෴ සොයන්නෙමි ඔබම ෴



සුන්දර බ්‍රහස්පතින්දාවක ඉර බැහැගෙන යන හැන්දෑවක මම විහාර මහාදේවී උයනේ දිය පාර ගාව බංකුවක වාඩි වෙලා බලාගෙන හිටියේ ඔයා එනකන්... මම දකිද්දි ලස්සනට හිනා වේගෙනම මගේ ළඟට එන ඔයා ගාව මගේ ජීවිතේම රැඳිලා තියෙන බව ඔයා හැමදාමත් දැනගෙන හිටියා නේද? ... ලෝකෙම ඇස් අපි දිහාට යොමු වෙලා තියෙද්දි බංකුවේ වාඩි වෙලා නිදහසේ එක එක විකාර කියවන්න මම කොච්චර ආසද කියලත් ඔයා දන්නව නේද?. ගොඩාක් දෙනා ඔයාටත් මටත් සදාකාලික පැවැත්මක් නැති බව කිව්වත් ඔයා හැමදාමත් මගේ ළඟ බව මම දැනගෙන හිටියා... මගේ හැම සිතුවිල්ලකම, හැම කථාවකම, මගේ හැම හැඟීමකම හිටියේ, ඉන්නේ ඔයාම විතරයි...

බලන බලන හැම පැත්තකම, හැම තැනකම ඔයාවම පේන්නේ ඇයිද මන්දා... ඔයා මගේ ළඟ නැති වුනත් ඔයා මගේ ළඟම, මම හැමදාමත් ආස කරපු විදියට මගේ අතකින් අල්ලගෙන ඉන්නවා වගෙයි මට දැනෙන්නේ...මේ දැනුත් ඔයාගේ වම් උරහිසට මගේ ඔළුව බර වෙලා තියෙනවා ඔයාට දැනෙනවා නේද?.ඔයාගේ හදවත හැමදාමත් වගේ හයියෙන් ගැහෙන හැටි මට දැනෙනවා... ඔයාගේ ඇඟේ නහරයක් නහරයක් ගානේ දුවන හැම ලේ බිඳුවකම උණුහුම මට දැනෙනවා වෙනදටත් වඩා හොඳට.මගේ දකුණු කම්මුල ගාවින් මූණට වැටෙන කෙස් රොද ඔයා සැරෙන් සැරේට අතින් පස්සට කරන්නේ මල් පෙත්තක් අල්ලනවා වගේ පරෙස්සමට, සීරුවට. මගේ අතින් අල්ලගෙන ඉන්න ඔයාගේ ඇඟිළි ආදරේ වැඩි නිසා ටිකෙන් ටික තද වෙන හැටි මට දැනෙනවා, හරියට මාව හුළඟ එක්ක දූවිල්ලක් වගේ ගහගෙන යාවි කියලා බයෙන් වගේ... එහෙම තද වුන ඔයාගේ අත මම යාන්තමට වගේ කෙනිත්තුවේ නපුරුකමට නෙවෙයි, ආදරේට...

කාලය ගෙවිලා යන්නේ මටත් නොදැනිම...ඔයා මගේ ළඟ ඉන්නකොට දවස මේ තරම් ඉක්මනට ගත වෙන්නේ කොහොමද මන්දා... මල් වත්ත පුරාවට හමන හැම හුළං රොදකම තියෙන්නේ ඔයාගේ සුවඳ. මගේ හිත කිතිකවාගෙන යන ඒ සුවඳට මම කොච්චර ආදරේද... මගේ ජීවිතේ හැම සෘතුවකම මගේ ළඟ නොවෙනස්ව ඉන්න එකම කෙනා ඔයා, ඔයාම විතරයි... මම අහන හැම සිංදුවකම, තනුව, තාලය හැමදේකම තියෙන්නේ ඔයාගේ කටහඬ, ඔයා මට දුන්න ඒ සුන්දර හැඟීම... මල් වත්ත පුරාවට ගී කියන කුරුල්ලොන්ගේ කිචිබිචිය අතරේ ඉන්නෙත් ඔයාමයි... ඔයා මොන තත්වෙක හිටියත්, මොන විදියකට හිටියත් මගේ හදවත ඔයාව පිළිගන්න බව ඔයා දන්නවා නේද?. මිනිස්සු ඕනේ දෙයක් කියපුවාදෙන්, මට බැනපුදෙන්, මම තරමට ඔයා ගැන දන්න වෙන කිසිම කෙනෙක් නැති බව මම වගේම මගේ හදවතත් දන්නවා...ඔයා හැම මොහොතකම මගේ ළඟ බව මම හොඳටම දන්නවා... කල්පනාව දුර ගියා වැඩිද මන්දා... ඇස් වලින් එළියට පැනපු කඳුළු බිංඳු දෙකක් කම්මුල් දිගේ පහලට ගලාගෙන යද්දී ඈතක ඉඳන් හමාගෙන ආපු හුළඟක් ඒ කඳුළු බිඳු පිහිදගෙන හමාගෙන ගියා. ඒ අතරේ මට ඇහුනේ මගේ නම හෙමිහිට මගේ කනට කොඳුරන සද්දයක්...

"ඇහෙනවද මගේ වස්තුව, ඔයාටයි මටයි මේ ආත්මේ එකතු වෙන්න බැරුව ඇති, ඒත් අපි ලැබෙන හැම ආත්මෙකම අපේම වෙමු, හැමදාටම. ආයේ වෙන් කරන්න බැරි විදිහට...දැන් ඉතින් ඔය කඳුළු පිහදගන්නකෝ...පිහිදගෙන මාව බලන්න එනවා නේද... "

ඒ මට ඇහුනේ ඔයාගෙම කටහඬ, ඔවු ඒ ඔයාමයි, කොහේ ඉඳන් කථා කරාද කියලා දන්නේ නැති වුනත් ඒ ඔයාම තමයි...ටිකෙන් ටික කළුවර වැටෙන අතරේ වෙනදා ඔයාගේ අතේ එල්ලිලා මල් වත්තෙන් එළියට එන මම මල් වත්තේ ගේට්ටුවෙන් එළියට ආවේ තනියමමයි. එතනින් එළියට බැහැලා ළඟම තිබුන මල් කඩේකින් රතු රෝස මලක් ගත්තේ ඔයාව අන්තිම වතාවට බලන්න යන්න හිතාගෙන.  175 බස් එකකට හීනෙන් වගේ නැග්ගේ මම  යන්න හදන තැන ගැන මටම හිතාගන්න බැරි නිසා... බස් එකට නැගලා ජනේලයක් ගාව වාඩි වෙලා එළිය බලාගත්තේ එකක් පස්සේ එකක් එන කඳුළු බිංඳු අනිත් අයට නොපෙනෙන්න හංගගන්න ඕනේ නිසා...හිත හුඟාක් දුර ගිහින් නතර වෙද්දි පිටට තට්ටු කරනවා දැනුන නිසා මම ගැස්සිලා පියවි සිහියට ආවා.. කොන්දොස්තර ටිකට් ඉල්ලද්දි ආයෙමත් කඳුළු වලින් පෙඟුන ඇස් හංගගෙන් වෙවුලන කටහඬින් මම බොහෝම අමාරුවෙන් වචන ගලපගත්තා...

"බොරැල්ල කනත්ත එකක් "



The world may say that you are not there
You are here and here only
In my every thought
And in my every talk
In my feelings
And in my emotions
You and only you are there

You are everywhere
When you left my side
Even now, you are the one holding my hand

For every aim, every path
Even to this day, you are my only companion

Wherever I go, I find you
You're there in the wind as a fragrance
You are the colour of season

In any song or any breath
In every hum you are there
My heart recognise every form you take

People are unaware but my heart knows that
You are with me, in my heart
You and only you are there

හැමදාම සිංහල සිංදු වලටම රසවින්දන ලියන නිසා අද ටිකක් වෙනසක් කරන්න හිතුවා... මම ගොඩාක් ආසා කරන හින්දි සිංදුවකට රසවින්දනයක් ලියන්න. කථාවට ගැලපෙන්නයි මේ විදියට ලියන්න හිතුවේ. බස් route ගැන නම් ඉතින් මම වැඩිය දන්නේ නෑ. ඒ නිසා ඒක වැරදි නම් සමාව...උඩින් තියෙන්නේ ඒ සිංදුව සහ ඒ සිංදුවේ ඉංග්‍රීසි පරිවර්තනය.


CONVERSATION

33 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. නියමයි ප්‍රාර්ථනා, ඒත් ඇයි මෙච්චර දුක? අර සින්දුත් ලස්සනයි එකේ තෙරුමත් ලස්සනයි. ප්‍රාර්ථනාගෙ නිර්මාණය කොහොමටත් ලස්සනයි.. පෙම්බරයි.. නේද? :)

    ReplyDelete
    Replies
    1. ගොඩාක්ම ස්තූතියි ෆාති... සින්දුවට නම් මමත් ගොඩාක්ම ආසයි. හිත නිවෙනවා ඒ තාලෙට...

      Delete
  2. 75 බස් එකකට .....hikzz...kelinma kiwwanan hoyagena gihin hari root No eka kiyanawane.... monawa unath lassanai praa.... :D (Y)

    ReplyDelete
    Replies
    1. හික්ස්... කමක් නෑ අෆ්ෆා... හරියටම යන්න ඕනේ වුන දවසට මට බස් ඕනේ වෙන එකක් නෑ... ;) :P :D

      Delete
  3. බොරැල්ල කනත්ත ගාවිං මාත් යනෝ ඉස්සර..
    අර කුප්‍රකට බාලිකාව ගාවිං... :ඩී

    ReplyDelete
    Replies
    1. හිකිස්... ඒක විතරද කොහේදෝ මෙයාට මතක..

      Delete
  4. ම්හ්.. දෙපාරක් ඇඩුනා !

    ReplyDelete
  5. ඇත්තටම ලස්සනයි......කියන්න වචන නෑ... බොක්කටම වදිනව....

    ReplyDelete
  6. ලස්සනයි..හුගක්ම ලස්සනයි.කියවන් යන කොට අපිටත් ඒ රූප මැවෙනව.ඒ හැගීම් දැනෙනව.ඔයා බ්‍රිලියන්ට්!

    ReplyDelete
    Replies
    1. ගොඩාක්ම ස්තූතියි නංගියා...

      Delete
  7. හරි හැඟීම්බරයි අක්කේ..නියමයි.

    ReplyDelete
  8. හ්ම්ම්ම් ලස්සනයි............

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්ම්ම් ස්තූතියි තරූ

      Delete
  9. හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.. මොනා කියන්නද මංදා... හැඟීම්බර වැඩියි!!! දැනෙනවා හුඟාක්....එහෙම දැනෙන්න ඔයා ලියල තියෙන විදිය ලස්සනයි අක්කියෝ.......හැමදාම වගේ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මගේ නංගෝ... අනේ මන්දා... මට ඒ කිසිම දෙයක් දැනෙන්නේ නෑනේ අනේ...

      Delete
  10. ප්‍රාර්ථනාත් ලස්සනයි ලියා තිබෙන විදියත් ලස්සනයි...සින්දුවත් ලස්සනයි.

    ReplyDelete
    Replies
    1. හෙ හෙ... ස්තූතියි අයියේ...

      Delete
  11. "ඇහෙනවද මගේ වස්තුව, ඔයාටයි මටයි මේ ආත්මේ එකතු වෙන්න බැරුව ඇති, ඒත් අපි ලැබෙන හැම ආත්මෙකම අපේම වෙමු, හැමදාටම. ආයේ වෙන් කරන්න බැරි විදිහට...දැන් ඉතින් ඔය කඳුළු පිහදගන්නකෝ...පිහිදගෙන මාව බලන්න එනවා නේද... "

    මං මොකුත් කියන්න ඕනෙ නෑ නේද අක්කියෝ......

    ඇස්දෙකට උනපු කඳුළු බේරෙන්න නොදී උඩ බලාගෙන ඇස් තදකරන් ඇස්දෙක උඩම වේලල යැව්ව.....
    රෝස මලක් අරගෙන හරි බලන්න ගිහින් වැටිල ඉන්න මතක ස්මාරකයක් හරි කතා නායිකාවට කියෙනවා.......
    ඒත් ඒ ස්මාරකෙත් හිතේම විතරක් තියෙන අයට......????????????

    ටයිප් කරන ඔයාගෙ අත්දෙකේ ඇඟිලි වල පුදුමාකාර මායාවක් තියෙනවා......

    ReplyDelete
    Replies
    1. “බලන බලන හැම පැත්තකම, හැම තැනකම ඔයාවම පේන්නේ ඇයිද මන්දා... ඔයා මගේ ළඟ නැති වුනත් ඔයා මගේ ළඟම, මම හැමදාමත් ආස කරපු විදියට මගේ අතකින් අල්ලගෙන ඉන්නවා වගෙයි මට දැනෙන්නේ...මේ දැනුත් ඔයාගේ වම් උරහිසට මගේ ඔළුව බර වෙලා තියෙනවා ඔයාට දැනෙනවා නේද?.ඔයාගේ හදවත හැමදාමත් වගේ හයියෙන් ගැහෙන හැටි මට දැනෙනවා... ඔයාගේ ඇඟේ නහරයක් නහරයක් ගානේ දුවන හැම ලේ බිඳුවකම උණුහුම මට දැනෙනවා වෙනදටත් වඩා හොඳට.“

      හුස්ම නැවතුනේ නැතිටික විතරයි අක්කෝ.........

      Delete
    2. අනේ දෙවියනේ... අඬන්නේ ඇයි නංගි පැටියෝ...
      තමන් ආදරේ කරන කෙනාගේ ස්මාරකේ හිතේ තියාගෙන ඉන්න අය ගොඩාක් ඉන්නවා නංගියෝ... ඒක අරකට වඩා වේදනාවක් තමා...

      "ටයිප් කරන ඔයාගෙ අත්දෙකේ ඇඟිලි වල පුදුමාකාර මායාවක් තියෙනවා..." මේක මට සම්මාන දහයක් ලැබෙනවට වඩා වටිනවා නංගියෝ... ගොඩාක්ම ස්තූතියි...

      Delete
  12. හරිම ප්‍රේමනියයි.......ඉබේම සුසුමක් පිට උනා මටත් නොදැනීම.....

    ReplyDelete
  13. පුදුම ලස්සනට ලියලා තියෙනවා ප්‍රාර්ථනා .. දාල තියෙන ගීතයට නියමම පසුවදනක් ... !!

    ReplyDelete
  14. @නාඩියා- ස්තුතියි :) :)
    @❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀ - ස්තුතියි අක්කියෝ...

    ReplyDelete
  15. හිතේ උපදින කල්පනා සිතුවිලි වචන වලට පෙරලන්න අමාරුයි. ඒත් සිතුවිලි වචනවලට පෙරලුවාම කියවන තැනැත්තා ගේ හැඟීම් අතැම්විට ඊට වඩා දෙගුණයක් විතර වැඩියෙන් දැනෙන්න පටන්ගන්නව. විශේෂයෙන්ම ආදරය, ප්‍රේමය විරහව වගේ මාතෘකා ස්පර්ශයේදි මෙය වඩාත් රසවත්ව දැනෙනවා. මේ සටහන ගිතයකට සම්බන්ධකලාම ගිතයෙන් දැනෙන සිතුවිලත් මනසේ ඇදෙන සිතුවිල්ලත් සමපාත කරගන්න තරම් ඔබේ සිතුවිලි අවදි කරනවා.

    ReplyDelete
    Replies
    1. බොහෝමත්ම ස්තූතියි අයියේ...

      Delete
  16. ඇහැට කඳුලක් ගේන්න තරම් ලස්සනට ලියල තියෙනවා ප්‍රාර්ථනා...

    ReplyDelete

Back
to top