෴සබඳ ඔබ෴


සිතුම් වැලක මුල් ඉදිරී
වල්මත් වී යන කලදී
ඔබේ නෙතු මා සිතෙහී ගැටී
‍රැඳුනා ඒ මතම වෙලී...

දියවර මත හැඟුම් පොදී
ගලන විටදී පැහැය ‍රැඳී
ඔය රූ ඡායා මතුවී
මැවුනි නිසල දිය'ත ‍රැළී...

සියොත් හැඟුම් නිදහස් වී
සරනා විට නුබ කුසෙහී,
නුඹේ සිනා සිහිපත් වී
රටා ඇඳුනී පැහැති රිදී...

වසන්තයේ උයනකදී
ගිම්හානය සිහිපත් වී,
කඳුළු ගලා යන විටදී
වැසි වැ‍ටුනා නුඹ සිහිවී...

නිදා වැටෙන රෑ කලදී
ඔබේ ගැයුම් සිහිපත්වී,
ගයනා විට මා ඒ ගී
රෑහි,බිඟුන් උරණ වුනී...

නිදන සිතේ පෙම ඇහැරී
කරනා විට මේ පෙරළී,
නෙතු යුග මත ඔබම ඇඳී
සිනා නැ‍ඟෙයි දුක් නැතිවී...


ආදරේ නිසාම කෑලි කැඩිලා විසිරුන, දූවිලි ගොඩක් තරම්වත් නොවටින මේ හිත දුකක් නොදී මැණිකක් වගේ පරෙස්සම් කරන ඔයාටමයි මේ...


CONVERSATION

29 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. ආව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්.... අරයාටද? ;) :* ලස්සනයි අක්කි !! හැමදාම වගේම.

    ReplyDelete
    Replies
    1. එයාට තමා අනේ... ;) තැන්කූ මගේ නංගෝ...

      Delete
  2. අපි දන්නවා කාටද කියලා...)))) ලස්සනයි අක්කෝ!

    ReplyDelete
    Replies
    1. :O ඒ කොහොමද... සමහරවිට මේ ඔයා හිතන කෙනා නොවෙන්නත් පුළුවන් හොඳේ... ;) :*

      Delete
    2. ඇයි හය්යූ අර පහුගිය දවස්වල කවි ලිය ලියා හිටියේ..මං හිතුවේ එයාට කියලා..))))

      Delete
    3. කවි වල වටිනාකම දන්නේ නැති අයට කවි ලියන්නේ නෑ නංගෝ මම. මේ මගේ කවියේ වගේම හදවතේ වටිනාකමත් දන්න කෙනෙක්ට ලියපු කවියක්...:P

      Delete
    4. හ්ම් හ්ම් ඒක හොදයි..කතාවක් තියෙනවනේ ආදරය කරන්න ඕන අපි ආදරය කරන අයට නෙවෙයි අපට ආදරය කරන අයට කියල නේද..?

      Delete
    5. අන්න ඒකයි වැදගත් අපි ආදරේ කරන කෙනෙක් අමාරුවෙන් හරි අපි ළඟ රඳවගෙන හිටියොත් අපි දන්නෙත් නැතිව එයා අපිට හොරා යන්න ඕනි වෙලාවට යනවා...ඒත් අපිට ආදරේ කෙනා මොනම වෙලාවකදීවත්,මොනම දේකදිවත් අපිව තනි කරන්නේ නෑ...

      Delete
    6. අනිවාර්යෙන් වර්ෂා නංගෝ.. ඒත් සමහර වෙලාවට අපි ආදරේ තරමටම අපිට ආදරේ අයත් ඉන්නවා.. සමහර විට ඊටත් වඩා අපිට ආදරේ අය ඉන්නවා... ඒ වගේ කෙනෙක් ලබන්න වාසනාවත් තියෙන්න ඕනේ... :D

      @හිමා අක්කා- අපිට ආදරේ නම් ඒ කෙනා මොන ප්‍රශ්න ආවත් අපිව දාලා යන්නේ නෑ අක්කියෝ... ඒක තමයි නියම ආදරේ. ජීවිත කාලෙම එකට ගත කරන්න පොරොන්දු වෙලා එන කෙනා පොඩි ප්‍රශ්නයක් නිසා අපිව අත් ඇරලා යනවා නම් එතන තියෙන්නේ හුදෙක් ආකර්ශනයක් මිසක් ආදරයක් නෙවෙයි. ඒත් ඇත්තට ආදරේ කෙනා අක්කි කියනවා වගේම මොන දේ වුනත් අපිව දාලා යන්නේ නෑ...

      Delete
  3. හරිම ආදරණියයි සොයුරිය.

    ReplyDelete
  4. Replies
    1. :D ඒ ඉතින් අනේ එයා තමා... :P

      Delete
  5. Replies
    1. හෙ හෙ... තැන්කූ මගේ නංගෝ...

      Delete
  6. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  7. අපූරු වියමනක් ප්‍රාර්ථනා..හිතේ තියන හැඟීම අපිටත් දැනෙන විදිහට ලියලා තියනවා..!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි රූ...

      Delete
  8. ම්......කව්ද අනේ මේ සබඳ.....

    කොහොම වුනත් හැමදාමත් වගේම ලස්සනයි ප්‍රාර්ථනා මේ කවි පද පෙළ..

    සුභ පැතුම් ඒ සබඳටයි ඔයාටයි....

    ReplyDelete
    Replies
    1. ඔයා දන්න කෙනෙක් නෙවෙයි අක්කියෝ... ගොඩාක්ම ස්තූතියි එයයි මමයි දෙන්නම වෙනුවෙන්...

      Delete
  9. කවිවල රොමැන්ටික් බව කවිය ආදරයට වඩාත් ළං වෙනවා..

    ReplyDelete
  10. හරිම ආදරණීයයි ප්‍රාර්ථනා. හරි කෙනා හොයාගෙන නේද? D;
    සුබ පැතුම්!

    ReplyDelete
    Replies
    1. ගොඩාක්ම ස්තුතියි නැන්දේ... :)

      Delete
  11. ඔයා ලියන දේවල් හරිම ලස්සනයි අක්කේ. ඔයාටත් එයාටත් හදවතින්ම සුභ පතනවා.
    ඔයා හැමදාම සතුටින් ඉන්න ඕනේ කෙනෙක්.

    ReplyDelete

Back
to top