සරසවිය: නුඹ, මම

 

සරසවිය වසාගෙන ඇඳ හැළුන වරුසාව
එදා වාගෙයි අදත් හඬනවා නොදොඩාම,
රොබරෝසියා මලින් පිරී ගිය මල් පාර
පෙම්වතුන් සරනවා අදත් පෙරදා සේම...

මහා රුක් ගොමු අතර සිසිල දුන් මඳ පවන
හමනවා පොත් ගුලේ කවුළු සිපගෙන තාම,
පෙම් වදන් කුරු‍ටු ගී පිරී ඇති පු‍ටු මේස
කියනවා අදත් නොකියූ කතා පෙර සේම...

සිවු වසක අතීතය බොඳ වෙලා නෙතු දෑල
පියඹලා ගිහින් කාලය මටත් නොදැනීම,
සමුගන්න සමුදෙන්න දැන් ලඟයි සිතුනාට
සමුදෙන්නේ කෙලෙසින්ද සරසවිය නුඹට මම...

 

 

CONVERSATION

17 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. ලස්සනයි...
    මේ වගේ තාලෙකට යන සින්දුවක් මාත් ලිව්වනේ......:o
    හැබැයි දැන් ටිකක් කල්.....
    හන්තාන ආකාසෙ කළු වෙලා හොඳටෝම..

    ReplyDelete
    Replies
    1. මැද කවියේ තාලේ ඒ වගේ නේ මල්ලියෝ... :D

      Delete
  2. ජිවිතය හ්ම්ම්ම්ම්ම්ම්ම් ලස්සන මතක ගොන්නක්......... :D

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්... ඔව්. හරිම ලස්සන මතක ගොන්නක් ....

      Delete
  3. ආහ්... ඒ කියන්නේ ලොකු නංගිත් අවුට් වෙන්ඩ ලඟයි...
    මට කවි ලියන්ඩ බැරි නිසා මම ඔය ගැන රචනාවක් ලිව්වා...
    මේං මෙතනින් යන්න !

    ReplyDelete
    Replies
    1. අවුට් වෙන්න ළඟයි නෙවෙයි ලොකු අයියේ, ෆයිනල්ස් තිබුනා. දැන් ඉවරයි. :D
      ලොකු අයියගේ පෝස්ට් එක කියවද්දි ලෝභයි අනේ. මමත් ආසම කැම්පස් එකක් පේරේ...යන්න තිබුන නම් ශෝයි..

      Delete
  4. වෙන්වීම දුකක් තමා. ඒත ඒ සුවඳ අරන් යන්න හැකියි නේද?

    ReplyDelete
    Replies
    1. සුවඳ අරන් යන්න පුළුවන් තමයි අයියේ... ඒත් කිසිම දෙයක් ආයේ පරන විදිය වෙන්නේ නෑ කියලා හිතුවාම....

      Delete
  5. සරසවිය
    රස විය
    සවිය විය...

    එහෙම නේද?

    ReplyDelete
    Replies
    1. රස විය
      සවිය විය,
      සමහරක් වෙලාවට වස විය නංගෝ... :D

      Delete
  6. ලස්සනම ලස්සනයි අක්කි! කවදත් වගේම :)

    කාලයක් මතක රැධුනු තැනකින් ඈත්වෙලා යද්දි මහ දුකක් දැනෙන්නෙ... :(

    ReplyDelete
    Replies
    1. තැන්කූ මගේ නංගෝ... ඔව් පුදුම දුකක් දැනෙනවා ඒ කාලේ ආයේ එන්නේ නෑ නේද කියලා හිතුනම

      Delete
  7. සරසවි ජීවිතේ ගැන ලියවුණ ගිත ගණනාවක් හිතේ ඇ‍ෙඳෙනවා....
    සරසවි ජිවිතේ නිසා බ්ලොග් එකත් අමතකවෙලා වගේ...

    ReplyDelete
    Replies
    1. ඒ නිසාම තමයි අයියේ ටිකක් බ්ලොග් එක පැත්තකට දාන්න වුනේ... ඉස්සරහට නම් නිදහසේ ලියන්න පුලුවන් වේවි...

      Delete
  8. විජ්ජා පීඨ ගේට්ටුවෙන් එපිට විවෘත ආපනශාලාව මතක් විය..

    ReplyDelete
  9. ජිවිතේ සුන්දරම කාලයත් දවසක ගෙවිලා යනව. මෑත කොළඹ ඉතිහාසයේ, රුපියල පා නොවූ එක් තැනක් ඕ-පන් කැන්ටිම විය. (බොහෝ කලක් ප්ලේන්ටිය රුපියලක්ම විය).

    බලාගෙන යනකොට පේරේ වගේම කොළඹ උනුත් ඉන්නවා නෙව. පින්තූර දමා ඇති ආකාරයෙන් නීතිය පැත්තේ යැයි අනුමාන කරමි.

    ReplyDelete

Back
to top