෴ඇහි පියන් යට නිදනු මැන ඔබ෴


ඇහි පියන් යට නිදනු මැන ඔබ
සෝ තැවුල් සන්තාප නොතකා,
සිනහවක් වී පිපෙනු මැන ඔබ
දෙතොල් මත ඔබේ සුසුම් සඟවා...

සඳ මඬල වී නැගෙනු මැන ඔබ
අඳුරු මා සිත් අහස සරසා,
තරු කැටක් වී ඇඳ හැලෙනු මැන
සොඳුරු පැතුමන් සඵල කරනා...

ඉඳුදුනක් වී ‍රැ‍ඳෙනු මැන ඔබ
මගේ විසල් සිත් අහස ‍රැ‍ඳෙනා,
පන්හිඳක් වී ‍රැ‍ඳෙනු මැන ඔබ
මගේ සිතුම් වැල් අකුරු කරනා...

දිය පොදක් වී ගලනු මැන ඔබ
පිපාසිත හද තෙමා සනසා,
රුහිරු බිඳ වී ‍රැ‍ඳෙනු මැන ඔබ
මගේ හද මත හුස්ම පොවනා...



CONVERSATION

28 ක් වැහි බිදු පැවසුවේය මේසේ :

  1. නොහැක මට ඔය
    කිසි දෙයක් වන්නට
    අරක් ගෙන සිටිනු මිස
    හදේ ගැඹුරුම තැන!

    ReplyDelete
  2. දැං කාටද මේ කියන්නෙ? :D

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. lassanai prarthana.... ayeth blog eka liyana eka gana sathutui...:D

    ReplyDelete
  5. හරිම ලස්සනයි..

    ඒත් "ඉඳුදුනක්" කියන්නේ මොකද්ද?

    ReplyDelete
    Replies
    1. ඉඳුදුන කියන්නේ මං හිතන්නේ දේදුන්නට. ඉන්ද්‍රචාපය කියන්නෙත් ඒකටමනේ...
      ඒත් හැබැයි එහෙම එකක් ළඟ තිබිලා මොකටද....

      Delete
    2. ඉඳුදුන්න තමා හරිම වචනේ මං හිතන්නේ... පොඩ්ඩක් හොයලා බලන්නකෝ!

      Delete
  6. ලස්සනයි..

    ඔබ මලක් වී හිඳිනු මැන මට
    දිවිතුරා ලොව සුවඳ කරනා,
    එපමණක් සෑහේවි මා හට
    පුදමි සෙනෙහස, නුඹට.. පතනා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දුල්ශාන්
      කවිය ලස්සනයි ^_^

      Delete
  7. එහෙම වෙන්න ඈ.. අහිංසක කෙල්ලනේ .......
    නිර්මාණය ලස්සනයි..

    ReplyDelete
    Replies
    1. එහෙම වේවේද ඉතින් නලීන් අයියේ... :D
      ස්තූතියි හොඳේ :D

      Delete
  8. කවි ටික ලස්සනයි !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලොකු අයියේ...

      Delete
  9. ලස්සන නිර්මාණයක්......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලියා.. :D

      Delete
  10. සඳමඩල බබළවනු පිණිසය
    නුඹ අහස වී මඟ බලන්නේ
    ඉඳුදුන්න දිග හැරෙනු පිණිසය
    වලා නුබ මත පොදි ගැහෙන්නේ

    ජිවිතේ බර දරා දිගු මග
    යන ලෙසයි නෙත් යුග හැරෙන්නේ
    නුඹේ මුදු හිත පුරා තව කවි
    පිරෙන තුරු අප මග බලන්නේ..

    ReplyDelete
    Replies
    1. අනේ... ගොඩාක්ම ස්තූතියි නංගියෝ...

      Delete
  11. මේක හරියට බැලුවේ දැන්. කවි වලට වඩා සින්දුවක් වගේ...එල හොඳේ..

    ReplyDelete
  12. ඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද
    විදුලි බිල වැඩි නොවන‍,
    සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
    ඉන්ධන මිල වැඩි නොවන,
    වංචාව සහ දූෂණය අඩු වූ,
    නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
    සාධාරණ වැටුපක් හිමි වූ,
    කලට වේලාවට වැසි වසින,
    ....
    සුබ නව වසරක් වේවා!
    තව තව කවි සිතුවිලි පහල වේවා!!

    ReplyDelete
    Replies
    1. සුභ අළුත් අවුරුද්දක් වේවා අක්කේ...

      Delete
  13. සවිමත් වෙමින් දිවි තුරු බඳ අත් පසුර
    කිරි කළ ඉතිර සුබ වේවා නව වසර

    ReplyDelete
  14. ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    සමකය වටේ බ්ලොග් අඩවියෙන් සුබ පැතුම්

    ReplyDelete

Back
to top