අහස, පොළව - නුඹ, මම
සුන්දර බිම් තලය මම,
මට පෙම් කළ සොවින්
ඉඳ හිටක ඉකිලමින් අඬන අහස නුඹ,
නුඹට නවත්වාගන්නට බැරි සුසුම
අකුණක රුවින් දකිනවා මම,
හදවත රිදවන ඒ සුසුමක
නුඹේ ආදරය දැනෙනවා මට...
ඇද හැලෙන දිය බිඳු
මගේ ගත තෙමන විට
සිත රිඳුම් දෙනවා හැම විට
ලුණු රසක් නැතුවට,
ඒ නුඹේ කඳුළුම වග
දන්නවා මම...
නුඹ දිහා නෙත් යොමාගෙන
හැමදාම ඉන්නවා මම,
ඒත්
නුඹ දුරයි මට,
මම දුරයි නුඹට...