෴නුඹේ රළු සිත෴


මම කුසුමියක්
නුඹේ සුරත මත පිපී දිලුනු...
නුඹට එපා වී ඉවත දැමූ දා
ජීවිතය ඉල්ලා වැලපුනෙමි යළි යළිත්...

නුඹ රළු වැඩි යයි කියමින්
නුඹෙන් ඉවතට ගිය කුසුමියක් සුරතේ දරාගෙන
නුඹම සිනිදුයැයි කී මගේ සිත් මලට
හිනා වෙනවා නුඹ...

එය දකිමින් හඬනවා මම,
නුඹේ සිනිඳු සුරත මත
ලද සුවය ලබමින්
පිපෙන්නට නොහැකි නිසාවෙන්
රළු ගොරහැඬි පොළව මත...
නමුදු නුඹේ සිත,
රළු පරළු වූ මහ පොළොවටත් වඩා
ක‍ටුක, සැඩ, රළු හදක් වූ බව,
නුඹේ සුරත මත පිපෙන්නට කලින්
දැන සිටියා නම් මම...
පිපෙන්නට තිබුනා
රළු යැයි සිතූ මහා පොළව මත...
එහෙනම් අදටත්
ජීවතුන් අතර මගේ සිනිඳු සිත් මල...


මේ ටිකේ කථාව ලියන්න තරමට වෙලාවක් නෑ. විභාග අස්සේ කථාව ලියන්න තියා බ්ලොග් එක පැත්තේ එන්නවත් හිතෙන්නේ නෑ...පින්තූර වගයක් බල බලා ඉද්දී නිකමට දැකපු පින්තූරෙකට ආපු සිතුවිල්ලක් පින්තූරෙට ගැලපෙන්න අකුරු කරා...විභාගේ ඉවර වෙලා ආයේ එන්නම්...

CONVERSATION

22 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. හ්ම්ම්...ජිවිතේට රිවස් නෑ කියන්නේ ඒක තමා!

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ඒක නම් ඇත්ත... තීරණයක් ගත්තොත් ගත්තාමයි.වැරදුනත් හරි ගියත් කරන්න දෙයක් නෑ පස්සේ..

      Delete
  2. කලින් දැන සිටියා නම් ගොඩාක් දේවල් කරන්න පුලුවන් තමයි...
    හ්ම්ම්ම්...දුක පිරුණත් ලස්සන වචන ටිකක් අක්කියෝ...!

    ReplyDelete
    Replies
    1. ඇත්ත නංගෝ. ඒත් අපිට කිසිම දෙයක් කලන් දැනගන්න බෑනේ නේ

      Delete
  3. පින්තූරෙට නියමෙටම ගැළපෙනවා කවිය..))))

    ...විභාගේ ඉවර වෙලා ආපහු එන්න.හොදින් විභාගේ කරන්න ඔයාට සියලු ශක්තිය ධෛර්්‍යය ප්‍රාර්ථනා කරනවා අක්කියෝ!

    ReplyDelete
  4. අගෙයි නගෝ නිර්මාණය

    ReplyDelete
    Replies
    1. බොහෝමත්ම ස්තූතියි අයියේ...

      Delete
  5. හ්ං හ්ං....
    විභාගෙට ජයවේවා!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. :D ස්තූතියි මල්ලියා...

      Delete
  6. සිත් අහසක්..
    කවි දහසක්..! වේදනාවක කවියයක්..!

    ReplyDelete
    Replies
    1. අක්කට තේරිලාද මන්දා...

      Delete
  7. හ්ම්ම්..
    සිනිදුවට ලස්සනට
    පෙනුනාට රෝස මල
    අමතක කලහැකිද
    නටුව මත කටු රුදු බව ...
    සිනිඳු සුදු මුදු සුරත
    දැඩිව මිට මෙලවි කල
    තැලී පොඩි වී අතට
    මියෙයි කුසුමියක දිවි ..
    පොළව දැඩි ලෙස පෙනෙන
    ඉරි තැලුන ගුරු පාට
    කුසුමියව රැක ගනී
    දියෙන් පොහොරින් හොඳට ...

    ReplyDelete
  8. අපිට ඔහොම පින්තූර දැක්කම මොකවත් සිතුවිල්ලක් එන්නේ නැහැ නේ.

    ReplyDelete
  9. මලක මුදු ගුණ දැන හැදිනගෙන ඒමල සුදුසුම බිමක පිපුනාම තමයි මලේ රුව ගුණ වැඩිවන්නේ.. ඒත් කටුක සිතු ඇති තැනක ඒමල කේසේ විඳවයිද?

    ReplyDelete
    Replies
    1. ඒත් සමහර වෙලාවට මලකට සුමුදු බවයි ක‍ටුක බවයි අඳුරගන්න බැරිව යනවා අයියේ. ඒ වගේ වෙලාවට ක‍ටුක තැනක් වුනත් ඒ මලට පේන්නේ බොහොම සුමුදු තැනක් විදියට...

      Delete
  10. පින්තූරෙත් එක්ක ලස්සනට ගැලපුනා. ඒ එක්කම ගැඹුරු අදහසක් දෙනවා. මෙහෙම පිපුන මල් අනන්තවත් ලෝකෙ තියෙනවා, ඒ මල් හැමදාම මේ වාගේම විඳවනවා.
    ජයම පතනවා. විභාගේ හොඳින් කරන්න දුව!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නැන්දේ... :)

      Delete

Back
to top