒ අතර මැද පාරක් තෝරගෙන විඳින විඳවන ජීවිතයක් තුරුළු කරගෙන නොදන්නා අනාගතේක වෙන දේවල් ගැන හීන ගොඩාක් මවන කෙල්ලෙක් මම තනිකමට, හුදකලාවට ඕනේවටත් වඩා ආදරේ කරත් ඕනේම දෙයක් බය නැතුව බෙදාගන්න පුළුවන් යාළුවෝ ටික දෙනෙකුත් මගේ ළඟ ඉතිරි වෙලා හිටියා...

හීන ගොඩාක් තුරුළු කරගත්ත බොළඳ නවකථාවක ජීවත් වෙන 
කෙල්ලෙක් වගේ කියලා හිතනවාද? වෙන්න ඇති... ඒත් මේ මම...

ස්ස්ස්ස්ස්ස්... හීන කුමාරී, ස්ස්ස්ස්ස්ස්...

මගේම ලෝකෙක මම කල්පනා කර කර ඉද්දී පාර පැත්තෙන් ආපු සද්දේ නිසා මම පාර දිහා බැලුවා...

කියන්න අමතක වුන, ඒත් මගේ කථාවේ ප්‍රධානම චරිත දෙකක් වුන 
මගේ හොඳම යාළුවෝ දෙන්නා පිණිදි, ශෙනාලි, පිට්ටනිය අයිනේ ඉඳන් මගේ දිහා බලන් ඉන්නවා... ඇඳුමේ පැටලිලා තිබුන තණකොළ ගස්,වැලි ගසලා දාන ගමන් මම නැගිට්ටේ උන් දෙන්නා මගේ ළඟට ආවොත් නෝන්ඩියක් කන්න වෙන බව දන්න නිසා...

හීන කුමාරි නෙවෙයි මේකිට නම තියන්න ඕනේ මනෝ කුමාරි කියලා... හැමවෙලේම මොකක් හරි දෙයක් ගැන හිතන ගමන් ඉන්නේ... ශෙනාලි එනකොටම ආවේ එහෙම කියාගෙන

හරි හරි කටවහගෙන යමු කන්න, බඩගිනියි බන්...

"උඹ මොනවා කරලද බන් මෙච්චර බඩගිනි උදේ පාන්දරම. අපි කිව්වා 
නම් තව කමක් නෑ උදේම අපි දෙන්නා උඹ එනකන් ලෙක්චර් හෝල් එක ගාවට වෙලා කාපු කට්ටේ හැටියට. පිණිදියි ශෙනාලියි මට දෙහි කපන්න ගත්තේ පළවෙනි දවසෙම මට ලෙක්චර් කට් වුන නිසා.

 ඇහැරෙන්න පරක්කු වුනා සුදු... කොහේද යාළුවෝ කියලා හිටියට 
අඩුමගානේ නිවාඩුවක්  ඉවර වෙලා ලෙක්චර් පටන් ගන්න දවසේ ඇහැරෙන වෙලාවක රින්ග් එකක්වත් දෙන්නේ නෑනේ...

"වැඩේමයි උඹට රින්ග් දෙන්න, හිතුවද අපි alarm clocks කියලා"

උඹ නම් කොහොමත් Alarm එකක් නෙවෙයි ඝාන්ඨාරයක්... ඒකෙන් 
වැඩක් නෑ... මම තනියෙන් ඉද්දි මට පොඩි බඩ්ඩක් හිතුන බන්...

ඒ පාර මොකක්ද, ශුවර් එකට මොකක් හරි පිස්සුවක් වෙන්න ඇති.කමක්
නෑ කියපන් බලන්නපිණිදියි ශෙනාලියි ඉඟි කරන ගමන් මගෙන් එහෙම ඇහුවේ මම ගැන මටත් වඩා එයාලා තේරුම් අරන් ඉන්න නිසා.

"මට හිතෙනවා මේ විකාර ඔක්කොම ලියන්න. පිස්සු වගේ තමා. ඒත් මම ආසයි. ඒක මට මාර සතුටක්.ඒත් ලිව්වට මට මේවා පෙන්නන්න ඉන්නේ උඹලා දෙන්න විතරයි... මොකෝ හිතන්නේ" පිණිදිගෙත් ශෙනාලිගෙත් මූණු වලට එබෙන ගමන් මම එහෙම ඇහුවේ ඒ දෙන්නගෙ අවංකම උත්තරයක් බලාපොරොත්තුවෙන්...

"අඩේ මාරයිනේ, සිරාවට ලියපන්... උඹ දන්නවනේ අපි උඹගේ ගෙදර 
ගියාම උඹ හදලා දෙන ඕනේ මගුලක්, කනවා, ඕනේ මගුලක් බොනවා, ඒ ඔක්කෝටම වඩා උඹ දවස පුරාම කියවන මල විකාර අහගෙන ඉන්නවා... එහෙම එකේ උඹ ලියන ඒවා කියෙව්වා කියලා අපිට අමුතුවෙන් මුකුත් වෙන්නේ නෑ බන්... උඹේ අනිත් හැම කරදරේම ඉවසන් ඉන්න එක අඩුම ගානේ උඹගේ කටවත් වැහිලා තියේවිනේ ඒ වෙලාවටවත්..." ශෙනාලි ඇස් වලින් ඉඟි කරන ගමන් හිනා වෙලා එහෙම කිව්වේ මගේ ගැන තරහකින් නොවෙන බව මම දැනගෙන හිටියා.

"එහෙනම් මම ලියනවා හොඳේ...අද ඉඳන්ම ලියනවා..."

************************************************************************************
ඉතින් මම ලියන්නම්... විඳින විඳවන ජීවිතයක් එක්ක පොරබදන,තවත් එක සාමාන්‍යය කෙල්ලෙක්ගේ කථාව. අහන්න ඉන්න අමාරු වෙයි සමහර විට. ඒත් මම ලියන්නම්...මේ මගේ කථාව. 

මම මෙත්යා ශේෂාද්‍රී


CONVERSATION

36 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. ම්හ්හ්... අහං ඉන්නම්කො .. ලියන්නකෝ එහෙනම්.. ජය වේ!

    ReplyDelete
  2. අහං ඉනන විදියක් නං නෑ ඒත් ඔයාගේ කතාව හැමදාම බලන්නං. ඇරඹුම නං නියමයි.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
  3. ඔයා ලියන්න අපි බලන්නං... පටන් ගැන්ම නං නියමයි..අහං ඉන්න විදියක් නැනේ ඉතිං.

    ReplyDelete
  4. ම්ම්ම්... මමත් ඉන්නවා අහගෙන.. මම පිළිගන්නවා.. තව කෙනෙකුත් එක්ක හිතේ තියෙන දේවල් බෙදාගන්න එක ලොකු සහනයක්. ඒ අතින් නම් හොඳ යාළුවො දෙන්නෙකුත් ඉන්නවනෙ ඔයාට...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි උමඟන... හැබැයි මේ මගේ කථාව නම් නෙවෙයි...

      Delete
  5. ලියන්නකො බලන්න....එහෙනම්.......

    ReplyDelete
    Replies
    1. ලියන්නම්කෝ... ස්තූතියි

      Delete
  6. ලියමුකෝ එහෙනං බලන්න....

    ReplyDelete
  7. දිග කතාවක මුලද මේ ?

    ReplyDelete
  8. හොඳයි මෙත්යා ශේෂාද්‍රී මෙන්න මයික්‍රෝෆෝනය, පටන් ගන්න...අපි අමාරුවෙන් හරි අහගෙන ඉන්නම්කො.....අහ් නෑ නෑ මෙන්න පෑන, ලියන්න පටන් ගන්නකො

    ReplyDelete
    Replies
    1. හික්ස්... ස්තූතියි මල්ලියා...

      Delete
  9. හ්ම්...ලියන්නකෝ....අපි බලන්නම්..

    ReplyDelete
  10. ඔන්න අළුත් කතාවට සුභ පැතුම්..
    තුහීන වර්ෂා වගේ ලස්සන කතාවක් ලියන්න ඕන හොඳේ..:)

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... ස්තූතියි රූ.... :D

      Delete
  11. හොඳයි හොඳයි. ලියමුකො එහෙනම්. ලස්සන කතාවක් වෙයි කියල හිතෙනවා.

    ReplyDelete
  12. එල එල ආයෙ අලුත් කතාවක් ඇවිත්.. බලන් ඉන්නවා කියවන්න :)

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. අලුත් වැඩක් අලුත් විදියට පටන් ගන්න එකට සුබ පැතුම් මුලින්ම..

    හැම දාමත්ම කියනව වගේ ඔබට හොඳට රසට ලියන්න පුළුව්න. ඒත් එක සීමාවක නොරැඳී විවිධ ඉසව් ස්පර්ශ කරනවනම් ඔබේ හැකියාව වඩාත් ඵළදායි ආකාරයෙන් යොදාගන්න පුළුවන්. වඩා වැදගත් වෙන්නෙ ලියන දේ භාෂාවෙන් හැකි තරම් වර්ණ ගැන්වීමයි.

    රසවත් බස්වහරක් වගේම ලියනදේ චිත්‍රයක් දස් කියවන්නා තුළ මවන්න පුළුවන් වෙන විචයට ලියන්න ගන්න.ඒක දිගටම ලියනවාට වඩා ඔබ ලියන දේ නැවත නැවත කියවා ඒ තුළම නැවුම් අදහසක් වපුරන්න උත්සාහ කරන්න.

    එවිට මේකතාව අවසාන ව විට ඔබ මනා පරිචයක් ලැබූ හැකියාවක් සහිත ලේඛිකාවක් වේවි.විනෝදංශයක් ලෙස කළත් එහි මියුරු ඵළ මතු දවසට වැදගත් වේවි.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි අයියේ හැමදාමත් හරවත් වැදගත් උපදෙස් දෙනවට. වෙනස් යමක් ලියන්න උත්සාහයක් ගන්නම්... බොහෝමත්ම වටිනවා මේ උපදෙස් මට...

      Delete
  15. මුලින්ම සුබ පතනවා, ඔන්න මාත් එනවා කථාව දිගටම කියවන්න...තුහින වර්ෂා වගේ නියමෙට තියෙයි කියලා බලාපොරුත්තුවෙන්. All the best!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ෆාති... බලමුකෝ... :D

      Delete
  16. ඔන්න මම ඉතින් අක්කිට කිව්වානෙ..., මේකත් තුහින වර්ෂා වගේම හරිම ලස්සන ආදරේ උතුරන කතාවක් වේවී!!! :*
    සුභ පැතුම් අක්කි!!! මම කවදාත් ආස අක්කි ආදරේ ගැන විග්‍රහ කරන අපූරුවට :)

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි මගේ නංගෝ... ඔයානේ ඉතින් හැමදාමත් මම පෝස්ට් එක දාන්න කලින් ඒකේ හ්ඳ නරක මට කියලා දෙන එකම කෙනා... ;) :*

      Delete
  17. ආදරණීය කතාවක මුල පිරීමක් හැඩයි...
    ලිවීමේ රටාවන්, විවිධ සීමාවන් අතර දෝලනය කතාවක් අකුරු අතරින් ඇස් ඉදිරියේ මැවීමට ඇති නංගියගෙ ඒ හැකියාවෙන් ‍වෙනසක් බලාපොරොත්තුවෙන් කියවන්නට එනෝ...! :D
    සුබ පැතුම්..!

    ReplyDelete
    Replies
    1. අනේ... ගොඩාක් ස්තූතියි මගේ අක්කියෝ...

      Delete
  18. ලස්සනයි ප්‍රාර්ථනා. දිගටම මේක ලියන්න.. සුබ පැතුම්.. අපි බලන්න එනවා ආසාවෙන්

    ReplyDelete

Back
to top