නිතඹ සලා නිල් සයුරත උමතු කළා දුම් කුමරී
නැගි නැගි එන දිය බිඳුවක් පවනට මුසුවී සැලුනී,
හාදු වැලක් සිඳු කුමරුගේ දිය බිඳු මෙන් එහි වැදුනී
සිනාසිසී නිතඹ සලා යලි ඇය ගමනේ යෙදුනී
ඉර බැස යන සන්ධ්‍යාවක හමුවීමට දින යෙදුනී
මඟ බලමින් සිඳු කුමරුන් වෙරළත රිසිසේ රැඳුනී,
නිල් පැහැයෙන් සැරසී ගත් රුහුණු රටෙන් ආ කුමරී
මඳකට නැවතී ගීයක් මුමුණා පෙරටම ඇඳුනී...
ගල්පර මත රැඳි රළ දැක ආශා සිතුවිලි වැඩුනී
නිල්වන් දිය දැක කුමරුන් ලඟ ඇති බව දැන ගන්නී,
රූසිරියෙන් සිඳු කුමරුන් සිත ඈ වෙත ඇඳ ගන්නී
මේ පෙම ඇරඹුන දිනයක් නැත ඈ වටහා ගන්නී...
ඉපැරණි පෙම් කවියක් වේ ඒ සිඳු හා දුම් කුමරී
එක්වී සැමදා නෙතඟට රස දසුනක් ගෙන රැඳුනී,
මුහුදුබඩින් දුම් කුමරිය නෙතු දහසක් පිනවන්නී
මිය යන දිනයක් නෑ ඒ පෙම සැමදා නොව පැරණී...
ප.ලි- කැම්පසුත් නිවාඩු, ඒත් මට නිවාඩුවක් නැති වෙන්න වැඩ.. ඒ නිසා යාළුවො කාගෙවත්ම බ්ලොග් එකක් කියවපු කාලයක් මතක නෑ... ඒකට සමාව. වෙලාවක් ලැබුන ගමන් හැමෝගෙම බ්ලොග් කියවන්න එන්නම් :D ...
මොනවද ඔච්චරටම තියෙන වැඩ ?
ReplyDeleteඑළනේ හලෝ
ReplyDeleteකොයි කොච්චියද මේ ?
ReplyDeleteඔය රුහුණු කුමාරිද/?/
ReplyDelete:)
Deleteලස්සනයි
ReplyDeletethis is not Ruhunu Kumari....new updated Ruhunu Kumaari is red and white
ReplyDeletemee parana samudra devi..... :)
ReplyDeleteඑහෙනම් වැඩ ටික ඉවර කරගෙනම නිවාඩු පාඩුවේ බ්ලොග් ටික කියවන්ඩකෝ..
ReplyDeleteලස්සන කවි සිතුවිල්ලක්.
අර ගල්කිස්ස මූදු වෙරළ ලඟින් කෝච්චිය යන ෆොටෝ එක නම් ගොඩක් ලස්සනයි..
ඉස්සර රුහුණට මෙයාලා ගියා. :D
ReplyDeleteලස්සනයි අක්කී!!! අපූරු කවි ටික..
ReplyDeleteයකඩ ගොඩක් දිහෑ බලල තියෙන අපූරුව..!
ReplyDeleteකෝච්චිවලට බැනලා අහුවෙන්ඩ එපා හරී :P
Deleteමොනවද අෆ්ෆා ඔච්චරටම වැඩ....
ReplyDeleteලස්සනයි කවි ටික....
මමත් ලඟදි දවසක රුහුණේ ගියා... දැන් නම් ඒක හරී වේගෙන් යනවා නොවැ...
ReplyDeleteකවි පද ටික නම් ප0කාදුයි
පස්ටයි ඈ.....
ReplyDeleteකැම්පසුත් නිවාඩුයි ඒත් වැඩ ලූ අනේ මන්දන්නේ නැහැ..
ReplyDeleteදැන් මෙයා කලින් ට්‍රැක් එකෙන් පැනලා වෙන එකක යනවා වගේ... හොදයො හොදයි ඒකත්...
ReplyDeleteප්‍රශ්ණය : කැම්පස් නිවාඩුනම් මොනාද හැබෑටම ඔච්චර වැඩ?? අගෝස්තු 7 අර වැඩේට ලෑස්ති වෙනවද මන්දා... ;)
ෂා.............අපූරුම අපූරුයි :)
ReplyDeleteවෙනස් විදිහකට ලියවුණ ලස්සනම ලස්සන කවියක් අක්කියෝ....
ReplyDeleteකෝච්චි.............
ReplyDeleteහැබෑටම මොකෝ ඔච්චර වැඩ.ගෙදරට වෙලා සනීපෙට ඉන්නවා ඇති.
පට්ට පට පට මම කෝච්චි වලටනම් පට්ට ලයික් :) නියම කවි ටික
ReplyDeleteජය!!!!!!
අපේ පැරනි සංදේශ කාව්යි වල මග වැනුම් තියනවානේ ඒවා. ටිකක් වෙනස් කරලා "ගල්කිස්ස පසුකළ ගාලු කුමාරි" කිව්ව නම් හරි.
ReplyDeleteසිඳු කුමරුගේ මුඳු පහසට ලෝල වඩන මේ කුමරි
ReplyDeleteනිල් අහසේ රැස් විදිමින් ලැසි ගමනින් එන කුමරී
ලැවීනියා හෝටලයේ සිරි බලමින් ආ කුමරී
දකුණු ලකේ අග නගරෙන් කොළඹ වඩින මේ කුමරී
හරිම ලස්සන කවි පෙලක් නංගියෝ..
ReplyDeleteමේ දවස් වල කෝච්චියෙන් වගේ ගමන..
ගෙදර වැඩ වගේ නේද.. :P
හරි ලස්සනයි කවි ටික. රුහුණු කුමාරි එක්ක රසවත් අද්දැකීම් ගොඩක් තියෙනවා.අපිට කැම්පස් රුග් සීසන් කාලේ අපිව තනියම කෝච්චියේ එවන්නේ නැහැ. අපේ අයියලා. ඒ තරමටම සැලකිල්ල. පී..... ඉතිං ඔහොම එනකොට අපිට කෝචිචියෙ වඩේ , අන්නාසි විකුණන්න කියනවා. අපි ඉතිං ඒ විදියට රගපානවා. බිං ගෙවල් ඇතුලෙදි හූ කියන්න කියනවා.
ReplyDeleteමේ කවි පෙළත් එක්ක සුන්දර අතිතයකට ගියා. ගොඩක් ස්තුතියි....
බොහොම අගෙයි. බොහොම අගෙයි දරුවා....
ReplyDeleteදඟකාරී.... රුහුණු කුමාරියෙ එනකොට කොහෙද බිංගෙවල් හම්බ වෙන්නෙ?
ReplyDeleteමේ එක්දාස් අටසිය බර ගණන්වල ලියාපු කවියක්නෙ කම්මැලිකමට ආයෙ පෝස්ට් කරලා තියෙන්නෙ..
ReplyDeleteadee man pot kare na. auto blog roll eke update wela kohomada manda :O
Deleteඅපූරු කවි ටිකක්.
ReplyDeleteනෙත් යුගලින් අපූරුවට කෝච්චියට බැල්මන් දී
හිත් යායට සිතුවිල්ලක වචනවලින් හරඹ දිදී
වත්කම වූ කවිකම් නුඹෙ දසත හමයි සුවඳ දිදී
සිත් අහසට අදයි ආවේ රේල් පාර අසළ රැඳී........
ජයවේවා!!!
අානේ අක්කි කල්ප කාලාන්තරේකට පස්සෙ :D
ReplyDeleteලස්සනයි
ReplyDelete